Monday, June 4, 2012

‍රැජිනගේ ඉංග්‍රීසි හා යැංකි ඉංග්‍රීසි.


මගේ ඥාති සහෝදරයන්ට හරියට මිත්රයො හිටිය හැබැයි ඉතින් ඔය ගොඩක් යාළුවන්ට මෙයාල කතාකලෙ ඉස්ස, පොකිරිස්ස, වොචා, කේටුව වගේ හරිම ස්වීට් පෙට් නේම්ස් වලින්.අපිත් ඉතින් ඔය ළමයින්ව දන්නෙ ඔය කියන පෙට් නේම්ස් වලින්. ඇත්ත නම්නම් කවදාවත් ඇහිල නැති තරම්. ඉතින් ඔය නම් දාන්නෙත් නිකන්ම නෙමේ . ඔය නම් වලට නිදාන කතාත් තියනව. ඔන්න ඔය විදියට ඔය යාළුවො අතර හිටිය "කනව්ව " කියල ළමයෙක්. ඉතින් ඔය නම වැටිල තියෙන්නෙ මෙන්න මෙහෙමයි.

ඉංග්රීසි උගන්වන්න පන්තියට ආපු ගුරුතුමී දැන් එක එක ළමයගෙන් පුන්චි පුන්චි ප්‍රශ්ණ අහනවළු.

ටීචර්- ඔය ලමය කියන්න බලන්න "Now" කියන්නෙ මොකක්ද?
ළමයා- නව්
ටීචර් - එහෙනම් කියන්න බලන්න කියන්න "Know"  මොකක්ද?
ළමයා- කනව්

 මේ දෙවන සිද්දිය  උනේනම් විශ්ව විද්‍යාලෙක. කැම්පස් එකේ හිටියළු බොහොම ඉංග්‍රීසි පන්නෙට හදුන සින්හල පටල පටල කතාකරන ගෑණු ළමයෙක්. මේ ඇත්තිත් ඉතින් යන්නෙ අඩියක් දෙකක් උඩින් ලු. ඉතින් ඔය හැසිරීම පිරිමි ළමයින්ට එහෙම අල්ලන්නෙම නෑලු. ඉතින් දවසක් ඔය විදියට මොනව හරි දෙයක් සම්බන්දයෙන් පිරිමි ළමයෙකුයි මේ ගෑණු ළමයයි විවාද කරනවලු. සින්හල ඉංග්‍රීසි කලවම් කමින් වාද කරපු මේ ගෑණු ළමය ඔය වාදෙ කොටසකදි "How come ? " කිව්වලු. එතකොට අර පිරිමි ළමය ගත් කටටම කිව්වලු "මම අද නම් ආවෙ බස් එකේ" කියල.

 අනේ ඉතින් වීරය වගේ මේ කතා දෙක කිව්වට මොකද රෝස කුමාරිගෙ එකම ප්‍රාර්ථනාවනම් මේ සිද්දියට අදාල ඇත්තො සිංහල බ්ලොග් කියන්නෙ මොනාද කියලවත් දන්නෙ නැති වෙන්න කියල. මේක ඒ ඇත්තො කියෙව්වොත් රෝස කුමාරි ඉවරයි.


රෝස කුමාරිට මේ ඉංග්‍රීසි කතා මතක් උනේ Analyzing Paper  එකක් ලියල ,එකේ සහර වචනවලට ඉරි ඇදල තිබුන දැක්කම. අපි ලංකාවෙ ඉගන ගන්න British English සහ American English අතර කුඩා වෙනස්කම් තියනව.අක්ෂර වින්‍යාස වෙනස් කම් තමයි වැඩිපුර තියෙන්නෙ. මගෙ Paper එකේ ඉරි තිබුනෙත් ඔය වගේ අක්ෂර වින්‍යාස  වෙනස්කම් වලට. ඒ වගේම Past tense වලත් වෙනස් කම් තියනව.උදාහරණයක් විදියට මෙහේ Learnt වෙනුවට  භාවිතාවෙන්නෙ Learned.

