Wednesday, July 13, 2011

ගණන්කාර බළල් පැටියා




බොහොමයක් ලංකාවෙ ගෙවල්වල බල්ලන් හා පූසන් හදන්නේ සුරතල් සතුන්ට වඩා ප්‍රයෝජ්නවත් සතුන් විදියටයි. බල්ලන් ආරක්ෂාවටත් පූසන් මී උවදුරින් ගැලවෙන්නත් තමෛ ගෙවල් වලට අරගන එන්නෙ. හැබැයි ඉතින් ඔය කියන සත්ව දෙකොට්ටාශය මනුස්ස දරුවො වගේ හදන අයත් ඉන්නව ඕනෙ තරම්. මම සතුන් හදන්න එච්චර කැමැත්තක් නැත්තෙ හෙතු කිහිපයක් නිසයි. එකක් තමා අදරෙන් හදන සුරතලා ගේ වියොව දරගන්න බැරි වීම අනික් කාරනේ තමා ඔය කුරුල්ලො වගේ නිදහසේ ඉන්න සතුන් හිරකරගන්න තියන අකමැත්ත. මගේ කැමැත්ත අකමැත්ත කොහොම වෙතත් මම කුඩා කාලෙ ඉදන් අපේ ගෙදර එකී මෙකී නොකී සත්තු ඔක්කොම හදල තියනව. ඒකට හෙතුව මගේ මාමා අධික සත්ව ලෝලියෙක් වීම.අදටත් ලස්සන කුරුල්ලන් ,මාළු දකින්න ලැබුනම අපේ මාම හරියට පොඩි ළමයෙක් වගේ ඒ දිහාවට ඇදිල යනව. මට කතාකරන බොහොමයක් වෙලාවටත් ඔහේ ලස්සන කුරුල්ලො ඉන්නවද කියල අහන්න මාම අමතක කරන්නෙ නෑ. මාමා දැන් ජිවත් වෙන්නෙත් පිටරටක ඒත් ලංකාවට යන හැමසැරයකම කුරුළු ජෝඩුවක් හරි මාළු කිහිප දෙනෙක්හරි අරගන්න එයා අමතක කරන්නෙ නෑ. තවමත් අපේ මහ ගෙදර 'ලවු බර්ඩ්ස්' කිහිපදෙනෙක් ඇතිකරන්නෙ ඒ පුරුද්දට. මාම ඔය ලස්සන සත්තු වගේම හරි කලතුරකින් හම්බවෙන සතුන්වත් ඇති කරල තියනව.මට මතක අසාමාන්‍යම සත්වයා තමා" රාජාළියා". කොහොම අල්ලගත්තද කියල මතකයේ නැතත් මම ප්ංචි කාලෙ අපේ මාමා තරමක රාජාළියකු අතිකලා.රාජාළියා හිටියෙ දැල්වලින් වටකරල හදපු කුඩා කාමරයක් විතර විශාල කො‍ටුවක. මස් කඩවලින් බල්ලන් සදහා විකුණන මස් තමා රාජාළියාට ගෙනාවෙ.කුරුළ්ලා හොදටම ලොකු උනාම මාම රාජාළියා නිදහස් කරල යන්න ඇරිය.
ඔය කොච්චර සත්තු දැක්කත් මට ඔය එක සතෙකුටවත් ආසාවක් හිතුනෙ නෑ.මම උසස්පෙළ කරන කාලෙ අපේ ගෙදර ගෙනාපු පුන්චි තැඹිළි පාට පූස් පැටියා තමයි අදටත් මම කැමතිම සුරතලා. එයා තාමත් අපේ ලංකාවෙ ගෙදර අනිත් අයගෙ ආදරය මැද්දෙ ඉන්නවා. මට සුරතල් බළල් පැටවකු ගැන හිතක් පහල උනේ ඔය උඩ එන්න පින්තූරෙ ඉන්න බෙන්ගාල් පූසන් ව දැක්කට පස්සෙ. දිවි පැටියකු වගේ පේන මේ පූස් කට්ටිය පැවතගෙන එන්නෙ සාමාන්‍යය පූසන් ගෙන් හා ආසියානු දිවි පූසන් ගෙන්. බෙන්ගාල් පූසන්ට නම ලැබිලාතියෙන්නෙත් ඔය කියන ආසියානු දිවි පූසන්(asian leopard cat) ගේ විද්‍යාත්මක නමවන Prionailurus bengalensis bengalensis කියන එකෙන්.
මෙ ලස්සන පූස් පැටවුන් පෙනුම වගේම හරිම හුරතල් චන්ඩි පූසො වර්ගයක්. පූසකු ඇතිකරන්න පුලුවන් කමක් නැති උනත් මම නිකමට මේ පූසකු මිලදීල ගන්න සොයා බැලුවෙ කවද හරි ගන්න පුලුවනිනෙ කියල හිතල.නිකමට හිතමු මම ලංකාවට යද්දි අරගන යන්න පුලුවනි කියල....අම්මේ.... වටේ පිටේ අය කියයි ෂුවර් එකටම මම කොටි පැටියෙක් ගෙනත් කියල. සිහින දකිමින් පූස් පැටව් හෙව්වට මාව උඩගියෙ මෙයාලගෙ ගාන දැකලයි. ඉතා දුර්ලභ මේ පූස් පැටවකු මිලෙන් $850 - 2000 ත් අතර වෙනවා.......... හ්ම්.... මොනාකරන්නද ඉතින් මම හිතින් ඒ අදහස අහක්කළා.

