Monday, December 17, 2012

සුජාත දියණී

කාලෙන් කාලෙට අතුරුදහන් වෙන එක මගෙ ඉතින් පුරුද්දනෙ. කොහොම උනත් ඔන්න මම ආව.

          80 දශකයේ මැදබාගෙ උපන් අපේ පරම්පරාවෙ උදවිය ටයි මාමා ගේ  රූපවාහිනී හඬ කැවීම් අංශයේ කතා මාලවන් එක්ක උස්මහත් වෙච්ච ඈයොනෙ.
          ඔය කතා මාලාවන් දොස්තර හොඳ හිතගෙ ඉදන් පසු කාලීනව අතුල රන්සිරිලාල් මහත්මයා කරපු කූඹිච්චි වෙනකන්ම ආසාවෙන් නරඹපු කෙනෙක් මම. ඔය කූඹිච්චි කතා මාලාවෙන් පස්සෙ රූපවාහිනී හඬ කැවීමේ අංශයෙන් එහෙමට කියල හිත් ඇදගන්න යමක්  උනේ නෑ කියල තමයි මටනම් හිතුනෙ. කොහොම උනත් ඔන්න ආයෙත් රූපවාහිනී හඬ කැවීම් අංශයට පන ඇවිදින්. බොහොම කාලෙකට කලින් රෝස කුමාරි පුංචි කාලෙ බලපු ඔෂීන් ජන් කතාමාලාව ආයෙත් විකාශනය කරමින් අරඹපු මේ අලුත් ගමනෙ එළිය වැඩි උනේ සුජාත දියණිය නිසයි.
        කොරියානු  Dae Jang Geum ඉග්‍රීසියට Jewel in the palace, සින්හලට සුජාත දියණී උනා. මුළු කතාවම ඉග්‍රීසි උපසිරස සහිතව මම නැරඹුවා. එහි එන බොහොමයක් චරිතවල සැබෑ කටහඬට සමාන කටහඬ සින්හල හඬ කැවීමේදී භාවිතා කර තිබීම හරිම අපූරුයි. චන්ගුමී ගේ ඩුක්කු මාමා ගේ කටහඬනම් ඇරපු අතක් නෑ එකම වගේ. කොහොම නමුත් මේ වගේ ලස්සන නිර්මාණයක් සිංහලට හඬකවා ලාංකික ප්‍රේක්ශකයාට හරවත් වගේම රසවත් නිරිමාණයක් අරගන ආවට අතුල රන්සිරිලාල් මහතා ඇතුළු ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සියළු දෙනාට මගේ ප්‍රණාමය.
           Dong Yi සහ  Yi San කියන්නෙ සුජාත දියණී  නිර්මාණය කරපු කණ්ඩායමේ තවත්  කතා මාලා දෙකක්  ඒවත් කොරියානු ඉතිහාස කතා.මේ කතා දෙකත් අන්තර්ජාලයේ තියනව සුජාත දියණී වගේම ලස්සනයි.Dong Yi සහ Yi San කතා මාලා දෙකේම  සුජාත දියණිය එක්ක අපි දකින නළු නිලියන් බොහොමයක් රඟපානව. Dong Yi හි ප්‍රධාන චරිතය රඟපාන්නේ චන්ගුමීගේ ප්‍රේමවන්තයා Min Jun .කතාව මුළුමනින් නරඹා තිබුනත් සිංහල හඬ කැවූ කතාව  මම නැවතත් නරඹන්නෙ කොච්චර බැලුවත් කතාවෙ රසවත් බව අඩු නොවන නිසා.
                                                            Dong Yi

                                    
                                                  Yi San


42 comments:

  1. මට නම් පෙන්නන්ම බැරි කතාවක්.. වචන 5ක් කිවුවොත් අනිවා එක වචනයක් තමයි පාලිකාව.. මේවා මොකට ලංකාවෙ පෙන්නනවද මන්දා..

