Thursday, August 2, 2012

නායකත්ව පුහුණුව

 

නායකත්ව පුහුණුව කියපු ගමන් මතකෙට එන්නෙ එස්.බී. මහත්තයගෙ හමුදා පුහුණුව උනාට මේ කතාවනම් ඒ ගැන නෙමෙයි ඕං.

රෝස කුමාරි පාසල් යන කාලෙ ඔය ශිෂ්‍යය නායිකාවක් වෙලා උන්නනෙ. ඉතින් ඒ පට්ටම ලැබෙන්න කලියෙන් තිබුන නායකත්ව පුහුණුක්. එතකොට ඉතින් මං තුමී 11 වසරෙ. මේක දවස් තුනක  නේවාසික පුහුණුවක්. ප්‍රදේශයේ ප්‍රසිද්ධ ආගමික මධ්‍යස්ථානෙක තමා තිබුනෙ. මේ වෙනකන් ගෙදර ඈයො එක්ක ඇරෙන්න එක ‍රැයක්වත් මම පිට ඉදල නෑ. ඉතින් මේ ගැන මම හිටියෙ හරි උනන්දුවෙන්. මම ගියෙ ඉතින් බාලිකා පාසලකට(කොන්වන්ට් වර්ගයේ). ඉතින් ඔක්කොම ගෑණු ළමයි  60ක් 70 වක් හිටිය. පාසල් යනකාලෙ මම ඔය ටැප් වලින් එහෙම වතුර බොන්නෙ නෑ. ඒ විතරක් නෙවෙයි කොහේ ගියත් අලී බෝතලයකට වතුර අරගනතමා යන්නෙ. ඉතින් දැන් මට හරි ප්‍රශ්නෙ දවස් තුනක් නොදන්න තැනක වතුර බොන එක ගැන. දහ අතේ කල්පනා කලා මේ ගැන. අන්තිමට ටිකිරි මොලේට ආව අයිඩියා එකක්. ඔන්න දැන් ඒ පුහුණුවට යන දවසෙ මම ආව පාසලට. හැමෝගාවම ටිකක් විශාල පාසල් බෑග්.අපි නවාතැනට ඇවිත් ඇදක් එහෙම ‍තෝරගෙන  ඒවට දාන්න බෙඩ්ෂීට්ස් ගන්න බෑග් එක ඇරිය. ලග හිටිය යාළුව බය උනා මගෙ බෑග් එක දැකල. මොකද දන්නවද ඒකෙ පිරිල තිබුනෙ වතුර පුරවපු  මෙගා බෝතල්......යාළුවට හොන්දටම හිනා ඒ මදිවට අනිත් අයටත් කියල ඔක්කොමල මට ඉතින් හිනා උනා. ඒත් ඔන්න හවස් වෙද්දි කට්ටිය අහනව. "රෝස කුමාරි ඔයාගෙ වතුර එකෙන් ටිකක් දෙන්න පුළුවන්ද කියල" මට ඉතින් තරහයි මාව විහිළුවට ගන්නව කියල. බලද්දි ඒ ගොල්ලො වතුර ඉල්ලල තියෙන්නෙ ඇත්තට.මොකද එහෙ වතුර හොඳටම කිවුල් ලු.

ඒ දවස් තුන හරිම සුන්දරයි. අපිට පුහුණුව ලබාදෙන්න සහෝදරයො දෙන්නෙක් සහ සහෝදරියක් ඇවිත් හිටිය ඒ සඳහා සුදුසුකම් ලබපු. අක්කනම් කෙට්‍ටුයි උසයි, අනිත් දෙන්නගෙන් එක අයිය කෙනෙක් හොඳට මහතයි අනිත් එක්කෙන හරි කෙට්‍ටුයි පොඩියි. අපි මෙයාලට නම් දාගත්ත ජිම් පප්ප, චූටි කුකූ සහ සුදු චූටි කියල. එයාලත් දන්නව ඉතින් අපි එහෙම කියනව කියල. අන්තිමේට යනදවසෙ අපි ඒගොල්ලන්ට දුන්න ස්තූති පතේ පවා ලිව්වෙ එහෙමයි. එයාලට අමතරව පූජකවරු, ගුරු මහත්ම මහත්මීන් ආදියත් ආව දේශන වලට. අර තුන්දෙනා කලේ අපිට එක එක ක්‍රියාකාරකම් ලබාදීපු එක. මේ ගොඩක් ක්‍රියාකාරකම් අපිට සෙල්ලම් වගේ උනාට අන්තිමට අපිට ඒවයින් ඉගනගන්න දේවල් ගොඩක් තිබුන.

