Wednesday, November 16, 2011

ලංකාවෙද????



පහුගිය දවසක මම දුර බැහැරක ගියා කියල කලින් පෝස්ට් එකේ කිව්වනෙ.ඉතින් ඔය දුර ගමන ගියෙ ස්ම්මන්ත්‍රණයකට සහභාගීවෙන්න.එතන සුදු කට්ටිය,කළු කට්ටිය, චීන අය වගේම අපේ පෙනුමට හුරු ඉන්දියානු  අය එහෙම හිටිය. ඔය ස්ම්මන්ත්‍රණේට අපි එක්කගිය ලංකාවෙ ඇත්තො ඇරුනම තවත් වෙන වෙන දිහාවෙනුත් ලංකාවෙ අය සහභාගි වෙලා තිබුණ. කොහොමද මම දන්නෙ ලංකාවෙ අය හිටිය කියල? මට ඒ කවුරුවත්ම මුනගැහුනෙ නෑ... ...????????
මම ඒක දැන ගත්තෙ නම් ලිස්ට් එකෙන්. සහභාගි වෙන අයගෙ නම් තියන මහ පොතක් හම්භවෙනවනෙ ඔය සම්මන්ත්‍රණවල. කම්මැලි වෙලාවක ඔය නම් පි‍ටුව පෙරලගන කියවමින් ඉන්න කොට මෙන්න තියනව තවත් සිංහල නම් !!!. ලෝකෙ කොහෙ හිටියත් ලාංකික සිංහලයන්ගෙ වාසගම කියපුගමන් මෙයා ලංකාවෙනෙ කියල හොයගන්න පුළුවන්. අපේ නම් ගම් ගැන බ්ලොග් අවකාශයේ ඉන්න ගොඩදෙනෙක් ලියලත් තියනවනෙ...මේ මගේ "නම්" ගැන පෝස්ට් එක.
මගේ නමත් ඔය කාට කාටත් තියනව වගේ අරයගෙ මෙයාගෙ කෑලි එක්ක තියන දිගම දිග එකක්.ලංකාවෙදිනම් ඉතින් ඔය නම ඒ හැටි කරදරයක් උනේ නෑ. මෙහෙ ඒකටත් එක්ක මම මෙ නමත් එක්ක හරිම කරදර ගොඩක වැටෙනව ඕනම ලියකියවිලි වැඩකදි. ගොඩක් වෙලේට මට ඔය නම ලියන්න තියන ඉඩ මදිවෙනව.එත්කොට වාසගමෙ ලියන්න පුළුවන් අකුරු ගාන ලියන්න කියන එක තම මට ලැබෙන උපදෙස. ඕක් නිසා මගෙ නම හරි අච්චාරුවක් වගේ තමා කියවන කෙනෙක්ට හිතෙන්නෙ.
අපි හැමෝම ඉංග්‍රීසියෙන් ලියනකොට  පවත්වාගන යන අකුරු ක්‍රමයක් තියනවනෙ, එකම නම ලියන ක්‍රම කීපයක් තියෙන්න පුළුවන් නිසා මේ පවත්වාගැනීම හරි වැදගත්. මම ඇමරිකාවට එන්න යනවෙලෙ ඊට කීප අවුරුද්දකට කලින් ගත්  මගේ ගුවන් ගමන් බලපත්‍රය බඹර කුමාරය බලල ඔලුවෙ අතහ්ගහගත්ත. "මේ ඔයාගෙ නමේ වෙනුවට තියෙන්නෙ නෙ" ඔන්න එතකොටයි මමත් දැක්කෙ මගේ වාසාගමේ ඒ වැ‍රැද්ද.ගුවන් ගමන් බලපත්‍ර වල නම ඉතින් සමහරුන්ගෙ වරදිනවනෙ,හොඳම වැඩේ නම වැරදීම නෙමේ, ඒ වැරදි නමත් එක්ක මම කලින් ගුවන් ගමන් වල යෙදිලතිබීමයි.ඒ වෙනකොට මම පාවිච්චිකරමින් හිටියෙ මගෙ දෙවනි ගුවන්ගමන් බලපත්‍රය. බලපත්‍ර දෙකේම නම වැරදියි.ඇමරිකාව එක්ක සෙල්ලම් හොඳනැතිනිසාම අපි පහුවදාම ගිහින් නම වෙනස් කරගත්ත.

