Thursday, October 20, 2011

කඳුලේ දූපත-බලාපොරොත්තුවේ දූපත

 දින කීපයක් තිස්සේ බෝට්‍ටුවක හිරවී ගමන් කිරීම නිසා එමා තෙහෙට්‍ටුවී සිටියා. අවුරුද්දක් වයසැති මල්ලී අම්මා අයර්ලන්තයේ සිට ඔසවාගෙන ආ පිහා‍ටු මෙට්ටයට වී නිදයි. අම්මාත් තාත්තාත්  අළුත් බලාපොරොත්තුවකින් සිත් පුරවාගෙන පැද්දෙන බෝට්‍ටු බඳට හිස තබාගන නිදයි. දුඹුරු කෝට් බෑ අඳගත් දුම් උරමින් කාලය ගෙවන පිරිමින්ද දරුවන් නළවමින්ද  තමාගේ මළු තුරුල්කොටගෙන දෙවියන් යදින ගැහැණුන්ද තම පවුලේ අය මෙන්ම යන්නේ ඇමරිකානු එක්සත් ජනපදයේ අළුත් ජීවිතයක් ලබාගැනීමටය.බොට්‍ටුවේ බොහොමයක් අයර්ලන්ත ජාතිකයන්ය.තාත්තා මේ ගමනට මුදල් සොයාගත්තේ තම ගේත් ඉඩමත් විකිණීමෙනි.ඉතින් ආපසු යාමක් නැත. සියළුදෙනා දූපතේ පරීක්ෂණයෙන් සමත් වී රටට ඇතුළු විය යුතුය...


1892 සිට 1954 ද්ක්වා කාලයතුළ ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළුවූ සංක්‍රමණිකයින්ගේ ඇතුළුවීමේ ද්වාරය වූයේ "එලිස් දූපත"යි. ඉතා කුඩා දූපතක් වන එලිස් දූපතෙන් එමා වැනි මිලියන අටකටත් වැඩි ජනතාවක් ඇමරිකාවට ඇතුළුවුනා. 
මෙම මුළු දූපතටම ඇත්තේ එක් විශාල ගොඩනැඟිල්ලක් පමණයි.සංක්‍රමණිකයන්ගේ ලියකියවිලි පිළියෙල කිරීම හා වෛද්‍යය පරීක්ෂණය සිදු වූයේ මේ ගොඩනැඟිල්ල තුළයි. අද මේ ගොඩනැඟිල්ල හා දූපත සංචාරකයන්ගේ බොහොම අවදානයට ලක්වන කෞතුකාගාරයක්. ඇමරිකාව ශ්‍රමිකයන්ගේ අවශ්‍යතාව මත මෙලෙස සංක්‍රමණිකයන්ට රටට ඇතුළුවීමට නොමිලේ අවස්ථාව ලබාදුන්නා.කළයුතු වූයේ මුහුදු මාර්ගයෙන් එලිස් දූපතට ඇතුළුවී වෛද්‍යය පරීක්ෂණය සමත් වීමයි.
සරලයි වගේ පෙනුනට  මේ කටයුත්ත එතරම් පහසු කට යුත්තක් වුනේ නෑ. දවසකට සිය දහස් ගණනින් බඩුමළු උස්සන් මිනිස්සු එලිස් දූපතේ ..විවිධ සංස්කෘතීන් ඇති මිනිසුන් ගොඩක්.....   මේ අය ගැහැණු සහ ළමයි වෙනමත් පිරිමි වෙනමත් කොටස් කරල වෛද්‍යය පරීක්ෂණයට යවනවා. තමාගේ ස්වාමියා,බිරිඳ,දරුවන් ගෙන් නොදන්න දේශයක මොහොතකට හෝ වෙන්වෙන්නෙ බොහොම බයෙන්.ඒ විතරක් නෙවේ , සමහර අවස්ථාවක පවුලේ සමහරුන් වෛද්‍ය පරීක්ෂණය අසමත්වී ආපසු තමාගේ රටට පිටත් කර හරිනවා. පිටත් කර හැරි පුද්ගලයා පියානම් මවටත් දරුවන්ටත් ඒ ගැන දැනගන්න වෙන්නේ රටට ඇතුල්වූ පසුවයි.මොකද පිරිමි සහ ගැහැණුන් පරීක්ෂාවට ලක්වන්නේ වෙනම නිසා. අසමත් වූ අයට මෝනම හෙතුවක් මතවත් බෝඩරයෙන් මෙහාට එන්න ලැබෙන්නෙ නෑ.මව ඒ ගැන දැනගන්නවිට සමහරවිට පිය ‍රැගත් බෝට්ට්‍ටුව පිටත්වෙලා ඉවර වෙන්නත් පුළුවන්. මේ වගේ දුක්බර කතා වගේම රටට ඇතුළුවී ජීවිතය ජයගත් අයත් බොහොමයි මේනිසා එලිස් දූපත "කඳුලේ දූපත" හා "බලාපොරොත්තුවේ දූපත"(Island of tears-Island of hope)යන නම්වලින් හදුන්වනවා. මේ එලිස් දූපතේ කතා තේමාකරගන ලියවුන පොත් වගේම නිපදවූ චිත්‍රපටත් බොහොමයි. අද සංචාරක ආකර්ශණීය නැරඹුම් ස්ථානයක් වන එලිස් දූපතට පිහිට තිබෙන්නේ ඉහල නිව්යෝර්ක් මුහුදු බොක්කේ. මේ දූපතට නිව්යොර්ක් නගරයේ සිට ෆෙරී එකකින් ගමන් කරන්න පුළුවන්.







