Tuesday, September 27, 2011

අමේලියා බෙදේලියා





"අනේ මට නම් බෑ බත් කන්න ... මට බඩගිනි නෑ......."


"අනේ පුතේ ටිකක් හරි කන්නකෝ... බත් කන්නෙ නැති  බබාලව හුළගෙ යනව...උඩ ගිය බබා වගේ"


"අනේ මට බෑ....."


"ඔන්න එහෙනම් ඔයාට කිරි හාමිගෙ කතාව කියන්නෙ නෑ"


පුංචි කාලෙ මට කෑම කවන යුද්දෙ ඉවරවෙන්නෙ ඔන්න ඔයවගේ දෙබසකින්. මම කෑම කන්නෙ කතන්දරයක් කියනවනම් විතරයි. ඔය විදියට අම්ම,ආච්චි අම්මල සීයල , පුංචිල,නැන්දල මෙකී නොකී කොයි කවුරුත් ගාව තියන කතන්දර පෙට්ටි හිස් වෙනකන් මම කතන්දර අහල තියනව. බැරිම තැන කට්ටිය කතන්දර හදලත් කිව්ව. ඔය විදියට කෑම කවාගන්න කියපු ජනප්‍රියම කතාවක් තමයි කිරි හාමිගේ කතා.හත් පන කියන පොතේ තියන මේ කතන්දර පෙළ හරිම රසවත්,අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ ඔය හැමෝමත් මේ කතා රස විදල තියනවට සැකයක් නෑ. පසු කාලෙක රෑපවාහිනී මාලා නාටකයකුත් ගියානෙ ඔය ඇසුරින්.
මම මේ කියන්න යන්නෙ කිරිහාමි ගැනවත් හත් පණ ගැනවත් නෙමෙයි. කිරි හාමිගේ කතන්දර රසය සිහි ගන්වන කිරිහාමි වගේම හස්‍යය ගෙනෙන කිරි හාමිනේ කෙනෙක්ගෙ කතා තියන කතන්දර පොතක් ගැන කියන්න. මේ කිරි හාමිනේ ඉන්නෙ ඇමරිකාවෙ  එයාගෙ නම තමයි. " අමේලියා බෙදේලියා" ඈ ගෘහ සේවිකාවක්.  ඔය උඩ පින්තූරෙ ඉන්නෙ එයා තමයි. එයාට බොහොම පොහොසත් ගෙදරක ගෘහ සේවිකා තනතුරක් ලැබෙනව. වැඩට යන පළමු වෙනි දවසේ වෙන අකර තැබ්බ තමයි පළවෙනි පොතේ තියෙන්නේ. මේ විදියට කතා 28 ක් ඇතුලත් පොත් 28 ක් තියනව. මේ රසවත් අමේලියා බෙදේලිය පොත් පෙළ ලිවීම ආරම්භකර තියෙන්නෙ "පෙගී පැරිෂ්" කියන ලේඛිකාව.පළමු පොත් ලිවීමෙන් පසු වර්ෂ දී සිදුවූ ඇගේ හදිසි මරණයෙන් පසු පෙගීගේ බෑනනුවන්  "හර්මන් පැරිෂ්" ඉතිරි පොත් ලියා තිබෙනවා.




මතකද කිරි හාමි  ගෙදරක වැඩට ගිහින් දෙපැත්තෙම බටර් ගාන්න කියපුවම ගෙදර ළමයින්ගේ දෙපැත්තේ බටර් ගාපු කතාව.මේ අමේලියත් ඒවගේ. කියන දේ තෙරුම් ගන්නේම වැරදියට.
ආහාර සෑදීමේදී ඩ්‍රසින්ග් (dressing) කරනවා කියා පවසන්න්නේ එයට සෝස් වැනි යමක් එක්කිරිමයි. අමේලියට කුකුළු මස් ඩ්‍රසින්ග් කර තබන ලෙස ගෙදර සුවාමි දුව වන  රොජර්ස් මහත්මිය පවසනවා.අමේලියා කුකුළු මස් පිඟානක තබා එයට කුඩා ඇඳුම්  අන්දනවා. ඈට නාන කාමරයේ තුවා වෙනස් කරන ලෙස කීවිට අමේලියා මෙසේ සිතනවා"මේ තුවා කොච්චර ලස්සනද ඇයි මේවා වෙනස් කරන්නේ" නමුත් ඈ  ගේ වැඩ ලයිස්තුවේ එය තිබෙන නිස ඈ කතුරක් ගෙන ඒ තුවා කපා වෙනස් කරනවා.