    ReplyDelete
    Replies
    1. ඕකනම් ඔය පිරිමි ළමයින්ට තියන ලෙඩක්... :) ඹබර කුමාරයටත් ඔය ලෙඩේ තියන නිසා මම දන්නව. ඔෂීන් බලනකන් හිනා උනා රූසෝ රූසෝ ගානව දැන් පාලිකාවෙනි කියනව කියල. කොහොම නමුත් කාන්තා පාර්ශවේ අපිට ඉතින් මේ කතාව හිතට අල්ලනව මොකද හැම කරදරයක්ම ජයගන්නෙ කාන්තාවක්නෙ.

      Delete
    2. අන්න ඉතින් හැම පිරිමි ළමයම එහෙම නෑ හො‍ඳේ. ඕන දෙයක් බලලා රස විඳින්න පුලුවන් අයත් ඉන්නවා හිහි

      Delete
    3. :) ඒක තමා එක එක අයගෙ රුචි අරුචිකම් වෙනස්නෙ. ඕනෙ දෙයක් දිහා මැදහත් සිතින් බලනවන්ම් හැම දේකම දෙපැත්තක් දකින්න පුළුවනි.

      Delete
  2. මට නම් මේ කතාව බලන්න වෙන්නේ නෑ. මොකද මම ගෙදර එන්නේ මේ කතාව ඉවර වෙනකොටම වගේ. ඒ නිසා බැලෙන්නේ නෑ.
    හැබැයි දවසක් ශෝට්ලිව් එකක් දාලා ගෙට ගොඩ වෙනකොට ගෙදර උන්දෑලා කට බලියන් මේ කතාව බලනවා. එදා නම් මට හිතුනා ආයෙම ශෝට් ලිව් දාන්නේ නෑ කියලා. ෂෝට් ලිව් දැම්මත් මේ කතාව ඉවර වෙනකන් ගෙට ගොඩ වෙන් නෑ කියල :)

    බලන අය බලන්න. මට නම් මේක අජූත කතාවක් විතරයි. :)

    ReplyDelete
    Replies
    1. ඔන්න තවත් එක්කෙනෙක් හී හී. මම කලිනුත් කිව්වෙ මේ කතාව බොහොමයක් පිරිමි ළමයින්ට පේන්න බෑ. ගැහැණු පිරුණු ඉවීම ප්‍රධාන වෙච්ච් කතාවක්නෙ. කොහොම නමුත් මේක ලෝකෙ බොහොම ප්‍රසිද්ධියට පත්වුන කතාමාලාවක්. ඒවිතරක් නෙමෙ මේ කතාව රටවල් 50 කට අධික ප්‍රමාණයක විකාශය වෙලා තියනව.

      Delete
    2. නරියා මිදි ඇඹුල් කිව්ව වගේ තමයි. චතුරංග මල්ලිට බලන්න විදිහක් නැති නිසා කතාව අජූත වෙලා.

      Delete
    3. පාලිකාවනි..... පාලිකාවනි
      චංගුමි....
      හං පාලිකාව
      චෝයි පාලිකාව

      අපෝ ඔය වචන ටික ඇහෙන කොටත් එපා වෙනවා.

      Delete
    4. ඕ! වැරදිලා මධුරංග වෙනුවට චතුරංග කියල ටයිප් වෙලා.

      ඔයා ඔයතරං තරහ ගන්නෙ නැතුව දවසක් දෙකක් බළල ඉන්නකෝ. ඊට පස්සෙ ෂුවර් එකට ඔය ගැන පෝස්ට් එකකුත් දායි.

      Delete
    5. දාපං මචං පහක්.. මාත් ඔය ගොඩේමයි..ඕක යනකොට මම සාලෙ පැත්‍ත පලාතෙ යන්නෙ නැ :D

      Delete
    6. එක එක්කෙනාගේ රුචි අරුචිකම් වෙනස්නෙ. මගේ අදහස ඕනම දෙයක් අපේ රුචි අරුචිකම් මත විවේචනය කරන්න අයිතිය තිබුනත් තමා ගෙ රස වින්දනය තමා ලෝකෙ තියන හොඳම රසවින්දන මට්ටම කියල හිතන එක එච්චර හොඳ නෑ කියන එක. කොහොම උනත් බලල විවෙචනය කරන්න පුළුවන් උනත් නොබලා විවේචනය කරන්නෙ කොහොමදමන්ද.