14 comments:

  1. අපේ ගෙදර ඔය ප්‍රශ්නේ . ලෝකේ සුරතල් නැති එකම ගෙදර අපේලු කියල එක කරදරයි මෙතන . මම ආදරේ වුනාට සත්තු හිර කරන්න අකමැතියි. පුසෝ බල්ලෝ නම් domestic සත්තු නිසා කමක් නැහැ . ඒත් මේ අපාර්ට්මන්ට් වල ඔවුන් හදන්න කරදරයි . මන් කම්මලියනේ කොහොමත්. වෙලාවකට දුකයි . එයාල තව ටිකක් ලොකු වුනාම මොකෙක් හරි ගෙනත් දෙන්න ඕනේ . ඔය කොටි පුසා ගන්න නම් සල්ලි නැහැ .

    අපේ ගෙවල් වල පුසයි බල්ලයි අනිවාර්යයෙන් හිටිය ඒ කාලේ . උන් ඉතින් උන්ගේ පාඩුවේ .ඕනෑතරම් ඉඩ තිබ්බනේ . දැන්වගේ තඩි තාප්ප දාල නැහැ . නිදහසේ හිටියා . මටත් තියෙනවා ඔය පුස් බලු ඉතිහාස කතන්දර හරියට .

    ප.ලි. අපරාදෙනේ මේක වැඩිය කට්ටිය බලන්නේ නැත්තේ . සින්ඩියකට දාගන්න බැලුවේ නැද්ද . සිංහල බ්ලොගර්ස්ල නම් මාව ගත්තෙත් නැහැ . ලාංකීය බ්ලොග් කියවනය ..hathmaluwa ..අඹ ගහ යට ..හොඳයි . තව ඔයාගේ මුණු පොතේ ලින්ක් එක දාන්න. හිතවත් කමට කියන්නේ . කියවන තරමට ලියන්න ආස වෙනවා . අලුත් දේවල් එකතු වෙනවා . ජය

    ReplyDelete
  2. මාවත් සිංහල බ්ලොගර්ස්ල ගත්තෙ නෑ අක්ක :(. අනේ ගොඩා...ක් ස්තූතියි අනිත් සින්ඩි ගැන කිව්වට ඔන්න මත් ඉතින් මගෙ බ්ලොග් එක ඇඩ් කලා. අක්ක මේ පත්තෙ ඇවිත් කමෙන්ට් එකක් දාල යන එක හරි හයියක්. බොහොම ස්තූති ....

    ReplyDelete
  3. රෝස කුමාරිගේ රෝස කැලේ පැත්තට එන්න පමා උනාට තරහ වෙන්න එපා. අද තමා වෙලාවක් ලැබුනෙ. කටු ඇනෙන්නේ නැත්තන් රෝස කැලේට හැමදාම එන්නන්.

    මේ ලිපිය කියෙව්වට පස්සේ මට මතක් උනේ ඉතින් පොතක් තමා. ඒ තමා Gerald Durrell ලියපු "My Family and Other Animals" කියන පොත. මං බොහොම රසවිඳි නැවත නැවත කියවපු පොතක්. මං හිතන්නේ ඔයාගේ ඔය මාමත් ජෙරල්ඩ්ගේ ජාතියේ එක්කෙනෙක්. ජෙරල්ඩ්ඩුත් උකුස්සෙක් ඇති කරනවා.

    අපේ ගෙදර දඩෝරියෙක් ඇති කරනවා. උගේ නම රොජර්. ඔය පොත කියෝලා තමා මං ඌට ඒ නම දැම්මේ. මොකද ජෙරල්ඩ් ගේ බලලත් රොජර්. හැබැයි අපේ බල්ල නං මහ වසවර්තියා. ජෙරල්ඩ්ගේ බල්ල වගේ කීකරු නෑ.
    රාණි සේනාරත්න රාජපක්ෂ මේ පොත "මගේ පවුලයි අනෙක් සත්තුයි" කියල සිංහලට පරිවර්තනය කලා.

    ReplyDelete
  4. මමත් සත්තුන්ට හුඟක් ආසයි. විශේෂයෙන්ම පූසොන්ට. ඔයා මේ දාලා තියෙන බෙංගාලි පූසා හරිම ලස්සනයි. ගානනම් කොටි සයිස් තමා.

