Thursday, October 6, 2011

හැලොවීන්!!!!!!



ඔක්තෝබර් 30 වෙනිදාට ලෝකයේ බොහෝමයක් රටවලට උත්සවාකාර දිනයක්. ඒ උත්සව පැවැත්වෙන්නේ ලංකාවෙ අපිට නුපුරුදු "හැලොවීන් " වෙනුවෙනුයි.
උත්සවය ඇමරිකාව ,කැනඩාව , බ්‍රිතාන්‍යය ,අයර්ලන්තය ඇතුළු බොහොමයක් රටවල මේ උත්සවය පැවැත්වෙනවා. සමහර රටවල මේ උත්සවය හඳුන්වන්නේ වෙනත් නම් වලින්. ඒ වගේම මේ උත්සවය සමරන විදියත් රටින් රටට වෙනස්. මේ උත්සවය ඇතිවෙලා තියෙන්නෙ මළවුන් පිදීම ,නපුරු ආත්මයන් පලවාහරින්න වගේ මිත්‍යා විශ්වාස පදනම් කරගන. අද වෙනකොට අනිත් කොයි දේත් වගේ හැලොවීනුත් වානිජකරණයවෙලා.දැන් එක එක ඇඳුම් අදින එකයි රස කැවිලි පොඩි දරුවන්ට බෙදන එකයි තමා ඒ දවසට සිද්ධ වෙන්නෙ.


ඇමරිකානුවන් හැලොවීන් උත්සවය බොහොම සාරෙට සමරන පිරිසක්. හැලොවීන් දවසෙ රෑට පුංචි ළමයි  විවිධ වේශයන්ගේ ඇඳුම් පැළඳුම් ඇඳගෙන කණ්ඩායම් විධියට ගෙයින් ගෙට යනවා, එහෙම ගිහින් දොරට තට්‍ටුකරල "ට්‍රික් ඔර් ට්‍රීට්" කියනව. එතකොට ගෙවල් වල ඉන්න අය මේ පුංචි අයට ටොෆී, චොකලට් වගේ පැණි රස කෑම ඒගොල්ලන්ට් දෙනව.ගොඩක් පොඩි ළමයි මේ කැවිලි එකතුකරගන්න මල්ලකුත් අරගන යනවා.ගොඩක් වෙලාවට ඒක වට්ටක්කා හැඩයේ බාල්දියක්. මේ කාලෙට ඕනම සුපර් මාකට් එකකින් ඔය කියන බාල්දි ගන්න පුළුවන්.මායා කාරියන් වැම්පයර්ල වගේ භීතිය ගෙනෙනෙ ඇඳුම් වලින් තමා ගොඩදෙනෙක්  සැරසෙන්නේ මේ උත්සවයේ තව අංගයක් තමා වට්ටක්කා ගෙඩි අරගන ඇවිත් ඒවයේ මැද හාරලා අයින් කරල  ,පැත්තක ඇස් හා කටක් ලෙසට වට්ටක්කා ගෙඩියේ කැටයම් කපල මැද ඉටි පන්දමකුත් පත්තුකරල දොරලඟ තියන එක.මේ වට්ටක්කා අපි කෑමට ගන්න ඒව වගේ නෙමෙයි බොහොම ලොකු වට්ටක්කා ගෙඩි. හැලොවින් රාත්‍රියේදී සියළුම අශුද්ධ ආත්මයන් පොළවට පැමිණෙන බවට අතීතයේ විශ්වාස කළා මේ වට්ටක්කා පහන හෙවත් ජැක්-ඕ-ලැන්ටන් දොරකඩ තියන්නෙ අශුද්ධ ආත්ම පලවා හරින්නයි' ඒ හා බැඳුනු ජන කතාත් බොහොමයි. මේ වට්ටක්කා පහනට අමතරව ගෙවල් එක එක බයහිතෙන දේවල් වලින් සරසන එකත් මෙයාල කරනව.








අතීතයේ කොහොම උනත් අද වෙනකොටනම් මේකත් වැලන්ටයින් වලට දෙවනි නෑ. කඩ සාප්පු පුරවලා හැලොවින් තොරොම්බල්, හැමතැනම එක එක බය හිතෙන රූප . ගෙවල් ඉස්සරහ බය හිතෙන විදියෙ පඹයො එල්ලලා. ජාති ජාති ඇඳුම් විකුණන්න තියනව. ළමයින්ට වගේම ලොකු ඈයන්ටත්  මේ ඇඳුම් අඳින්න තහනමක් නෑ. වැලන්ටයින් පාටි වගේ හැලොවීන් පාටිත් තියනව, ඇඳගනනම් යන්න ඕන ඔය පාටි වලට ඉතින් ඔය එක එක චරිත නිරූපණය කරන ඇඳුම් තමා.  ඔක්කොම එක එක ඇඳුම් ඇඳගන ඉන්නකොට හරියට පෙර පාසල් විකට ඇඳුම් තරඟයක් වගේ....


රට රටවලට විශේෂ වූ සම්ප්‍රදායන් හා සංස්කෘතීන් පවතිනව. ඒ වගේම ඒවාට අයත් එක් එක් වත් පිලිවෙලවල් හා ක්‍රියාකාරකම් පවතිනව. හැලොවීන් උත්සවයත් එවැනි එක් ක්‍රියාකාරකමක්. තමාගේ ප්‍රියතම චරිතයක ඇදුමකින් හැඬ වෙන්න ලැබෙන නිසාත් ඕන තරම් රස කැවිලි කෑමට ලැබෙන නිසාත් පුංචි ළමයි මේ උත්සවයල ප්‍රියයි. ඒකාකාරී දිවි පෙවෙතින් මඳ විරාමයක් ලැබෙන නිසාත්  අසල් වැසි නෑ හිත මිතුරන් හා විනෝදවීමට ඉඩක් ලැබෙන නිසාත් ලොකු ඇත්තො හැලොවීන් වලට ප්‍රියයි. වෙනස් පරිසරයක අළුත් අත්දැකීම් වලට කැමති නිසා මාත් හැලොවීන් වලට ප්‍රියයි...
ඔබ සැමට සුභ හැලොවීන් එකක් වේවා !!!!!

