Monday, May 13, 2013
බ්රවුනි
උසස් පෙළ කරන කාලෙ කොහේද ඉදන් ආව බළල් අම්මෙක් පුන්චි පැටව් තුන්දෙනෙක් බිහිලා ගෙයින් එපිට ගරාජ්යේ.සුදු අළු සහ තැඹිලි ...පුළුන් බෝල වගේ හිටිය මේ අය අපේ ගෙදර ඉපදුනාට මොකද අපි ගාවටවත් එන්නෙ නෑ. ආඩම්බරයි හරියට..
ටිකකාලෙකින් අම්ම ආගිය අතක් නැතිඋනා. තනිවුන පුංචි පූස් බබාල බඩගින්නෙ තියන්න බෑනෙ, ඒ නිසා මාළු අනපු බත් කටක් දෙන්න අපි කිට්ටු උනා.හපෝ මෙයාල දුවනව හතර අතේ. ටිකකලකින් ඔන්න එක්කෙනා දෙන්න අපි එක්ක යාළු වෙන්න ගත්ත. ඒත් ලස්සනම ලස්සන තැඹිලි බබා නෙමෙ අපි දිහා බලන්නෙවත්.චුට්ට චුට්ට කෑම ජාති දිදී අපි අමාරුවෙන් එයාවත් යාළුකරගත්ත. දැන් අපේ ගෙදර පූස් පැටව් තුන්දෙනයි. ගෙදරට යන එන අය දැන් මෙයාලව ඉල්ලනව, තුන්දෙනෙක් ඉන්න එකෙ එක්කෙනෙක් තියගන අනිත් අය දෙන්න තීරනය කලේ ගෙදර ලොකු ඇත්තො පොඩි ඈයන්ටනම් හිත තුන්දෙනාම තියගන්න. කොහෙත් වගේ බලවත් ඇත්තො ජය අරන් සුදු පූස් එක්ක අළු පූස් ගෙදරින් ගියා. අළු පූස්ටනම් එකෙන් උනේ වාසියක්. එයා ගියෙ කෑම කඩයක් අයිති කෙනෙක්ගෙ ගෙදරකට ගේ තිබුනෙ කඩේට පිටිපස්සෙන්. කාල කාල හොද ගානට තරබාරු උන අළු පූස් කඩේ එහෙට මෙහෙට ඇවිදින හැටි ඉද හිට ඒ කඩේ යන අපිටත් දකින්න ලැබුන. එයාටනම් අපිව මතක නෑ ආඩම්බරෙන් ඇවිදල අපිවත් පහුකරගෙන යනව.
කොහොමින් කොහොමහරි ගෙදර ඉතුරු උන එක්කෙනාට නම වැටුනෙ බ්රවුනි කියල.හිමින් හිමින් අපිත් එක්ක එයත් ලොකු උනා. එයා මගේ ඇද පාමුල නිදන්නත් උදේට මගේ කිරි වීදුරුවෙන්, දවල්ට බත් පතෙන් කොටස ලැබෙන නිසා මා වටේම දැවටෙන්නත් පුරුදු උනේ පොඩිකාලෙමයි. ඔන්න ඔහොමතමයි බ්රවුනි රෝස කුමාරිට අයිතිඋනේ. මම පාඩම් කරනවනම් එයා එනව ඇඟමැලි කඩමින් ඇවිත් ඉදගන්නව මේසෙ කොනක. ඔන්න ටිකකින් එයාට කම්මැලියි ඇවිත් දැවටෙනව පුරු පුරු ගානව. මම ඒත් එයාව ගනන් ගන්නෙ නැතුව පාඩම් කරනවනම් ඔන්න එයට තරහ යනව. කරන්නම්කො හොද වැඩක් කියල හිතලඩ කොහෙද ඇවිල්ල නිදාගන්නව මගේ පොත උඩ.