අපේ පවුලෙ නම් ගැන කියනවන්ම් අපේ අම්මලාගෙ පවුලෙ හැමෝටම තිබුනෙ පරම්පරාවක් ප්ල්ලෙහා නම්. කොහොම උනාද කියන්නනම් දන්නෙ නෑ අපේ අම්මගේ පුංචිලාගෙ,මාමගෙ නම් තිබුණ ආන්ටිල අන්කල්ලා මට හම්බවෙලා නෑ.ඒ නම් තිබුනෙ  මගේ යාළුවන්ට...
මට ඉන්නෙ එක මාමායි.එයාතමා අර සතුන්ට බොහොම කැමති එක්කෙනා. අපේ මමගේ හිත හරිම හොඬයි. එයාගෙ ශබ්ද්කෝශයේ  "නෑ"  "බෑ" වචනදෙක නෑ. කාගෙවත් හිත රිදවන්න කැමතිත් නෑ. ඒ මාට ඉන්නෙ එකම දුවයි. ඒ නඔගිගෙ නම  ඉංග්‍රීසි අකුරු ගාණින් කියනවන්ම් මෙන්නමෙහෙමයි.  16-8-  7-7-10-9-   8 රතු පාටින් තියෙන්නෙ පවුලේ නම. නිල් පාටින් නම, කහ පාටින් වාසගම.කොහොමද නමේ දිග. නම් හතරක්ම තියනව මදි නොකියන්න.

මේ නම මෙච්චර දික් වුනේ කොහොමද දන්නවද?

"අනේ ලස්සන දුව. අපි එයාට  දාමු" .. "දුවෙක් ලැබුනොත් මේ නමතමා මම හිතුවෙ අයියෙ අපි මේකත් දාමු" "පුතේ ඔන්න මෙ නම දාන්නපුළුවන් දෝණිට"
ඒ අපේ පුංචිල ,ආච්චිල ,නැන්දල හා එකී මෙකී ඔක්කොමල.

අපේ මාම.  "ඔව් නෙ හරි ලස්සන නම. අපි දාමුකො..."

ඔන්නඔහොම ඔක්කොමලගෙ හිත සුව පිනිස දරුවගෙ නම යාරයක් විතර දික්වුනා. එයාල දැන් ඉන්නෙ පිටරටක. නංගි ඉගන ගන්නෙත් පිටරටක ඒළමයට නම ලියන්න වෙන හැම වෙලේම ඉතින් පනයනව..ඊට පස්සෙ  ටිකක් දැනුම් තේරුම් කාලෙ එයා  ඒ නම කෙටි කරවගත්ත අම්ම තාත්තට නහයෙන් අඬල. නම් දාපු අයනම් තාම ඒ ගැන දන්නෙ නෑ....

 ඔන්න ඔහොමයි ලංකාවෙ නම්වල රඟ.

15 comments:

  1. අපේ වාසගම්, නමට කලින් තියන එකත් මෙහෙදී ප්‍රශ්නයක්...සමහරුන්ගේ නම් තියෙන්නේ රත්නායක මුදියන්සේලාගේ සමීර රත්නායක වගේ ඒවානේ...ඒ වගේ නම් මෙහෙදී ලියන්නේ මෙහෙමයි..."රත්නායක මුදියන්සේලාගේ රත්නායක"...මුලින්ම තියන එක තමයි නම හැටියට ගන්නේ...:)) මගේ යාලුවෙක්ට කැම්පස් එකේ රෙජිස්ටර් වෙන්න සිද්ද උනේ මේ විදියට....පව් අප්පා...අපේ කට්ටියත් මෙතැනදී පොඩි වැරද්දක් කරගෙන තියනවා...ඉස්සරම අපේ නම් තිබුනේ "රත්නායක මුදියන්සේලාගේ සමීර" කියල මිසක් අගට කෑල්ලක් තිබුනේ නැහැ...සුද්දෝ අපේ රටට ආවම ඒ ඕනෑකමට අගටත් කෑල්ලක් අමුනගෙන...ඒත් මුල කෑල්ල හලලත් නැහැ...අපේ සීයටනම් ඒක තේරිලා මුල නම හලලා අගට දාගෙන තිබුණා..ඒක නිසා මටනම් අවුලක් නැහැ....

    ReplyDelete
  2. ලංකාවේ මුලින් තිබුණේ සයුරි කියපු විදියට වාසගම + නම විදියට.

    දැන් වාසගම+නම+වාසගම!

    ReplyDelete
  3. ඔය සුද්දෙක්ට කාරියකරවන කියල කෙනෙක් ව හම්බවෙන්න ඔ්න උනාලු

    කෝල් කලාලු

    "හෙලෝ.... කැන් අයි ටෝක් ටු මිස්ට කාරි-යකා-රවනා ප්ලීස්???" :D

    ReplyDelete
  4. පුහ්.. මෙහේ පොලිසියේ එවුන් මාව දැක්ක ගමන් කියන්නේ ඕනේ දෙයක් කරලා දෙන්නම්. ඒත් මම එක්කන් එන ක්ලයන්ස්ලාගෙ දිග නම් ලියන එක නැතිව.

    ReplyDelete
  5. @ සයුරි-මගේ නමේ තියෙන්නෙත් ඔය මුල් කෑල්ල විතරයි. ඒත් ඒක මහ දිගයි අප්ප. සීයගෙ මොළේ නිසා සයුරිනම් බේරිලා.

