Thursday, September 22, 2011

අතින් අතට යන "ෆුට් බෝල්"

" ෆුට් බෝල් " කිව්වම අපි කාටත් මතක්වෙන්නෙ පාපන්දු ක්‍රීඩාව. ඒත් ඇමරිකාවෙ ෆුට් බෝල් කියන්නෙ වෙනත් ක්‍රීඩාවක්.ඔවුන් පාපන්දු ක්‍රීඩාව හඳුන්වන්නේ "සොකර් " කියල.ඇමරිකානු ෆුට් බෝල් ක්‍රීඩාව වෙනත් රටවල ඒතරම් ප්‍රසිද්ධ ක්‍රීඩාවක් නෙමෙයි. නමුත් ඇමෙරිකානුවන්ට ෆුට් බෝල් කිව්වම ඊට වඩා දෙයක් නෑ.මේ ක්‍රීඩාව ෆුට් බෝල් නමින් හදුන්වන්නේ මේ සඳහා යොදාගන්නා බෝලය අඩ්යක් නැත්නම් ෆූට් එකක් දිග නිසයි. මෙහි බෝලය ගෙනයන්නේ අතින් හරියට රගර් වගේ.
ඇමරිකානු ෆුට් බෝල් පාසල් කණ්ඩායම්, විශ්ව විද්‍යාල කණ්ඩායම් සහ වෘත්තීය කණ්ඩායම් ලෙස ප්‍රධාන කොටස් තුනකින් යුතුයි. මේ එක් එක් පද්ධතියට වෙන වෙනම නීති මාලාවන් තිබෙනවා. විශ්වවිද්‍යාල කණ්ඩායම් අතර සිදුවන තරඟ තමා බොහොම විසිතුරු හා උත්සවාකාරයෙන් පැවැත්වෙන්නෙ. සාමාන්‍යයෙන් ඇමරිකානු ෆොට් බෝල්  සීස්න් එක සැප්තැම්බ්ර් මාසයේ ඉදල නොවැම්බර් මාසය දක්වා පවතිනව. මේ කාලයේදී තමයි විශ්වවිද්‍යාල තරඟපැවැත්වෙන්නෙ. බොහොම විශාල මේ ක්‍රීඩාව සඳහාම තැනුනු පිට්ටනි වල ලක්ශගණනි මිනිස්සු පිරිල ඔල්වරසන් දෙන්නෙ තමුන්ගෙ කණ්ඩායම ජයග්‍රහනය කරවන්නයි. එක් එක් විශ්ව විද්‍යාල වලට වෙන වෙනම උප සංස්කෘතීන් තිබෙනවා. ඊට අමතරව සෑම කණ්ඩායමකටම තමන් නියෝජනය කරන සතකු සිටිනවා. මේ සතා  විදියට ඇදගත් පුද්ගලයකුත් ඔවුන්ට සිටිනවා. ඊටත් වඩා අපූරු කාරනේ තමා තරඟයක් ආරම්භකරන්න පෙර ඒ තරඟය පැවැත්වෙන ක්‍රීඩාංගනය අයත් කණ්ඩායමේ නිල සත්වයා

ක්‍රීඩාපිටියවටා රවුමක් ගෙනියනව..... මම මේ කියන්නෙ අර ඒ සතා විදියට ඇදගත්ත පුද්ගලය ගැන එහෙම්න නෙමෙයි. ඇත්තම ඇත්ත සතා ගැන. ...ඔව් ..ඔව්... හැම ක්ණ්ඩායමකටම නිල ජීවී සත්වයෙක් ඉන්නවා. උදාහරණයක් විදියට ලුසියාන ස්ටේට් ඔෆ් යුනිවර් සිටි වල නිල සත්වයා කොටියෙක්... හ්ම්ම්ම් මෙයලට ඇත්ත කොටියෙක් ඉන්නව නේන්නම්. මේ කොටිය තර‍ඟෙට කලින් පිට්ටනිය වටේ රවුමකුත් යනව. යුනිවර්සිටි ඔෆ් ඔරිගන්වල තාරාවා, මිසිසිපි ස්ටේට් යුනිවර්සිටි හි බුල් ඩෝග්, යුනිවර්සිටි ඔෆ් ඇල බාමා වල අලියා(මෙයාලටනම් ඇත්ත අලියෙක් තාම නෑ).යුනිවර්සිටි ඔෆ් ෆොලොරීඩා වල කිඹුලා...... මේ ආදී ලෙස එක එක නිල ස්ත්වයන් ඉන්නවා.
                       
