Friday, June 10, 2011

බ්ලොගයක් ලියමු



සිංහල බ්ලොග්කරණයට මම ආගන්තුක වෙමි.
ටික කාලෙකට ඉස්සර රෝස කුමාරිගේ පෙම්බර ඹඹර කුමාරයාගේ  ආදරණීය මලයා, විශ්වවිද්‍යලයේ නවක වදය සම්බන්ධ බ්ලොගයක් පටන් ගත්ත. කාලෙකට පෙර ලිවීමට බද්ධ වෙලා හිටිය රොස කුමාරිටත් ඔන්න ඒක දැකල තමන්ගෙම බ්ලොගයක් ගැන සිතක් පහල උනා. ඒත් ඉතින් රෝස කුමාරි දන්නවැයි බ්ලොගයක් පටන් ගන්න.පසුබට නොවී ගූගල් පුරා සැරිසැරුව සිංහල බ්ලොගයන් ගැන තොරතුරු හොයමින්. මේ තියෙන්නෙ !!! සින්ඩිය හොයාගත්තෙ ඔන්න ඔහොම තමා. බ්ලොග් රාජයො ගොඩක් අතරින්  මම එක් බ්ලොගයක් කියවන්න ගත්තෙ නිකමට.
රසවත්ය... හාස්‍යට බරය.... පැරණි පෝස්‍ටුවක් දැක මට හොදටම හිනාය. හිනායන්නට කාරණේනම් ඹඹර කුමාරයා රෝස කුමාරි ගැන කියන්නේත් ඔය ටිකම නිසාය. බ්ලොගය "දුමී ගේ කට කහන කතා"ය. පොස්‍ටුවේ නම "පවුල් ජිවිතේ"ය.
 ඔන්න ඉතින් බ්ලොග් ලියන්න ආපු මම ඔය විදියට බ්ලොග් කියවන්න පටන් ගත්ත.නිතරම නාමාවලියේ උඩට එන "කතන්දර", "දුකා" , "අරුණි ශපීරෝ වෙතින්" "මගේ ලෝකය" සහ "යතාර්තවාදියා" මම නිතර කියවපු බ්ලොග්.ආආආආආ "දුමී ගේ කට කහන කතා "  ඒකත් දිගටම කියෙව්ව. ඇයි අප්පේ බ්ලොග් ලියන්න ආව මට ඒකත් අමතක කලේ ඔය බ්ලොගයනෙ.

ආපු වැඩේ අමතක වෙලා මාස දෙකක් තුනක්ම ගියා,දැන්නම් ඔන්න බ්ලොගයක් පටන් ගන්න වඩේ කල් දාල බෑ කියල හිතුන,ඉතින් මගෙ නැණ පමනින් බ්ලොගයක් පටන් ගත්ත. රොස කුමාරි අහපු, දැකපු,විදපු, කියවපු දේවල් අරන් මීට පස්සෙ රෝස කැළේට එනව ඔන්න....

7 comments:

  1. මගේ බ්ලොග් එක කියවීම තුලින් බ්ලොග් ලිවීමට පැමිණීම ගැන ඉතා සතුටුයි. දිගු ගමනක් යෑමට උණුසුම් සුභපැතුම් !

    ReplyDelete
  2. බොහොම ස්තූතියි මේ පැත්තෙ ඇවිත් කමෙන්‍ටුවක් දමල ගියාට. දිගටම ලියන්න තමා ඉතින් කල්පනාව.

    ReplyDelete
  3. මගෙනුත් සුභ පැතුම්. දැන් නං උණුසුම් නැතුව ඇති, ඒත් අදයි දැක්කේ!

    ReplyDelete
  4. බොහොම ස්තූත්යි!. දැන්නම් ටික කලක් ලියන්න අරන්. කතන්දර බ්ලොග් එක මම මුලින් කියවන්න ගත් බ්ලොග්වලින් එකක්.මේ පැත්තෙ ආපු එක මට බොහොම සතු‍ටුයි.

    ReplyDelete
  5. රෝස කුමාරිට මගෙනුත් සුබ පැතුම්

    ReplyDelete
  6. මේ මුල් ටික කියවන්න ආවේ අද නොවැ :)

    ReplyDelete