මේ ඔක්කොම කාටූන් මගේ මතකයට ආවෙ පහුගිය දවසක බලපු කාටූන් චිත්ර පටියක් නිසයි.ඒ තම 2010 ප්රචාරය වූ ටැන්ග්ල්ඩ් චිත්ර පටය, රපුන්සල්ගේ කතාව.... මේක ටිකක් පරණ චිත්ර පටයක් වුනත් බලන්න වුනේ නෑ. ගිය සතියෙ ඔය චිත්රපටය බලන්න අවස්තාවක් උදාවුනා . ඒ එක්කම අතීතයේ බලපු ලස්සනම ලස්සන කාටූන් කතා ගොඩාක් මගේ මතකයට ආව. බ්ලොග් කියවන මිතුරු මිතුරියො මම තරමටම මේ කාටූන් පට රසවිද ඇති බවට කිසිම සැකයක් නැති නිසා අතීතයේ කාටූන් කතා මතක් කරන්න ඕනේ කියල හිතුන.
දොස්තර හොඳ හිත
මුහුද මගේ ගොඩ බිමයි
නැව මගෙ නිවසට සමයි
සියළු සතුන් මගෙ තමයි
දොස්තර හොඳ් හිත මමයි

හා හා හරි හාවා
කැළේ මැදින් ආවා
හිටගෙන ගඟ ගාවා
වට පිට ඇහැලෑවා
පිස්සු පූසා
පිස්ස මූ පිස්ස මූ පිස්සු පූස මූ...
ගලිවරයන්ගේ සුවිසැරිය
මම ටොමියත් එක්ක්ක පාවෙලා ආව ලිලිපුට් දූපතට.
ලිලිපුට්ටො කුරුමිට්ටො......
වුඩි වුඩ් පැකර්
මෙයාගෙ හිනාව තමයි හරිම ලස්සන. ...
ටොම් ඇන්ඩ් ජෙරී
ටොම් පූස් පැටිය ජෙරී මී පැටිය පස්සෙන් එලවන එලවනව....කෝ තම අහුවුනේ නෑ

කාටූන් පෙළට පසු කාලීනව තව කිහිපයක් එක් වුනා.....
වලස් මාමා
මාමා වලස් මාමා
නැන්දා වලස් නැන්දා
කවුරුද කවුරුද රංඩුකරන්නේ
නැන්දයි මාමයි රංඩු කරන්නේ....

කවුද බෝයි
සූර පප්පා
ස්කුබි ඩූ
ඳගයා
ලොකු කුඩා බේදයක් නැතුව කවදත් එක ලෙස රස විදිය හැකි කටූන් කතා පෙළක් .... හැබැයි මගේ අදහස නම් පැරණි කාටූන් පට වල් අළුත් ඒවාට වඩා මොකක්දෝ අමුතු රසයක් තියන බවයි. ඕල්ඩ් ඊස් ගෝල්ඩ් කියල කතාවකුත් තියනවනෙ..... සමහර වෙලාවට මට හිතෙන දෙයක් තමා දැන් දැන් තැනෙන සමහර කාටූන් පට ළමා මනසට එතරම් සුදුසු නෑ කියල. කොහොම නමුත් චූටි දුවල පුතාල ඉන්න අයනම් කාටූන් පට ගැන නිතර උනන්දුවෙනවනෙ. මේ ගොඩක් කාටූන් පට අන්තර්ජාලයෙන් ලේසියෙන් හොයගන්න පුලුවන්. ...
අපොයි රෝස කුමාරි ඔව්ව නම් ඉතින් අපේ දිහා ඕන තරම් . අපිත් නොදන්නා කාටුන් එකක් නැහැ . වාසනාවට කෙල්ලෝ වැඩිය සටන්කාමි එව්වා නම බලන්නේ නැහැ . පිස්සු පුසා ඔරිජිනල් එක ටොප් කැට්. හැබැයි ටයි මාමගේ දෙබස් අපිට ඊට වඩා රසවත් නේද .
ReplyDeleteපුන්චි කාලෙ මතක් උනා...
ReplyDelete-සාකච්චා, සාකච්චා..
ReplyDeleteමේ සැරෙත් නා ගන්ඩ තමයි වෙන්නේ ඕන්..
-.....චව් චව්......
මොකටද මගෙ කට..
@ බින්දි- ලොක්කියි බනී දෙන්න නිසා අක්කටනම් ඔය කාටූන් කිසිම එකක් මග ඇරෙන්නෙ නැතුව ඇති. අපොයි ඔව් මේ සිංහල හඬ කවාපුව තවම් මටනම් රසයක් දැනෙන් නෑ ඔරිජිනල් ඒවගෙ. අපි කාටත් ඉතින් ඔය මොන බස ටත් වඩා මව් බස මිහිරියි නොවැ. බුග්ස් බනී හා ටොම් අන්ඩ් ජෙරී මෙහෙ නිතර යනව ඒ උනාට ටයි මාමගෙ ස්ංහල දෙබස් නැති අඩුව දැනෙනව.මීට අමතරව දැන් දැන් ගොඩාක් කාටූන් හඬ කවනව ලංකාවෙ.කූඹච්චි කියල එකක් එහෙමත් ගියෙ. ඒවගෙත් හැබැයි රසය අඩුයි.
ReplyDelete@ ඉන්දි - රෝස කැළේට ගොඩ වැදුනට බොහොම ස්තූති ඉන්දි. අපි හැමෝම වගේ ළමා කාලෙ රසවිදපු කතානෙ මේ.... අපේ අතීත්යෙ සුන්දර මතක අපිව ආයෙමත් පුංචි කාලෙට ගෙනියනව..
@ පොත් ගුල්ලා- හරිම අගෙයි! ඔය එන්නේ මතකෙට. මගෙත් කැමතිම චරිතෙ චව් චව්....හිකිස්.
ජාතික රූපවාහිනියේ කාටුන් ටයි මහත්තයා හඬ කැවීම් කරපු කාටුන් වලට අමතරව මගේ සිත් ගත්තේ සිරසෙ ගිය කාටුන් ටික තමයි.
ReplyDelete@ විසිතුරු-ඔය පසු කාලීන කාටූන් ඔක්කොම වගේ සිරසෙන් හඬ කවපුව . දැන් ජාතික රූපවාහිනියෙ ඒවත් ඒතරම්ම රසට හඬකවන්නෙ නෑ. ටයි මාම නැති අඩුව හොදට පේනවා..
ReplyDeleteඅනිවාර්යයෙන්ම අක්කේ. දොස්තර හොඳ හිත වගේම කාටූන් තාමත් බලන්න පුලුවන් ආසාවෙන්. ඒ වගේමයි ජාතික රූපවාහිනියෙන් ඉදිරිපත් කරපු රොබින් හුඩ් වගේ සිංහල උපසිරස තියෙන ඒවාත් එමමයි
ReplyDeletemaxies world බලලා තියෙනවද
ReplyDelete