    ReplyDelete
  6. @තනි අලියා- හී හී ! පිටරටවල අය අපේ අමාරු න්ම් කට උල් කරගන,මුළු ශක්තියම දාල කියනකොට හිනත් යනව. සමහර වෙලේට ඉතිනොයවගේ විකාර නමක් තමා කියවෙන්නෙ.

    ReplyDelete
  7. @විසිතුරු - කොහෙද ඉතින් අපේ අයත් සුද්දන්ගෙන් ගන්නෙම වැරදි දේවල්නෙ. ඉස්සරහට තියන වෛවාරන කෑල්ල මදිවෙලාද අගටත් එකක් අමුණගෙන තියෙන්නෙ.

    ReplyDelete
  8. @ බූරු- අනේ පවු පොලිසියෙ අය.කිච්චර හයිය හත්තිය තියන ඈයො උනත් අපේ නම අහපුගමන් බයවෙලානෙ...ඒ විදියට බලපුවම මේ නම ඉතින් එක විදියක අයුදයක් නෙ. හික්ස්

    ReplyDelete
  9. මගේ නමත් ළමයින්ගේ ඉස්කෝලෙන් කොට කරලා . බොහොම විට මෙහෙ කොලයක් පුරවන්න ගියහම ඉඩ මදි අපේ නම් වලට . හරිම හිනා යන වැඩ වෙලා තියෙනවා ඔය නම් නිසා . මගේ වාසගම අග ආරච්චිලාගේ කැල්ලක් තියෙනවා . අපේ පොඩි දු කියවන්නේ ආරච්චිලේජ් කියල . එයාලගේ සිය නම් හොඳ වෙලාවට ඉස්සරහ කෑලි අඩුකරලා වාසගම සරල කරලා නිසා පහසුයි .

    දවසක් අලුත් දොස්තර කෙනෙක් ලඟට ගිය ගමන් ඇහුවා ලංකාවේ නේද කියල . මේ වගේ දිග නම් තියෙන්නේ ලංකාවේ විතරලු

    ReplyDelete
  10. අන්දරේගේ වාසගම මට මතක් වුණා සද්ද විද්ද පළඟ පතිරණ ලුනේ. ඇයි මේ මම ළඟදී කියෝපු ඇහැලේපොල දෙවෙනි රජ්ජුරුවෝ පොතේ තියෙනවා එතුමාගේ සම්පූර්ණ නම් "ඇහැලේපොල විජේසුන්දර වික්‍රමසිංහ චන්ද්‍රසේකර සෙනෙවිරත්න මුදියාන්සේ" කියලා.

    කොහොමද නමේ දිග :))

    ඇයි එංගලන්තේ රාජකීයන්ගේ නමුත් දිගයිලුනේ. මේ තියෙන්නේ විලියම් කුමාරයාගේ සම්පූර්න නම :))

    William Arthur Philip Louis Windsor

    ReplyDelete
  11. @ බින්දි- මටත් ඔය ආරච්චිලලාගේ කෑල්ලක් තියනව නොවැ. පොඩි කාලෙ ඕක ලියාගන්න හෙන ගේමක් දෙනව. පොඩ්ඩ නම මොඩ් කරලනෙ,ආරච්චිලේජ්... ඒකත් නරක නෑ..

    ReplyDelete
  12. @හසිත- සාදරයෙන් පිලිගන්නව රෝස කැළේට.. රජවරුන්ට හිතේ හැටියට නම් දික් කොරගන්න බැරුවැයැ රට ඒ ගොල්ලන්ගෙ වෙච්චකොට...අනේ ඉතින් අසරන මේ අපෙත් නම් දික් උනාම ඔය ෆෝම් එකක ඒක ලියාගන්නම සෑහෙන්න ඔට්‍ටුවෙන්න එපැයි.

    ReplyDelete
  13. "රන්ජන් රාමනායක" ගේ නමත් දිගනමක්. මගේ නමත් කැලි හතරක් තියෙනවා එපාවෙලා තියෙන්නේ දැන් මට

    ReplyDelete
  14. රන්ජන්ගේ නමත් දිගයි තමයි... අපේ පන්තියේ හිටියා ඒ වාසගමම තියෙන එකෙක්...

    සද්ද විද්ද පළඟ පතිර අඹකුමාර රාජපක්ෂ උන්නැහැලාගේ ... ... ෆොන්සේකා

    ReplyDelete
  15. අපේ යාවවෙක් ඉන්නවා මැන්ගේ නම උප්පැන්නේ නම ලියන කොටුවෙත් ලියලා ඉඩ මදිව එලියෙත් ලියලා තියනවා.හැබැයි එ එක නමක්වත් කවුරැවත් කියන්නැ. උ ගහ ගත්ත කාඩෟ හත අටක් තියනවා.වවායින් තමයි ඌට කතා කරන්නේ

    ReplyDelete