Tuesday, November 8, 2011

සාපේක්ශයි!!



අද ලියනව හෙට ලියනව කිය කිය හිටියට වෙලාවක් හම්බූඋනේම නෑ.දුර ගමනක් යන්න වුනා . ගෙවල් මාරු  කරන්නත් උනා ඒ අස්සෙ. පෙට්ටිවලට පුරවල අරන් ආපු බඩු තාම එහෙමමයි. ගිය ගමන විනෝද ගමනක් නොවුනත් විශේෂ කෞතුකාගාර දෙකක් නරඹන්න කොහොම හරි වෙලාව හොයාගත්ත. ඒ ගැන විස්තර පින්තූරත් සමග ඊළඟ දවසෙ අරගන එන්නම්..
                 
අද පෝස්ට් එක ඊට හාත්පසින්ම වෙනස් දෙයක් ගැන....
ඊයේ (7/11/11)     වෛද්‍යය  කොනාර්ඩ් මරේ , සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ගේ මරණයට වරදකරුවුනා. ඔහුට වෛද්‍යය බලපත්‍රය අහිමි වූ අතර වසර හතරක සිර දඩුවමකුත් නියමවුනා.
කොනාර්ඩ් මරේ, මයිකල් ජැක්සන්ගේ භෞතිකචිකිත්සකවරයා ලෙස වැඩකළා. නින්ද නොයන රෝගයෙන් පෙළුනු මයිකල්ට ප්‍රබල නිර්වින්දකයක් (ප්‍රොපොෆොල්) ලබා දීතිබීම තමා ඔහුගේ වරද.ඒ නිර්වින්දකය නින්දයාම සදහා යොදාගැනීමට නොසුදුසු බවත් කියවුනා. මරේ කිව්වෙනම් මයිකල්ට තමන් ලබාදුන්නෙ ඉතා සීමිත ප්‍රමාණයක් බවත් නමුත් මරේගේ අනුදැනුමෙන් තොරව මයිකල් නිර්වින්දකය විශාල ප්‍රමාණයක් ගත් බවත් තමයි.
කොහොමනමුත් පැය නමයක පමණ සාඛච්චාවකින් පස්සෙ මරේ වරදකරු වුනා,ජැක්සන්ගෙ රසිකයො ජයඝෝෂා නැගුව.
මයිකල් ජැක්සන්ව දන්නෙ නැතිකෙනෙක් මේ ලෝකෙ නැති තරම් ,ඔහු සුපිරි ගායකයෙක් ඒකෙ දෙකක් නෑ. ප්‍රශ්නෙතියෙන්නෙ ඔහුගෙ ගායනයේ නෙමේ .මානසික තත්වයේ. මයිකල් ජැක්සන්ගේ මානසික තත්වය ගැනවරින් වර කතාබහට ලක්වුනා.එහෙව් එකේ මයිකල් ඔවර් ඩෝස් වෙන්න බෙහෙත් ගත්ත එක පුදුමයක් නෑ. ඒත් ඉතින් සුපිරි ගායකයෙක් නිසා කාටහරි මරණෙ වරද පටවන්න රසිකයො කවුරුත් කැමතියි.(Society will always blame someone)මැරුණුකෙනා කිසි වරදක් නොකරපු කෙනාය කියන මානසිකතත්වෙ ලංකාවෙ විතරක් නෙවේ ඇමරිකාවෙ මිනිස්සුන්ටත් තියනව.ජූරි සභිකයො ටිකත් ජැක්සන් ෆෑන්ස් ලද දන්නෙ නෑනෙ. මමත් ජැක්සන් රසිකයෙක්... හැබැයි මම අහනව මිසක් අදහන්නෙ නෑ. ලංකාවෙත් ජැක්සන් අදහන කට්ටිය ඉන්න බව ඉතින් රහසක් නෙමේනෙ. කොහොම නමුත් මරේ හිරේ ගියා!!
ඇමරිකානු නීතිය ලංකාවෙ නීතියට හපන් කියල හිතෙන නඩුතීන්දු ඕනතරම් තියනව. බොහොමයක් ඒව කතාබහට ලක්වුන ඒව.ගොඩක් වෙලේට තර්කවලින් දිනන්න පුළුවන්.ලෝයර් හොඳනම් ගොඩ.වෙලාවකට හිතාගන්නත් බෑ එහෙම උනේ කොහොමද කියල. කයිලී ඇන්තනී කියන පුන්චි දැරියගෙ මරණයත් ඒවගේ අමුතු නඩුවක්.... ඇත්ත ඇති සැටියෙන් දැනගන්න මැරුණු මිනිස්සු නැගිටල එන්න ඕනෙ මගෙ හිතේ.. ඒත් එයා කියන්නෙ ඇත්ත් කියල කොහොමද දැනගන්නෙ.... බලාගනයනකොට ඇත්තත් සාපේක්ශයි.