බ්රවුනි හරි කම්මැලිය. මීයෙක් ඇඟ උඩින් පැනල ගියත් මෙයානෙමේ ඇහැක් ඇරල බලන්නෙ. ඔන්න ඒ උනාට අහින්සක කුරුලු පැටියෙක් ගහක ඉන්නවනම් හිමීට හොර බැල්මදාගෙන කැරකෙනව වටේට.කුස්සියේ මාළු කපන වෙලාවටනම් එයා කුස්සියට වෙලා ඉන්නෙ මාළු ටික පරිස්සම් කරන වගේ. මාළු කෑල්ලක් ලැබෙනකම් කැරකෙනව උයන කෙනා වටේ. මහ කපටියෙක්. මෙයා හරි පිරිසුදු බළල් පැටියෙක් මොකද රෝස කුමාරි සති දෙකකට විතර සැරයක් එයාව නාවනවනෙ... ඔව් ඔව් පූස් බබාව තමා... පූස් බබාල නාන්න අකමැති උනාට යන එන තැනුයි කන දේවලුයි එක්ක නාවන්නෙ නැතුව කොහොමද. මම ඉතින් ෂැම්පූ එහෙමත් දාල නාවන්නෙ. නාවනකන් දඟලනව පැනගන්න හැබැයි කවදාවත් එයාගෙ පුළුන් කොට්ට අස්සෙ තියන විස කූරුනම් එලියට අරන් නෑ. නාවල හොදට පිහල තමා අත අරින්නෙ නැත්නම් දුවල ගිහින් මිදුලෙ පෙරන්ලෙනවනෙ.
මගේ මාමගෙ දුව හරිම ආදරෙයි පූස් හාමිලට. ආදරේ වැඩිකමට එයාලව බදාගන තුරුල් කරන් තමා ඉන්නෙ. ලංකාවෙන් පිට ජීවත්වුන එයා ඉද හිට ආවම බ්රවුනිට හෙලවෙන්නත් නෑ. බ්රවුනිත් මෙයාගෙ හැටි දන්න නිසා එය ඉන්න කාලෙට එලිපහලියට එනව එහෙම අඩුයි.
දවසක් අපි ඔක්කොම සාලෙ ඉදගෙන කතාකරමින් හිටිය. හැල්මෙ කුස්සියේ ඉදන් දුවගෙන ආපු බ්රවුනි සාලෙට ඇතුල්වෙන තැන් ඉද්ද ගැහුව වගේ නැවතුනා.. ඒ මාමගෙ දුවව දැකල. දැන් මෙයා දන්නව සාලෙට ගියොත් අත්වෙන ඉරනම. ඉතින් ඔන්න ඊළඟට හිමීට බිත්තියේ හැප්පි හැප්පි හොරෙක් වගේ හිමින් අඩි තිය තිය අපිව පහුකරල යනව.
බ්රවුනි තමයි මම තේරුම් යනකාලෙ මට හිටිය එකම සුරතලා. මම කොච්ච්චර ආදරේද කිව්වොත් බඹර කුමාරය එයාව නැට්ට කොටාට දෙන්න ප්ලෑන් ගැහුව. නැට්ට කොටා කිව්වෙ එයාලගෙ ආච්චිලාගෙ ගෙවල් ගාව වෙලේ කබරය...
බ්රවුනි දවසින් දවස වැඩුන මාත් විවාහ වෙලා මෙහෙ ආව. මමත් ඉතින් කතාකලාම අහනව එයාගෙ විස්තර දවසක් ලොකු අම්ම කිව්ව එයා දැන් පොඩි නෑ. රවුම් ගහල ගහල කන්න විතරයි ගෙඩර එන්නෙ කියල. කාලයත් ගෙවුන.. ඔන්න මාසෙකට විතර කලින් පුංචි පින්තුර වගයක් දැම්ම මූනු පොතේ. බ්රවුනියි එයාගෙ බබාලයි කියල....බ්රවුනි පුන්චි පූස් බබාල තුන්දෙනෙක් ගෙදරට ගෙනකන් අපි හැමෝම හිතාගන හිටියෙ එය පූස් මල්ලියෙක් කියල...හපොයි!
මගේ හුරතල් බ්රවුනි දැන් ආදර අම්ම කෙනෙක්! එයාගෙ බබාල තුන්දෙනා, මිමී, නිනී , ටිටී සුදු, අළු තැඹිලි පාටයි. හරියටම බ්රවුනියි එයාගෙ සහෝදරයොයි වගේ.
Subscribe to:
Post Comments (Atom)
පූසෝ බල්ලෝ වගේ නෙමේ තමන්ට කවුරුහරි ආදරෙන් කන්ට දුන්නොත් අයිතිකාරයන්ව මාරු කරනවා කියලා කතාවක් මම අහලා තියනවා. ලෝයල් නෑලු.
ReplyDeleteඇත්තද දන්නේ නෑ. ඒත් මම කැමැති බලු පැටවුන්ට.