 

9 comments:

  1. නියම ලිපියක් තමයි. එදා වගේ අදත් තිබුනා නම් කියලා හිතෙනවා. මොනවා වුනත් තොරතුරැ දැන ගැනිමට කාටත් හොද පුවතක් තමයි.

    ReplyDelete
  2. දුක හිතෙනවා තමයි . නොදන්නා රටක අරවගේ වෙන් වෙන්න වෙන එක .ලස්සන පොස් එක . නොදැන හිටි දෙයක් ..

    ReplyDelete
  3. මම ඔය දූපත ගැන මම මුලින්ම අහැව්වෙ සිරසෙ ගිය ගැජට් රාළහාමි වැඩ සටහනෙන්... නමුත් මෙහි දුක්බර පැත්ත මේ ලිපිය කියවනකල් මම දැනගෙන හිටියෙ නෑ....

    ReplyDelete
  4. බලාපොරොත්තුයි කඳුලුයි වෙන් කරන්න බෑනෙ!

    ReplyDelete
  5. ඇමරිකන් ජාතියේ ඉතිහාසයත්, එයාලා අවුරුදු 200 ක් වගේ කෙටි කාලයක් ඇතුලත මෙච්චර දියුණු උණු විදියත් හොයලා බලන්න මමත් හරිම කැමතියි...ඒ ගොල්ලන්ට තමන්ගේම කියලා මූලාරම්භයක් නැහැනේ...සංක්‍රමණික මිශ්‍රනයන් ගෙන් පැවතෙන නිසා. ඉතින් මේ කඳුළු දුපතේ කතාව කියල දුන්නට ස්තුතියි...කවදා හරි යන්න ඕන බලන්න..

    ReplyDelete
  6. මේක ගැන කලින් දැනගෙන හිටියෙ නෑ. බොහොම හොඳ ලිපියක්. american dream එකසැබෑවක් කරගන්න හැමෝටම ලැබෙන්නෙ නෑ. ඒක මම හිතන්නෙ එදත් එහෙමයි. අදත් එහෙමයි, හෙටටත් එහෙම වෙයි.....

