Thursday, July 5, 2012

ගිනිකෙලි

ඇමරිකානුවන්ටද අපට වාගේ නිදහස් දිනයක් ඇත. ඔවුන් එය සමරන්නේද අප වාගේම  බ්‍රිතාන්‍යයෙන් නිදහස් වූ නිසාය. සෑම වසරකම ජූලි 4  වනදා සමරන ඇමරිකානු නිදහසට "ෆයර් වර්ක්ස් " හෙවත් ගිනි කෙලි නැතුවම බැරිය. මේ ඇමරිකාවට මා පැමිණි පසු ගෙවෙන හතරවන නිදහස් උත්සවයයි. ගිය අවුරුදු තුනේ වාගේම විශාල පිට්ටනියක පෙන්වන ගිනිකෙලි සංදර්ශණය බැලීමට මෙවරද මම ගියෙමි.  ලංකාවේදී අහස් කූරු,නිලා ,චක්කර  දල්වා මා ලැබූ ප්‍රීතියම නොවුනත් ඒ අලංකාර ගිනිකෙලි දර්ශණවලින් මගේ සිත සතුටින්  පිරී යයි. ඉතින්,
 " ඇමරිකා" ඔබට සුභ නිදහස් දිනයක් !!!!

13 comments:

  1. රෝස කුමාරි බොහොම හොඳ වැඩක් කරලා :) කාටත් පෙන්නන්න ගිනි කෙලි රෙකොර්ඩ් කරගෙන...අපිත් ඊයේ ගියා ගිනි කෙලි බලන්න. වාහන තදබදේ නිසා ටිකක් විතර මග ඇරුනත් එක්ක...

    ReplyDelete
  2. වීඩියෝවක් පින්තූරවලට වඩා හොඳයි කියල හිතුන :) අප්පේ වාහන තදබදය ගැන නම් කියල වැඩක් නෑ. ඕක නිසාම කලින් ගියා අපි. මම ආසයි එතන තියන සැනකෙලි ගතියට . හොඳම හරිය අන්තිමට නිසා පරක්කු උනාට සයුරිට එච්චර මග ඇරෙන්න නෑ.

    ReplyDelete
  3. මට හරි සතුටුයි..මගේ උපන් දිනේ අමරිකාවෙ නිදහස් දිනේටම යෙදිලතියෙනවා...

    ReplyDelete
    Replies
    1. Born On 4 th of July කියල ෆිල්ම් එකක් තියෙනව . හැබැයි ටිකක් දුක එකක් . ඔබට නම් සුබ උපන් දිනයක් පතනවා

      Delete
    2. සුබ උපන් දිනයක් අමිල !!!!!!!!!!

      Delete
  4. අය්යෝ මට මතක් වෙන්නේ අපි ඔබ මමයි නැන්දයි එක්ක ඕස්ට්‍රේලියාවේ නැෂනල් ඩේ එකට ගිනිකෙළි බලපු හැටි .

    ReplyDelete
    Replies
    1. සදාකාලෙට අමතක නොවන අත් දැකීම් නේද බින්දි අක්ක. ඔබා මාමාගේ අඩුව හැමෝටම දැනේවි සදහටම.

      Delete
  5. මමත් හරිම ආස දෙයක්..බලන් ඉද්දි ආස හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. බලන් ඉන්න තමා මාත් ආස. නිලා ඇරෙන්න අනිත් කිසි දෙයක් පත්තුකරල නෑ මම ජීවිතේට.

      Delete
  6. ඇමරිකාවට ප්‍රීතිමත් නිදහස් දිනයක් පතන්න කැමතියි. ඒ වගේම අනෙක් රටවල්වලටත් නිදහසේ ඉන්න දෙන්න ඇමරිකාවට හැකිවෙන්න කියලත් පතනවා :)

    ReplyDelete
    Replies
    1. ඒකනම් සහතික ඇත්ත අනිත් රටවල නිදහසට ඇඟිලිගහන එක දැන් ඇමරිකාව පුරුද්දකට අරන්.

      Delete
  7. ඇමරිකාවට සුභ නිදහසක් පතන්න මම නං එක් වෙන්නේ නැහැ. මොකද ඔවුන්ගේ ඊනියා නිදහස පවත්වාගන්න තව බොහෝ දෙනෙකුගේ නිදහස ඔවුන් නැති කරන නිසා.

    ReplyDelete
  8. පොත් ගුල්ලාගේ කතාව ඇත්ත මෙයාල නිදහස ‍රැකගන්න වඩා අනිත් අයගෙ නිදහසට අකුල්හෙලන්නෙ මෙයාලගේ ඒකාධිකාරය ‍රැකගන්න. අපි ඉතින් මෙහෙට ඇවිත් ටික කලකට හරි ජීවත්වෙන ඈයොනෙ. ඉතින් ලංකාවෙ ගුනේට අපි ඉතින් හතුරට උනත් සුභ පතනවනෙ. ;D

    ReplyDelete