      Delete
    7. @සියළුදෙනාටම
      ඉහත මා විසින් ප්‍රකාශ කරන ලද්දේ මා තුල පවතින අදහස පමණක්ම බවත් මේ පෝස්ටුව ලියන්නිය කෙරෙහි හෝ කමෙන්ට් කරන කිසුවෙකු කෙරෙහි මා තුල තරහක් නොමැති බව කරුණාවෙන් පිලිගනිත්වා.
      ස්තුතියි....

      Delete
    8. @ මධුරංග- අයියෝ ඔයා මම ගැන තරහක් නෑ කියල දන්නව. විවිධ මත තියනකොටනෙ සංවාද ගොඩනැගෙන්නෙ. අනිත් එක මම ලියන ඔක්කොටම හැමෝම එකඟ විය යුතු නෑනෙ. මේ කිසි දෙයක් පෞද්ගලික මට්ටමෙන් ගන්න කිසි හේතුවක් නෑ. ඔයාගෙ අදහස් වලට මම ගරු කරනව ඒ නිසා ඔයාලගෙ අදහස් විවේචන මට වටිනව. :)

      Delete
    9. හම්මේ ඇති යාන්තන්.... :)

      Delete
  3. ඒ රටවල් 50 හෙ ත් ලංකාවේ වගේ බොලද කට් ටිය ඉන්නවවගේ

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති. හැබැයි මේක රන්දෙපැයෙ කතන්දර වලට වඩානම් ගොඩක් හොන්දයි.අඩුම තරමෙ අ‍ටුවාටිකා කෙසේවෙතත් සත්‍ය සිදුවීමක් ඇසුරින් ගොඩ නැඟුන එකක්නෙ.

      Delete
  4. රෝස කුමාරිගේ කතාවට මමත් එකඟයි. හමදාම බලන්න බැරි උනත් අවස්ථාව ලැබෙන හැම විටම බලනවා. වල්පල් ටෙලි නාට්ටි අතර බලන්ඩ වටින කතාවකට තියෙන්නෙ මෙච්චරයි. ඔශීන්, මායා බන්ධකයෝ එහෙම රස විදපු අයට අනිවාර්යයෙන් මේකත් රස විදින්න පුලුවන් වෙන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. අන්න හරි ඔබේ අදහසට මම එකඟයි. ඔෂින්, spellbinder,වගේ ඒවා බලපු අය මේ රසය දන්නවා.ඒවා නොබලපු ගොරකයෝ කොහොමද සුජාත දියණියගේ රසය විදින්නේ. මෙතන තියෙන්නේ කාන්තාවගේ නොසැලෙන ඉදිරියට යන ගමන විතරක්ම නෙමෙයි. කාන්තාවන් විසින්ම මුදා හරින කුහක කම,කරුණාව ප්‍රචණ්ඩත්වය ආදී සියලු කරුණු තියෙනවා.
      සමරසේකර

      Delete
    2. හප්පේ ඇති යාන්තන් මම බැළුව මම විතරද මේකට කැමති කියල. මටත් මේක බලද්දි අතීතයේ අපි රසවිදපු ඔය පොත්ගුල්ල්ල කියපු කතා ඔක්කොම මටත් මතක් වෙනව. දැන් පරම්පරාව ඒ ව රසවිදින්නෙ නැද්ද මන්ද. ඔරිජිනල් එක උපසිරස එක්ක බලල සිංහල එක බලද්දි පොඩි පොඩි අඩු පාඩු පෙනුනත් ඒ නිසාම මට පේනව සිංහලට හරවන්න උන වෙහෙස. කොරියානු බසින්බොහොම ඉක්මනට කතාකරන කොටස් එහෙම ඒ විදියට තොල් සෙලවෙන හැටියට හඬ කවන එක ලේසි පාසු කටයුත්තක් නෙමේනෙ. මට සුජාත දියණී එක්ක අපේ ළමාකාලයේ කතන්තර වල රසය දැනෙනව. අනේ මන්ද මගේ රස වින්දනයෙ අවුලක්ද කියල.

