Monday, July 2, 2012

හැඩකාර බිත්තර





කාලෙකට කලින් රෝස කුමාරි පාසල් යනකාලෙ අත් වැඩ කියල විෂයක් තිබුන. පුංචි කාලෙ අපි "හාව" ඇඳල පුළුන් ඇලෙව්ව,මදටිය ඇටයක් තමා ඇහැ. තව වේලපු මල් , ඇට ජාති වලින් එහෙමත් නිර්මාණ කළා. රෝසකුමාරිටත් පහ වසරෙදි ලැබුන තෑග්ගගක් pistachios පොතු වලින් අලවපු කුකුලෙකුට. ඔය වගේ නොයෙකුත් අත් වැඩ අතර හරිම ප්‍රසිද්ධ අත් වැඩක් තමා බිත්තර ක‍ටුවලින් වම්බ‍ටු නිර්මාණය කරන එක. බිත්තර ක‍ටු හරිම ලේසියෙන් බිඳීයනව. ඉතින් හරිම පරිස්සමෙන් තමා ඒ වැඩේ කරන්නෙ. ඉතින් මේ තරම් ඉක්මනින් බිදීල කුඩුවෙලා යන බිත්තර ක‍ටුවල ලස්සනම ලස්සන කැටයම් කපන එක කොච්චරනම් අමාරු කටයුත්තක්ද කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.
ලංකාවෙ ඒතරම් ජනප්‍රිය නොවුනට ලෝකයේ බොහෝමයක් රටවල Egg  Art බොහොම ප්‍රසිද්ධයි. 

මෙහෙම ලස්සන කරපු බිත්තර එකතුකරල හදපු කෞතුකාගාර පවා තියනව. ටික කාලෙකට කලින් අපි වර්ජිනියා ප්‍රාන්තයේ  museum of fine arts  නරඹන්න ගියා.  ඒ කෞතුකාගාරෙට වෙනත් "බිත්තර කෞතුකාගාරය" කින් තාවකාලිකව ප්‍රදර්ශනය සඳහා ගෙනත් තිබුන මෙවගේ ලස්සන බිත්තර තිබුන. ඒ උනාට පින්තූර ගන්න බැරි උනා ඒ වෙනකොට කැමරාවෙ බැටරි  චාජ් එක තිබුනෙ නැති නිසා . ඒ නිසා පින්තූරනම් හොරකන් කරන්න උනේ ගූගල් වලින්.

 මේ තියෙන්නෙa එහෙම ලස්සනකරපු බිත්තරක‍ටු.






මේ කැටයම් කපන්න ඕනෑම කුරුළු බිත්තර වර්ගයක් යොදාගන්න පුළුවන්. බිත්තර ක‍ටුව ශක්තිමත් වෙන තරමට හා විශාල වෙන තරමට කැටයම් කිරීම පහසුයි. එමූ කුරුල්ලාගේ බිත්තර හා පැස්බරා බිත්තර පහසුවෙන් නොකැඩී කැටයම් කල හැකි බිත්තර වර්ග දෙකක්. කිකිලි බිත්තර තාර බිත්තර ආදියෙහි එක් කොනක කැටයම් නෙලන්න කලියෙන් කුඩා සිදුරක් විදල ඇතුලෙ තියන ද්‍රව්‍යය ඉවත් කෙරෙනව.පැන්සලක් ආදාරයෙන් ඇදගන්න රූපය ඉතා සිය්ම් තුඩක් සහිත කැපුම් යන්ත්‍රෙකින් කැටයම්  කරනවා. ඕය පහල තියෙන්නෙ ඒ විදියට කැටයම් කපන වීඩියෝ එකක්.


