Monday, June 25, 2012

හිම කිරම

මේ ගෙවෙන්නෙ සමර් හෙවත් ග්‍රීෂ්ම සෘතුව . පුදුම රස්නයක් දැනෙන්නෙ. එලියට අඩිය තියද්දිම හරිම මහන්සියක් දැනෙනව ඇඟට. සමකාසන්න, ඝර්මකලාපීය රටකින් ආව අපිට ඉර අවූව,රස්නය අමුතු දේවල් නෙමේ. ඒත් මෙහෙදි දැනෙන රස්නය හරිම වෙනස්. ලංකාවෙදි අපි කොච්චර කට්ට අවුවෙ ඇවිදිනවද . ඒත් මෙහේ රස්නයත් එක්ක එන්නෙ ඔළුව කැරකෙන ගතියක්. ඒකට ප්‍රධානම හේතුව මෙහේ හිය්මිඩිටි එහෙමත් නැත්නම් වාතයේ ජල වාෂ්ප ප්‍රමාණය හරිම අඩු එක. ඒ නිසා හරිම වියලි ගතියක් තමා පරිසරයෙ තියෙන්නෙ. ලස්සන කොල පාටට ගස් කොලන් දිලිසුනාට මේ අවුවෙ ඒ ලස්සන විදින්න එලියට බහින්න විදියක් නෑ. සමහර වෙලාවට හීට් වෝර්නින්ග් දෙනව. රස්නෙ උනාට දාඩිය දාන්නෙ නැම. ඒ නිසා තවත් ඇඟට අමාරුයි ,මොකද ඇඟ සිසිල් වෙන්න්නටනම් ක්‍රමයක් නෑනෙ. හුලං හමනකොටනම් ඔන්න තරමක් සනීපයි. ඔන්න ඔහොමයි රස්නෙ කාලෙට මෙහෙ. ඉතින් මේ කාලෙ ජනප්‍රියම කෑම තමයි "අයිස් ක්‍රීම්"

කවුද අයිස් ක්‍රීම් කන්න අකමැති, බාල මහළු හැමෝම ආස කෑමක්නෙ . අපේ මාමනම් හැබැයි ඔය හිම කිරම කටේ තියන්නෙ නෑ. එයා පුංචිකාලෙ පාසලෙන් අධ්‍යාපන චාරිකාවක් එක්ක ගිහින් තියනව ඔය හිම කිරම හදන තැනකට. ඒක බලල  ආපු දවසෙ ඉදන් තමාලු එයා අයිස්  කරීම් නොකන්නෙ.(කොහොමට තියෙන්න ඇද්ද තැන පොඩි දරුවෙක්ට අයිස්ක්‍රීම් එපා වෙන්න තරම්.) ම් ප්ල්ලාත් ඔය පෙට්ටි වල එන අයිස් ක්‍රීම් වලට ඒ හැටි මනාප නෑ මම ආස කෝන් එකේ දාපු අයිස් ක්‍රීම් වලට. 

 

මෙන්න මේ වගේ.

 

අපේ ගමෙ පල්ලියෙ මංගල්ලෙට එනව අයිස් ක්‍රීම් වෑන්. ඒවගෙන් අයිස් ක්‍රීම් කන්න අපි පුංචි කාලෙ හරිම ආසයි.(දැනුත් ඉතින් එහෙන තමා,ඒ උනාට ඒ ආසාව පල්ලියෙ ආගමික වැඩ ඉවර වෙනකන් හංගගන ඉන්න වෙනව දැන්) පල්ලිය වත්තට ඇතුල් වෙද්දිම අයිස් ක්‍රීම් අරන් දෙන්නකෝ කිය කිය අම්මලාට කරදර කරන එක අපේ පුරුද්දක්.අම්මලත් ,ඔයාල හොඳ ලමයි වගේ හිටියොත් යද්දි අරන්දෙනව කියල කියනව. ඉතින් පූජාවෙන් පස්සෙ හම්බවෙන අයිස් ක්‍රීම් එකත් දිව ගාමින් තමා අපි අනෙක් කඩවල ඇවිදින්නෙ. ඒ අයිස් ක්‍රීම් වල රස අපිට දිව්‍යලෝක රසයි.  වයසින් වැඩුනට පස්සෙනම් මට තේරුනේ ඒ රස දැනෙන්නෙ අයිස් ක්‍රීම් එක ඒ තරම් රස නිසා නෙවෙයි. ඒ රස එන්නෙ අපේ හිතින් ඒත් එක්ක විදින මානසික ස්තුටින් කියල. අදටත් මම කඩේ තියන අයිස් ක්‍රීම් කෝන් ගෙනත් ඒවට අයිස් ක්‍රීම් පුරවගන කන්න තමා කැමති.

