Wednesday, October 12, 2011
ලිවීම සහ ඉවීම
බැලූ බැල්මට ලිවීම සහ ඉවීම පරිප්පු සහ බෝල්ට් ඇණ වගේ එකිනෙකට කිසි සම්බන්දයක් නැති දෙකක් කියල හිතුනත් ලිවීම ,ඉවීමත් එක්ක බොහොම ගැඹුරු සම්බන්ඳයක් තියනව.
ඉවීමේදී අපි අවශ්‍යය කලමනා සියල්ලම එකතුකරල දන්න හැම රසකාරකයම දාල රසට උයනවා. ලිවීමේදීත් කරන්නෙ ඕකම තමා සියළු රස වචන හා අලාංකෘත යොදල පාඨකයාට රසවත් ලියවිල්ලක් හදනවා.
ඒ ඇරුනම ඉතින් ඔය ගොඩක් සූප සාස්තරයෙන් පරතෙරට ගිය උදවිය ආහාර වට්ටෝරු පොත් ලියනව.ඒ වගේම ඔය ලියන අයත් ඉතින් ගොඩක් වෙලේට ඉවීම ගැන ලියනව.
ගොඩක් බ්ලොග් අඩවි වල අඩුම තරමෙ ආහාරයක් ගැන එහෙමත් නැත්නම් ආහාර වට්ටෝරුවක් ගැන අඩුමගානෙ එක පොස්ට් එකක් වත් තියනවනෙ. ඉතින් මෙහෙම බලද්දි ඉවීමයි ලිවීමයි බොහොම නෑකම් කියන බවකුයි පේන්නෙ.ලිවීම සහ ඉවීම දෙකම ගොඩක් වෙලේට පුද්ගලයා අනුව වෙනස් වෙනව. ප්‍රේම කතා බිහිසුනු කතා සටන් කතා... කිරට,මිරිස්ට තෙලට....එකම කෑම උනත් එක එක්කෙනා උයන්නෙ එක එක විදියට.
රටකින් රටකට සාහිත්‍යය වගේම ආහාර සංස්කෘතියත් වෙනස්.අපි අවම වශයෙන් එක්වේලක්වත් බත් කෑවට හැම රටේම බත් ප්‍රාධාන ආහාරය නෙමෙයිනෙ.
අපේ පවුලේ නිල නොවන රීතියක් තියනව කසාද බදින තුරු පවුලේ ගැහැණු දරුවන්ට කියල ගෙදර කුස්සියේ වැඩ නොගන්න.එ රීත්තියේ නිධාන කතාව වෙන්නේ කසාද බැන්දාට පස්සෙ ගෑණු ළම්යුන්ට උයන එකෙන් නිදහස් වෙන්න බෑනෙ.ඉතින් ඉදිරි ජීවිතේ උයන එක ජීවිතේකොටසක් වෙන නිසා බදින්න කලින් දුවලට ඒ වැඩ කරන්න දෙන්නෙ නෑ. ඔය හේතුව උඩ ඉතින් අපේ අම්මාට සහ සහෝදරියන්ට ඔය උයන කලාව ඉගනගන්නවෙලා තියෙන්නෙ නැන්දම්මලාගෙන්. ගෙදර ඉන්න දවස්වල මම කුස්සිය පැත්ත පලාතෙ එනවට කවුරුවත් කැමතිනෑ. මම සමහර දවසට බලෙන්ම යනව උයන්න ඉගනගන්න කියල.
"මටත් උයන්න ඉගන ගන්න ඕනෙ...මාත් මොනාහරි කරන්නම්.."
"ඔක්කොටම කලින් පොල්ගාන්න ඉගනගන්න එපැයි.එහෙනම් ඔය පොල් ගෙඩිය ගාන්නකො බලන්න"
ඔය විදියට හැමදාම මට දෙන්නෙ පොල්ගාන්න. අපේ ගෙදර තිබුනෙ අර මේසෙට හයිකරන හිරමණයක් එකෙන් පොල්ගාන්න ඉතින් ඕන කෙනෙකුට පුළුවන්නෙ.ඕකෙ ආයෙ මොනා ඉගනගන්නද.ඉතින් මම කිව්වොත් අනේ මට පොල්ගාන්න දන්නවනෙ කියල ඔන්න ඒකට ලැබෙන උත්තරේ."ආ බලමු හරියට දන්නවද කියල... කො ඉත්න් ගාල පෙන්නන්නකො" ඔය විදියට මම කලේ හැම දාම පොල්ගාපු එක.ඒකාලෙ පොල් ගාන්න් විතරක් දැනගන හිටිය මම දැන් බොහොම හොඳට උයන්න පුළුවන් (අවම වශයෙන් අනිත් අයට කන්න පුළුවන් තත්වෙට උයන) කෝකියෙක්. වැඩේ කියන්නෙ මෙහෙ පොල් නෑ,තියෙන්නෙ පොල් කිරි ටින්!