උඩ පින්තූරේ ඉන්න කට්ටිය නම් ලස්සනයි.:)
මාත් පොඩ්ඩි කියනව කතාව අහල තියනව. පූසො හිතන් ඉන්නෙ ඒ අය තමා ලොක්කො අපි එයාලගෙ සේවකයො කියලලුනෙ. බලු රාළල ඒකෙ අනිත් පැත්ත. ඒකනෙ දැවටි දැවටි ඉන්නෙ. බලු පැටවුන්ටත් මම කැමතියි. හැබැයි එයාලව බලාගන්න එක නම් කරදරයි, ගමනක් යනවනම් එහෙම දාල යන්නත් බෑනෙ ගෙදර තනියම. අපේ ගෙදර පූසො හිටියෙම නෑ බ්රව්නි එනකන්. ඒත් හැමදාම බලු රාළ කෙනෙක් නම් හිටිය.
Deleteපොඩ්ඩ් වගේම මාත් පූසන්ට නම් ආසම නෑ...
ReplyDeleteඒත් අෙප් ගෙදරත් පූස් ස්ටෝරියක් තිබ්බා.. අපේ පුටීගේ කතන්දරේ... මට මතකයි මං කොහෙ හරි ඒක ලිව්වා.. මගේ බ්ලොග් එකේද කොහෙද... ඒකේ මහ ජරා කබරයෙක්ගේ පාට් එකකුත් තිබ්බා.. පූටී නම් තාම ඉන්නවා ගෙදර.. අම්මගේ ෆ්රීජ් එක උඩ තමයි එයාගේ නිදාගන්න තැන....
අපේ ගෙදරට දන්න කාලෙ ආවෙ බ්රවුනි තමා. ටැබී සහ මීලෝ ඉන්නව පවුලෙ අය එක්ක පිටරට. ඔච්චරම තමා පූසො..හැබැයි නම් මතක නැති තරමට බලු රාලලනම් හිටිය මහ ගොඩක්. මම පොඩි කාලෙ ගෙනාපු පුන්චි බලු පැටියට මම ආදරේට මම කන කන වාරයක් පාසා එයාටත් චුවින්ගම් කවල. මට අවුරුදු තුනයි. පස්සෙ එයා පුන්චි නිසා ඒව දිරවන්නෙ නැතිව මිය ගියා. ඒ සිද්ධියෙන් පස්සෙ මම බලු පැටව් ඉල්ලුවෙ නෑ, ඒ සිද්ධිය මතක් වෙද්දි අදටත් කදුලු පිරෙනව ඇස්වලට. මම හිතන්නෙ හිරුගෙ පෝස්ට් එක මම කියෙව්ව.
Deleteඈ බොලේ හිරූ ඔයාටත් පුටියෙක් හිටියද? මටත් පූටියෙක් ඉන්නවනෙ. මමත් එයාගෙ කතාව බ්ලොග් එකේ දැම්මා.
Deletehttp://www.thoughtsoflucky.blogspot.com/2012/04/blog-post_02.html
මට නං පූසෝ පෙන්නන්න බෑ..තව පූස් කතාවක් මතක් වුණා...ඒව මෙතන කියන්න බෑ.
ReplyDeleteපූස් විරෝධී කට්ටියනෙ අද ඔක්කොම ඉන්නෙ :)
ReplyDeleteමමත් හරි ආසයි පූසෝ බල්ලන්ට. පූසෝ නම් හැදුවේ වැඩියෙන්ම මීයන්ව අල්ලන්න. ඈශි කියන අළු පාට පූසා තමා ගොඩාක් කල් වටයසට යනකන්ම හිටියේ. දැන් නම් පූසෝ නෑ, ඉන්නේ අවුරුදු 11 ක් විතර වයස ටයිනි කියන කලූ කුරු බල්ලා.
ReplyDeleteපොඩිකාලෙ ඉදන් අපේ ගෙදරත් හැමදාම හිටියෙ බලු රාළල. පූසන්ව හදන එක හැබැයි බල්ලො හදනවට වඩා ලේසියි.
Deleteඅද මම පෝස්ට් එකක් ලියද්දි මගේ පරණ හිච්චා පෝස්ට් එක ආපහු බැලුවා. ඒකෙ ඔයා කමෙන්ට් කරලා තිබුනා බලල් පැටියෙක් ගැන කියලා. මේ එයා වෙන්න ඇති එහෙනම්. මම හරි ආසයි පූසන්ව ගුලි කරලා අතේ තියාගෙන ඉන්න :)
ReplyDeleteඔව් ඔව් සයුරි මේ එයා තමා. මාත් පොඩිකාලෙ පූසන්ව ගුලිකරගන තුරුල් කරගන ඉන්නව.ඕක අත ඇරුනෙ මාව අම්ම බයකලාම පූස් මයිල් නහයට ගියොත් මැරෙනව කියල. :)
Delete