6 comments:

  1. මයිකල් ජැක්සන් මැරුණ දවසේ ලංකාවේ ටික දෙනෙක් එයාගේ ෆියුනරල් එකට එන්න ඕන කියල වීසා අයදුම් කරලා තිබුනලු...ඒ ඇත්තටම මයිකල් අදහන නිසාද දන්නෙත් නැහැ...නැත්නම් ඇමරිකාවට ඇතුල් වෙන මාර්ගයක් විදියට වෙන්නත් ඇති....

    ReplyDelete
  2. පෞද්ගලික චරිතයේ මොන අඩුපාඩු තිබුණත් මම ආසම ගායකයෙක් තමයි මයිකල් ජැක්සන්.

    ඔය ලංකාවේ ඉන්න එයාගෙ "අනුකරණය" රටටම පේන්න ඉකිගගහ අඬපු හැටි අපි දැක්කනෙ.

    ReplyDelete
  3. මම නං ජැක්සන් එච්චර ගනං ගන්නෑ! මොකද මම සිංහල නොවන සින්දු එච්චර අහන්නෑ! ඉතිං අනිත් රටවල්වල අය ගැන එච්චර දන්නෑ! :(

    ReplyDelete
  4. ඇත්ත විතරක් නෙවෙයි. ලෝකෙ හැමදේම සාපේක්ෂයි. ප්‍රශ්නේ තියෙන්නෙ හැමදෙයක් ම මොකකට හරි සාපේක්ෂ නං, නිරපේක්ෂ දේ මොකද්ද කියන කියන එක.

    ReplyDelete
  5. මට හිතෙන්නේ මේ තීරණය ජැකිගේ ප්‍රේක්ශකයෝ සතුටට පත් කරන්න දීපු එකක්. ඔය තරම් කාලයක් යහතින් ජීවත් වුන එකත් මදැයි.
    ( මාත් ජැක්සන්ගේ මියුසික් වලට උපරිමයෙන් ආසයි. ඒත් මනුස්සෙක් විදියට මට පොඩ්ඩක්වත් අගය කරන්න දෙයක් කවදාවත් තිබිලා නෑ.)

    ReplyDelete
  6. @සයුරි- වීස ලැබුනෙ නෑ කියලනම් ෂුවර්... ඇත්තටම මයිකල් අදහන කට්ටියනම් ඒ මුදලින් පින්කමක් කලානම් ඊට වටිනව. ඇමරිකාවට එන එකනම් බලාපොරොත්තුව නෝ කමෙන්ට්ස්....

    @විසිතුරු-සුපිරි ගායකයෙක් ඒකෙ ආයෙ ඉතින් දෙකක් නෑ. ගීතවල රිද්මය වගේම තේරුමත් හරි ඉහලයි. මගේ ප්‍රියතම සින්දු දෙක "හීල් ද වර්ල්ඩ්" හා "බ්ලැක් ඔර් වයිට්".

    @තනි අලියා - සින්හල සින්දු තරම් ඉතින් අනිත් බසක සින්දු හිතට යන්නෙනම් නෑ තමා. ඒත් තනු නිර්මාණවලින් ඉහල සින්දු ඕනතරම් තියනව අනිත් භාෂා වල. තනුව රස විදින්න වචන තේරෙන්න ඕනෙත් නෑනෙ. අහල බලන්න හිතට අල්ලන ඒව තියෙන්න පුළුවන්.

    @මුහුදු- ඒකනෙ මුහුදු .මටත් ඔය ප්‍රශ්ණෙම තියනව. මට හිතෙන්නෙ ඔක්කොම සාපේක්ශයි. නිරපේක්ශ දේවල් නැද්ද කොහෙද. භෞතික විද්‍යාව හොදට ප්‍රගුණ කල කෙනෙක්ගෙන් අහල බලන්න ඕනෙ.

    @බූරු- දැන් ඉතින් ජැකීගෙ රසිකයන්ට මාර හැපි ඇති. බනින්න එකෙක් හම්බ උනානෙ.මුහුණ් දීල තිබුන ප්ලාස්ටික් සැත්කම් ගොඩට ඔය තරම් කල් ජීවත් උන එකත් ලොකු දෙයක්. වෙලාවකට හිතෙනව මයිකල්ගෙ සින්දුයි ජීවිතයයි පරස්පර විරෝදීනේද කියල. "Black or white" කිව්වට එයාට ඕන උනේ සුද්දෙක් වෙන්න.

    ReplyDelete