      Delete
  5. ඒක නම් මරු කතාව. අපේ කෑලෑසියේ කොල්ලෝ ටිකනම් බලනවා. ඒක සෙට් වෙන එකක් සීරීස් එකක්. නමුත් මට අල්ලන්නේ නැත්තේ ඔය නිකන් ඉන්න වෙලාවටත් පාලි-කාවෙනි කියන මගුල. ඕක මට අරහන්. පාලි-කාවෙනි ටික නැත්තම් තමා සෙට් වෙන්නේ. කොරියන් පිටපතෙත් නිකන් ඉන්න වෙලාවට පාලි-කාවෙනි කියන එක තියෙනවද දන්නේ නෑ. මොනවා වුනත් මං මේ ආවමයි මේ පැත්තට.

    *නිකන් ඉන්න වෙලාවට දාන්න පොස්ට් එකක්*

    ඇවිල්ලා යන්න හතරවරම් | Hatharavaram

    ReplyDelete
    Replies
    1. කොරියානු කතාවෙ නිතරම මාමාඤිම්(madam)කියනව ඒත් ඒක පාලිකාවෙනි කියනවල වඩා කනට පහසුයි.

      Delete
  6. ඇන්ටිලාට ඇන්ටිලාගේ චරිත,කෙල්ලන්ට කෙල්ලන්ගෙ චරිත දීලා තියෙනවා.ඕක බලන ගොඩක් කොල්ලො ඕක බලන්නේ ලස්සන කොරියන් කෙල්ලො ටිකක් ඉන්න හින්දයි.අනික සමහරු කොරියාව කොහොමද කියලා බලන්නත් ඕක බලනවා.නමුත් මම නම් කොටස් 3-4 යමින් ගමන් බැලුවට දැන් නම් බලන්නෙ නැහැ,කොහොමත් ඔය ගෑණු කතා මට අරහං.

    ReplyDelete
    Replies
    1. කොරියානු ඉතිහාසය ගැන දල අදහසක් ගන්නත් පුළුවනි මේ කතාවෙන්.

      Delete
  7. නොබලපු කතාවක් ගැන කට්ටිය විචාරය කරන්න කලින් අඩු ගානෙ මේකවත් කියවල ඉන්න.
    http://en.wikipedia.org/wiki/Dae_Jang_Geum

    ReplyDelete
  8. මමත් බලනවා නොවැරදීම!!

    ReplyDelete
    Replies
    1. නරකද ඒ කාලේ වෙන වැඩකට යෙදෙව්වා නම්. නැත්නම් බොම්බයි මොටයි කෑවා වගේ තියෙයි. කනකන් හොදයි. කෑවට පස්සේ මොනාහරි කෑවද කියලාවත් හිතාගන්න බැරුව යයි. :)

      Delete
    2. මැක්සා කතාව :D :D

      Delete
    3. රස විඳිය හැකි අයට බලන්නත් අනෙකුත් අයට ඒ වෙලාව වෙන දේකට යොදවන්නත් ඵුළුවනි කිස්සිම තහනමක් නැතුව. :)

      Delete
  9. කථාව බලාගෙන යන විට මට අමුතු කලාවක් එහි ඇති බව දැනුනා.අපේ නංගි බලන කථාවක් නිසා මමත් ටිකක් ඔළුව දාලා බැලුවා.මට නම් ඉතිං නිවාඩු දින 08 දි විතරයි බලන්න වෙන්නේ මොන කථාවත්.
    මනසින් දිවියට

    ReplyDelete
  10. ටීවී නොබලපු අයත් ටීවි බැලුවත් ජාතික රූපවාහිනිය නොබලන අය ඒකට ඇදගන්න ජාතික රූපවාහිනිය සුජාත දියණිය නිසා සමත් වුණා කිව්වොත් අතියශයෝක්තියක් නෙමේ.

    අපේ කැම්පස් එකේ කොරියන් කරන ළමයි සෙට් එකක්ම මේකේ පරිවර්තන වැඩවලට ගිහින් හිටිය නිසා මෙහෙම වැඩක් ඔෂින්ගෙන් පස්සේ එනවා කියලා දැනගෙන හිටියා. ඊට පස්සේ මුල්ම දවසේ කනාවට වගේ බලන්න සෙට් වුණා. දැන් නිකම් අබිං කෑවා වගේ අනිවා බලන්න තමා ට්‍රයි එක :)

    මම නම් මේකට ආසා වෙන්න ලොකුම හේතුව වෙන්න ඇත්තේ ඉතිහාසය හදාරන නිසා මේ කතාවත් එක අතකට ඉතිහාස කතාවක් වෙන නිසා වෙන්න ඕනේ....