 ඒ එක ක්‍රියාකාර කමක් මෙන්න මේ විදියයි. එයාල අපිව කණ්ඩායම් වලට වෙන්කරල නායකයො පත් කලා. ඊළගට අපිට බීම බට වගයක් හා ඇල්පෙනිති ලබාදීල කිව්ව කැමති නිර්මාණයක් නියමිත වෙලාවට කරල පෙන්නන්න කියල. අපි තීරනය කලේ ගෙයක් නිර්මාණය කරන්න. අපේ කණ්ඩායමේ නායිකාවගෙ වැඩේම අනේ ඔයාලගෙ අතේ ඇනෙයි  ඔය ඇල්පෙනිති. "පරිස්සමින්,ඔය බලන්න ඒක මලකඩ කාල ඒක අල්ලන්න එපා" කිය කිය වදයක් වෙන තරමට කියවපු එක.   ඉතින් අන්තිමේදි අපෙන් අපේ නායකයා කොහොමද කියල ඇහුව. කට්ටිය දැන් එක එක ඒව කියනව. අපේ කණ්ඩායමේ අය කිව්ව "මෙයා නිකන් අපේ අම්ම වගේ අරම වෙයි මෙහෙම වෙයි කිය කිය ඇල්පෙනිත්තවත් අල්ලන දෙන්නෙ නෑ" කියල.  එක කණ්ඩායමක ඇරෙන්න අනිත් කණ්ඩායම් වලත් තත්වෙ ඕකයි නායකයට බැනුම් . එක කණ්ඩායමක නායකය කිසි දෙයක් කරක නතුව කයිය ගගහ ඉදල ,තව එකක නායකය තනියම වැඩේ කරල අනිත් අයගෙන් උදව් නොගෙන .දරුණුම තත්වෙ තිබුනෙ ඉතිරි කණ්ඩායමේ. ඒකෙ නායකය තනිකර ඕඩර්ස් දීල ඒ මදිවට් හෙන සද්දෙත් දානවලු. ඒ කණ්සායමේ සමහ අය ඇඬුවත් එක්ක.
 ඇත්තටම මෙන්න මේකයි වෙලා තියෙන්නෙ, ඒ ක්‍රියාකාරකම කරල තියෙන්නෙ අපිට නායකයින් වර්ග පහ කියල දෙන්න.(අලස,මාතෘ/පීතෘ, ඒකාධිපති,අවිශ්වාසී හා ප්‍රජාතන්ත්‍රවාදී) පුහුණු කණ්ඩායම කලින් කීපදෙනෙක් තොරගෙන ඒ අයට මේ ගැන කියල දැනුවත් කරල තිබිල තියෙන්නෙ.ඒ හැමෝම කරල තියෙන්නෙ රඟපෑමක්. ඒ ගැන දැනගත්තම වැඩියෙන්ම සතුටූඋනේ ඒකාධිපති නායකය හිටිය කණ්ඩායමේ අය. "අම්මෝ ඇතියන්තම් අපි හිතුවෙ මෙයා එක්ක කොහොම එකට වැඩකරන්නඩ කියල" එහෙමයි එයාල කිව්වෙ. මේ මුළු නාටකය පුරාම නොසැලුනු කෙනෙක් තමා මේ රෝස කුමාරි.(මං කොහොමත් වීරයනෙ). මගේ ඥාති සොයුරියක් කලින් ඔය ශිෂ්‍යය නායක පට්ටමක් ලැබිල මේ පුහුණුවට ඇවිත් තිබුන. ඈ ඉතින් අපිට A to Z වාර්ථාකරල තිබුනෙ. මම වගේම තව කීපදෙනෙක් ඇවිත් හිටිය කලින් දැනුවත් වෙලා.පුහුණු කණ්ඩායමටත් මේ ගැන ඉව වැටිල  අපෙන් ඇහුව අපිත් ඉතින් ඇත්තම කිව්ව. ඊලඟට එයාල අපෙන් පොරොන්දුවක් ගත්ත ඒ පුහුණුවෙ කෙරුනු ක්‍රියාකාරකම් කාටවත් කියන්නෙ නෑ කියල. මාත් ඉතින් කිව්වෙ නෑ කාටවත්ම.මේ බ්ලොග් එකේ"ලිව්ව" ඇරෙන්න

29 comments:

  1. අනේ හරිම ෂෝයි. අපිටත් තිබුනා ඔහොම පුහුණුවක්. ඔය කියපු ක්‍රියාකාරකම නම් තිබුනේ නෑ. හැබැයි මෙහෙම එකක් තිබුනා.