 අයිස් ක්‍රීම් වලට දීර්ඝ ඉතිහාසයක් තියනව.  පර්සියානු අධිරාජ්‍යයේ මිනිස්සුන් ඉතා අතීතයේ හිම කැටි දැමූ භාජනවලට මිදි යුෂ වත් කර  විශේෂ අවස්ථාවලදී ආහාරයට ගෙන තිබෙනවා. බු.ව. 200 පමන කාලයේදී චීනයේ මිනිසුන් කිරි සහ බත් එක්කර සිසිල් මිදීමට ලක් කර ආහාරයටෙ ගෙන තිබෙනවා. අරාබින්, මොන්ගෝලියන් වරු,ඉතාලිය ප්‍රංශය ඇතුලු රටවල් බොහොමයක් ඉතා අතීතයේ අයිස් ක්‍රීම් වල මුත්න් මිත්තන් කියල හිතන්න පුලුවන් ආහාර භාවිත කරල තියනවා.

අයිස් ක්‍රීම් වල ප්‍රධාන වශයෙන් අඩoගුවෙන්නෙ කිරි සහ සීනි.ඊට අමතරව එක් එක් රස වල රසකාරක ආදිය භාවිතාවෙනව. මගේ ලොකු අම්මා ගෙදරදීම අයිස් ක්‍රීම් හදන්න පුරුදුවෙලා හිටිය. මටනම් ඔය සාස්තරේ ඉගනගන්න බැරි උනා. දැන් උනත් අහගන හදන්න හිතෙන්නෙ නැත්තෙ ඉතා ලාබෙට පහසුවෙන් අයිස් ක්‍රීම් මිලදී ගන්න තියෙන නිසයි. කාලෙකට ඉහත හරිම සද්දෙට සංගීත හඬකුත් එක්ක වෝල්ස් වෙලෙන්දො හැම තැනම ගියා. අපේ  සුදු පුංචි ඒ වෝල්ස් අයිස් ක්‍රීම් රුසියෙක්. ඒ බව දන්න අපි ඒ සද්දෙ ඇහෙනකොටම එයාගාවට දුවගන ගිහින් අයිස් ක්‍රීම් මිලදීගන්න උනන්දු කරනව.

 අදත් රස්නෙ වැඩි දවසක්. වායුසමීකරනය  නිසා ගොඩ නැඟිලි ඇතුලෙ ඉන්න පුළුවන් උනත් එලියට යන්නනම් බෑ. ජනේලයෙන් අවුවෙ සැර පේනව හොන්දට . ම්ම්ම්ම්ම් අයිස් ක්‍රීම් එකකට හොඳ වෙලාව...


18 comments:

  1. අම් අම් මමත් ආසම දෙයක්..මේ රස්නේ කාලේට දිව්ය අවුශදේ වගේ...

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව. හැබැයි මේ කාලෙ ඉක්මනටම අයිස් ක්‍රීම් දියවෙලා යනව.

      Delete
    2. බලං ගිහාම ඔක්කොමල එකම බෝට්ටුවෙ..... :(

      Delete
    3. නැතුව නැතුව අයිස් ක්‍රීම් බෝට්‍ටුවෙ...හී හී

      Delete
  2. මම නම් ඉතිං අර මිටක් තියන අයිස්ක්‍රීම් වලට තමා කැමති. හැබැයි එහෙමය කියල අනෙක් අයිස්ක්‍රීම් නොකනවා එහෙම නෙවෙයි ඕන්න! :)

    ReplyDelete
    Replies
    1. මාත් ඒවට කැමතියි. එක එකා පලතුරුවල රස වලින් තියනවනෙ. දිවුල් රස ඒවට මම ගොඩක් ආසයි.