    ReplyDelete
  5. @පොත් ගුල්ලා-අපොයි තරහවෙලා කොහොමද ,මකරන්ද සුවද විදින්න යන්න එන්න යාළුවෙලා ඉන්න එපැයි. බොහොම ස්තූතියි මේ පත්තට ගොඩවැදුනට.
    ඔය කියන පොත ගැන අහල තිබුනට තාම කියවන්න බැරි උනා. ඉංග්‍රීසි පොත තියනවද කියල හොයා බලන්න ඕනෙ,සින්හල පොතනම් ඉතින් ලංකාවට යනකන් කියවන්න වෙන්නෙ නෑ. දැන්කාලෙ බල්ලන්ට තියනව නොවැ මිනිස්සුන්ටත් වඩා මොඩ් නම් : ) අපේ ගෙදරත් හිටිය ඔය වගේ නම් තියන කට්ටිය.රාජාළියාටනම් නමක් තිබුනු වගක් මතක නෑ.

    ReplyDelete
  6. @නලිනි - මෙයගෙ ලස්සන වගේමයි ගානත්.මෙහෙ තියනව ඔය අනාත සත්තු ඉන්න තැන් ,එහෙම තැනකින්වත් හොයල බලන්න ඕනෙ. මම තව කමතිම පූස් වර්ගයක් තමා පර්සියන් පූසො. මගෙ මාම ගාව ඉන්නව එක්කෙනෙක්.හබැයි බූල් ගොඩ්යි නිසා ටිකක් කරදරයි.

    ReplyDelete
  7. මාත් පොඩි කාලේ ඉඳන්ම සත්තුන්ට ගොඩක් ආසයි... ඒ කාලේ සත්තු ගොඩක් ඇති කළා... පුසෝ.. බල්ලෝ... මාළු... ඒත් පස්සෙන් පහු ඒක එහෙමම අතෑරුණා... එක හේතුවක් තමා ඔයා කිව්වත් වගේ උන්ගේ වියෝව දරාගන්න තියෙන අමාරුව...

    රෝස කුමාරිටත්, Bindiටත් පුංචි දෙයක් කියන්නං... අධෛර්ය වෙන්න එපා... ඔයාලව සිංහල බ්ලොග් කියවනයට ඇතුළත් කර නොගන්න හේතුවක් නැහැ... එයාල මේ දවස්වල යම් වැඩපිළිවෙලක් සකස් කර කර ඉන්නෙ... තව සති දෙක තුනක් ඉවසල ඉන්න.. ඔයාලගේ විතරක් නෙවෙයි පෝළිම් ගැහිල තියෙන ගොඩක් අඩවි ඉක්මනටම සිංහල බ්ලොග් කියවනයට ඇතුලත් වෙයි.... ඉක්මනටම ඒක සිද්ධවෙන්න කියල මමත් ප්‍රාර්ථනා කරනවා....

    දිගටම ලියන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා...
    ජය !

    ReplyDelete
  8. මමත් ඔය සතුන්ට අස උනාට ඇති කරන්න අකමැති උන් මරුනහම දුක නිසා තමා.

    මෙන්න මම ලඟකදී දැකපු ලෝකේ ගණන් වැඩිම බල්ලෝ.
    ටිබෙටියන් මැස්ටිෆ්

    http://www.dailymail.co.uk/news/article-1366517/Red-Tibetan-Mastiff-Most-expensive-dog-sold-nearly-1m.html

    http://today.msnbc.msn.com/id/32797517/ns/today-today_pets_and_animals/t/worlds-most-expensive-dog-cost/

    ReplyDelete
  9. @sansarasidu-බොහොම ස්තූතියි අපිව මේ විදියට දිරිගන්වනවට.එහෙනම් අනාගතෙ අපි දෙන්නටත් සින්හල බ්ලොග් කියවනයට ගොඩවදින්න පුළුවන් වේවිනෙ.

    ReplyDelete
  10. @ aka-
    අම්මෝ ... මේ බල්ලො ගැනනම් හිතන්නවත් බරුව ඇති....

    ReplyDelete
  11. මටත් ගෙදර අයගෙන් වැඩියෙන්ම ළඟ නැති පාළුව දැනෙන්නෙ බල්ලා තමා! හික්! මොකෝ අනිත් උදවියව නිතරම ස්කයිප් එකෙන් දකිනවනේ

    ReplyDelete
  12. පූසො අමතක කරල කොටි පෑටියෙක් හොයා ගන්න ළමයො...

    ReplyDelete
  13. ඔයාගේ බ්ලොග් එකේ මොකක් හරි අව්ලක් වගේ. අලුත් පෝස්ට් එකට කමෙන්ට්ස් ලියන්ඩ විදිහක් නැහැනෙ.

    ReplyDelete
  14. Poth gullata bohoma sthuthi. onna mama dan haduwa.

    ReplyDelete