Thursday, September 1, 2011

මීදුමින් සෑදුනු

නීල වර්ණ තෘණ ශාකයන්ගෙන් වැසීගිය කදු මුදුන් වලින් පහළට ඇද හැලෙන සුදුම සුදු ජලකදන් සහිත දිය ඇලි ලංකාවේ ජිවත්වූ අපිට අරුමයක් නෙමෙයි. නුවර එළිය ගිහින් තියෙනවානම් ඒ යන මග දිගටත් ඉන් පස්සෙ විශේෂිත ස්තානවල ඇති දුන්හිද දියළුම වගේ සුප්‍රසිද්ද දිය ඇලිත් නරඹන්න ලංකාවෙ අපි කාටත් අවස්තාව තියනව.
කාලයක් තිස්සෙ මේ වගෙ දිය ඇල්ලක් නැරඹීමේ ආශාවක් රෝස කුමාරිටයි බඹර කුමාරයටයි ඇතිවෙලා තිබුණ. හැබැයි මේ දිය ඇල්ල තියෙන්නෙ ලංකාවෙ නෙමේ ... මේ විශේෂ දිය ඇල්ල තමයි "නයගරා"
බොහොම කාලයක් විවිද වූ කාරණා නිසා කල් දමමින් හිටපු මේ ගමන අන්තිමෙදි අපි මේ ග්‍රීෂ්ම නිවාඩුවේදී ගියා.


කැනඩාවේ ඔන්ටේරියෝ හා ඇමරිකාවේ නිව් යෝර්ක් අතර ජාත්යාන්තර දේශ සීමාවේ පිහිටි මේ සොඳුරු දිය ඇල්ල 'හෝර්ස්ෂූ' හා 'ඇමරිකන් ෆෝල්ස්' ලෙස ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. 'හෝර්ස්ෂූ' අයිති කැනඩාවට.'ඇමරිකන් ෆෝල්ස්' නමේ හැටියටම අයිති ඇමරිකවට. ඇමරිකාවට අයත් පැත්තේ තවත් කුඩා දිය ඇල්ලක් තිබෙනවා 'බ්‍රයිඩල් වේල් ෆෝල්ස්' නමින් . ප්‍රධාන දිය ඇලි දෙක වෙන් වෙන්නේ "ගෝට් අයිලන්ඩ්" කියන කුඩා දූපතකින්. නයගරා දිය ඇල්ල නිර්මාණය වන්නේ නයගර ගඟ පන්චමහා විල් වලින් එකක් වන ඔන්ටේරියෝ විලට ඇද වැටීමෙනුයි.

වැඩියෙන්ම ලස්සන කැනඩා බෝඩර් එකේ තියන "හොර්ස්ෂූ " දිය ඇල්ලයි. ඒ කොටසේ තුන් පැත්තකින්ම දිය ඇල්ල වටවී තියනවා. ඇමරිකානු බොඩ්ර් එකෙන් දිය ඇල්ල බලන්න එන අයට කැනඩා කොටසත් කැනඩා පැත්තෙන් එන අයට ඇමරිකානු කොටසත් ගොඩබිමේ සිට එතරම් හොඳට පෙනෙන්නේ නෑ. ඒ නිසා මේ දිය ඇලි දෙකම බලගන්න පුළුවන් විදියට බෝට්‍ටු සවාරි සංවිධානය කර තිබෙනවා.මේ බෝට්‍ටු සවාරිය හදුන්වන්නේ මීදුමින් සෑදුනු හෙවත් 'මේඩ් ඔෆ් ද මිස්ට්' යන අපූරු නමින්. කැනඩාවත් ඇමරිකාවත් බොහොම සමඟියෙන් මේ දිය ඇල්ල සංචාරක ව්ය්‍යාපාරයට යොදාගන්නවා.



ඔය කියන විස්තර වලට අමතරව මගේ පෞද්ගලික අත් දැකීමේ හැටියට නයගරා කියන්නේ බොහොම ලස්සන ,නරඹන්න වටින ස්ථානයක්. අපි ගියෙ ඇමරිකානු පැත්තෙන්. එතැන ඉදල කැනඩා පැත්තට බෝට්‍ටුවේ ගමන්කර විට දැනුනු හැඟීම බොහොම අපූරුයි.ඒ හැඟීම වචනවලට හරවලා මම ඹඹර කුමාරයට කිව්වෙ මෙන්න මේ විදියටයි. " හරියට අපි ලොස්ට් වර්ල්ඩ් එකකට ඇවිත් වගේ". එතනදී බෝට්‍ටුවේ සෙනඟ කොච්චර හිටියත් අපිට දැනෙන්නේ අපි ඒ මහා දිය ඇල්ල ගාව තනි වෙලා වගේ. ඹඹර කුමාරය ඇතුළු අපේ නඩේ අනිත් ඈයන්ටත් මේ හැඟීම ඒ විදියටම දැනිල තිබුන.
ඔන්න එහෙනම් ඕ ගොල්ලන්ටත් බලන්න පින්තූරු ටිකක්.







14 comments:

  1. ලස්සන පින්තූර ටිකක්. බොහොම ස්තුතියි.