10 comments:

  1. ලස්සන ලිපියකි! කොයි දවසත් ඉතිං අන්තර්ජාතික වෙලෙන්දංගෙ දිනය තමා! :D

    ReplyDelete
  2. මට මතකයි දවසක් සිරසෙ තිබුන "සංචාරක" වැඩසටහනක් හැලෝවීන් දවසෙ තිබුනා. ඉතින් අපේ නිවේදකයා අහනවා "අමුතු ඇදුම්"ඇදගත් ඇමරිකන් තරුණ තරුණියන්ගෙන් ඇයි ඔයාල මෙහෙම යන්නෙ? මොකක්ද හැලෝවීන් කියන්නෙ? කියලා. හුග දෙනෙක් දන්නෙ නෑ ඒකෙ තේරුම.අන්තිමට වයසක කළු ජාතිකයෙක් තමයි හරියට උත්තරේ දුන්නෙ.
    ඔයාගෙ විස්තරේ හොදයි.

    ReplyDelete
  3. අඩේ! ටොපි චොකලට් දෙනවා නම් මමත් එනවා ඕනම දේකට! අර ලැන්තෑරුමත් මරු!

    ReplyDelete
  4. @තනි අලියා- කියල වැඩක් නෑ, ලස්සන ඔය බඩු භාණ්ඩ එල්ලලා තියන කොට අපිට උනත් එකක් දෙකක් මිලට ගන්න හිතෙනවනෙ..මේ දවස්වල රූපවාහිනියෙ යන ගොඩක් වෙලද දැන්වීම් හැලොවීන් වෙනුවෙන් නිර්මාණය උන ඒව.

    @ රාජ් - බොහොම ස්තූතියි රෝස කැළේට ගොඩ වැදුනට.හැලොවීන් ගැන ගොඩක් ජනප්‍රවාද මම අහල තියනව , ඔය වට්ටක්ක පහන ගැනත් දිගම දිග කතාවක් තියනව.ඔක්කොම ජාති ලිව්වනම් බ්ලොග් ලිපිය දිග වැඩිවෙනව. ... භොම කෙටියෙන් තමා මේ විස්තර කිව්වෙ.දැන් කාලෙ ගොඩ දෙනෙක් මේවයෙ තේරුම හොයන්න යන්නෑ මම හිතන්නෙ ඔහේ සමරන්නන් වාලෙ සැමරුවට.

    @ විසිතුරු - දෙනව දෙනව, ටොපි චොකලට් මහ ගොඩක් ! හැබැයි පුංචි ඈයින්ට. .. මෙහේ චොකලට් වෙළද දැන්වීමක් යනව විසිතුරු වගේ පැණිරස කෑම ගන්න හිතන් ලොකු ඈයො දෙන්නෙක් ගෙදරකට යනව. ඒ ගෙදර ඉන්න ළමය අහනව ඔයාල ට්‍රික් ඔර් ට්‍රීට් වලට ලොකු වැඩී නේද කියල එතකොට අර ලොකු දෙන්න කියනව අපි මේ අසාමාන්‍ය වර්ධනය වෙලා කියල...

    ReplyDelete
  5. මමත් මේවා දැකල තිබුනට අද තමයි හරි තේරුම දැන ගත්තේ...මෙහේ අයත් දන්නේ නෑ තමයි ඒ ගැන..දවසක් මම ඇහුවම wiki එකේ ඇති කිව්වා..:)

    ReplyDelete
  6. අනේ ඉතිං අපිට කොයිද හැලොවින්!

    ReplyDelete
  7. @ සයුරි- තරුණ අයගෙන්නම් අහල කිසි වැඩක් නෑ.ටිකක් වයස කෙනෙක්ගෙන් හරි ගුරුවරියකගෙන් හරි ඇහුවොත්නම් ඔන්න හොඳට විස්තර කරනව.

    @පූසා- හැලොවින් නැති උනාට මොකෝ, ලංකාවෙ අපිට රසකැවිලි කන්න, සෙල්ලම් කරන්න , ඕනෙනම් විකට ඇඳුනුත් අදින්න අවුරුදු තියෙන්නෙ, : )

    ReplyDelete
  8. නරකද මේ කතාව පුංචිත්තාට ලිව්වනම් රට රටවල උත්සව කියලා කැටිගරි එකකට .පොඩ්ඩක් කන්ටෙන්ට් එක වෙනස් වුනානම් හරි .මේ වට්ටක්කා උත්සව ගැන මිහිර පත්තරෙන් කියෙව්ව මතකයි ඒ කාලේ

    ReplyDelete
  9. @TG-ඇත්තටම හොඳ අදහසක්. බොහොම ස්තූතියි. ගොඩක් අය විවිධ රටවල්වල ජීවත්වෙන නිසා ඒ අයටත් පුළුවන් වෙයි රට රටවල විස්තර වලට ඒ විස්තරත් එක් කරන්න.

    ReplyDelete
  10. බොහොම ස්තුතියි අපිත් එක්ක විස්තර බෙදා ගත්තාට

    ReplyDelete