    හැබැයි මේ නාට්‍යය ගැන අපේ තාත්තාගේ අදහස තමා රජතුමා කනවා බොනවා පාලිකාවෝ කෑම හදනවා ආහාර තරඟ පවත්වනවා ඇර මේ කතාවේ වෙන්න මොනවද කියන එක :D

    ReplyDelete
    Replies
    1. රජ මාලිගාවේ කුස්සිය තේමා වෙන නිසා කෑම පිසීම, රජුට පිලිගැන්වීම නිතර දක්නට තිබුනට ඒ අතර දිවෙන චන්ගුමී ගෙ අප්‍රතිහත ධෛර්යය පිලිඹඳ කතාන්තරය හොඳින් දිස්වෙනවා.

      Delete
    2. මටත් මේ කතාව එක්ක බඳුනු ඉතිහාසය ගැන උනන්දු හිතුන. මම කොරියන් රජ පෙලපත ගැන ලිපි කීපයක් පවා කියවූවා මේ කතාව නිසා. මේ කතාව බලල කන බොන එකයි ගැහැණු ගොඩක රණ්ඩුයි කියල හිතනවට වඩා තව දේවල් තියනව. මේ කතාවෙ එන චරිත බොහෝමයක් ඉතිහාසයේ ඇත්තටම ජීවත් වූ චරිත. මේ කතාවෙ ඉන්න රජ බිසව කොරියානු ඉතිහාසයේ දැවැන්ත චරිතයක්.

      Delete
    3. ඔය කෑම හැදිල්ල දැක්කම නං මට හෙන ලැජ්ජයි.. ඇයි දෙයියනේ අපි මොනවද කෑම ගැන දන්නේ එහෙම බැලුවාම... හි හි

      Delete
  11. මේ දවස්වල රූ 7.30 ට ටීවී එ‌ක ඕෆ් කළාම ආයිත් දාන්නේ ඊළඟ දවසේ 6.30ට... මටත් අර ඉස්සර කතාවල තිබ්බ හඩ කැවීමේ රසය ටිකක් අඩු වෙලා කියලා පේනවා.. ඒත් අප්පේ මේක අනිත් චැනල් වලට වඩා නම් සිය දහස් ගුණයක් හොඳයි... අනිත් එක කටහඬවල් ගොඩක් යොදාගෙන තියෙන එකත් වැදගත්.. සිරසේ එහෙම හැම එකේම ඉන්නේ එකම කටහඬවල් ටික.. ඒ මදිවට එකම කටහඬ චරිත කීපයකටම දානවා... මේක ඒ අතින් නම් මල් හතයි.. හැබැයි අර පාලිකාවනී කෑල්ල නම් එපා වෙනවත් තමයි.. ඒත් ඒක ඒ රටට ආවේණික දෙයක් වෙන්න ඇති ...

    අ‌ෙප් මහත්තයා ටීවී බලන්නේම නෑ.. ඒත් දවසක් දෙකක් ඔය කතාව බැලුව නිසා ( එයා හැමදාම එන්න රෑ වෙනවා) හැමදාම මගෙන් කතාවේ මොකද උනේ කියලා අහනවා...

    මට පිස්සුවක් නම් නෑ කතාව ගැන.. ඒත් මං ඒකට ආසයි... ඔක්කොමත් හරි ඊයේ නින්ද ගියෙත් නෑ අර වෙච්ච වැඩේට... අර බලු පැටියෙක් හින්දා, අගේට දඟල දඟල හිටිය චංගුමීගේ යාලුවට උන වැඩේ.... බිසවක් උනානේ... හි හි...