    ReplyDelete
  7. @Asanka-තිබුනනම් ඉතින් හොඳයි තමා...දැන් ඉතින් මුහුදෙන් එන කට්ටියට වඩා මෙහෙට ගුවනින් එන අයනෙ වැඩි.

    @බින්දි-එලිස් අයිලන්ඩ් එකේ තියන ඔය ගොඩ නැඟිල්ලෙ කාමර මහ ගොඩක් තියනව. ඒ හැම එකකම ඔය වගේ පින්තූරු,පාවිච්චි කරපු බඩුවලින් පිරිල. තැන් තැන් වල ඔය ආපු අය කියපු කතා එහෙමත් ලියල තියනව. එතන ඉතින් ඔය දුක්බර කොටස ඒතරම් උලුප්පල පෙන්නන්නෙ නෑ. පොත් පත් කියවපුවම තමා ඒ විස්තර දැනගත්තෙ.

    @විසිතුරු-මාත් බැළුව ඔය ගැජට් රාළහාමි ලංකාවෙ ඉද්දි. මට ඔය වැඩ සටහන මග ඇරිල. දුක් බර කොටසට වඩා ඇමරිකාවට ඇවිත් සාර්ථක උන අය ගැනතමා කාට්ටිය කතා කරන්නෙ. දන්නෙ නැද්ද ඉතින් ඇමරිකාවෙ කට්ටියනෙ ඔය.

    @තනි අලියා- ඒක ඇත්ත . සමහරවෙලේට ඉතින් බල පොරොත්තු ඉ‍ටු උනාමත් කඳුළු හලනව,බිඳ වැ‍ටුනමත් කඳුළු හලනව.

    @සයුරි- මාත් ඉතින් ඔය අහුවෙන වෙලේට ඔය ගැන තියන පොත් එහෙම කියවනව.ඉතිහාසයට අවු.200ක් උනාට මෙයාල ඉන්නෙනම් ලෝකෙ පටන් ගත්ත දා ඉදම ඇමරිකාව මහා රාජ්‍යයක් වෙලා තිබුන වගේ.

    @මුහුදු- ඇමරිකානු සිහිනය ඉතින් තුන්වන ලෝකෙ අපේ රටවලට විතරක් නෙමේ මෙක්සිකන්, පොතොරිකන් මිනිස්සුන්ටත් තියන හීනයක්නෙ. අනේ මට ඉස්සර ඉදන් ආසාව තිබ්බෙ ප්‍රංශය,ඉජිප්තුව වගේ වෙනස්ම රටවලට යන්න. ඇමරිකාව ගැනනම් හිතකවත් තිබුනෙ නෑ අන්තිමට මෙහෙට ආවට.

    ReplyDelete
  8. @සයුරි- ඔය මීදුමින් සෑදුන පෝස්ට් එකට දාපු කමෙන්ට් එක දැක්කෙ අද. ප්පිළිතුරු ලියන්න පරක්කු උනාට සමාවෙන්න. ආනේ... ඇත්තටම අපි එකම දවසෙගියාද දන්නෙත් නෑ තමා. ඊරි විලත් නයගරාවලට සම්බන්දයි. ඊරි විලෙන් තමා නයගරා ගඟ ආරම්භ වෙන්නෙ. ඒ ගඟ ඔන්ටේරුයෝ විලට වැටෙන්නෙ නයගරා ඩිය ඇල්ල විදියට. සයුරිත් ඇමරිකාවෙ ඉන්නෙ කියල මම දන්නෙ අදනෙ. :)

    ReplyDelete
  9. @රෝස කුමාරි: අනේ එකට කමක් නැහැ :) ඔයා කිව්වා වගේ මමත් එච්චර කැමති නැති රටක්. ඒත් ඉතින් මෙහෙටම එන්න උනා...අපි එකම බෝට්ටුවේ කට්ටිය වගේ නේද :))

    ReplyDelete