Monday, May 7, 2012

ටෝෆු

වෙජිටේරියන් එහෙමත් නැත්නම් ඔය එලවළු විතරක් බුදින ශාක භක්ෂක වෙන එක ඉතින් ලේසි පාසු දෙයක් එහෙම නෙමෙයි. මම ඉතින් "‍ෆිෂ් ටේරියන්" . මාළු හා ඉස්සන් විතරක් කන මස් නොකන මට ගෙදර අය කියන්නෙ ‍ෆිෂ් ටේරියන් කියල. බඹර කුමාරයනම් එග් ටේරියන් කෙනෙක්.ඉතින් ඓ දෙන්නට කෑමක් දෙනකොට ඒ අය හරි අමරුවක වැටෙනව, මස් නම් දෙන්නම කන්නෙ නෑ. මාළු ඉව්වොත් මම විතරයි, බිත්තර හැදුවොත් බඹර කුමාරය විතරයි. කොමන් ග්‍රවුන්ඩ් එකක් හොයාගන්න හරි අමාරුයි. ඒ නිසා ඔය කෑමට එන්න කියන හැමෝම අපිට හදල දෙන්නෙ "ටෝෆු"
ටෝෆු එහෙමත් නැත්නම් සෝයා බීන් කර්ඩ් කියන්නෙ ගොඩ දෙනෙක් ඒ තරම් කැමති කෑමක් නෙමේ. ඒකට හේතුව ඒකෙන් එන අමුතු රසය. චීන , තායි කෑමවලටනම් මේව නැතුවම බෑ. ඔන්න කාලෙකින් රෝස කැළේට ඇවිත් මම ඕගොල්ලන්ට දෙන්න යන්නෙ රසම රස විදියට ටෝෆු හදාගන්න පුලුවන් රෙසපි එකක්. ඔන්න එහෙන්ම් මෙහෙමයො හදාගන්නෙ.
 ඉස්සල්ලම ටෝෆු කෑලි වලට කපල ගැඹුරු තෙලෙන් බැදගන්න ඕන. (බැද ගත් ටෝෆු වල පින්තූරය අතුරුදහන් වී ඇත් ලැද විගස ඇඩ් කරමි:) )

ඒ ටික පැත්තක තියෙද්දි මෙන්න මේ විදියට ඉඟුරු, සුදුළුණු, අමු මිරිස්, තක්කාලි , ළුණු, මාලු මිරිස් කපා ගන්න ඕන. ඔය මම ලූණු කපල තියන ක්‍රමේ නම් පොඩි වැ‍රැද්දක් තියනව කො‍ටු හැඩේට කපපුවම තමා හැඩ.



භාජනයක් ලිපේ තියල රත් කරල තෙල් ටිකකුත් දාල ඒකට ඉඟුරු සුදුළූණු දාල තෙම්පරාදු කරන්න. ඒකටම අමු මිරිස් හා කෑලි මිරිස් දාන්න ඕන ඒකටම සෝය සෝස් අවශ්‍යය ප්‍රමාණයට දාන්න ඕනමෙන්න මේ වගේ.( මේ වෙලේට හොදටම කැස්ස එනව .  :(  )

ඔන්න ඊළඟට අර කපාගත්තු ජාති ඔක්කොම දනව ටෝෆු ඇරෙන්න. ළූණු වල එහ පැත්ත පෙන තත්වෙට ආවම ටෝෆු ටිකත් කලවම් කරගන්න. අන්තිමට වතුර කෝප්පෙක දියකරපු කොන් පිටි හැඳි දෙකක කලවම් කරල ලිප වහන්න. ලුණු බලල ඒකත් දාන්න.  ඔන්න දැන් මේසෙට යවන්න
 පුළුවනි. 



11 comments:

  1. හදල බලන්නම්කෝ :)

    ReplyDelete
  2. මාත් එච්චර හදන්න දන්නේ නැහැ . අනික අපේ ගෙදර අය කැමති නැහැ . මන් නම් වියට්නාම් කඩවලින් කද්දී විවිධාකාර ටෝෆු කනවා . සොෆ්ට් ටෝෆු කෑලි කපලා පාන් කුඩු තවරා බැදලා තියෙනවා . රසයි . තව ටෝෆු දිග කැබලි බැදලා මැදට හතු වර්ග තියලා රෝල් කරනවා . ස්ප්‍රින්ග් අනියන් දණ්ඩකින් ගැට ගහල . මේක හදල බලන්න ඕන

    ReplyDelete
  3. @සයුරි- හදල බලල කියන්නකො. අපිට මේක රසට දැනෙන්නෙ මස් මාළු නෝකන නිසාද මන්ද
    @ බින්දි අක්කා- ගොඩදෙනෙක් කන්න කැමති නෑ තමා. සමහරා අය මෙක අමුවටත් කනව. මමනම් උත්සහ කලේවත් නෑ.

    ReplyDelete
  4. හදලා බලලා රසද නැද්ද කියන්නම් බලන්න.. :D

    ReplyDelete
  5. තවම කාලා නැ.හොයාගන කන්ඩ ඔන

    ReplyDelete
  6. දවසක් ලංකාවේදී ඕවා හදලා එක කෑල්ලක් කාලා ඔක්කොම විසි කරා. පින්තූරේ දැක්කම ආයිත් හදන්න ආස හිතුනා.
    ඉන්දියන් කඩවල පනීර් කියලා තියෙන්නේ ටෝෆු නේද? ඒක නම් මාර රහයි.

    ReplyDelete
  7. @ප්‍රාර්ථනා- හොඳයි හොඳයි හදල බලලම කියන්නකො.
    @අටම්පහුර-සුපර් මාර්කට් වල ගන්න ඇති මම හිත්න්නෙ.
    @nikki - ම්ම් ටෝෆුයි පනීරුයි කියන්නෙ දෙකක් පනීර් හදන්නෙ කිරි වලින්. ටෝෆු හදන්නෙ සෝයා කිරි වලින් . මෙහෙමත් හදල කියන්නකො.

    ReplyDelete
  8. https://www.keellssuper.com/contentsv2/Products/detail.asp?ItmID=31161

    මේක රහ නැහැ ගඳයි. මීට වඩා පොඩි එකක් තියෙනව රු 90ට. ඒක රහයි

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් ලංකාවෙදි නම් ගෙදර උයල කාල නෑ මම. මෙහේ තියන ටෝෆු එකේ කිසිම සුවඳක් එන්නෙ නෑ. ඒත් හොඳට බැද්දෙ නැත්නම් අමුතු රසයි. කෑලි කපපුවත් නෙමේ කුට්ටිය පිටින් තියෙන්නෙ.

      Delete
  9. මමත් ෆිෂ්ටේරියන් හැබැයි ඉස්සෝ, දැල්ලෝ, කූනිස්සෝ කන්නේ නැහැ. හැබැයි බිත්තර කනවා :D

    ReplyDelete
    Replies
    1. මාත් දැල්ලො කන්නෙ නෑ ඉස්සොනම් කනව. නෝ එග්ස් :)

      Delete