රෝස කුමාරිටත් ලගදි හොඳ වැඩක් උනා. රෝස කුමාරි ගෙදරත් එක්ක ගුවන් ගමන් මාර්ග ගැන  කතාව. 
 රෝස කුමාරි-  දිස් රෞට් (Route) ඊස් චීප්..  අපි මේක බලමු
අම්ම- රෞට්????   රූට් ළමයො.  (භයෙන් ත්‍රස්ථ වූ හඩින්)
රෝස කුමාරි - අහ් !!!!

හී හී හී ....මෙහේ රූට් වෙනුවට භාවිතාවෙන්නෙ රෞට් කියල  දැන් අපිත් ඒ වචන පාවිච්චියට පුරුදු වෙලා. බ්‍රිතාන්‍යය ඉංග්‍රීසි පාවිච්චිකරන ලංකාවෙ අය ඒ විදියෙ වචනයක් ඇහුනම  කලබල වෙන එක පුදුමයක් නෑ.අපේ අම්මට කාරණාව පැහැදිලි කරාම කිව්වෙ" මම මේ බැළුව පොඩි කාලෙ ඉදන් උගන්නල මේ ළමය මේ මොනා කියනවද කියල"

ඒ වගේම මෙහෙ "ටෙක් අවේ" වෙනුවට භාවිතා වෙන්නෙ "‍ටු ගෝ "කියල.

 මීට අමතරව අපි ඉංග්‍රීසි භාවිතයෙදි කරන සමහර වැරදි තියනව. 
ගෘහ භාණ්ඩයකට අපි furniture කියනවනෙ එහි බහු වචනයත් furniture මිස  furnitures නෙමෙයි.
මේ වැ‍රැද්දනම් ගොඩ්ඩක් අයට සිද්ද වෙන වැ‍රැද්දක්. බල පත්‍රය කියන වචනයේ ඉංග්‍රීසි පදය විය යුත්තේ "license" (ලයිසන්ස්) කියන
එක. ලයිසන්  කියන වචන වැරදියි. එහි බහු වචනය "licenses" (ලයිසන්සස්) විය යුතුයි.
මේ මට මතකෙට ආපු කීපයක්. ඔයාලටත් මේවගේ වචන මතක්වෙනවනම් දාන්න කමෙන්ට් එකක ලියන්න.

 


16 comments:

  1. Singular and plural are the same............

    advice, aircraft, bison, corn, deer, equipment , evidence, fish (sometimes), gold, information, jewelry, kin, legislation, luck, luggage, moose, music, offspring, sheep, silver, swine, trousers, trout, wheat

    Only the plural exists..............

    barracks, bellows, cattle, congratulations, deer, dregs, eyeglasses, gallows, headquarters, mathematics, means, measles, mumps, news, oats, pants, pliers, pajamas, scissors, series, shears, shorts, species, tongs, tweezers, vespers

    http://www.enchantedlearning.com/grammar/partsofspeech/nouns/plurals/

    ReplyDelete
    Replies
    1. Thank you very much for your information Aunty Kavikari.

      Delete
  2. ඔය එක එක නම් වලින් කට්ටිය අමතල කතා කරන එක කිව්වම මතක් උනේ. ඉස්සර අපේ coach කෙනෙක් හිටිය. මැච් එක පටන් ගන්න කලින් නිකන් ඔය පසන්, ගයාන්, රොමේෂ්, දිනේෂ් වගේ පොරවල් තමයි ටීම් එකේ හිටියෙ. පටන් අරන් ටික වෙලාවක් යද්දි සෙල්ලන් කරේ ගොනා, බල්ල, බූරුව, මිහරකා, වගේ සත්තු :D

    ReplyDelete
    Replies
    1. ඔය පිරිමි ළමයින්ගෙ ඉස්කෝල වල ඉන්නෙ සත්තු වත්තෙන් පැනල ආපු අයද කොහෙද. ලඟින් ගියත් ඇහෙන්නෙ ඔය සත්තුන්ගෙ නාම් නෙ. හිකිස්.

      Delete
  3. ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි කියලා දෙකක් තියෙනවා කියලා මට මුලින්ම තේරුම් ගියේ කියන center/ centre දෙවිදිහකට ලියන එකෙන්........

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම් ඔය දෙකේ ලියන විදියෙ වෙනස් කම් තියනවනෙ. ඊට අමතරව Grammar භාවිතයෙත් වෙනස් කම් තියනව.