රගර් ක්‍රීඩාවට ටිකක් සමාන මේ ක්‍රීඩාවට විවිධ නීති රීති පවතිනවා. ඒත් ඒවාට වඩා මේ ක්‍රීඩාවහා බැදුනු උප සංස්කෘතිය හරිම විනෝද ජනකයි.
තරඟයට කලින් ක්‍රීඩා පිටිය වටා භූලියෙ කූඩාරම් ගහල ඒ වගේ උදේ ඉදන් විවිද ආහාර පිසිමින් හා බුදිමින් හවස තරඟය පටන් ගන්නා තුරු බලාසිටින පිරිස  ඉතා විශාල්යි. ඊට අමතරව අනිතයටත් සමහර කූඩාරම් වල නොමිලේ කෑම ලබා දෙනව. මෙහිදී බැදපු මස් හා රතු කවුපි විශේෂයි.මේ කූඩාරම් ගැසීම  හා අහාර බුඩ්ක්තිවිදීම හැදින් වෙන්නේ "ටේල් ගේටින්ග්" කියල.
 









ඉන් පස්සෙ කණ්ඩායමේ කීඩකයො ටික පෙර හැරකින් පිටියට අතුල් වෙනව. ඊට පසුව නිල සත්වයා ලෙස ඇදගත් පුද්ගලයත් සමඟ බෑන්ඩ් කණ්ඩායම හා දිරි ගන්වන කණ්ඩායමේ කට්ටිය පෙරහැරකින් පිටියට යනව.  තරඟය පටන් ගන්න කලිනුත් ජෙට් යානා හ්ගමන් කිරීම පැරශුට වලින් පිටියට බැසීම සරඹ සංද්ර්ශණ වැනියමක් සිදුකරනවා. නැවතත් තරඟයේ මැදදි ලැබෙන විවේකයේ විශාල සරඹ සංදර්ශණයක් පැවැත් වෙනවා.

















මම දැකපු විශේෂම කාරණය තමා දිනුවත් පැරදුනත් හැමෝම ඒක ස්තුටින් භාර ගැනීම. ඕනෙමනම් පැරදුන කණ්ඩායමට අයත් අය ටිකක් විතර කසු කුසුවෙන් බනී. එච්චරයි. කවදාවත්ම ගහගන්නෙ මරාගන්නෙ නෑ.

8 comments:

  1. හොලිවුඩ් චිත්‍රපට වලදී නම් ඔය විදියේ තරග දැකලා තියෙනවා..පින්තුර උනත් අද තමයි දැක්කේ..ස්තුතියි විස්තරයට :)

    ReplyDelete
  2. අහ් මමත් හොලිවූඩ් චිත්‍රපට වලදී තමයි මේ විසිතුරු දැක්කෙ! නියම ලිපියක්.. ජය!

    ReplyDelete
  3. අපුරු විස්තරයක් රෝස කුමාරි . රසවත්ව ලියල

    ReplyDelete
  4. @ChammA- බොහොම ප්‍රසිද්ධ චිත්‍ර පටයක් වුන "බ්ලයින්ඩ් සයිඩ්" හිත් තියෙන්නෙ මේ ෆුට් බෝල් ගැන කතාවක්නෙ.

    ReplyDelete
  5. @ විසිතුරු- ඔව් ඔව් චිත්‍ර පටැවලට නිතර මතෘකාවක් වෙන සිද්ධියක් තමා ඔය. විසිතුරු, ෆුට් බෝල් විසිතුරු බලන්න මේ පැත්තෙ ආවට ගොඩාක් ස්තූතියි.

    ReplyDelete
  6. @බින්දි- ස්තූති බින්දි අක්ක. මම පාසල් යන කාලෙදිවත් එච්චර උනන්දුවක් තිබුනෙ නෑ ක්‍රීඩාවට.ක්‍රිකට් වලට උනත් ඒ තරම් කැමැත්තක් නෑ, ඒත් මේ ෆුට් බෝල් බලන්න මම බොහොම කැමතියි.ඒ ඉතින් ක්‍රීඩාවට වඩා ගොඩක් දේවල් එතන බලන්න තියන නිසා වෙන්න ඇති.

    ReplyDelete
  7. අනේ මට නං මෙලෝ රහක් නැති ක්‍රීඩාවක්.
    ඒත් නොදන්නා ක්‍රීඩාවක් ගැන කියාදීපු විස්තරවලට ස්තුතියි.

    ReplyDelete
  8. @පොත් ගුල්ලා- මටත් මුල් කාලෙ එහෙම තමා. ඒත් ගේම් එක තේරෙන්න ගත්තට පස්සෙ ඒක හරි ගියා.

    ReplyDelete