Tuesday, December 6, 2011

හින්චි පින්චි හාවා !!!!


පහුගිය Thanks giving එකට දුර බැහැර ඉන්න අපේ හිතවත් පවුලක් අපිව බලන්න ආව. එයාලගෙ චූටි පුතාට වයස තාම මාස දහයයි. කාපට් බිමේ වැටිල තුවාල නොවෙන නිසා බය නැතුව දරුවව බිමින් තියන නිසාද මන්ද කොල්ල මාස නමයෙන් ඇවිදින්න අරන් . ගේ පුරා ඇවිදින පොඩ්ඩ අම්ම නැතුව තාත්ත එක්කවත් ඉන්න ඒ තරම් කැමැත්තක් නෑ.ඒත් අම්ම නාගන්නකන් මම හිමීට ළමා සින්දු කිය කිය පොඩ්ඩව රවට්ටල තියාගන්නන උත්සහ කලා. හින්චි පින්චි හාව, කො‍ටුවැටිච්ච පුන්චි සරම ඇඳන් නටන මල්ලියා, මේ හොඬ ලස්සන බෝනික්කා ආදී මගේ ළමා සින්දු එකතුවම ගයනකන් පොඩ්ඩ හොඳට නැලවි නැලවි මා එක්ක හිටිය. නාගන එහෙම එළියට ආපු මගේ යාළුව පුදුම උනා.. පුතා ආසයි සින්දු අහන්න ඒත් මම ළමා සින්දු දන්නෙ නෑ,සමහරක් මතකත් නෑ. ..යාළුව එහෙම කිව්ව.

පවුලට හම්බ උන පළවෙනි grandchild වෙච්ච මට අපේ ලොකු අම්මගෙයි ලොකු තාත්තගෙයි ( අපේ අම්මගෙ අම්මටයි තාත්තටයි අපි කිව්වෙ ලොකු අම්ම ලොකු තාත්ත කියල) ආදරේ සෑහෙන කල් යනකන් තනියම බුක්තිවිදින්න චාන්ස් එක ලැබුන. ඉතින් ඔය ළමා සින්දු ආකරේම මට ගායනා කළේ මගේ ලොකු අම්ම. එයාට ලස්සසනට ගයන්නන්ත් පුළුවන්. ටිකක් ලොකු කාලෙ ඒ ගීත රේඩියෝවෙ ,රූපවාහිනියෙ යද්දි මම හිතුවෙ ආනේ අපේ ලොකු අම්මගෙ සින්දු මෙයාඅලත් දන්නවනෙ කියලයි.අදටත් ළමා වයසෙ ඉන්න මගේ ඥාති සහෝදරයන්ට ඒ සින්දු කියල දෙන්නෙ ලොකු අම්ම.ඒ ගොඩක් සින්දු මම හිතන්නෙ ගුවන්විදුලියෙ ළමා පිටියෙ ගායනාවෙච්ච.

දැන්කාලෙනම්  පුංචි දරුවන්ට සින්දුවක් කියන්න කිව්වම කියන්නෙ ලොකු මිනිස්සුන්ගෙ සින්දුනෙ. අච්චර ලස්සන ළමා සින්දු කාලයේ වැලිතලාවෙන් වැහිල ගිය හැටි හරි පුදුමයි. පැරණි ළමාගී ආයෙත් කරළියට ආව ස්වර්ණවාහිනියේ විකාශය වුන  ජැක්සන් ඇන්තනී මහත්මයාගේ "හපන් පැදුර " වැඩසටහනත් සමඟ. ආයෙත් ළමයි ඒ සින්දු ගයන්න පටන්ගත්ත. ඔය වැඩසටහන යනකාලෙ මම උසස්පෙළ පන්තියෙ. තරුණ වයසෙ ආරම්භක අවදියක හිටියත් ඒ වැඩසටහන් යන වෙලේට දුවගන ඇවිත් රූපවාහිනිය ඉදිරියෙ ඉදගන්නව. ඒ විතරක් නෙමේ අපි ඉස්කෝලෙදි උනත් විනෝදෙට ඔය සින්දු ගැයුව.

හින්චි පින්චි හාවා, මේ හොඳ ලස්සන බෝනික්කා,ටක්ගානව ටික් ගානව,කරුංක ගෙඩියක් තරමට කොන්ඩෙ බැඳලා, කුරුම්බැට්ටි මැෂිමේ, කො‍ටු වැටිච්ච පුන්චි සරම,හිනැහේවී බෝනික්කා, මිදුලේ වැලි මාලිඟාව................තව කොච්චරනම් තියනවද.  අපේ ළමාකාලෙ රසවත් කරන්න මේ ගීත ලියපු,ගයපු නැන්දල මාමලාට බොහොම පින්... ඒ වගේම අපේ දරුවන්ටත් මේ ගීත ගුවන් විදුලිය රූපවාහිනිය ඔස්සේ අහන්න ලැබේවා කියලත් පතනව. ලොකු අයගෙ සින්දු පුන්චි අයගෙ මුවින් පිටවෙනකොට ලස්සන නෑ. ළමයින්ට වඩා ගැලපෙන මේ වගේ ගීත පුරුදුකරන එක අම්මල තාත්තලා කරන්න ඕනෙ. මේ ගීතවල් සීඩී තැටි මිලදීහ්ගන්න තැනක් එහෙම දන්න  කෙනෙක් ඉන්නවනම් කියන්න ,පොඩි දරුවො ඉන්න දෙමාපියන්ට ඒක උදව්වක් වෙයි.

Wednesday, November 16, 2011

ලංකාවෙද????



පහුගිය දවසක මම දුර බැහැරක ගියා කියල කලින් පෝස්ට් එකේ කිව්වනෙ.ඉතින් ඔය දුර ගමන ගියෙ ස්ම්මන්ත්‍රණයකට සහභාගීවෙන්න.එතන සුදු කට්ටිය,කළු කට්ටිය, චීන අය වගේම අපේ පෙනුමට හුරු ඉන්දියානු  අය එහෙම හිටිය. ඔය ස්ම්මන්ත්‍රණේට අපි එක්කගිය ලංකාවෙ ඇත්තො ඇරුනම තවත් වෙන වෙන දිහාවෙනුත් ලංකාවෙ අය සහභාගි වෙලා තිබුණ. කොහොමද මම දන්නෙ ලංකාවෙ අය හිටිය කියල? මට ඒ කවුරුවත්ම මුනගැහුනෙ නෑ... ...????????
මම ඒක දැන ගත්තෙ නම් ලිස්ට් එකෙන්. සහභාගි වෙන අයගෙ නම් තියන මහ පොතක් හම්භවෙනවනෙ ඔය සම්මන්ත්‍රණවල. කම්මැලි වෙලාවක ඔය නම් පි‍ටුව පෙරලගන කියවමින් ඉන්න කොට මෙන්න තියනව තවත් සිංහල නම් !!!. ලෝකෙ කොහෙ හිටියත් ලාංකික සිංහලයන්ගෙ වාසගම කියපුගමන් මෙයා ලංකාවෙනෙ කියල හොයගන්න පුළුවන්. අපේ නම් ගම් ගැන බ්ලොග් අවකාශයේ ඉන්න ගොඩදෙනෙක් ලියලත් තියනවනෙ...මේ මගේ "නම්" ගැන පෝස්ට් එක.
මගේ නමත් ඔය කාට කාටත් තියනව වගේ අරයගෙ මෙයාගෙ කෑලි එක්ක තියන දිගම දිග එකක්.ලංකාවෙදිනම් ඉතින් ඔය නම ඒ හැටි කරදරයක් උනේ නෑ. මෙහෙ ඒකටත් එක්ක මම මෙ නමත් එක්ක හරිම කරදර ගොඩක වැටෙනව ඕනම ලියකියවිලි වැඩකදි. ගොඩක් වෙලේට මට ඔය නම ලියන්න තියන ඉඩ මදිවෙනව.එත්කොට වාසගමෙ ලියන්න පුළුවන් අකුරු ගාන ලියන්න කියන එක තම මට ලැබෙන උපදෙස. ඕක් නිසා මගෙ නම හරි අච්චාරුවක් වගේ තමා කියවන කෙනෙක්ට හිතෙන්නෙ.
අපි හැමෝම ඉංග්‍රීසියෙන් ලියනකොට  පවත්වාගන යන අකුරු ක්‍රමයක් තියනවනෙ, එකම නම ලියන ක්‍රම කීපයක් තියෙන්න පුළුවන් නිසා මේ පවත්වාගැනීම හරි වැදගත්. මම ඇමරිකාවට එන්න යනවෙලෙ ඊට කීප අවුරුද්දකට කලින් ගත්  මගේ ගුවන් ගමන් බලපත්‍රය බඹර කුමාරය බලල ඔලුවෙ අතහ්ගහගත්ත. "මේ ඔයාගෙ නමේ වෙනුවට තියෙන්නෙ නෙ" ඔන්න එතකොටයි මමත් දැක්කෙ මගේ වාසාගමේ ඒ වැ‍රැද්ද.ගුවන් ගමන් බලපත්‍ර වල නම ඉතින් සමහරුන්ගෙ වරදිනවනෙ,හොඳම වැඩේ නම වැරදීම නෙමේ, ඒ වැරදි නමත් එක්ක මම කලින් ගුවන් ගමන් වල යෙදිලතිබීමයි.ඒ වෙනකොට මම පාවිච්චිකරමින් හිටියෙ මගෙ දෙවනි ගුවන්ගමන් බලපත්‍රය. බලපත්‍ර දෙකේම නම වැරදියි.ඇමරිකාව එක්ක සෙල්ලම් හොඳනැතිනිසාම අපි පහුවදාම ගිහින් නම වෙනස් කරගත්ත.

අපේ පවුලෙ නම් ගැන කියනවන්ම් අපේ අම්මලාගෙ පවුලෙ හැමෝටම තිබුනෙ පරම්පරාවක් ප්ල්ලෙහා නම්. කොහොම උනාද කියන්නනම් දන්නෙ නෑ අපේ අම්මගේ පුංචිලාගෙ,මාමගෙ නම් තිබුණ ආන්ටිල අන්කල්ලා මට හම්බවෙලා නෑ.ඒ නම් තිබුනෙ  මගේ යාළුවන්ට...
මට ඉන්නෙ එක මාමායි.එයාතමා අර සතුන්ට බොහොම කැමති එක්කෙනා. අපේ මමගේ හිත හරිම හොඬයි. එයාගෙ ශබ්ද්කෝශයේ  "නෑ"  "බෑ" වචනදෙක නෑ. කාගෙවත් හිත රිදවන්න කැමතිත් නෑ. ඒ මාට ඉන්නෙ එකම දුවයි. ඒ නඔගිගෙ නම  ඉංග්‍රීසි අකුරු ගාණින් කියනවන්ම් මෙන්නමෙහෙමයි.  16-8-  7-7-10-9-   8 රතු පාටින් තියෙන්නෙ පවුලේ නම. නිල් පාටින් නම, කහ පාටින් වාසගම.කොහොමද නමේ දිග. නම් හතරක්ම තියනව මදි නොකියන්න.

මේ නම මෙච්චර දික් වුනේ කොහොමද දන්නවද?

"අනේ ලස්සන දුව. අපි එයාට  දාමු" .. "දුවෙක් ලැබුනොත් මේ නමතමා මම හිතුවෙ අයියෙ අපි මේකත් දාමු" "පුතේ ඔන්න මෙ නම දාන්නපුළුවන් දෝණිට"
ඒ අපේ පුංචිල ,ආච්චිල ,නැන්දල හා එකී මෙකී ඔක්කොමල.

අපේ මාම.  "ඔව් නෙ හරි ලස්සන නම. අපි දාමුකො..."

ඔන්නඔහොම ඔක්කොමලගෙ හිත සුව පිනිස දරුවගෙ නම යාරයක් විතර දික්වුනා. එයාල දැන් ඉන්නෙ පිටරටක. නංගි ඉගන ගන්නෙත් පිටරටක ඒළමයට නම ලියන්න වෙන හැම වෙලේම ඉතින් පනයනව..ඊට පස්සෙ  ටිකක් දැනුම් තේරුම් කාලෙ එයා  ඒ නම කෙටි කරවගත්ත අම්ම තාත්තට නහයෙන් අඬල. නම් දාපු අයනම් තාම ඒ ගැන දන්නෙ නෑ....

 ඔන්න ඔහොමයි ලංකාවෙ නම්වල රඟ.

Tuesday, November 8, 2011

සාපේක්ශයි!!



අද ලියනව හෙට ලියනව කිය කිය හිටියට වෙලාවක් හම්බූඋනේම නෑ.දුර ගමනක් යන්න වුනා . ගෙවල් මාරු  කරන්නත් උනා ඒ අස්සෙ. පෙට්ටිවලට පුරවල අරන් ආපු බඩු තාම එහෙමමයි. ගිය ගමන විනෝද ගමනක් නොවුනත් විශේෂ කෞතුකාගාර දෙකක් නරඹන්න කොහොම හරි වෙලාව හොයාගත්ත. ඒ ගැන විස්තර පින්තූරත් සමග ඊළඟ දවසෙ අරගන එන්නම්..
                 
අද පෝස්ට් එක ඊට හාත්පසින්ම වෙනස් දෙයක් ගැන....
ඊයේ (7/11/11)     වෛද්‍යය  කොනාර්ඩ් මරේ , සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ගේ මරණයට වරදකරුවුනා. ඔහුට වෛද්‍යය බලපත්‍රය අහිමි වූ අතර වසර හතරක සිර දඩුවමකුත් නියමවුනා.
කොනාර්ඩ් මරේ, මයිකල් ජැක්සන්ගේ භෞතිකචිකිත්සකවරයා ලෙස වැඩකළා. නින්ද නොයන රෝගයෙන් පෙළුනු මයිකල්ට ප්‍රබල නිර්වින්දකයක් (ප්‍රොපොෆොල්) ලබා දීතිබීම තමා ඔහුගේ වරද.ඒ නිර්වින්දකය නින්දයාම සදහා යොදාගැනීමට නොසුදුසු බවත් කියවුනා. මරේ කිව්වෙනම් මයිකල්ට තමන් ලබාදුන්නෙ ඉතා සීමිත ප්‍රමාණයක් බවත් නමුත් මරේගේ අනුදැනුමෙන් තොරව මයිකල් නිර්වින්දකය විශාල ප්‍රමාණයක් ගත් බවත් තමයි.
කොහොමනමුත් පැය නමයක පමණ සාඛච්චාවකින් පස්සෙ මරේ වරදකරු වුනා,ජැක්සන්ගෙ රසිකයො ජයඝෝෂා නැගුව.
මයිකල් ජැක්සන්ව දන්නෙ නැතිකෙනෙක් මේ ලෝකෙ නැති තරම් ,ඔහු සුපිරි ගායකයෙක් ඒකෙ දෙකක් නෑ. ප්‍රශ්නෙතියෙන්නෙ ඔහුගෙ ගායනයේ නෙමේ .මානසික තත්වයේ. මයිකල් ජැක්සන්ගේ මානසික තත්වය ගැනවරින් වර කතාබහට ලක්වුනා.එහෙව් එකේ මයිකල් ඔවර් ඩෝස් වෙන්න බෙහෙත් ගත්ත එක පුදුමයක් නෑ. ඒත් ඉතින් සුපිරි ගායකයෙක් නිසා කාටහරි මරණෙ වරද පටවන්න රසිකයො කවුරුත් කැමතියි.(Society will always blame someone)මැරුණුකෙනා කිසි වරදක් නොකරපු කෙනාය කියන මානසිකතත්වෙ ලංකාවෙ විතරක් නෙවේ ඇමරිකාවෙ මිනිස්සුන්ටත් තියනව.ජූරි සභිකයො ටිකත් ජැක්සන් ෆෑන්ස් ලද දන්නෙ නෑනෙ. මමත් ජැක්සන් රසිකයෙක්... හැබැයි මම අහනව මිසක් අදහන්නෙ නෑ. ලංකාවෙත් ජැක්සන් අදහන කට්ටිය ඉන්න බව ඉතින් රහසක් නෙමේනෙ. කොහොම නමුත් මරේ හිරේ ගියා!!
ඇමරිකානු නීතිය ලංකාවෙ නීතියට හපන් කියල හිතෙන නඩුතීන්දු ඕනතරම් තියනව. බොහොමයක් ඒව කතාබහට ලක්වුන ඒව.ගොඩක් වෙලේට තර්කවලින් දිනන්න පුළුවන්.ලෝයර් හොඳනම් ගොඩ.වෙලාවකට හිතාගන්නත් බෑ එහෙම උනේ කොහොමද කියල. කයිලී ඇන්තනී කියන පුන්චි දැරියගෙ මරණයත් ඒවගේ අමුතු නඩුවක්.... ඇත්ත ඇති සැටියෙන් දැනගන්න මැරුණු මිනිස්සු නැගිටල එන්න ඕනෙ මගෙ හිතේ.. ඒත් එයා කියන්නෙ ඇත්ත් කියල කොහොමද දැනගන්නෙ.... බලාගනයනකොට ඇත්තත් සාපේක්ශයි.

Thursday, October 20, 2011

කඳුලේ දූපත-බලාපොරොත්තුවේ දූපත

 දින කීපයක් තිස්සේ බෝට්‍ටුවක හිරවී ගමන් කිරීම නිසා එමා තෙහෙට්‍ටුවී සිටියා. අවුරුද්දක් වයසැති මල්ලී අම්මා අයර්ලන්තයේ සිට ඔසවාගෙන ආ පිහා‍ටු මෙට්ටයට වී නිදයි. අම්මාත් තාත්තාත්  අළුත් බලාපොරොත්තුවකින් සිත් පුරවාගෙන පැද්දෙන බෝට්‍ටු බඳට හිස තබාගන නිදයි. දුඹුරු කෝට් බෑ අඳගත් දුම් උරමින් කාලය ගෙවන පිරිමින්ද දරුවන් නළවමින්ද  තමාගේ මළු තුරුල්කොටගෙන දෙවියන් යදින ගැහැණුන්ද තම පවුලේ අය මෙන්ම යන්නේ ඇමරිකානු එක්සත් ජනපදයේ අළුත් ජීවිතයක් ලබාගැනීමටය.බොට්‍ටුවේ බොහොමයක් අයර්ලන්ත ජාතිකයන්ය.තාත්තා මේ ගමනට මුදල් සොයාගත්තේ තම ගේත් ඉඩමත් විකිණීමෙනි.ඉතින් ආපසු යාමක් නැත. සියළුදෙනා දූපතේ පරීක්ෂණයෙන් සමත් වී රටට ඇතුළු විය යුතුය...


1892 සිට 1954 ද්ක්වා කාලයතුළ ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළුවූ සංක්‍රමණිකයින්ගේ ඇතුළුවීමේ ද්වාරය වූයේ "එලිස් දූපත"යි. ඉතා කුඩා දූපතක් වන එලිස් දූපතෙන් එමා වැනි මිලියන අටකටත් වැඩි ජනතාවක් ඇමරිකාවට ඇතුළුවුනා. 
මෙම මුළු දූපතටම ඇත්තේ එක් විශාල ගොඩනැඟිල්ලක් පමණයි.සංක්‍රමණිකයන්ගේ ලියකියවිලි පිළියෙල කිරීම හා වෛද්‍යය පරීක්ෂණය සිදු වූයේ මේ ගොඩනැඟිල්ල තුළයි. අද මේ ගොඩනැඟිල්ල හා දූපත සංචාරකයන්ගේ බොහොම අවදානයට ලක්වන කෞතුකාගාරයක්. ඇමරිකාව ශ්‍රමිකයන්ගේ අවශ්‍යතාව මත මෙලෙස සංක්‍රමණිකයන්ට රටට ඇතුළුවීමට නොමිලේ අවස්ථාව ලබාදුන්නා.කළයුතු වූයේ මුහුදු මාර්ගයෙන් එලිස් දූපතට ඇතුළුවී වෛද්‍යය පරීක්ෂණය සමත් වීමයි.
සරලයි වගේ පෙනුනට  මේ කටයුත්ත එතරම් පහසු කට යුත්තක් වුනේ නෑ. දවසකට සිය දහස් ගණනින් බඩුමළු උස්සන් මිනිස්සු එලිස් දූපතේ ..විවිධ සංස්කෘතීන් ඇති මිනිසුන් ගොඩක්.....   මේ අය ගැහැණු සහ ළමයි වෙනමත් පිරිමි වෙනමත් කොටස් කරල වෛද්‍යය පරීක්ෂණයට යවනවා. තමාගේ ස්වාමියා,බිරිඳ,දරුවන් ගෙන් නොදන්න දේශයක මොහොතකට හෝ වෙන්වෙන්නෙ බොහොම බයෙන්.ඒ විතරක් නෙවේ , සමහර අවස්ථාවක පවුලේ සමහරුන් වෛද්‍ය පරීක්ෂණය අසමත්වී ආපසු තමාගේ රටට පිටත් කර හරිනවා. පිටත් කර හැරි පුද්ගලයා පියානම් මවටත් දරුවන්ටත් ඒ ගැන දැනගන්න වෙන්නේ රටට ඇතුල්වූ පසුවයි.මොකද පිරිමි සහ ගැහැණුන් පරීක්ෂාවට ලක්වන්නේ වෙනම නිසා. අසමත් වූ අයට මෝනම හෙතුවක් මතවත් බෝඩරයෙන් මෙහාට එන්න ලැබෙන්නෙ නෑ.මව ඒ ගැන දැනගන්නවිට සමහරවිට පිය ‍රැගත් බෝට්ට්‍ටුව පිටත්වෙලා ඉවර වෙන්නත් පුළුවන්. මේ වගේ දුක්බර කතා වගේම රටට ඇතුළුවී ජීවිතය ජයගත් අයත් බොහොමයි මේනිසා එලිස් දූපත "කඳුලේ දූපත" හා "බලාපොරොත්තුවේ දූපත"(Island of tears-Island of hope)යන නම්වලින් හදුන්වනවා. මේ එලිස් දූපතේ කතා තේමාකරගන ලියවුන පොත් වගේම නිපදවූ චිත්‍රපටත් බොහොමයි. අද සංචාරක ආකර්ශණීය නැරඹුම් ස්ථානයක් වන එලිස් දූපතට පිහිට තිබෙන්නේ ඉහල නිව්යෝර්ක් මුහුදු බොක්කේ. මේ දූපතට නිව්යොර්ක් නගරයේ සිට ෆෙරී එකකින් ගමන් කරන්න පුළුවන්.







 

Wednesday, October 12, 2011

ලිවීම සහ ඉවීම


බැලූ බැල්මට ලිවීම සහ ඉවීම පරිප්පු සහ බෝල්ට් ඇණ වගේ එකිනෙකට කිසි සම්බන්දයක් නැති දෙකක් කියල හිතුනත් ලිවීම ,ඉවීමත් එක්ක බොහොම ගැඹුරු සම්බන්ඳයක් තියනව.
ඉවීමේදී අපි අවශ්‍යය කලමනා සියල්ලම එකතුකරල දන්න හැම රසකාරකයම දාල රසට උයනවා. ලිවීමේදීත් කරන්නෙ ඕකම තමා සියළු රස වචන හා අලාංකෘත යොදල පාඨකයාට රසවත් ලියවිල්ලක් හදනවා.
ඒ ඇරුනම ඉතින් ඔය ගොඩක් සූප සාස්තරයෙන් පරතෙරට ගිය උදවිය ආහාර වට්ටෝරු පොත් ලියනව.ඒ වගේම ඔය ලියන අයත් ඉතින් ගොඩක් වෙලේට ඉවීම ගැන ලියනව.
ගොඩක් බ්ලොග් අඩවි වල අඩුම තරමෙ ආහාරයක් ගැන එහෙමත් නැත්නම් ආහාර වට්ටෝරුවක් ගැන අඩුමගානෙ එක පොස්ට් එකක් වත් තියනවනෙ. ඉතින් මෙහෙම බලද්දි ඉවීමයි ලිවීමයි බොහොම නෑකම් කියන බවකුයි පේන්නෙ.ලිවීම සහ ඉවීම දෙකම ගොඩක් වෙලේට පුද්ගලයා අනුව වෙනස් වෙනව. ප්‍රේම කතා බිහිසුනු කතා සටන් කතා... කිරට,මිරිස්ට තෙලට....එකම කෑම උනත් එක එක්කෙනා උයන්නෙ එක එක විදියට.
රටකින් රටකට සාහිත්‍යය වගේම ආහාර සංස්කෘතියත් වෙනස්.අපි අවම වශයෙන් එක්වේලක්වත් බත් කෑවට හැම රටේම බත් ප්‍රාධාන ආහාරය නෙමෙයිනෙ.
අපේ පවුලේ නිල නොවන රීතියක් තියනව කසාද බදින තුරු පවුලේ ගැහැණු දරුවන්ට කියල ගෙදර කුස්සියේ වැඩ නොගන්න.එ රීත්තියේ නිධාන කතාව වෙන්නේ කසාද බැන්දාට පස්සෙ ගෑණු ළම්යුන්ට උයන එකෙන් නිදහස් වෙන්න බෑනෙ.ඉතින් ඉදිරි ජීවිතේ උයන එක ජීවිතේකොටසක් වෙන නිසා බදින්න කලින් දුවලට ඒ වැඩ කරන්න දෙන්නෙ නෑ. ඔය හේතුව උඩ ඉතින් අපේ අම්මාට සහ සහෝදරියන්ට ඔය උයන කලාව ඉගනගන්නවෙලා තියෙන්නෙ නැන්දම්මලාගෙන්. ගෙදර ඉන්න දවස්වල මම කුස්සිය පැත්ත පලාතෙ එනවට කවුරුවත් කැමතිනෑ. මම සමහර දවසට බලෙන්ම යනව උයන්න ඉගනගන්න කියල.
"මටත් උයන්න ඉගන ගන්න ඕනෙ...මාත් මොනාහරි කරන්නම්.."
"ඔක්කොටම කලින් පොල්ගාන්න ඉගනගන්න එපැයි.එහෙනම් ඔය පොල් ගෙඩිය ගාන්නකො බලන්න"
ඔය විදියට හැමදාම මට දෙන්නෙ පොල්ගාන්න. අපේ ගෙදර තිබුනෙ අර මේසෙට හයිකරන හිරමණයක් එකෙන් පොල්ගාන්න ඉතින් ඕන කෙනෙකුට පුළුවන්නෙ.ඕකෙ ආයෙ මොනා ඉගනගන්නද.ඉතින් මම කිව්වොත් අනේ මට පොල්ගාන්න දන්නවනෙ කියල ඔන්න ඒකට ලැබෙන උත්තරේ."ආ බලමු හරියට දන්නවද කියල... කො ඉත්න් ගාල පෙන්නන්නකො" ඔය විදියට මම කලේ හැම දාම පොල්ගාපු එක.ඒකාලෙ පොල් ගාන්න් විතරක් දැනගන හිටිය මම දැන් බොහොම හොඳට උයන්න පුළුවන් (අවම වශයෙන් අනිත් අයට කන්න පුළුවන් තත්වෙට උයන) කෝකියෙක්. වැඩේ කියන්නෙ මෙහෙ පොල් නෑ,තියෙන්නෙ පොල් කිරි ටින්!
මගේ ඉවීමේ රහසනම් ඉතින් ඔය ලිවීමට සම්බඳයි. ඒ කිව්වෙ මම උයන්න ඉගනගත්තෙ සූප ශාස්ත්‍ර පොත් වලින්.ඊට අමතරව අන්තර් ජාලයට පින්සිද්ධවෙන්න තමා.
2009 වර්ෂයේ තිරගත්වූ "ජූලි ඇන්ඩ් ජූලියා" ඉවීම කරමින් ලිවීම කරන බ්ලොග් කාරිණියක්ගේ කතාවක්. ඒ චිත්‍රපටියට පාදක වෙලා තියෙන්න්නෙ ජූලි පොවෙල්ගේ Julie & Julia: 365 Days, 524 Recipes, 1 Tiny Apartment Kitchen පොත හා ජූලියා චයිල්ඩ්ගේ My Life in France කියන පොත.
ජූලියා චයිල්ඩ්ට කලක් ප්‍රංශයේ ජීවත වන්න සිද්දවෙනවා,ඈ එහෙදී ප්‍රංශ අහාර පිලියෙල කරන හැටි ඉගන ගන්නවා.ප්‍රංශ කෑම වට්ටෝරු පොත් බොහොමයක් ලියවී තියෙන්නේ ප්‍රංශ භාෂාවෙන් ඉතින් ඇමරිකානු කාන්තාවන් සඳහා ජූලියා චයිල්ඩ් 1961දී Mastering the Art of French Cooking නමින් පොතක් ලියා පලකර තිබෙනවා. මේ පොත ඇමරිකාවේ බොහොම ජනප්‍රිය වුනා . මේ පොත නිසා ජූලියාත් ප්‍රසිද්ධ කාන්තාවක් උනා.ඈ ජීවත් වූ ගෙදර අද කෞතුකාගාරයක්. ඉන් කලකට පසු ජූලි පොවෙල් තමාගේ ‍රැකියාවේ ආතතියෙන් මිදෙන්න මේ පොත උදව්කරගන්නවා. ඈ මේ පොතේ තිබෙන කෑම වට්ටොරු 524 දින 365 කින් අත්හදා බලන්න තීරණය කරනවා. ඉතින් ඈ ඒ අහාර අත්හදා බැලීම ගැන කියන්න බ්ලොග් සටහනක් ලිවීමට පටන්ගන්නවා. ඒ වගේම ඇගේ බ්ලොගයට බොහොම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ බ්ලොග් සටහන් තමා Julie & Julia: 365 Days, 524 Recipes, 1 Tiny Apartment Kitchen නමින් පොතක් ලෙස පලකර තිබෙන්නේ. මේ සත්‍ය කතාව පදනම් කරගෙන නිපදවූ චිත්‍ර පටය තමා ජූලි ඇන්ඩ් ජූලියා. බොහොම රසවත් චිත්‍රපටයක් නරඹලා නැත්නම් ඉඩක් ලදවිට බලන්න. අපි වගේම බ්ලොග් ලියූ අද වනවිට ප්‍රසිද්ධ ලේඛිකාවක් බවට පත්වීසිටින ජූලි පොවෙල් ගැන අපටත් සතු‍ටුවිය හැකියි.

Thursday, October 6, 2011

හැලොවීන්!!!!!!



ඔක්තෝබර් 30 වෙනිදාට ලෝකයේ බොහෝමයක් රටවලට උත්සවාකාර දිනයක්. ඒ උත්සව පැවැත්වෙන්නේ ලංකාවෙ අපිට නුපුරුදු "හැලොවීන් " වෙනුවෙනුයි.
උත්සවය ඇමරිකාව ,කැනඩාව , බ්‍රිතාන්‍යය ,අයර්ලන්තය ඇතුළු බොහොමයක් රටවල මේ උත්සවය පැවැත්වෙනවා. සමහර රටවල මේ උත්සවය හඳුන්වන්නේ වෙනත් නම් වලින්. ඒ වගේම මේ උත්සවය සමරන විදියත් රටින් රටට වෙනස්. මේ උත්සවය ඇතිවෙලා තියෙන්නෙ මළවුන් පිදීම ,නපුරු ආත්මයන් පලවාහරින්න වගේ මිත්‍යා විශ්වාස පදනම් කරගන. අද වෙනකොට අනිත් කොයි දේත් වගේ හැලොවීනුත් වානිජකරණයවෙලා.දැන් එක එක ඇඳුම් අදින එකයි රස කැවිලි පොඩි දරුවන්ට බෙදන එකයි තමා ඒ දවසට සිද්ධ වෙන්නෙ.


ඇමරිකානුවන් හැලොවීන් උත්සවය බොහොම සාරෙට සමරන පිරිසක්. හැලොවීන් දවසෙ රෑට පුංචි ළමයි  විවිධ වේශයන්ගේ ඇඳුම් පැළඳුම් ඇඳගෙන කණ්ඩායම් විධියට ගෙයින් ගෙට යනවා, එහෙම ගිහින් දොරට තට්‍ටුකරල "ට්‍රික් ඔර් ට්‍රීට්" කියනව. එතකොට ගෙවල් වල ඉන්න අය මේ පුංචි අයට ටොෆී, චොකලට් වගේ පැණි රස කෑම ඒගොල්ලන්ට් දෙනව.ගොඩක් පොඩි ළමයි මේ කැවිලි එකතුකරගන්න මල්ලකුත් අරගන යනවා.ගොඩක් වෙලාවට ඒක වට්ටක්කා හැඩයේ බාල්දියක්. මේ කාලෙට ඕනම සුපර් මාකට් එකකින් ඔය කියන බාල්දි ගන්න පුළුවන්.මායා කාරියන් වැම්පයර්ල වගේ භීතිය ගෙනෙනෙ ඇඳුම් වලින් තමා ගොඩදෙනෙක්  සැරසෙන්නේ මේ උත්සවයේ තව අංගයක් තමා වට්ටක්කා ගෙඩි අරගන ඇවිත් ඒවයේ මැද හාරලා අයින් කරල  ,පැත්තක ඇස් හා කටක් ලෙසට වට්ටක්කා ගෙඩියේ කැටයම් කපල මැද ඉටි පන්දමකුත් පත්තුකරල දොරලඟ තියන එක.මේ වට්ටක්කා අපි කෑමට ගන්න ඒව වගේ නෙමෙයි බොහොම ලොකු වට්ටක්කා ගෙඩි. හැලොවින් රාත්‍රියේදී සියළුම අශුද්ධ ආත්මයන් පොළවට පැමිණෙන බවට අතීතයේ විශ්වාස කළා මේ වට්ටක්කා පහන හෙවත් ජැක්-ඕ-ලැන්ටන් දොරකඩ තියන්නෙ අශුද්ධ ආත්ම පලවා හරින්නයි' ඒ හා බැඳුනු ජන කතාත් බොහොමයි. මේ වට්ටක්කා පහනට අමතරව ගෙවල් එක එක බයහිතෙන දේවල් වලින් සරසන එකත් මෙයාල කරනව.








අතීතයේ කොහොම උනත් අද වෙනකොටනම් මේකත් වැලන්ටයින් වලට දෙවනි නෑ. කඩ සාප්පු පුරවලා හැලොවින් තොරොම්බල්, හැමතැනම එක එක බය හිතෙන රූප . ගෙවල් ඉස්සරහ බය හිතෙන විදියෙ පඹයො එල්ලලා. ජාති ජාති ඇඳුම් විකුණන්න තියනව. ළමයින්ට වගේම ලොකු ඈයන්ටත්  මේ ඇඳුම් අඳින්න තහනමක් නෑ. වැලන්ටයින් පාටි වගේ හැලොවීන් පාටිත් තියනව, ඇඳගනනම් යන්න ඕන ඔය පාටි වලට ඉතින් ඔය එක එක චරිත නිරූපණය කරන ඇඳුම් තමා.  ඔක්කොම එක එක ඇඳුම් ඇඳගන ඉන්නකොට හරියට පෙර පාසල් විකට ඇඳුම් තරඟයක් වගේ....


රට රටවලට විශේෂ වූ සම්ප්‍රදායන් හා සංස්කෘතීන් පවතිනව. ඒ වගේම ඒවාට අයත් එක් එක් වත් පිලිවෙලවල් හා ක්‍රියාකාරකම් පවතිනව. හැලොවීන් උත්සවයත් එවැනි එක් ක්‍රියාකාරකමක්. තමාගේ ප්‍රියතම චරිතයක ඇදුමකින් හැඬ වෙන්න ලැබෙන නිසාත් ඕන තරම් රස කැවිලි කෑමට ලැබෙන නිසාත් පුංචි ළමයි මේ උත්සවයල ප්‍රියයි. ඒකාකාරී දිවි පෙවෙතින් මඳ විරාමයක් ලැබෙන නිසාත්  අසල් වැසි නෑ හිත මිතුරන් හා විනෝදවීමට ඉඩක් ලැබෙන නිසාත් ලොකු ඇත්තො හැලොවීන් වලට ප්‍රියයි. වෙනස් පරිසරයක අළුත් අත්දැකීම් වලට කැමති නිසා මාත් හැලොවීන් වලට ප්‍රියයි...
ඔබ සැමට සුභ හැලොවීන් එකක් වේවා !!!!!

Tuesday, September 27, 2011

අමේලියා බෙදේලියා





"අනේ මට නම් බෑ බත් කන්න ... මට බඩගිනි නෑ......."


"අනේ පුතේ ටිකක් හරි කන්නකෝ... බත් කන්නෙ නැති  බබාලව හුළගෙ යනව...උඩ ගිය බබා වගේ"


"අනේ මට බෑ....."


"ඔන්න එහෙනම් ඔයාට කිරි හාමිගෙ කතාව කියන්නෙ නෑ"


පුංචි කාලෙ මට කෑම කවන යුද්දෙ ඉවරවෙන්නෙ ඔන්න ඔයවගේ දෙබසකින්. මම කෑම කන්නෙ කතන්දරයක් කියනවනම් විතරයි. ඔය විදියට අම්ම,ආච්චි අම්මල සීයල , පුංචිල,නැන්දල මෙකී නොකී කොයි කවුරුත් ගාව තියන කතන්දර පෙට්ටි හිස් වෙනකන් මම කතන්දර අහල තියනව. බැරිම තැන කට්ටිය කතන්දර හදලත් කිව්ව. ඔය විදියට කෑම කවාගන්න කියපු ජනප්‍රියම කතාවක් තමයි කිරි හාමිගේ කතා.හත් පන කියන පොතේ තියන මේ කතන්දර පෙළ හරිම රසවත්,අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ ඔය හැමෝමත් මේ කතා රස විදල තියනවට සැකයක් නෑ. පසු කාලෙක රෑපවාහිනී මාලා නාටකයකුත් ගියානෙ ඔය ඇසුරින්.
මම මේ කියන්න යන්නෙ කිරිහාමි ගැනවත් හත් පණ ගැනවත් නෙමෙයි. කිරි හාමිගේ කතන්දර රසය සිහි ගන්වන කිරිහාමි වගේම හස්‍යය ගෙනෙන කිරි හාමිනේ කෙනෙක්ගෙ කතා තියන කතන්දර පොතක් ගැන කියන්න. මේ කිරි හාමිනේ ඉන්නෙ ඇමරිකාවෙ  එයාගෙ නම තමයි. " අමේලියා බෙදේලියා" ඈ ගෘහ සේවිකාවක්.  ඔය උඩ පින්තූරෙ ඉන්නෙ එයා තමයි. එයාට බොහොම පොහොසත් ගෙදරක ගෘහ සේවිකා තනතුරක් ලැබෙනව. වැඩට යන පළමු වෙනි දවසේ වෙන අකර තැබ්බ තමයි පළවෙනි පොතේ තියෙන්නේ. මේ විදියට කතා 28 ක් ඇතුලත් පොත් 28 ක් තියනව. මේ රසවත් අමේලියා බෙදේලිය පොත් පෙළ ලිවීම ආරම්භකර තියෙන්නෙ "පෙගී පැරිෂ්" කියන ලේඛිකාව.පළමු පොත් ලිවීමෙන් පසු වර්ෂ දී සිදුවූ ඇගේ හදිසි මරණයෙන් පසු පෙගීගේ බෑනනුවන්  "හර්මන් පැරිෂ්" ඉතිරි පොත් ලියා තිබෙනවා.




මතකද කිරි හාමි  ගෙදරක වැඩට ගිහින් දෙපැත්තෙම බටර් ගාන්න කියපුවම ගෙදර ළමයින්ගේ දෙපැත්තේ බටර් ගාපු කතාව.මේ අමේලියත් ඒවගේ. කියන දේ තෙරුම් ගන්නේම වැරදියට.
ආහාර සෑදීමේදී ඩ්‍රසින්ග් (dressing) කරනවා කියා පවසන්න්නේ එයට සෝස් වැනි යමක් එක්කිරිමයි. අමේලියට කුකුළු මස් ඩ්‍රසින්ග් කර තබන ලෙස ගෙදර සුවාමි දුව වන  රොජර්ස් මහත්මිය පවසනවා.අමේලියා කුකුළු මස් පිඟානක තබා එයට කුඩා ඇඳුම්  අන්දනවා. ඈට නාන කාමරයේ තුවා වෙනස් කරන ලෙස කීවිට අමේලියා මෙසේ සිතනවා"මේ තුවා කොච්චර ලස්සනද ඇයි මේවා වෙනස් කරන්නේ" නමුත් ඈ  ගේ වැඩ ලයිස්තුවේ එය තිබෙන නිස ඈ කතුරක් ගෙන ඒ තුවා කපා වෙනස් කරනවා.


 අමේලියා කොතරම් ‍මෝඩ වැඩ කලත් රොගර්ස් මහතා හා මහත්මිය අමේලියාව ගෙදර තියාගන්නෙ එයා රසම රස පුඩින් හදන නිසයි.




ඉංග්‍රීසි පොත් රසවිදින්න කැමති පොඩ්ඩන්ට වගේම ලොක්කන්ටත් මේ පොත අපූරුයි.

Sunday, September 25, 2011

ඇවිදින චිත්‍ර බලමුද?

පාට පාට සායම් ගාපු ලස්සනම ලස්සන චිත්‍රයක්  දිහා බලාගන ඉන්න අපි කවුරුත් කැමතියි . ඒ චිත්‍රයට පන ඇවිත් චලනයන් පෙන්වුවොත් අපි තවත් විස්මයෙන් ඒ දිහා බලාගන ඉන්නවට සැකයක් නෑ. චිත්‍රවලට පණ ආපුවාම අපි ඒවාට "කාටූන්" කියල කියනව. කොච්චර වයසින් වැඩුනත් මට කාටූන් බලන්න තියන කැමැත්තනම් අඩු වුනේ නෑ. අදටත් ඩිස්නි චැනල් එක හරි කාටූන් නෙට් වර්ක් හරි තමා අපේ ගෙදර වැඩිපුරම බැලෙන්නෙ. පුංචිකාලෙ ටයිටස් තොටවත්ත මාම හඬකවපු දොස්තර හොඳ හිත,ගලිවරයන්ගේ සුවිසැරිය,පිස්සු පූසා....වගේ හරිම රසවත් කාටූන් රසවිඳපු හැටි මට තාම මතයි. පස්සෙ කාලෙක මිකී මවුස් , ටොම් ඇන්ඩ් ජෙරී , ඩිස්නි සුරංගනා කතා...
මේ ඔක්කොම කාටූන් මගේ මතකයට ආවෙ පහුගිය දවසක බලපු කාටූන් චිත්‍ර පටියක් නිසයි.ඒ තම 2010 ප්‍රචාරය වූ ටැන්ග්ල්ඩ් චිත්‍ර පටය, රපුන්සල්ගේ කතාව.... මේක ටිකක් පරණ චිත්‍ර පටයක් වුනත් බලන්න වුනේ නෑ. ගිය සතියෙ ඔය චිත්‍රපටය බලන්න අවස්තාවක් උදාවුනා . ඒ එක්කම අතීතයේ බලපු ලස්සනම ලස්සන කාටූන් කතා ගොඩාක් මගේ මතකයට ආව. බ්ලොග් කියවන මිතුරු මිතුරියො මම තරමටම මේ කාටූන් පට රසවිද ඇති බවට කිසිම සැකයක් නැති නිසා අතීතයේ කාටූන් කතා මතක් කරන්න ඕනේ කියල හිතුන.


දොස්තර හොඳ හිත

මුහුද මගේ ගොඩ බිමයි
නැව මගෙ නිවසට සමයි
සියළු සතුන් මගෙ තමයි
දොස්තර හොඳ් හිත මමයි





 හා හා හරි හාවා

හා හා හරි හාවා
කැළේ මැදින් ආවා
හිටගෙන ගඟ ගාවා
වට පිට ඇහැලෑවා





 පිස්සු පූසා

පිස්ස මූ පිස්ස මූ පිස්සු පූස මූ...













ගලිවරයන්ගේ සුවිසැරිය

මම ටොමියත් එක්ක්ක පාවෙලා ආව ලිලිපුට් දූපතට.
ලිලිපුට්ටො කුරුමිට්ටො......









වුඩි වුඩ් පැකර්

මෙයාගෙ හිනාව තමයි හරිම ලස්සන. ...





ටොම් ඇන්ඩ් ජෙරී

ටොම් පූස් පැටිය ජෙරී මී පැටිය පස්සෙන් එලවන එලවනව....කෝ තම අහුවුනේ නෑ







 
කුඩා වියේ දී රසවිදපු මේ සුන්දර 
 කාටූන් පෙළට පසු කාලීනව තව කිහිපයක් එක් වුනා.....

වලස් මාමා

මාමා වලස් මාමා
නැන්දා වලස් නැන්දා
කවුරුද කවුරුද රංඩුකරන්නේ
නැන්දයි මාමයි රංඩු කරන්නේ....




කවුද බෝයි





සූර පප්පා



     
     ස්කුබි ඩූ










                                                    ඳගයා                            



ලොකු කුඩා බේදයක් නැතුව කවදත් එක ලෙස රස විදිය හැකි කටූන් කතා පෙළක් .... හැබැයි මගේ අදහස නම් පැරණි කාටූන් පට වල් අළුත් ඒවාට වඩා මොකක්දෝ අමුතු රසයක් තියන බවයි. ඕල්ඩ් ඊස් ගෝල්ඩ් කියල කතාවකුත් තියනවනෙ..... සමහර වෙලාවට මට හිතෙන දෙයක් තමා දැන් දැන් තැනෙන සමහර කාටූන් පට ළමා මනසට එතරම් සුදුසු නෑ කියල.  කොහොම නමුත් චූටි දුවල පුතාල ඉන්න අයනම්  කාටූන් පට ගැන නිතර උනන්දුවෙනවනෙ. මේ ගොඩක් කාටූන් පට අන්තර්ජාලයෙන් ලේසියෙන් හොයගන්න පුලුවන්. ...    

Thursday, September 22, 2011

අතින් අතට යන "ෆුට් බෝල්"

" ෆුට් බෝල් " කිව්වම අපි කාටත් මතක්වෙන්නෙ පාපන්දු ක්‍රීඩාව. ඒත් ඇමරිකාවෙ ෆුට් බෝල් කියන්නෙ වෙනත් ක්‍රීඩාවක්.ඔවුන් පාපන්දු ක්‍රීඩාව හඳුන්වන්නේ "සොකර් " කියල.ඇමරිකානු ෆුට් බෝල් ක්‍රීඩාව වෙනත් රටවල ඒතරම් ප්‍රසිද්ධ ක්‍රීඩාවක් නෙමෙයි. නමුත් ඇමෙරිකානුවන්ට ෆුට් බෝල් කිව්වම ඊට වඩා දෙයක් නෑ.මේ ක්‍රීඩාව ෆුට් බෝල් නමින් හදුන්වන්නේ මේ සඳහා යොදාගන්නා බෝලය අඩ්යක් නැත්නම් ෆූට් එකක් දිග නිසයි. මෙහි බෝලය ගෙනයන්නේ අතින් හරියට රගර් වගේ.
ඇමරිකානු ෆුට් බෝල් පාසල් කණ්ඩායම්, විශ්ව විද්‍යාල කණ්ඩායම් සහ වෘත්තීය කණ්ඩායම් ලෙස ප්‍රධාන කොටස් තුනකින් යුතුයි. මේ එක් එක් පද්ධතියට වෙන වෙනම නීති මාලාවන් තිබෙනවා. විශ්වවිද්‍යාල කණ්ඩායම් අතර සිදුවන තරඟ තමා බොහොම විසිතුරු හා උත්සවාකාරයෙන් පැවැත්වෙන්නෙ. සාමාන්‍යයෙන් ඇමරිකානු ෆොට් බෝල්  සීස්න් එක සැප්තැම්බ්ර් මාසයේ ඉදල නොවැම්බර් මාසය දක්වා පවතිනව. මේ කාලයේදී තමයි විශ්වවිද්‍යාල තරඟපැවැත්වෙන්නෙ. බොහොම විශාල මේ ක්‍රීඩාව සඳහාම තැනුනු පිට්ටනි වල ලක්ශගණනි මිනිස්සු පිරිල ඔල්වරසන් දෙන්නෙ තමුන්ගෙ කණ්ඩායම ජයග්‍රහනය කරවන්නයි. එක් එක් විශ්ව විද්‍යාල වලට වෙන වෙනම උප සංස්කෘතීන් තිබෙනවා. ඊට අමතරව සෑම කණ්ඩායමකටම තමන් නියෝජනය කරන සතකු සිටිනවා. මේ සතා  විදියට ඇදගත් පුද්ගලයකුත් ඔවුන්ට සිටිනවා. ඊටත් වඩා අපූරු කාරනේ තමා තරඟයක් ආරම්භකරන්න පෙර ඒ තරඟය පැවැත්වෙන ක්‍රීඩාංගනය අයත් කණ්ඩායමේ නිල සත්වයා

ක්‍රීඩාපිටියවටා රවුමක් ගෙනියනව..... මම මේ කියන්නෙ අර ඒ සතා විදියට ඇදගත්ත පුද්ගලය ගැන එහෙම්න නෙමෙයි. ඇත්තම ඇත්ත සතා ගැන. ...ඔව් ..ඔව්... හැම ක්ණ්ඩායමකටම නිල ජීවී සත්වයෙක් ඉන්නවා. උදාහරණයක් විදියට ලුසියාන ස්ටේට් ඔෆ් යුනිවර් සිටි වල නිල සත්වයා කොටියෙක්... හ්ම්ම්ම් මෙයලට ඇත්ත කොටියෙක් ඉන්නව නේන්නම්. මේ කොටිය තර‍ඟෙට කලින් පිට්ටනිය වටේ රවුමකුත් යනව. යුනිවර්සිටි ඔෆ් ඔරිගන්වල තාරාවා, මිසිසිපි ස්ටේට් යුනිවර්සිටි හි බුල් ඩෝග්, යුනිවර්සිටි ඔෆ් ඇල බාමා වල අලියා(මෙයාලටනම් ඇත්ත අලියෙක් තාම නෑ).යුනිවර්සිටි ඔෆ් ෆොලොරීඩා වල කිඹුලා...... මේ ආදී ලෙස එක එක නිල ස්ත්වයන් ඉන්නවා.
                       
රගර් ක්‍රීඩාවට ටිකක් සමාන මේ ක්‍රීඩාවට විවිධ නීති රීති පවතිනවා. ඒත් ඒවාට වඩා මේ ක්‍රීඩාවහා බැදුනු උප සංස්කෘතිය හරිම විනෝද ජනකයි.
තරඟයට කලින් ක්‍රීඩා පිටිය වටා භූලියෙ කූඩාරම් ගහල ඒ වගේ උදේ ඉදන් විවිද ආහාර පිසිමින් හා බුදිමින් හවස තරඟය පටන් ගන්නා තුරු බලාසිටින පිරිස  ඉතා විශාල්යි. ඊට අමතරව අනිතයටත් සමහර කූඩාරම් වල නොමිලේ කෑම ලබා දෙනව. මෙහිදී බැදපු මස් හා රතු කවුපි විශේෂයි.මේ කූඩාරම් ගැසීම  හා අහාර බුඩ්ක්තිවිදීම හැදින් වෙන්නේ "ටේල් ගේටින්ග්" කියල.
 









ඉන් පස්සෙ කණ්ඩායමේ කීඩකයො ටික පෙර හැරකින් පිටියට අතුල් වෙනව. ඊට පසුව නිල සත්වයා ලෙස ඇදගත් පුද්ගලයත් සමඟ බෑන්ඩ් කණ්ඩායම හා දිරි ගන්වන කණ්ඩායමේ කට්ටිය පෙරහැරකින් පිටියට යනව.  තරඟය පටන් ගන්න කලිනුත් ජෙට් යානා හ්ගමන් කිරීම පැරශුට වලින් පිටියට බැසීම සරඹ සංද්ර්ශණ වැනියමක් සිදුකරනවා. නැවතත් තරඟයේ මැදදි ලැබෙන විවේකයේ විශාල සරඹ සංදර්ශණයක් පැවැත් වෙනවා.

















මම දැකපු විශේෂම කාරණය තමා දිනුවත් පැරදුනත් හැමෝම ඒක ස්තුටින් භාර ගැනීම. ඕනෙමනම් පැරදුන කණ්ඩායමට අයත් අය ටිකක් විතර කසු කුසුවෙන් බනී. එච්චරයි. කවදාවත්ම ගහගන්නෙ මරාගන්නෙ නෑ.

Thursday, September 1, 2011

මීදුමින් සෑදුනු

නීල වර්ණ තෘණ ශාකයන්ගෙන් වැසීගිය කදු මුදුන් වලින් පහළට ඇද හැලෙන සුදුම සුදු ජලකදන් සහිත දිය ඇලි ලංකාවේ ජිවත්වූ අපිට අරුමයක් නෙමෙයි. නුවර එළිය ගිහින් තියෙනවානම් ඒ යන මග දිගටත් ඉන් පස්සෙ විශේෂිත ස්තානවල ඇති දුන්හිද දියළුම වගේ සුප්‍රසිද්ද දිය ඇලිත් නරඹන්න ලංකාවෙ අපි කාටත් අවස්තාව තියනව.
කාලයක් තිස්සෙ මේ වගෙ දිය ඇල්ලක් නැරඹීමේ ආශාවක් රෝස කුමාරිටයි බඹර කුමාරයටයි ඇතිවෙලා තිබුණ. හැබැයි මේ දිය ඇල්ල තියෙන්නෙ ලංකාවෙ නෙමේ ... මේ විශේෂ දිය ඇල්ල තමයි "නයගරා"
බොහොම කාලයක් විවිද වූ කාරණා නිසා කල් දමමින් හිටපු මේ ගමන අන්තිමෙදි අපි මේ ග්‍රීෂ්ම නිවාඩුවේදී ගියා.


කැනඩාවේ ඔන්ටේරියෝ හා ඇමරිකාවේ නිව් යෝර්ක් අතර ජාත්යාන්තර දේශ සීමාවේ පිහිටි මේ සොඳුරු දිය ඇල්ල 'හෝර්ස්ෂූ' හා 'ඇමරිකන් ෆෝල්ස්' ලෙස ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. 'හෝර්ස්ෂූ' අයිති කැනඩාවට.'ඇමරිකන් ෆෝල්ස්' නමේ හැටියටම අයිති ඇමරිකවට. ඇමරිකාවට අයත් පැත්තේ තවත් කුඩා දිය ඇල්ලක් තිබෙනවා 'බ්‍රයිඩල් වේල් ෆෝල්ස්' නමින් . ප්‍රධාන දිය ඇලි දෙක වෙන් වෙන්නේ "ගෝට් අයිලන්ඩ්" කියන කුඩා දූපතකින්. නයගරා දිය ඇල්ල නිර්මාණය වන්නේ නයගර ගඟ පන්චමහා විල් වලින් එකක් වන ඔන්ටේරියෝ විලට ඇද වැටීමෙනුයි.

වැඩියෙන්ම ලස්සන කැනඩා බෝඩර් එකේ තියන "හොර්ස්ෂූ " දිය ඇල්ලයි. ඒ කොටසේ තුන් පැත්තකින්ම දිය ඇල්ල වටවී තියනවා. ඇමරිකානු බොඩ්ර් එකෙන් දිය ඇල්ල බලන්න එන අයට කැනඩා කොටසත් කැනඩා පැත්තෙන් එන අයට ඇමරිකානු කොටසත් ගොඩබිමේ සිට එතරම් හොඳට පෙනෙන්නේ නෑ. ඒ නිසා මේ දිය ඇලි දෙකම බලගන්න පුළුවන් විදියට බෝට්‍ටු සවාරි සංවිධානය කර තිබෙනවා.මේ බෝට්‍ටු සවාරිය හදුන්වන්නේ මීදුමින් සෑදුනු හෙවත් 'මේඩ් ඔෆ් ද මිස්ට්' යන අපූරු නමින්. කැනඩාවත් ඇමරිකාවත් බොහොම සමඟියෙන් මේ දිය ඇල්ල සංචාරක ව්ය්‍යාපාරයට යොදාගන්නවා.



ඔය කියන විස්තර වලට අමතරව මගේ පෞද්ගලික අත් දැකීමේ හැටියට නයගරා කියන්නේ බොහොම ලස්සන ,නරඹන්න වටින ස්ථානයක්. අපි ගියෙ ඇමරිකානු පැත්තෙන්. එතැන ඉදල කැනඩා පැත්තට බෝට්‍ටුවේ ගමන්කර විට දැනුනු හැඟීම බොහොම අපූරුයි.ඒ හැඟීම වචනවලට හරවලා මම ඹඹර කුමාරයට කිව්වෙ මෙන්න මේ විදියටයි. " හරියට අපි ලොස්ට් වර්ල්ඩ් එකකට ඇවිත් වගේ". එතනදී බෝට්‍ටුවේ සෙනඟ කොච්චර හිටියත් අපිට දැනෙන්නේ අපි ඒ මහා දිය ඇල්ල ගාව තනි වෙලා වගේ. ඹඹර කුමාරය ඇතුළු අපේ නඩේ අනිත් ඈයන්ටත් මේ හැඟීම ඒ විදියටම දැනිල තිබුන.
ඔන්න එහෙනම් ඕ ගොල්ලන්ටත් බලන්න පින්තූරු ටිකක්.







Wednesday, July 13, 2011

ගණන්කාර බළල් පැටියා




බොහොමයක් ලංකාවෙ ගෙවල්වල බල්ලන් හා පූසන් හදන්නේ සුරතල් සතුන්ට වඩා ප්‍රයෝජ්නවත් සතුන් විදියටයි. බල්ලන් ආරක්ෂාවටත් පූසන් මී උවදුරින් ගැලවෙන්නත් තමෛ ගෙවල් වලට අරගන එන්නෙ. හැබැයි ඉතින් ඔය කියන සත්ව දෙකොට්ටාශය මනුස්ස දරුවො වගේ හදන අයත් ඉන්නව ඕනෙ තරම්. මම සතුන් හදන්න එච්චර කැමැත්තක් නැත්තෙ හෙතු කිහිපයක් නිසයි. එකක් තමා අදරෙන් හදන සුරතලා ගේ වියොව දරගන්න බැරි වීම අනික් කාරනේ තමා ඔය කුරුල්ලො වගේ නිදහසේ ඉන්න සතුන් හිරකරගන්න තියන අකමැත්ත. මගේ කැමැත්ත අකමැත්ත කොහොම වෙතත් මම කුඩා කාලෙ ඉදන් අපේ ගෙදර එකී මෙකී නොකී සත්තු ඔක්කොම හදල තියනව. ඒකට හෙතුව මගේ මාමා අධික සත්ව ලෝලියෙක් වීම.අදටත් ලස්සන කුරුල්ලන් ,මාළු දකින්න ලැබුනම අපේ මාම හරියට පොඩි ළමයෙක් වගේ ඒ දිහාවට ඇදිල යනව. මට කතාකරන බොහොමයක් වෙලාවටත් ඔහේ ලස්සන කුරුල්ලො ඉන්නවද කියල අහන්න මාම අමතක කරන්නෙ නෑ. මාමා දැන් ජිවත් වෙන්නෙත් පිටරටක ඒත් ලංකාවට යන හැමසැරයකම කුරුළු ජෝඩුවක් හරි මාළු කිහිප දෙනෙක්හරි අරගන්න එයා අමතක කරන්නෙ නෑ. තවමත් අපේ මහ ගෙදර 'ලවු බර්ඩ්ස්' කිහිපදෙනෙක් ඇතිකරන්නෙ ඒ පුරුද්දට. මාම ඔය ලස්සන සත්තු වගේම හරි කලතුරකින් හම්බවෙන සතුන්වත් ඇති කරල තියනව.මට මතක අසාමාන්‍යම සත්වයා තමා" රාජාළියා". කොහොම අල්ලගත්තද කියල මතකයේ නැතත් මම ප්ංචි කාලෙ අපේ මාමා තරමක රාජාළියකු අතිකලා.රාජාළියා හිටියෙ දැල්වලින් වටකරල හදපු කුඩා කාමරයක් විතර විශාල කො‍ටුවක. මස් කඩවලින් බල්ලන් සදහා විකුණන මස් තමා රාජාළියාට ගෙනාවෙ.කුරුළ්ලා හොදටම ලොකු උනාම මාම රාජාළියා නිදහස් කරල යන්න ඇරිය.
ඔය කොච්චර සත්තු දැක්කත් මට ඔය එක සතෙකුටවත් ආසාවක් හිතුනෙ නෑ.මම උසස්පෙළ කරන කාලෙ අපේ ගෙදර ගෙනාපු පුන්චි තැඹිළි පාට පූස් පැටියා තමයි අදටත් මම කැමතිම සුරතලා. එයා තාමත් අපේ ලංකාවෙ ගෙදර අනිත් අයගෙ ආදරය මැද්දෙ ඉන්නවා. මට සුරතල් බළල් පැටවකු ගැන හිතක් පහල උනේ ඔය උඩ එන්න පින්තූරෙ ඉන්න බෙන්ගාල් පූසන් ව දැක්කට පස්සෙ. දිවි පැටියකු වගේ පේන මේ පූස් කට්ටිය පැවතගෙන එන්නෙ සාමාන්‍යය පූසන් ගෙන් හා ආසියානු දිවි පූසන් ගෙන්. බෙන්ගාල් පූසන්ට නම ලැබිලාතියෙන්නෙත් ඔය කියන ආසියානු දිවි පූසන්(asian leopard cat) ගේ විද්‍යාත්මක නමවන Prionailurus bengalensis bengalensis කියන එකෙන්.
මෙ ලස්සන පූස් පැටවුන් පෙනුම වගේම හරිම හුරතල් චන්ඩි පූසො වර්ගයක්. පූසකු ඇතිකරන්න පුලුවන් කමක් නැති උනත් මම නිකමට මේ පූසකු මිලදීල ගන්න සොයා බැලුවෙ කවද හරි ගන්න පුලුවනිනෙ කියල හිතල.නිකමට හිතමු මම ලංකාවට යද්දි අරගන යන්න පුලුවනි කියල....අම්මේ.... වටේ පිටේ අය කියයි ෂුවර් එකටම මම කොටි පැටියෙක් ගෙනත් කියල. සිහින දකිමින් පූස් පැටව් හෙව්වට මාව උඩගියෙ මෙයාලගෙ ගාන දැකලයි. ඉතා දුර්ලභ මේ පූස් පැටවකු මිලෙන් $850 - 2000 ත් අතර වෙනවා.......... හ්ම්.... මොනාකරන්නද ඉතින් මම හිතින් ඒ අදහස අහක්කළා.

Thursday, June 30, 2011

"මකර ලොව කලබල"

 පුන්චිම පුන්චි ළමයෙක් වෙලා හිටපු කාලයේ ඉදන්ම මම පොත් කියවන්න බොහෝම කමතියි.මට ඒ කාලේ ඉදන් අද දක්වාම බොහොම වෙලාවට ඔය කියන පොත්වලට  ඇති රුචිය දන්න කියන අයගෙන් මට  පොත් තෑගි ලැබෙන්නවා.
රුසියානු පොත් මගේ  ප්‍රියතම පොත් ගොන්නේ උඩින්ම ඉන්නවා. ලස්සන වසීලිස්සා මගෙ ජිවිතේ බොහෝමයක් අතීත සිදුවීම් මතක්කර දෙනව. ලස්සන වසීලිස්සා සහ තවත් රුසියානු පොත් ගැන අපේ "නෙළුම් විල" අතුලු තවත් ගොඩක් බ්ලොග් සහෝදර සහොදරියො ලියා තිබුණු නිසාත් රුසියනු පොත් ගැන වෙනම පොස්ට් එකක් පසු කාලීනව දාන්න හිතාගන ඉන්න නිසාත් රුසියනු පොත් අපි ටිකකට අමතක කරමුකො.
ඔය රුසියනු පොත් ඇරුනම මීට සෑහෙන කාලෙකට කලින් ප්‍රසිද්ධ වෙච්ච පොත් වර්ගයක් තමා චින ළමා කතා පොත් කියන්නෙ. මාගාවත් ඔය කියන චීන පොත් තිබුන.(තවමත් තියනව පොත් කිහිපයක්).
ඒ අතරින් මගෙ ප්‍රියතමයා තමයි "මකර ලොව කළබල" . පොත් ගැන් ඇති බ්ලොග් වලවත් facebook සහ වෙනත් group  වලවත් මට මෙ පොත ගැන සටහන් වෙලා තියනව දකින්න ලැබිල නෑ.
"මකර ලොව කළබල " පොතේ ප්‍රධාන චරිතය "නචා". නචා කියන්නේ චින පුරාවෘත කතාවක චරිතයක්. ලස්සනම ලස්සන පින්තූරත් එක්ක තමා මෙ පොත තිබුනෙ.මා ගාව මේ පොත තවමත් තියන්ව.ලංකාවට ගිය වෙලාවක් මේ ඔකොම පොත් scan කරල pdf විඩියට අරන් තියගන්න ඕනෙ කියන හැඟීම මට ආවෙ මෙ පොත් දැන් මිලදී ගන්නවත් නැති බව දැනගත්තමයි.
මට මගේ පුන්චිකාලය ගැන මතකය පටන්ගන්නේ මට අවුරුදු දෙකහමාරක් තුනක් විතර ඉදන්.ඔය කියන කාලෙ ඉතින් පුන්චි ළමයින්ට අකුරු කියවන්න එහෙම බෑනෙ. ඉතින් අම්ම තමා මට ඔය පොත් මට ඇහෙන්න කියෙව්වෙ. මකර ලොව කලබල කියන නම මට බරපතල වැඩි නිසා මම ඔය පොතට කිව්වෙ "නචා පොත" කියල. නචා පොත මම අම්මට කියල කීපරක් කියවා ගත්තද කිව්වොත් අකොරු කියවන්න බැරි මට ඒ පොත් කට පඩම් උනා. ඉතින් අම්ම අතින් පස්සෙ වචනයක් හරි එහ මෙහ උනොත් මම අම්මට කියනව "ඒක අම්ම එහෙම නෙමෙනෙ මෙහෙමනෙ ලියල තියෙන්නෙ ' කියල. අවුරුදු දෙකහමාරෙ දරුව පොතක් කට පාඩමින් කියන එක මගේ පුන්චිල ටිකට නම් හරිම විනොදයක් ගෙනාව.අපි මහගෙදර යන හැම දාකම ඒ වෙද්දි විවාහ වෙලා නොසිටපු තරුණ වයසෙ පුන්චිලා මාව සාලයේ තිබුනු ලොකු මේසෙට න්ග්ගවලා මම කට පාඩමින් ඔය කතාව කියන හැටි අහන් ඉන්න එක තමා එයාලගෙ සතුට.
ඉතින් මේ අපූරු පොත ගැන හදිස්සියෙම මට මතක් වුනේ නෙළුම් විලේ මකර පෝස්ට් එක දැකල. ඇත්තටම මම කියන පොත ලියල තියෙන්නෙ චීන කාටූන් පටයක් ආස්‍රයෙන්.ඔන්න ඔය කියන කාටූන් පටය මට හමු උනා. ඔයාලත් බලන්නකො මේක ඔයාලටත් හුරු පුරුදුද කියල.NaZha Riots the Seas නමින් කොටස් 7 ක් YouTube එකේ තියෙනවා

මේ තියෙන්නෙ පළමු කොටස

Monday, June 13, 2011

රොබින්ලාගේ සෙල්ලම්


පුංචි කාලෙ කතාවකින්ම බ්ලොග් "කතා" ටික අරඹන්න හිතුන. 70 ,80 ගනන්වල ඉපදුන ළමයින්ට දැන් කලෙ ළමයින්ට වඩා රසවත් ළමාකාළයක් තිබුනු බව තමා ම‍ගේ නම් අදහස.දැන් ළමයින්ට වගේ video games වත් computers වත් අපිට තිබුනෙ නෑනෙ. හැබැයි මම උපදින්න කලින් ඉදලම අපෙ ගෙදර රෑප පෙට්ටියක්නම් තිබුන. කළු සුදු සෝනි රෑපවහිනියක් මට අවුරුදූ 3ක් 4ක් විතර වෙනකන් අපේ ගමට විදුලිය තිබුනේ නෑ. අපි රූපවාහිනිය බැලුවෙ කාර් බැටරියකින්. ගෙදර එලිය කලේ පැට්‍රෝල්මැක්ස් ලාම්පුවකින්. කළු සුදු රූපවාහිනිය වටේ ඉදගන දොස්තර හොඳ හිත,හා හා හරි හාව,ගලිවර්ගේ අපුරු චාරිකා,රොබින් හුඩ් වගේ කතා බලපුහටි මට තාමත් මතකයි.
දකින දේවල් සෙල්ලමට හරවගන  ඒවා රඟ දක්වන එක තමයි ඒ කාලේ අපේ පුරුද්ද. ඉතින් රොබින් හුඩ් ලාගේ  දස්කම් විස්කම් එහෙම දැකපු අපිත් කලේ පේර කො‍ටුවලින් අපිටත් වඩා උස දුනු හදාගන දෙපත්තකට බෙදිල රොබින්හුඩ් සෙල්ලම කරන එක. ඒකත් හොරා පොලිස් සෙල්ලම වගෙ තමා වෙනස පාවිච්චි වෙන්නෙ දුනු ඊතල. ඊතල  උල් කරපු කෝ‍ටුම තමා "අපි" කියලා මම කිව්වෙ මමයි මගෙ ඥාති සහොදරයො ටිකයි  මම තමයි ඔය කාලෙ හිටපු බාලයා. මාව සෙල්ලමට ගන්න උනත් අනිත් කට්ටිය එච්චර කැමතිනෑ. වැඩි හිටියො ඔය නංගිවත් සෙල්ලමට ගන්න කියල කරන තර්ජන නොවෙන්න මාව ඔය සෙල්ලම් වලට සම්බන්ධ කරගන්න උවමනාවක් තිබුනෙ නෑ කාටවත්.
ඔන්න කොහොමින් කොහමහරි මාත් බලෙන්ම සෙල්ලමට යනව,දුන්න මටත් වඩා ලොකුයි.එක එක් කෙනා දැන් තමන්ට රොබින් හුඩ් චරිත වල එන නම් දාගන්නව. එකම ගැහැණු ළමය නිසා රණ්ඩුවකින් තොරවම මට "මැරියන්"නම හම්බ වෙනව.

ඊට පස්සෙ වත්ත පිටිපස්සෙ ඔය ගස් ගල් උඩ තමා සෙල්ලම යන්නෙ. කට්ටිය කරන්නෙ සෙල්ලම පටන් ගද්දිම මාව ගහක් උඩින් ඉන්දනව. ඊට පස්සෙ අයියල එයලගෙ සෙල්ලම කරගන යනවා.කඩු සටන් දුනු සටන් ගොඩකට පස්සෙ සෙල්ලම ඉවර උනාම අවිත් මාව ගහෙන් බිමට අරගන්නව.මගෙ හිතේ මම ගහ උඩට වෙල ඉන්න එක තමා සෙල්ලමේ මගෙ කොටස කියල. වැඩි දවසක් ගියෙනෑ අපේ නැන්ද කෙනෙක් ඔක දැකල අයියලට හොදටම දෙහි කැපුව. දැන් ඉතින් මාව ගහ උඩ තියල සෙල්ලම් කිරීම තහනම්. අයියල මෙකට හොද විසදුමක් ගෙනාව. අළුත්ම විසදුමට අනුව මමත් සෙල්ලම් කරනව.හබැයි සතුරො මුලින්ම අල්ලගන ගිහින් පේරගහේ , වැල් වලින් ගටගහන්නෙ මාව. හබැයි සෙල්ලම ඉවර වෙන්න ඔන්න මෙන්න කියල තියනකන් මාව නෙමේ අපෙ පිලේ එක්කෙනෙක්වත් අවිත් බෙරගන්නෙ. ඉතින් හැමදාම මුළු සෙල්ලම පුරාම මැරියන් හිටියෙ හිරේ.

Friday, June 10, 2011

බ්ලොගයක් ලියමු



සිංහල බ්ලොග්කරණයට මම ආගන්තුක වෙමි.
ටික කාලෙකට ඉස්සර රෝස කුමාරිගේ පෙම්බර ඹඹර කුමාරයාගේ  ආදරණීය මලයා, විශ්වවිද්‍යලයේ නවක වදය සම්බන්ධ බ්ලොගයක් පටන් ගත්ත. කාලෙකට පෙර ලිවීමට බද්ධ වෙලා හිටිය රොස කුමාරිටත් ඔන්න ඒක දැකල තමන්ගෙම බ්ලොගයක් ගැන සිතක් පහල උනා. ඒත් ඉතින් රෝස කුමාරි දන්නවැයි බ්ලොගයක් පටන් ගන්න.පසුබට නොවී ගූගල් පුරා සැරිසැරුව සිංහල බ්ලොගයන් ගැන තොරතුරු හොයමින්. මේ තියෙන්නෙ !!! සින්ඩිය හොයාගත්තෙ ඔන්න ඔහොම තමා. බ්ලොග් රාජයො ගොඩක් අතරින්  මම එක් බ්ලොගයක් කියවන්න ගත්තෙ නිකමට.
රසවත්ය... හාස්‍යට බරය.... පැරණි පෝස්‍ටුවක් දැක මට හොදටම හිනාය. හිනායන්නට කාරණේනම් ඹඹර කුමාරයා රෝස කුමාරි ගැන කියන්නේත් ඔය ටිකම නිසාය. බ්ලොගය "දුමී ගේ කට කහන කතා"ය. පොස්‍ටුවේ නම "පවුල් ජිවිතේ"ය.
 ඔන්න ඉතින් බ්ලොග් ලියන්න ආපු මම ඔය විදියට බ්ලොග් කියවන්න පටන් ගත්ත.නිතරම නාමාවලියේ උඩට එන "කතන්දර", "දුකා" , "අරුණි ශපීරෝ වෙතින්" "මගේ ලෝකය" සහ "යතාර්තවාදියා" මම නිතර කියවපු බ්ලොග්.ආආආආආ "දුමී ගේ කට කහන කතා "  ඒකත් දිගටම කියෙව්ව. ඇයි අප්පේ බ්ලොග් ලියන්න ආව මට ඒකත් අමතක කලේ ඔය බ්ලොගයනෙ.

ආපු වැඩේ අමතක වෙලා මාස දෙකක් තුනක්ම ගියා,දැන්නම් ඔන්න බ්ලොගයක් පටන් ගන්න වඩේ කල් දාල බෑ කියල හිතුන,ඉතින් මගෙ නැණ පමනින් බ්ලොගයක් පටන් ගත්ත. රොස කුමාරි අහපු, දැකපු,විදපු, කියවපු දේවල් අරන් මීට පස්සෙ රෝස කැළේට එනව ඔන්න....

Thursday, June 9, 2011

මගේ පිවිසුම





සමාජයේ පොදු මතය ජිවිතය රොස මල් යහනාවක් නොවන බවයි. නමුත් මගේ මතයට අනුවනම් ජිවිතය රෝස  මල් යහනවකි.හේතුව ????????????? උල් තුඩු සහිත රෝස මල්..... පරිස්සමින්  ඇල්ලුවේ නැත්නම් ඇගිලි තිඩු පසාරු කර වේදනව දෙමින් රුහිරු බිනිදු ගලා යයි.එහෙමනම් රෝස මල් යහනවක් කොහොමත්ම  මිහිරි සුන්දර අත්දැකිමක් වන්නට බැරිය. නමුත් රෝස මල් කොතරම් සුන්දර සජීවි වස්තුවක්ද????   රෝස මලකට පෙම් නොකර එහි ලස්සන නොවිද ඉන්නා කිසිවෙක්ද නැත.  රෝස මල් සුක්‍ය හ දුක්‍ය යන පොඩු සිද්දාන්ත දෙකම එක් කර තනාගත් සන්කෙතයක් වැනිය.ජිවිතයද ඒ වගේය. ඉතින් මම ලියමි, රෝස මලක් හෝ යහනාවක් ගැන නොව  රෝස කැළයක් ගැන ලියමි.

 රෝස කැළේ මල් නෙලන්න සැමට ආරධනා !!