      Delete
  4. colour --> color
    cheque --> check
    favour -->favor
    labour --> labor (ඔය වම් පැත්තේ තියන වචන spell checkers වල පෙන්නන්නෙත් වැරදියි කියලා)

    route වගේම උච්චාරණ වෙනසක් තියනවා schedule (ස්කෙඩියුල්).

    ඇයි මෙයාලා පෙට්‍රල්/ඩිසල් වලට කියන්නේ ගෑස් කියලනේ.

    ReplyDelete
    Replies
    1. දැන් ලියල ලියලම ගොඩක් ඒව ලියවෙන්නෙ මෙහෙ පිලිවලට ඒත් මට ඔය color ලියවෙන්නෙම colour කියලමයි. sciences වචනවලත් ගොඩක් වෙනස්කම් තියනව. අපි කියන්නෙ vitamin විටමින් කියල මෙහෙ වෛටමින්නෙ. ඒ උනට kinetics අපි කියන්නෙ කෛනටික්ස් කියල මෙහෙ කීනටික්ස්.(මටනම් කීනටික්ස් කියන්න හුරුනෑ හුරුනෑ වගේ)
      දවසක් මගේ කාර් එකේ පෙට්‍රල් ටෑන්ක් කප් එක නැති උනා. ඒකක් ගන්න ඝින් මම ඉතින් ඔය විදියට කිව්වම ඒ මනුස්සය උඩ බිම බැළුව. මට එතකොටයි මතක් උනේ ගෑස් ටෑන්ක් කියන්න ඕනෙනෙ කියල.

      Delete
  5. අපොයි ඔව් .අපේ ළමයි කලින් උන්නේ British ඉස්කෝලේ . දැන් UNIS . මේක ඇමරිකන් ස්ටයිල් . ගුරුවරුත් ඇමරිකන් . මෙයාලත් දැන් ඇමරිකන් ඉංග්‍රීසි . අපි ඉතින් දේසේ හැටියට බාසේ .

    ඇමරිකන් කාරයා වැඩේ ටිකක් ලේසි කරලා නේද . මන් නම් කැමතියි . රැජිණත් සෑහෙන වයසයි නේ D

    ReplyDelete
    Replies
    1. මාත් කැමතියි ඇමරිකන් ඉංග්‍රීසිවල තියන සරල බවට. පුංචි ඈයන්ටනම් ලස්සනට ඇක්සන්ට් එකත් පුරුදු වෙනවනෙ. පෙරළුණු අත හොඳයි කියල අපිත් දැන් ඉතින් ඇමරිකන් ඉංග්‍රීසි හොඳයි කියල ඉන්නව. :)

      Delete
  6. programme - program

    තව එකක් තියෙනවා...
    Help - F1

    ReplyDelete
  7. හෑ...!! ඒ කම්පීතරගෙ ලැන්ග්වේජ් එකක් නේ... එහෙමත් කියනවද. ?

    ReplyDelete
  8. අනේ මන්දා මම ඉංග්‍රීසි කතා කරන කොටත් මිනිස්සු හිනාවෙනවද කොහෙද ...

    ReplyDelete
  9. ඇයි අප්පේ මිනිස්සු හිනාවෙන්නෙ. ... එහෙම හිත්න්න නරකයි.

    ReplyDelete
  10. Maath inne USA wala,,, oya prashnema matath thibuna Muladi,,, lamai rachanawak liwwama , home work karama hari waradi balanawa,, ane samahara wachanawa wala akuru adui. Ara sauri kiwwa wage,. Ewa hari gassanna kiwwama, amma hadanne ape marks adu Karannada kiyala ahanawa. Passé thamai danne America n inglish wenas kiyala API igenagaththata wada. Mamath Dan dese hatiyata bassawa .

    Adai me paththata awe,,,

    ReplyDelete
  11. තව එකක් අපි තාමත් කියන්නෙ ඩෙසර්ට් කියල අතුරුපසට ඒක හරිනම් ඩිසර්ට් වෙන්න ඕනි. තාම ඒක හුරු නෑ මගෙ කටට නම්.

    කොහොම වුනත් බොහොම ස්තුතියි මේ විස්තර වලට.....

    ReplyDelete