ස්භාවික වර්ණයෙන් විතරක් නෙවෙයි ලස්සනට පාටගාපු, මුතු,ස්ර්වපිත්තල ආදිය අලවපු ලස්සනම ලස්සන බිත්තර මේ බිත්තර එකතුවල දකින්න ලැබෙනව. නිකන්ම නිකන් ලස්සනට තියන්න විතරක් නෙමේ ආභරණ දාන මන්ජුසා හැටියටත් මේ ලස්සන කැටයම් බිත්තර නිශ්පාදනය කරනව.විනෝදාංශයක් විදියට කැටයම් බිත්තර එකතු කරන අයත් ඉන්නව. මේ හැඩකාර බිත්තර අලෙවි වන්නේ ඉතා ඉහල මිලගනන් වලට. 

ඔන්න ඔහොමයි බිත්තරේ විස්තරේ. මේක කියවල ඔන්න ඔයාලටත් බිත්තර කැටයම් කරන්න හිතුනොත් කාටද ආඩම්භර......


21 comments:

  1. රූපටික දැකල තිබ්බට කෞතුකාගාරයකුත් තියනවා කියල දැනගත්තේ අද

    ReplyDelete
    Replies
    1. ගොඩක් Art museum වල මේ කැටයම් බිත්තර ප්‍රදර්ශණය කරනව. මට නම් දකින්න ලැබුනෙ එක පාරයි.

      Delete
  2. මාරයි ඈ.. :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. කැටයම් කපපු පැස්බරා බිත්තරයක් ලැබේවා කියල පාර්ථනා කලොත් නරකද :)

      Delete
  3. pistachios???

    සෑහෙන ඉවසීමක් තියෙන්න ඕනා වැඩක්.

    ReplyDelete
    Replies
    1. pistachios කියන්නෙ ඇට වර්හයක් රටකජු වගේ. මෙන්න තියනව ඒ ගැන විස්තරේ.මම හිතන්නෙ හරී කාල ඇති නම නොදන්නවට. ලංකාවෙනම් හැදෙන්නෙ නෑ.
      ඉවසීමනම් ඕනෙ තමා. කලබල උනොත් බිත්තරේ කුඩු.

      Delete
    2. ලංකාවේ pistachios තියනවද රෝස කුමාරි? මමනම් මුලින්ම කෑවේ මෙහෙදී.

      Delete
    3. ඔව් තියනව.හැබැයි හැම තැනම ගන්න නෑ . සුපර් මාකර්ට් වල තියනව. අපේ පවුලෙ අය පිට රටවල ඉදල එද්දි ගෙනත් තමා මාත් චූටි කාලෙ කෑවෙ. මට ලොකු පැකට් එකක් තනියම කන්න පුළුවන් :) මම හරීරීම ආසයි ඕවට. ඉතින් හොයල හොයල ලංකාවෙනුත් හොයාගත්ත. ගාන තමා සැර. ඕව ලාබම ඉතාලියෙ.

      Delete
    4. කාලා තියෙනවා නේන්නම්.. නම නම් දන්නැතුව කෑවේ.. රටගිය ඇත්තන්ගෙන් තමයි ලැබෙන්නේ.. රහ නිසා කෑවට කවදාවත් නම අහලා නෑ..

      Delete
  4. දළදා මාළිගාවේ කෞතුකාගාරයේ මේ විදිහට ඇතුලෙන් වගේම පිටතින් කැටයම් කරපු ඇත් දල ජෝඩු කීපයක්

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ ඉස්සර කාලෙ ඉදන් කැටයම් කලාවට දක්ෂයො හිටිය රටක් නෙ හසිත. ඇත් දල කැටයම් කරන්න ඔය යන්ත්‍ර සූත්‍ර තිබුනෙත් නෑනෙ ඒ කාලෙ. මේ උපකරණ තිබුනනම් ඒ කාලෙ අය මොන මොන විස්මකර්ම නිර්මාණ කරයිද.

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. ///බිත්තර ක‍ටුවලින් වම්බ‍ටු නිර්මාණය කරන එක// තේරුනේ නෑ...