    අනිත් එක අර පුංචි පුංචි ලවි සීන් හරි ලස්සනයි අප්පා... මූණ බැලූවාම රතු කරගෙන දුවන ඒවා එහෙම... ඒවා හරි අහිංසකයි.. මං අර පැණීයට හෙන ආසයි.... මින් ජුන්ට... හි හි ... කොහොමත් මං මේ ඉන්නේ අද හවස් වෙනකම් ඉතුරු ටික බලාගන්න... හි හි

    ReplyDelete
    Replies
    1. ආ ඒ කොටස ගියාද. මම ඉතින් අන්තර්ජාලයෙන් නරඹන නිසා දවසින් දවස බැලෙන්නෙ නෑ. මම කතාවෙ ඔය " ලව් සීන්" වලට මනාපයි. නූතන ආදර කතා වගේ නෙමේනෙ සංයමයක් තියනව. මින් ජුන් චන්ගුමී දැකපු වෙලේ හිටන් මූණෙ මලක් පිපිල වගේ ඉන්නෙ.... හඬේ වෙනස මාත් නෝට් කලා. විවිධ හඬවල් යොදාගන මහන්සිවෙලා කරල.

      Delete
  12. මේක ලස්සන කතාවක්... උඩ දාලා තියන සිරා කොල්ලන්ගේ කොමෙන්ට් දැක්කම හිනා යනවා. මාත් කලින් ඔය ව්දියට තමා හිතුවේ. ගේම්ස් වලට ඇබ්බැහි වෙලා හිටපු මට යාලුවෝ කට්ටිය එක්ක දෙපැත්තකට බෙදිලා ගේම් එක ඇතුලේ වෙඩි තියාගෙන මරා ගන්න එක තරම් ෆන් එකක් නෑ. කොටින්ම කියනවනම් හින්දි ෆිල්ම් බලන්නේ නෑ ඔක්කොම නිකන් බොලද ලව් කෙස් නිසා. හැබයි දවසක් අක්කාගේ වදේට සුජාතා දියණිය බැලුව. මුල් දවස් දෙක තුනේ ඇල්ලුවේ නෑ. හැබයි ටික දවසක් යනකොට නිකන් අබින් කැවා වගේ තමා. දැන් 6.15 වෙද්දී ටිව් එක ලඟ.
    http://cyber-ceylon.blogspot.com/2012/12/blog-post.html

    ReplyDelete
    Replies
    1. මමටත් කොටස් දෙකතුනක් ගියාම තමා හිතට ඇල්ලුවෙ. මම ද්සතියකින් කොටස් ඔක්කොම බලල ඉවරකලා.:)

      Delete
  13. අපිත් වයසට ගියාට මේ වගේ දේවල් වලට තාම ආසයි තමා.

    ReplyDelete
  14. ඔය කතන්දරේ නම් හොඳ ඇති හැබැයි අපේ අය ඕව බලන විදිහ තමයි අවුල්......

    ReplyDelete
  15. මට නම් නිකන් ග්‍රීක් වගේ. මම මේ ගැන ඉන්ටර්නෙට් එකෙන් හොයන්න ගත්තෙ ගෙදර අය සුජාත දියණී සුජාත දියණී කියමින් වහ වැටිලා ඉන්න නිසයි. හැබැයි මේ කතා මාලාවෙ තේමා ගීතය නම් විශ්ෂිටයි. ඔබේ නලයට ගිහින් බලන්නකෝ ..අපූරු ඔකෙස්ට්‍රාවක් බලන්න පුළුවන්.

    ReplyDelete
  16. බුවෑක්.. ඕක්.. ඕක්..

    ReplyDelete
  17. සුජාත දියණිට මං නං බොහොම මනාපයි.අර හිරු අක්කා කියා තියෙන්න වගේ කොල්ලා තමයි කොල්ල.හරි කියුට් අනේ.ඒ නැතත් මේ කතාවෙ කොච්චරක් දේවල් තියෙනවද ජීවිතේට එකතු කරගන්න.මාත් මේ ගැන පෝස්ට් දෙකක්ම ලිව්ව!ඔය විරෝධීන් කියන කතා එච්චර ගණන් ගන්නෙපා.මේක වහ වැටිලා බලන කොටසක් ඉන්න නිසා තමයි එයාලට මේක එපා වෙලා තියෙන්නෙ.

    ReplyDelete