 අමේලියා කොතරම් ‍මෝඩ වැඩ කලත් රොගර්ස් මහතා හා මහත්මිය අමේලියාව ගෙදර තියාගන්නෙ එයා රසම රස පුඩින් හදන නිසයි.




ඉංග්‍රීසි පොත් රසවිදින්න කැමති පොඩ්ඩන්ට වගේම ලොක්කන්ටත් මේ පොත අපූරුයි.

16 comments:

  1. මම දැක්කේ බේබද්දා කියලා

    ReplyDelete
  2. කන ගමන් අහන කතා කිව්වම මතක් උනේ. කාලයක් මට ලෙඩක් තිබ්බ කියවන්ඩ පොතක් නැත්තන් කන්ඩ අමාරු. කද්දී කියවන්ඩ පොතක් ඕනෙමයි.
    රෝස කුමාරි මගේ නැවට ආපු පාරක් දිගේ මෙහෙ ආවෙ. දැන් ඉතින් හැමදාම රෝස කැලේට එන්නං. කටු ඇනෙයි ද දන්නෑ!! :)

    ReplyDelete
  3. මමත් පුංචි කාලෙ ඔහොම්ම තමයි. ආයෙ කතන්දර 10 ක් විතර කියලා තමයි අපේ අම්මයි, තාත්තයි කටක් 2ක් කවාගන්නෙ...
    අමේලියා ගැන අදනෙ දැනගත්තෙ පොඩ්ඩක් හොයලා බලන්න ඕනා

    ReplyDelete
  4. හාල් කප් දෙකක් මනින්න කිව්වම කෝප්ප දෙක එක උඩ තියල ටේප් එකෙන් මනිනවා . ...

    අපේ ගෙදර ලොකු ඉංග්‍රීසි පොතක් තියෙනවා මෙයාගේ කතාවක් තියන . යන්තම් කියවන්න හැකි කාලෙම මගේ හිත ගියා අමෙලියා බෙදිලියාට...
    ලොක්කි පුස්තකාලෙන් ගේනවා පොතක් ලඟදි. සිංහල බසට හැරවුනොත් හැර මේ වගේ පොත් ලංකාවේ ජනප්‍රිය නොවෙන එක අපරාදේ .

    මුහුදු ..ඔය ලෙඩේ මට තාම තියනවානේ . ගෙදර ඉන්න කාලේ බැනුම් අහල වත් හොඳ වුනේ නැහැ නැහැ . ඔය ලෙඩේ තිබ්බ කෙනෙක් එක්ක විවාහ වුනාට පස්සේ කොහේ සනීප වෙන්නද . ඔන්න ළමයින්ටත් බෝවෙලා .
    රෝසි ...මට නම් කතන්දර කියල කව්වා බවක් මතක නැහැ . හැබැයි අපේ ආතයි..අම්මයි ගොඩක් කතා කියල දුන්න . යන්තම් අකුරු දැනගත්තට පස්සේ ඔය එක එක්කෙනාගේ පස්සේ නොගිහින් ඉවක් බවක් නැතුව කියවන්න ගත්තනේ .
    මන් දන්නා අය ඉන්නවා හරි කලාතුරින් ළමයින්ට කතාවක් කියාදෙන්නේ . මම බලෙන් පොත් දෙනවා සමහර විට . කියාදෙන්න කියල .

    ReplyDelete
  5. මේ කතාව ලස්සනයි පුන්චිත්තට . තව අමෙලියට වෙච්ච සිද්ධි කීපයක් එකතු කලොත් වඩා රසවත් වෙයි. ඔයා ලියන්න කැමති නම් පොත් ගුල්ලට කියල ඉන්විටේෂන් එකක් එව්වම හරි. එහෙම අකමැති නම් මට එවන්න මන් පොස්ට් කරන්නම් ඔයාගේ නමින්

    ReplyDelete
  6. @ බිඟු-ආනේ ‍රැවටිලානෙ ...

    @ මුහුදු කොල්ල කාරයා-සාදරයෙන් පිළිගන්නව රොස කැළේට. ක‍ටු ඇනෙන්නෙ නෑ නිතර යන එන අයට :) මටත් ඔය කනගමන් පොත් කියවන ලෙඩේ තිබුන. කෑම මේසෙ පැත්තකින් පොත තියන් ඒක කියව කියව ඉඳල බත් ඉතුරුකරන වරදට අහුවෙලා කන ගමන් පොත් කියවීමට නැවතීමේ තිත තියන්න උනානෙ.

    @ විසිතුරු- බලන්න ඉතින් අම්මලාට කොච්චර කතන්දර කියවන්න හැකියාව තියන්වද කියල.... කතන්දර යායක් වවන්න ඔන්නෙ අපිට කටක් කවා ගන්න.