      Delete
  3. අයිස් ක්‍රීම් හොදයි ඒත් සෙම වැඩිවෙනව නෙව..කෑවහම..

    ReplyDelete
    Replies
    1. අපේ අම්මලත් කියන්නෙ එහෙම තමා. ඒත් මෙහෙ ඉන්න එක ආහාර පිලිබඳ ආචාර්‍යවරියක් මට කිව්ව උගුරෙ අමාරුවලට අයිස් ක්‍රීම් හොඳ බේතක් කියල. අනේ මන්ද.. කෝකටත් මමත් සීත කාලෙනම් ඕව දිහා බලන්න්නෙවත් නෑ

      Delete
  4. කෙලත් ඉනුවා කටට :) :)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!

    ReplyDelete
    Replies
    1. ඒහෙනම් දුවලා දුවලා ගිහින් අයිස් ක්‍රීම් එකක් අරගන කන්න.. මේ මම වගේ :)

      Delete
  5. අයිස්ක්‍රීම් නම් ආසම කෑමක්නේ අපි කාගේත් ...

    ReplyDelete
  6. කැමතියි නේන්නම් අපි හැමෝම සීතම සීත රසම රසහිම කිරම කන්න. :)

    ReplyDelete
  7. අයිස් ක්‍රීම්වල ආරම්භය සිසිස්ලි දූපතෙන් කියල අහල තියනවා.. වැඩි විස්තරයක්නම් දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. අයිස් ක්‍රීම් වල ආරම්භය මෙන්න මෙතනයි කියල හරියටම කියන්න බෑ. අයිස් ක්‍රීම්වල ආදි මුතුන් මිත්තන් විදියට සලකන්න පුළුවන් අය ලෝකයේ බොහොම තැන්වලින් වාර්තාවෙලා තියනව.ඉතාලියත් එයින් එකක්.

      Delete
  8. ම්ම් අපිත් මේ දවස්වල හරියට අයිස්ක්‍රීම් කනවා . අපේ දෙන්න වැඩිය කැමති අයිස් ලොලි වලට . අපේ බනියලගේ තාත්ත කැම්පස් එකෙන් එලියට ආපු ගමන් වැඩට ගියේ වෝල්ස් අයිස් කරීම් එකේ ....ඔය කතාව කියනවට අපේ දෙන්න හරිම ඉරිසියයි . ''තාත්ති දැන් බැරිද ආයේ එහෙ වැඩට යන්න '' දෙන්නම අහනවා .

    අපි පොඩි කාලේ පන්සල් ගියා පෝයට . කැළණි පන්සල ළඟ සැණකෙළියක් වගේ පෝයට . අපේ භක්තිය ඉතින් තියෙන්නේ අයිස්ක්‍රීම් වෑන් එක ළඟ . ඒ වගේම ඉඳහිට එලිෆන්ට් හවුස් , වුඩ්ලන්ඩ්ස් වෑන් එනවා ගෙවල් පාරේ . අය්යෝ මට පොස්ට් එකකට ලියන්න දේවල් මතක් වුනා . ඊට කලින් යන්න ඕන අයිස් කරීම් එකක් කන්න . මෙහෙ රයිස් අයිස්ක්‍රීම් ..මුන් ඇට අයිස් ක්‍රීම් හෙමත් තියෙනව .

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ අයිස් ක්‍රීම් කතා. :) ෂා!! මුන් ඇට අයිස් ක්‍රීම්. වලට යද්දි අපි පුරුදුවෙලා හිටිය සෝයා අයිස් ක්‍රීම් කන්න. ඒකත් අමුතු රසක්.

      Delete
  9. ඒත් හුඟක් රස්නේ වෙලාවට හුඟක් සීතල කෑම කන්න හොඳ නැහැ කියලා කියනවා නේද ??

    ReplyDelete
    Replies
    1. මාත් අහල තියනව... හ්ම්ම් ඒත් මේ රස්නෙට ඕව හිතෙන්නෙ නෑ අයිස් ක්‍රීම් එකටමයි අත යන්නෙ.

      Delete