    දැකලා තියෙනවද බිත්තරේ ඇතුලේ චූටි වෙසක් කූඩූවක් හදලා තිබුනා. ලංකාවේ නම් නෙමෙයි ජපානයේ... අර රවුම් වෙසක් කූඩුවක්.

    ලොකු ඉවසීමක් ඕනේ ඇති....

    ReplyDelete
    Replies
    1. කොනක් පළුදු කරල බිත්තරය පාවිච්චියට ගත්තම ඉතිරිවෙන බිත්තරේ හොඳට හෝදා වේලල අරගන ඒකෙ පළුදු කරපු කොනට වම්බ‍ටුවල ඉවත්කරපු නැටි අලවනව. ඊට පස්සෙ බිත්තරේ දම් පාටින් පාට කරනව. ඔන්න ඔහොමයි බිත්තරෙන් වම්බ‍ටු නිර්මාණය කරන්නෙ.
      ඔව් ඔව් ඉවසීමනම් ඕනෙ .

      Delete
  7. සෑහෙන්න ඉවසීමෙන් කරන්න ඕන වැඩක් නේද? හරිම ලස්සනයි. ඔය කැටයම කපලා ඉවර වෙලා බිත්තරේ අතුල පිරිසුදු කරනවා ඇති නේද..

    ReplyDelete
    Replies
    1. බිතර පිරිසිදු කරල තමයි කැටයම් කරන්නෙ.. කොච්චර ලස්සන උනත් කාටද පුළුවන් බිත්තර කුණුවුන ගඳ ඉවසන්න නේද..:)

      Delete
  8. මම කොහේ හරි ප්‍රදර්ශනෙක දැක්ක . මට මතක විදිහට තායිලන්ත ප්‍රදර්ශන කුටියේ . ඔයවගේ හැඩ දැමු බිත්තර . අපි නම් පොඩි කාලේ බිත්තර කටුවෙන් ටියුලිප් මල තමා හැදුවේ . තව Humpty Dumpty විදිහට පාට කළා . එත් එව්වයේ ආයුෂ හරි අඩුයි. පස්සේ කාලෙක සැල්මොනෙල්ලා, කුරුළු උන වගේ එව්වා එන ගත්තට පස්සේ බිත්තරේ කැඩුවා කට්ට විසික් කළා. ළමයින්ට වැඩිය අතපත ගාන්න දෙන්නේ නැහැ . අපේ පොඩි එව්වොත් බිත්තර කඩන්න හරි ආසයි . ඔය කැටයම් දාන්න නම් සියුම් උපකරණ වගේම ඉවසීම ගොඩාක් ඕන ඇති

    ReplyDelete
    Replies
    1. ගොඩක් රටවල මේක හරි ප්‍රසිද්ධයි. ලංකාවටත් හොන්ද කර්මාන්තයක්... Humpty Dupmpty අදහසත් හරි අපූරුයි දවසක හදන්න ඕනෙ.

      Delete
  9. මම නං මේ දැක්කමයි. හරිම අපූරුයි. රෝස කුමාරිට ස්තුතියි, අපිට මේ වගේ කලාවක් හඳුන්වල දුන්නට.

    පුංචි කාලේ අපිත් අර කියපු හාවෙක් හදපු බව රෝස කුමාරි කිව්වමයි, මතක් උනේ. ඒ බාලාංශ පන්තියෙදි.
    බිත්තර කටු වලින් නං අපි හැදුවේ නෝනයි, මහත්තයයි.

    ReplyDelete
    Replies
    1. බිත්තර ක‍ටුවලින් කරන්න පුළුවන් ළමා නිර්මාණ ගොඩක් මේ කමෙන්ට් වලින් දැනගත්ත. ලංකාවෙ මේ බිත්තර නිර්මාණ කරන්නෙ නැත්තෙ ඇයි කියලයි මට හිතුනෙ.

      Delete