    හැමෝටම ලැබුනා ප්‍රශ්න 20 ක් විතර තියන ප්‍රශ්න පත්තරයක්. ඒකෙ තිබුනේ "ඔබ කැමතිම මල කුමක්ද?", "ගහක් අඳින්න" වගේ සරල ප්‍රශ්න. හැබැයි මේ ඔක්කොටම විනාඩියක් ඇතුලත උත්තර ලියන්න ඕන. ඒක අමාරු වැඩක්. කාටවත් 10 කට වඩා කරන්න බැරි උනා.

    පස්සේ තමයි කට්ටියට තරු පෙනුනේ. අන්තිමම ප්‍රශ්නේ විදිහට තිබුනේ මේක "මුල්ම ප්‍රශ්න දෙකට පමණක් පිළිතුරු සපයන්න". ඕනෑම වැඩක් කරද්දී මුලින් සමස්තය ගැන හොයලා පටන් ගන්න කියන එක තමයි ඒකෙන් කියන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔයා කියපුවමයි මතක්වුනේ ,තිබුන නේන්නම් එහෙම එකකුත්. ඒකෙ කෑගසා නම කියන්න. හිටගන තුන්වරක් උඩ පනින්න වගේ ඒවත් තිබුන. හිතාගන්න පුළුවන්නෙ කොහොමට තියෙන්න ඇත්ද කියල ..

      Delete
    2. @ සයුරි,

      ඕනෑම වැඩක් කරද්දී මුලින් සමස්තය ගැන හොයලා පටන් ගන්න කියන එක හොඳයි ඒත් ඔය උදාහරණයෙදි හැමෝම දෙකට වඩා කරලනෙ.. ඉතින් සමස්තය නොබැලීමෙන් ප්‍රශ්නයක් වෙලා නෑනෙ..

      Delete
    3. @ හරී :

      දෙකට වඩා කළත් කිසිම කෙනෙකුට නියමිත වෙලාව ඇතුලත උත්තර පත්‍රය බාර දෙන්න බැරි උනානේ (ඒ කියන්නේ හැමෝම ෆේල්). ඒ සමස්තය නොබැලීමේ වරද. කලින් අන්තිම ප්‍රශ්නේ දැක්කනම් මුල් ප්‍රශ්න දෙක විතරක් කරලා විනාඩියක් ඇතුලත ඒක බාර දෙන්න පුළුවන්.

      Delete
    4. @ සයුරි,

      20 කරගන්න බැරිවුනා කියලා භාරනොදී හිටියානම් උදාහරණෙ සාර්ථකයි..

      මම නම් සාමාන්‍යයෙන් ප්‍රශ්න පත්‍රයක් ගත්තාම අගටම කියවලා තමයි ලියන්න ගන්නෙ.. මම සමස්තය ගැන හොයලා පටන් ගන්න කෙනෙක් නෙ. හරිම සතුටුයි. :)

      Delete
    5. //මම නම් සාමාන්‍යයෙන් ප්‍රශ්න පත්‍රයක් ගත්තාම අගටම කියවලා තමයි ලියන්න ගන්නෙ..//

      මේ ඉන්නේ මොළේ ඇති උදවිය.. :)

      ඔව්..10 ක් කරන්නත් කලින් විනාඩිය ඉවර උනා. ඊට පස්සේ පේපර් බාර ගන්නේ නෑ. සියලුම උපදෙස් සම්පුර්ණ නොකර බාර දෙන්නත් එපා කියලා කලින් කිව්වා. එතකොට හැමෝම ට්‍රයි කරන්නේ පුළුවන් තරම් ඉක්මනට ප්‍රශ්න 20 කරන්න. කවුරුත් මුලින් කියවන්න උනන්දු වෙන්නේ නෑ. පොඩි අයට කරන්න හොඳ සෙල්ලමක් වගේ මේක :)

      Delete
  2. "math ithen kiwwe ne katawathma blog 1e liwwa arenna."
    Eth ithen oya poronduwa nokeduwa nam api owa danaganne nehene. Mal mal post 1k.