    ReplyDelete
  7. @ බින්දි - අනේ හරිම සතු‍ටුයි අක්ක මේ කතා කියවල තියන එකට. මම පොඩිකාලෙ කොහෙන්හරි ලැබිල අම්ම කියා දුන්න . පස්සෙ මෙහේ ඔය පොත් පුස්තකාලයේ තියනව දැකල ගෙනත් කියෙව්ව. ඇත්තටම මට මේ පෝස්ට් එක ලියද්දි අක්කගෙ ලොක්කිවයි බනීවයි මතක් උනා. මගේ බ්ලොග් එකට එන අයගෙන් ද්න්න තරමින් පොඩ්ඩො ඉන්නෙ අක්කටනෙ. පොඩි කාලෙ ඉදන් පොත් පත් කියවන්න පුරුදු වෙන එක හරිම හොඳ් පුරුද්දක්. දැන් දැන් පොඩි දරුවො පොත් වලින් ඈත් වෙන එකට අම්මලත් වග කියන්න ඕනෙ.පොඩි දරුවෙක් අතේ කතා පොතක් තියනව දකිද්දි මටනම් හරි ආසයි.
    බොහොම ස්තූත්යි අක්ක පොඩිත්තට ලියන්න කරපු ආරාදනයට. බොහොම සතුටින් ලියන්නම් මේ කතා. ඔන්න යැව්ව ඊ ලිපියක් ඒ ගැන. අමේලියාගෙ පොත් පරිවර්ථනය කරලම පොස්ට් එකක් ලියන්න බැරියැ.

    ReplyDelete
  8. @bindi - හරි වාසනාවන්ත පවුලක්. කට්ටිය ඔක්කොම එකට මේසෙට වාඩි වෙලා කද්දි ෂෝක් ඇති. හැමෝම පොත් බල බල කද්දි. දැන් නං ඒ පුරුද්ද මගේ ඇත් වෙලා ගිහින්. ඒ වෙනුවට, කෝච්චියෙ, ටියුබ් එකේ එහෙම යද්දී කියවනව :)

    ReplyDelete
  9. අනේ මං මේ නම හොඳට අහල තියෙනවා. ඒත් ඔය කියන කතන්දර එකක්වත් කියවල නෑනෙ.
    පුංචිත්තට ලියන අය අතරට රෝස කුමාරිව එක්කලා. එක්කල පමණින්ම ලිපියක් පල කරලා. බොහොම හොඳයි. අමෙලියා ගේ කතාවකුත් ලියන්න.

    අර කන ගමන් පොත් කියවන ලෙඩේ කාලයක් මටත් තිබ්බ බව මතක් උනේ බින්දි කිව්වහමයි. දැන් නං නෑ. ඒත් නින්දට යද්දී නං පොතක් අනිවාර්යයි.

    ReplyDelete
  10. අමේලියාගේ කතා පුංචිත්තට ලියන්න හිතන් ඉන්නව. ඒ කතාවල තියෙන්නෙ ඉංග්‍රීසි වචන වල තියන තේරුම් කීපයන් නිසා ඇතිවෙන ගැටළුනෙ,ඉතින් ඒව සිංහලට හැරවීමේ පොඩි පොඩි ගැටළු තියනව...

    ReplyDelete
  11. ‍මේවායින් එකක් කියවලා තියෙනවා වගෙ මතකයි.ඔයා ලස්සනට ලියලා තියෙනවා රෝස කුමාරියෙ.

    ReplyDelete
  12. බොහෝම ස්තූතියි වර්ෂා.. ඔයා මේ පැත්තෙ ආපු පලවෙනි වතාවනේද. රෝස කැළේට වැස්සක් වැ‍ටුනු එකට බොහොම සතු‍ටුයි.

    ReplyDelete
  13. මෙයා අර කවුද වගේ සීනි නැත්තං මොනාහරි දාන්න කිව්වම මැලතියන් දාල තේ හදන්නෑනෙ! :D

    ReplyDelete
  14. බාගන්න තැනක් හොයලා බලන්න ඕනේ...

    ReplyDelete
  15. @තනි අලියා-අනේ නෑ අමේලිය ඔය පොඩි පොඩි වැරදි කලාට ඒතරම් දරුණු දේවල් කරන්නෙ නෑ.

    @prasanna- ම්ම්ම් මාත් හොයල බැළුව ,ඒත් මටනම් ලින්ක් එකක් හමු වුනේ නෑ. හම්බවුනොත් අනිවාර්යෙන් ලින්ක් එක දාන්නම්.

    ReplyDelete