    ReplyDelete
  2. ඔය පින්තූර වලින් පේන්නෙ ඇමරිකන් ෆෝල් එක . ඓත් කොටස ඔයටත් වඩ ලස්සනෛ,පින්තූර ගන්න විඩියක් නෑ කැමරාව තෙමෙනව :(

    ReplyDelete
  3. කලින් මේක කියවල ගියා . කමෙන්ට් කරන්න බැරි අවුලක් තිබ්බ එදා . මටත් කවද හරි යන්න ලැබුනොත් බැහැ නොකියන තැනක් තමයි ඔය නයගරා . ස්තුතියි . මේ පොස්ට් මුණු පොතෙන්වත් බෙදා ගන්නකො. අපරාදේ කට්ටිය කියවනවා මදිනේ.

    ReplyDelete
  4. අපිට ඉතින් කවදාවත් ඔතෙන්ට ගිහින් බලන්ඩ බැරිවෙන එකේ ඔහොමවත් නයගරා ඇල්ල දැකබලාගන්ඩ සලස්සපු එකට ස්තුතියි.
    ඔය නයගරා ඇල්ල භූ විද්‍යාත්මකව නිර්මාණය වූ අකාරයේ මොකද්ද විශේෂත්වයක් තියෙන බව අහල තියෙනවා. රෝස කුමාරි ඒ ගැන හොයල බලල අපිට කියන්ඩකෝ.

    ReplyDelete
  5. @බින්දි - කියවන්න කට්ටිය ගොඩක් නැති එකනම් දුකයි. ඒත් ඉතින් ඔයාල ටික දෙනා ඉන්න එක ගැන සතු‍ටුයි. මූණු පොතේ දාන්නෙ නැත්තෙ ඒ ගැන පුංචි පුංචි ගැටළු තියන නිසයි.

    ReplyDelete
  6. @පොත් ගුල්ලා - එහෙම කියන්න එපා කවුද දන්නෙ පොත් ගුල්ලාටත් නයගරා දැක බලාගන්න ඇහැක් වෙන්න පුළුවන් දවසක :)
    මම නම් විශේෂ කතන්දරයක් දන්නෙ නෑ නයගරා නිර්මාණය වූ හැටි ගැන . අවුරුදු 10,000 කට විතර කලින් ඇතිවුන භූ විපර්යාසයක් නිසා නයගරා හා පංච මහා විල් ඇතිවුන බවතමා මම දන්නෙ. ඔය ගැන තව විස්තර හොයා බලල කියන්නම්කො.

    ReplyDelete
  7. නයගරා දියඇල්ල රෑට ගොඩක් ලස්සනයි ලු නේද.. ?
    පින්තුර ටිකනම අපුරුයි !!!

    ReplyDelete
  8. කවදා හෝ මගේ ඇස් දෙකින්ම බලාගැනීමට බලාපොරොත්තු වේ.

    ReplyDelete
  9. @ ChammaA-හැම දවසකම රාත්‍රී කාලයේ නයගරා අසල ගිනි කෙලි සංදර්ශන පැවැත්වෙනවා. ඒ නිසා රෑ කාලෙට නයගරා ගොඩක් ලස්සනයි.

    ReplyDelete
  10. @මගේ කතාව- නයගරා ලස්සන ඇස් දෙකෙන්ම දැකගන්න ලැබෙන්න කියල මමත් ප්‍රාර්ථනා කරනව ඔන්න.....

    ReplyDelete
  11. මේක සත්‍යයක්දැයි නම් දන්නේ නැහැ. කරුණාකර ඒ ගැන දන්නවානම් කියන්න. වරක් මට ලැබුන email එකක පින්තූරයක් හෝ කිහිපයක් තිබුනා නයගරා ඇල්ල කෘත්‍රිමව හැදූ එකක් බව, මෙය සත්‍යයක්ද?

    ReplyDelete
  12. නැහැ නයගරා ඇල්ල කෘතිමව හදපු එකක් නෙමෙයි. පෘතුවි ගෝලය මත අවුරුදු මිලියන ගානකට පෙර ඇතිවුන භූ විපර්යසයක් නිසා තම නයගරා ඇල්ල බිහිවී තියෙන්නෙ.

    ReplyDelete
  13. රෝස කුමාරි, අපිත් මේ ග්‍රීෂ්ම නිවාඩුවේ ගියා නයගරා බලන්න (අපි දෙන්නා එකම දවසේද දන්නේ නෑ ගියේ :)...මමත් ගොඩක්ම ආස මේඩ් ඔෆ් ද මිස්ට් සවාරියට..දිය ඇලි දෙකම හොඳට පේන්නේ ඒ ගමනේදී..අපි මල් වෙඩි සන්දර්ශනෙත් බැලුවා..ඒක තියෙන්නේ ඉරිදට කියල තමයි එයාලනම් කිව්වේ.

    නයගරා ගඟ හැදෙන්නේ ඊරි විලෙන් නේද? ඇත්තටම ඔයා කිව්වා වගේ එතන lost world එකක් වගේ තමයි..

    ReplyDelete
  14. මේ ළඟදී පෙන්නුවා නයගරා ඇල්ලෙන් පැනපු මනුස්සයෙක්ගේ ජීවිතේ ගලවාගත්තු හැටි

    ReplyDelete