    ReplyDelete
  3. "math ithen kiwwe ne katawathma blog 1e liwwa arenna."
    Eth ithen oya poronduwa nokeduwa nam api owa danaganne nehene. Mal mal post 1k.

    ReplyDelete
  4. දැන් ඉතින් ඒ නායකත්ව පුහුණුවත් ඉවරයි.. ඇයි ඔක්කොම කට්ටිය දන්නවනෙ මේ ගැන.. :)

    මම ඒත් බැලුවා අරහෙම අල්ලන්න එපා එපා කියන්නෙ මොකද කියලා.. හැබැයි මෙතන තව දෙයක් තියෙනවා.. කට්ටිය ලජ්ජා බය නැතුව නායිකාව ගානට පාවා දීලානෙ.. හැබැයි ඔතන හිටියෙ පිරිමි ළමයි නම් කවදාවත් ඔය විදිහෙ පුහුණුවක් කරන්න වෙන්නේ නෑ.. මොකද ඒ අය ඔහොම නායකයාගෙ වැරදි කියන්න ඉදිරිපත් නොවෙන නිසා.. මේ ටික කිව්වෙ විහිළුවට නෙමෙයි.. ඒකයි ඇත්ත තත්වය..

    ReplyDelete
    Replies
    1. ඉන් පස්සෙ ෂුවර් එකටම ඕක වෙනස් කරන්න ඇති. අපොයි අපි නොකියම ඉන්න බව අපේ ගුරුවරු නම් හොඳට දන්නව. :) අපි හොඳ ළමයි ඇහුව ගමන් පැනල ඇත්ත කිව්ව.

      Delete
  5. අපේ කාලේ ඕවා නෑ.....

    ReplyDelete
    Replies
    1. කාලෙ තාලෙට තමා හැමදේම

      Delete
  6. අපට තිබ්බේ නෑ නෙව ඔහොම පුහුණුවක්...!!!
    ඒක නෙමේ රෝස,
    ඡේද වෙන් කරලා ලියන්ඩ බෑ ද.. එහෙම ලිව්වොත් කියවන අපට ගොඩක්ම ලේසියි..

    ReplyDelete
    Replies
    1. මේකෙ පොඩි අවුලක් උනා. වැඩියෙ මොකවත් කරන්න ගියෙ නෑ පෝස්ට් එකම අතුරුදහන් වෙයි කියන බයට. ඔය ගැන වැඩි දැනුමක් නෑ මට.

      Delete
  7. මාතෘකාව දක්කගමන් ආවෙ වෙනදෙයක් බලාපොරොත්තුවෙන්.ඒත් ඒ දේ නෙවෙයිනේ මේ..හි හි..හරි..

    මටත් ඔහොමයි අප්පා..කොහෙගියත් වතුර අරන් යන්න ඕන :)

    ReplyDelete
    Replies
    1. හා හා...මම හිතුව දැක්කගමන් හිතන්න ඇත්තෙ වෙන එකක් කියල. අපොයි ඔව් පිරිසිදු ජලය හරි අඩුයි ...

      Delete
  8. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! :)

    ReplyDelete
  9. තිස්සමහාරාමයේ තිබුණු බාලදක්ෂ කඳවුරකටත් අපේ එකෙක් බෑග් එකක් පිරෙන්න මෙගා බෝතල් ගෙනාව හොඳ වතුර තියෙන. ඌ එහෙට මෙහෙට වෙනකම් ඉදලා අපි ඒ වතුරවලට පුලු පුලුවන් විදීහට වැඩේ දුන්නා :D

    ReplyDelete
    Replies
    1. හපොයි... හොන්ද වෙලාවට මේ වගේ සෙට් එකක් හිටියෙ නැත්තෙ, එහෙම උනානම් ඉතින් මට වතුර නොබී තමා ඉන්න වෙන්නෙ. :)

      Delete
  10. Gahanu lamaya wenn..... conve... da giye 2000 da 2001 ekada ave oya kiyana padama karapu chutikukuva matakada e tamai ? Vadi vistara pasuva

    ReplyDelete
  11. නියමෙට ලියල තියනවා

    ReplyDelete
  12. අදමයි ආවේ මේ අඩවියට කදිමයිනේ...දැන් දිගටම එනවා.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete