විවාහ උන කෙනෙක්ගෙ ගෙදරක සාලයේ අනිවාර්යයෙන් දකින්න ලැබෙන දෙයක් තමා මඟුල් පින්තූරය. අම්මලාගෙ මහගෙදර ඒ වෙනුවෙන්ම තැනකුත් තියනව,මගේ විවාහයත් එක්ක පරම්පරා තුනක මගුල් ජායාරූප එකතුවක් එතන තියනව.
ඒත් අදටත් එතන තියන ලස්සනම මංගල ජායාරූපයට හිමිකම් කියන්නෙ ලොකු අම්මයි ලොකු තාත්තයි (අම්මාගේ අම්මටයි තාත්තටයි අපි කියන්නෙ එහෙමනෙ).....
මේකප් නැති, දන්න අදුනන හැඩ ගන්නන කෙනෙක්ට කියල දාගත්ත සරල කොන්ඩ සැරසිල්ලක් එක්ක මල් පොකුරක් අතින් ගත්ත ලොකු අම්ම,මේකප් තට්ටු ගනනින් ප්‍රසිද්ධ රූපලාවන්‍යය ශිල්පීන්ගේ අතින් සිතුවම් උන, දුවලයි මිනිපිරියන්ටයි වඩා කොයිතරම් හැඩද.
ලොකු අම්මගෙ සහෝදර සහෝදරියොනම් කියන්නෙ දවස් හතක් මඟුල් කෑව එයාගෙ විවාහය වෙනුවෙන් කියල. ගමේම ලවුඩ්ස්පීකර්ස් දාල ගමටම කියල ගත්ත මඟුලක් ලු. දැන් කාලෙ ඔහොම එකක් ගත්තොත් ඉතින් ජීවිත කාලෙටම ණය ගෙව ගෙව පොලුයි බතුයි කකා තමා ඉන්න වෙන්නෙ.
පොලුයි බතුයි කියද්දි මතක් උනේ අදාල නැතත් ඔන්න ඔහෙ ලියල දානව. ඒ කාලෙ ඔය කැම්පස් එකේ යාළුවන්ගෙ ගෙවල්වල ගියාම ඉතින් ඔය හදන කෑමක් බීමක් එහෙම අපි එපා කියන්නෙ නෑනෙ, යන්නෙත් දෙන්න තුන්දෙනා නෙමෙනෙ දහ පාලොස් දෙනානෙ. එහෙම ගිහින් ඒ අහිංසක දෙමාපියන් සංග්‍රහ කරන කෑම ටික කුඩක් වත් නොතිය ගිලදාන්නෙ ඒ මනුස්සයො තරහවෙයි කියන බයටනෙ,නැද්ද.... ටික දවසකට පස්සෙ ඉතින් අර කාල බීල ආපු ගෙදර ළමය එක්ක යන දෙබස මෙන්න මේවගේ.
" මේ දවස් වල අපි කන්නෙ රොටියක් පුච්චන් බන්"
" හෑ ! ඒ මොකෝ බන් ඒ.."
" නෑ උඹල ඔක්කොමල ඇවිත් ගියානෙ ..ආයෙ ඉතින් ලබන මාසෙ තාත්තට පඩි හම්බුනාම තමා හාල් එළවළු ගන්න වෙන්නෙ"...
පුංචිකාලෙ මාව හරියට ඔය මල් කුමාරියන්ට ගන්නව,තට්ටු ගවුම් මල් පොකුරු එක්ක ටිකක් VIP සැලකිලි ලැබෙන නිසා මාත් ඉතින් වැඩි වදයක් නොදී ඔය මල් කුමාරි රාජකාරිය කළා.මට මතක ඇති කාලෙ ඉදන්ම ඔය විවාහ උත්සව තරමක් වානිජකරණය වෙමින් තිබුනෙ, දැන් තරමටම නැතත් ටිකක් අතපය දිග ඇරල වියදම් කරන විවාහ සම්ප්රදායක් තමා මම හැමදාම දුටුවෙ.
අපේ මාමා විවාහ වෙද්දි මම අවුරුදු දෙකක විතර පොඩි දැරිවියක් නිසා මට මතකයක් නෑ ඒ ගැන. ලොකු අම්මනම් කියනව ඒ දෙවනි ගමන උත්සවේ බොහොම ජයට තිබුනලු.කෝකියො ගෙන්නල ගෙදර උයල , වත්ත සරසල ටෙන්ට් ගහලලු ඒ උත්සවේ ගත්තෙ. ඒ වැඩේ කොතරම් හිතට ඇල්ලුවද කිව්වොත් ඉන්පස්සෙ අපෙ ගෙදර කාගෙවත්ම මඟුලක් ගෙදර ගත්තෙ නෑ.
කතෝලික අපි විවාහ වෙන්නෙ පල්ලියෙනෙ ඉතින් විවාහය වෙනුවෙන් කෑම බීම දෙන්න ක්‍රම දෙකක් තියනව. පළමු ක්‍රමේ තමා විවාහ ගිවිස ගැනීමේ උත්සවයක් පවත්වල කන්න බොන්න දීම. මේ විවාහ ගිවිස ගැනීම කියන්නෙ "රෙජිස්ටර්" කරනවට නෙමේ. මේකෙදි කරන්නෙ පල්ලියට ගිහින් ආශිර්වාද අරන් මුදු මාරු කිරීමක්. ගොඩක් වෙලේටෙ මුද්දක් ලැබෙන්නෙ මනාලියට විතරයි. ඒ මුදු මාරුවෙන් පස්සෙ ගෙදර හෝ උත්සව ශාලාවක උත්සවේගන්නව. මේ ක්‍රමය තමයි ඉස්සර ගොඩක් ප්‍රසිද්ධ. පසු කාලීනව මුදු මාරුව නැවතිලා පල්ලියෙ කටයුතු ඉවර උනාම උත්සව ශාලාවකට ගිහින් සතුට සමරන්න කට්ටිය පටන් ගත්ත. මේ උත්සව වලදි වියදම දරන්නෙ මනාලියගෙ පාර්ශවය මනාලයගෙ පාර්ශවයට අවස්ථාව එන්නෙ දෙවනි ගමනෙදිනෙ.
කතෝලික විවාහ උත්සව වල ඔය පල්ලියේ චාරිත්‍ර ඇරුනම වෙන පිලි පැදිය යුතු චාරිත්‍ර වාරිත්‍ර එහෙම බොහොම අඩුයි.පල්ලියේදී මනාලියකට මනාලියක් මුන නොගසෙන්න කට්ටිය වග බලාගන්නව.ඒ වගේම මනාලියගේ මල් පොකුර පල්ලියක සුරුවමක් පාමුල තියනව එදා දවස අවසානයේ. අපි දවස් දෙකක්ම විවාහ උන නිසා මල් පොකුරු දෙක සුරුවම් පාමුල තියන්න උනේ දෙවනි ගමනෙනුත් පස්සෙ. ඒ වෙනකොට මල් හොඳටම මැලවිලා
මංගල්ලෙ කොහොම ගත්තත් අතිමට ඉතුරුවෙන්නෙ ගන්න පින්තූර ටික විතරනේ කියල ඔය හැමෝම සැල කියයුතු ගානක් වියදම් කරල ඇල්බම් එකකුත් හදනවනෙ. ලංකාවෙ දැන් ඔය පින්තූර ගැනිල්ල විලාසිතාවක්වෙලානෙ. මම හිතන්නෙ ඔය තරමට මඟුල් පින්තූර ගැන හිතන එකම රට අපි කියල.
අපේ විවාහයෙන් දින කීපෙකින් මෙහේට කඩන් පාත් උන නිසා ජායාරූප ඇල්බමය ලැබුනම අපි අඩි හප්පල, ඒක අපිට එවන්න කියල ඉල්ලල හිටිය.... අප්පේ කිලෝ හය හතක් බර ඇල්බම් දෙකක් යාළුවෙක් බෑ නොකිය අරගනත් ආව.
ඕක බලන මෙහේ අය හරියට පුදුම වෙනව. එක මිතුරියක් එයාගෙ ජායාරූප ගැන ඉගනගන්න ඥාතියෙක්ට පෙන්නන්න ඇල්බම් එක ඉල්ලුවත් එක්ක. "කතන්දර පොත්" ක්‍රමයට කරපු මගේ ඇල්බම් එකනම් දැන් මේ වෙද්දි ලංකාවෙනම් " අවුට් ඔෆ් පැෂන් " මගෙ හිතේ. මගේ නේපාල් මිතුරුයන් කිව්වෙ එයාලගෙ විවාහ ජායාරූප ගන්න ලංකාවට එනව කියලයි. ලංකාව ඇමරිකාවටත් වඩා ඉස්සරහින්නෙ කියල හිතෙන්නෙ මේව ඇහෙනකොට...
විවාහ වෙන්නෙ එක පාරනෙ කියල පුළුවන් තරමට හොඳට මඟුල් ගත්තට ඒ මුදල් බැංකුවක දාගත්තනම් වගේ සිතුවිලිත් එන වෙලාවල් නැත්තෙ නෑ. ලඟදි විවාහවුන බඹර කුමාරයගෙ ඥාති සොහොයුරෙක්නම් අම්මලාට කිව්වෙ විවාහය වෙනුවෙන් වියදම් කරන සල්ලි ගෙයක් හදාගන්න දෙන්න කියලලු. හිතල බලද්දි ඒ කතාවෙත් ඇත්තක් තියනව.
අපි ඉතින් ඔය මොන කතා කිව්වත් දෙමාපියො කැමති තමන්ට පුලුවන් ඉහලින් මඟුලක් අරන් දරුවො දීග දෙන්නනෙ. දරුවෙක් හඳ පානෙ ,හොර රහසේ දීග ගියාම අම්මලා තාත්තල සතුටු වෙන්නෙ නෑනෙ මඟුලට වියදම් වෙන සල්ලි ඉතුරුයි කියල.
හඳ පානෙ ගියත් ඉතින් කොහොම හරි මඟුල් පින්තූරයක් ගන්නෙ කවද හරි දවසක දරුවන්ට පෙන්නන්න කියලනෙ. දැන්කාලෙනම් ඔය දෙමාපියන්ට හොරෙන් වෙන විවාහත් පැවැත් වෙන්නෙ රටටම මඟුල් කියලනෙ. මම දන්න කියන ගෑණු ළමයෙක් හිටිය, දෙමාපියො ගුරුවරු. ප්‍රේම සම්බන්දයක් ඇතිකරගත්ත හරි හමන් රස්සාවක් නොතිබ්බ කොල්ලෙක් එක්ක, දෙමාපියො තදින්ම විරුද්ද උනා. ගැණු ළමය හිතුවක්කාරෙට දීග ගියා.. හිතුවක්කාරෙට කිව්වට ඉතින් මඟුල් කාඩ් යවල මඟුල් සාරි ඇදල උත්සවයකුත් අරන් තමා බැන්දෙ.
ඉපදීමත් මරණයත් අපිට ඕනෙ හැටියකට කරන්න නොලැබෙන එකේ ,ජීවිතේ අනික් ලොකුම සංදිස්ථානය වෙච්චි විවාහය තම තමන්ට ඕනෙ හැටියකට කරගන්නනෙ අපි කවුරුත් බලන්නෙ. කොහොම මඟුල් ගත්තත් ඉතින් අන්තිමටනම් වැදගත්වෙන්නෙ ඊට පස්සෙ ගෙවන ජීවිතය කියන එකත් අමතක කරන්න නරකයි.
සමකය වටේ දුවන නලින් ආවොත් මෙතන යකා නටාවි සිංහල ටික වැරදියි කියල. මල් කුමාරිට ඔය තරං ගියපු හින්දද තාම රෝස කුමාරි වෙලා ඉන්නේ..
ReplyDeleteඔන්න ආවෝ යකා නටන්නේ නැතුව බලලා ගියෝ.
Deleteයාළුව ඇවිත් ඉන්නෙ :)වැරදිනම් තියනව, ටයිප් කරගන යනව මිසක් ගොඩක් වෙලේට ආයෙ ඒ වැරදි හැදෙනව අඩුයි. රෝස කුමාරි උනේ ඉතින් බ්ලොග් එක රෝස කැළේ නිසා.
Deleteකෝටි ගණන් වැය කරලා මොන විදියට ඇඳලා මගුල් ගත්තත් ඉතින් රෑවෙනකොට වෙන්නේ නම් එකම දේ තමා හැමතැනම. දේශකයා කියන දේත් හදාගත්ත නම් තවත් අලංකාරයි ලැයැවිල්ල.
ReplyDeleteවැරදි පෙනි පෙනිත් සමහර වෙලේට ඇහැපියන් ඉන්නවෙන්නෙ කාලෙ අඩුකමට. විශේෂයෙන් අක්ෂරවින්යයාසය... සින්ගිරිසියෙන් ටයිප්කරන එක ලේසි නෑනෙ. වැරැද්දක් හදල ගියාට තරහක් නෑ :)
Deleteකොහෙද බං මාත් කිව්වා අම්මලට එය සල්ලි වලින් ගෙයක් හදමු කියලා.. අපේ මහත්තයා කැමති උන් නෑ නේ... හැදුවම අද ඉන්න තැනක් හරි හරිහමන් විදිහට තියෙනවා.... හි හි
ReplyDeleteමඟුල් ගැන කතා කරලත් බෑ නොකරත් බෑ... කීයක් හි හොයාගන්නෙත් ඒකෙන්මනේ.. ඒත් ඉතිං අනිත් අතට කරන විකාර දැක්කම අපිටත් පිස්සු වගේ තමයි.... හි හි
මගුලට යන සල්ලිවලින් හරිහමන් විදියට ඉන්න තැනක් හදාගන්න අමාරුයි හිරූ ඕනනම් අත්තිවාරමක් විතරක් දාගන්න පුළුවනි
Deleteඒකනෙ හිරුවො මඟුල් ගැන කතාකරන එකත් අතුරෙ යනව වගේ වැඩක් :) කොහම උනත් කීදෙනෙක්ගෙ ජීවිකාව රැකෙනවද ඔය මඟුල් නිසා...ඔය හැලප අයියා කියන්න වගේ ඉතින් මගුලක් ගන්න සල්ලි වලින් අත්තිවාරමක් තමා දාන්න වෙන්නෙ. ඒත් ඉතින් මඟුල් ගත්තු අපිට අත්තිවාරමවත් නෑනෙ :)
Deleteහැලපයා ඔහොම කියනවා.. මගේ වෙඩින් එකට අන්තිමට බලද්දි ලක්ෂ 10ක්ද කොහෙද ගිහින් තිබ්බා... ඔක්කොම පවුලේ අය කරලත්.. වෙඩින් කාඩි, කේක් බොක්සස් මාමගෙන්.. පුංචියි අම්මයි ඇන්ඳුවේ.. ගෙවල් ළඟ ඇන්ටි කෙනෙක් සාරි ජැකට් එක මැහුවේ.. අනිත් ඒවා මැහුවේ ලොකු නැන්දා.. කේක් නම් ඉතිං අම්මයි එයාගේ යාලුවො දෙන්නයි... වෙඩිම ගත්තේ ලොකු නම් තියෙන හෝටලේකත් නෙවෙයි.... අන්තිමට මං කිව්වේ ඕවා පිට කාට හරි දුන්නනං ඔච්චර ගානක් යන එකක් නෑ කියලා.. හි හි
Deleteවෙඩිමට අම්මලට ඕනේ එකක් කරගන්න කියලා මං පැත්තකට වෙලා හිටියේ... අඩුගානේ මං කැමති එකාව බඳින්න දෙනවානං එච්චරයි කියලා... හි හි..
මගුල් ෆොටෝ ගන්න එක ඔයා කියනවා වගේ පිස්සුවක් තමා! බැලුවම මෝහිනී වගේ උනත් ෆොටෝ වලට ලස්සනට වැදෙන්න කියල මේකප් තට්ටු තට්ටු ගානවනේ සමහරු හික්!
ReplyDelete// මම හිතන්නෙ ඔය තරමට මඟුල් පින්තූර ගැන හිතන එකම රට අපි කියල. //
නෑ අනේ ... එහෙමම කියන්නත් බැහැ. සිංගප්පුරුවේදී මම ඇස් දෙකට දැක්ක රෑ හතට අටට විතර මගුල් කපල් එකකුයි බ්රයිඩ්ස්මේඩ්ස් ල දෙන්නයි කැමරා කාරයෝ කට්ටියක් එක්ක දුක් විඳින හැටි. අපි ඒ හිටි තැන පාක් එකක් වගේ හදල කෘතීම කැලෑවක් මැද්දේ කෘතීම දිය ඇල්ලක් එක්ක හදල තිබුණු තැනක්. උඩට උඩට නගින්නත් තිබ්බා. අනේ අර මනමාලි තඩි ගවුමකුත් උස්සන් අඩියක් විතර උස සපත්තු ත් දාගෙන මාර කට්ටක් කනවා වගේ පෙනුනේ...පස්සේ දැන ගත්තේ එහෙ කට්ටිය මගුල් දවසට වෙනම දවසකුත් ෆොටෝ ගන්න වෙනම දවසකුත් දාගන්නවා ලු.
මොකෝ මේ බැන්දට පස්සේ නිරෝගේ මූන වෙනස්වෙලා...:D:D
Deleteහප්පේ ඔය කතා අපේ අයට ඇහෙන්න එහෙම කියනව නෙමෙ. දැන්නම් මඟුල් දවසෙමනෙ පින්තූරගන්නෙ..ඕක දැනගත්තොත් මෙහෙත් දාගනයි වෙනම දවසක් ඕකට.
Deleteඅරය වද දීලා. කටම කාලා
Deleteවැඩේ කියෙන්නේ, ගෙවල් දෙනවා කියලා ලොකු වෙඩිමක් ගන්ට කීවොත් ඉතින් එපා කියන්ටද? අනේ මන් දන්නේ නෑ අප්පා...අම්මලාගේ බෙර පදවලට ළමයින්ට නටන්ට වෙනවා සමහර වෙලාවලට. :D
ReplyDeleteදැන් පොඩ්ඩි කොහොම නටන්ටද කල්පනාව
Deleteගෙයකුත් දෙනවන්ම් මඟුලත් ගන්න වියදම් කරනවනම් ඔන්න ඔහේ සද්දනැතිව ඉන්න පොඩ්ඩි. මමත් කලේ සද්දනැතුව ගෙදර අයට ඕන තරමට විය හියදම් කරගන්න ඇරල බලන් හිටපු එක. ඔය ඉදල හිටල අම්මල වෙනුවෙන් වන්නමක් දෙකක් නැටුවට කමක් නෑ...:)
Deleteඉහ උඩට පිනක් කඩා වැටිලා තියන වෙලේ පොඩ්ඩ් පිස්සු කෙළිනවා. වෙඩිම අරං එදාට කරගන්න දේ ගැන හිතලා සතුටු වෙන්න.
Delete//අපි දවස් දෙකක්ම විවාහ උන නිසා//
ReplyDeleteඒ කොහොමද රෝස කුමාරි එහෙම උනේ?
මගේ ඇල්බම් එකත් ඔය ස්ටෝරි බුක් ක්‍රමේ එකක් තමා. ඒත් මෙහෙ ගේන්නනම් බැරි උනා හදිසි කරලා හදව ගත්තට. ආපහු යන දවසක ගෙනියන්නත් වෙනවනේ කියලා ගෙනාවේ නෑ. අර උඩ පනින එව්වා එහෙම අපිට එපා කියලා කලින්ම කිව්වා. :))
මේ දවස්වල වෙඩින් ෆොටෝ ගැනිල්ලනම් ඉතින් එක්තරා විදියක පිස්සුවක් තමයි :) වතුර යට ගිල්ලවලත් ෆොටෝ ගනන්වනේ. ඒ විතරක්ත ප්‍රි වෙඩින් ශූටින් කියලා නිකන් ටෙලියක් වගේ රඟපාලා ෆොටෝ ගන්න සිද්ධියකුත් තියනවා දැන්.
ඒක දිග කතාවක් සයුරියො :) මම කතෝලික, ඹබර කුමාරය බෞද්ධ. ඉතින් පල්ලියෙ චාරිත්‍රයි පෝරුවෙ චාරිත්‍රයි කරන්න ඕනනෙ. පල්ලියට ගෞමක් පෝරුවට ඔසරියක්..ඕව අදින්න වෙලාවත් ඕන. ඒ මදිවට පෝරුවෙ චාරුත්‍ර එක්ක උත්සවේ මවුන්ට් ලැවීනිය, අපේ ගෙවල් ඊට බොහොම දුර,සාමාන්‍යයෙන් තමුන්ගෙ ගමේ පල්ලියෙනෙ විවාහ වෙන්නෙ.ඔය ඔක්කොම සලකපුවම එක දවසෙ පල්ලියෙ චාරිත්‍රයි පෝරුවෙ චාරිත්‍රයි ගන්න බෑ.ඉතින් පලවෙනි දවසෙ උදේ පල්ලියෙ විවාහ මංගල්ලෙ, ඒක ඉවර වෙලා මම අපේ ගෙදර ආව ඹබර කුමාරය එයාලගෙ ගෙදර ගියා.දෙවනිදවසෙ හවස පෝරුවත් එක්ක උත්සවේ. ඔන්න ඕකයි අපි දවස් දෙකක්ම විවාහ උනා කිව්වෙ. :)
Deleteදැන් එන්න එන්න වෙඩින් එක කවර් කරනවට වඩා ජායාරූප ශිල්පියො කරන්නෙ ෆිල්ම් හදන එක තමා. අපිටත් කිව්වනෙ පුහුනු වීමට එන්න කියල, අපි ඇහුව බදින එකේ පින්තූර ගන්න මොන පුහුනුවීම්ද කියල. දෙයක් ලස්සනට තියෙනව දකින්න කවුරුත් ආසයි ඒත් දැන් ලස්සනට වඩා තියෙන්නෙ මවා පෑමනෙ.
මම හිතන්නෙ මේ ෆොටෝ ගන්න පිස්සුව ආසියාතිකයන්ට තියෙන ලෙඩක්. කොහෙ හරි ගියාම උනත් බලන්න, සුද්දො එක පින්තුරයක් දෙකක් අරන් නිකන් ඉන්නව. අපේ රටවල් පැත්තෙන්, චීනෙන්, ජපානෙන් ආපු අය හතර අතේ දුව දුව ෆොටෝ ගන්නව.
ReplyDeleteමඟුල් ගෙදරක ඉතින් වැඩිම බරක් යන්නේ ෆොටෝ ගන්න එකටයි, බෝතල්වලටයි තමා ඉතින් :D
ReplyDelete