මගේ ඉවීමේ රහසනම් ඉතින් ඔය ලිවීමට සම්බඳයි. ඒ කිව්වෙ මම උයන්න ඉගනගත්තෙ සූප ශාස්ත්‍ර පොත් වලින්.ඊට අමතරව අන්තර් ජාලයට පින්සිද්ධවෙන්න තමා.
2009 වර්ෂයේ තිරගත්වූ "ජූලි ඇන්ඩ් ජූලියා" ඉවීම කරමින් ලිවීම කරන බ්ලොග් කාරිණියක්ගේ කතාවක්. ඒ චිත්‍රපටියට පාදක වෙලා තියෙන්න්නෙ ජූලි පොවෙල්ගේ Julie & Julia: 365 Days, 524 Recipes, 1 Tiny Apartment Kitchen පොත හා ජූලියා චයිල්ඩ්ගේ My Life in France කියන පොත.
ජූලියා චයිල්ඩ්ට කලක් ප්‍රංශයේ ජීවත වන්න සිද්දවෙනවා,ඈ එහෙදී ප්‍රංශ අහාර පිලියෙල කරන හැටි ඉගන ගන්නවා.ප්‍රංශ කෑම වට්ටෝරු පොත් බොහොමයක් ලියවී තියෙන්නේ ප්‍රංශ භාෂාවෙන් ඉතින් ඇමරිකානු කාන්තාවන් සඳහා ජූලියා චයිල්ඩ් 1961දී Mastering the Art of French Cooking නමින් පොතක් ලියා පලකර තිබෙනවා. මේ පොත ඇමරිකාවේ බොහොම ජනප්‍රිය වුනා . මේ පොත නිසා ජූලියාත් ප්‍රසිද්ධ කාන්තාවක් උනා.ඈ ජීවත් වූ ගෙදර අද කෞතුකාගාරයක්. ඉන් කලකට පසු ජූලි පොවෙල් තමාගේ රැකියාවේ ආතතියෙන් මිදෙන්න මේ පොත උදව්කරගන්නවා. ඈ මේ පොතේ තිබෙන කෑම වට්ටොරු 524 දින 365 කින් අත්හදා බලන්න තීරණය කරනවා. ඉතින් ඈ ඒ අහාර අත්හදා බැලීම ගැන කියන්න බ්ලොග් සටහනක් ලිවීමට පටන්ගන්නවා. ඒ වගේම ඇගේ බ්ලොගයට බොහොම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ බ්ලොග් සටහන් තමා Julie & Julia: 365 Days, 524 Recipes, 1 Tiny Apartment Kitchen නමින් පොතක් ලෙස පලකර තිබෙන්නේ. මේ සත්‍ය කතාව පදනම් කරගෙන නිපදවූ චිත්‍ර පටය තමා ජූලි ඇන්ඩ් ජූලියා. බොහොම රසවත් චිත්‍රපටයක් නරඹලා නැත්නම් ඉඩක් ලදවිට බලන්න. අපි වගේම බ්ලොග් ලියූ අද වනවිට ප්‍රසිද්ධ ලේඛිකාවක් බවට පත්වීසිටින ජූලි පොවෙල් ගැන අපටත් සතුටුවිය හැකියි.
Subscribe to:
Post Comments (Atom)
නියම ලිපියක්.. ජය!
ReplyDeleteඅපේ රෝස කුමාරිත් දවසක ජූලි වගේම ප්‍රසිද්ධ වේවා!
බැරිද ඔය පොතෙන් මේ අපි වගේ ටින් වල පොල් කිරි වලින් කෑම හදන කට්ටියට ටුක් ටුක් ගාල හදාගන්න පුළුවන් රෙසිපි එකක් දෙන්න.:)
ReplyDeleteඅන්න නියම නිතිය . මමත් මේ කෙල්ලෝ දෙන්න කුස්සියට එන එකට කැමති නැහැ . අපේ අම්මත් එහෙමට අපෙන් ගෙදර වැඩ බලාපොරොත්තු වුනේ නැහැ . අක්ක නම් ඉඳහිට ඉව්ව . මන් නම් ඉතින් කොළ අහුලන පොල් ගාන වගේ සයිඩ් සපෝර්ට් තමයි. බලන් ඉඳල දැනගත් දෙයක් තමයි. අපේ අම්මත් අපිට ඉගෙන ගන්න අවස්ථාව දුන්න වැඩ නොගෙන . නැන්දම්මා ගෙන් ඉගෙන ගන්න ගියහම එයත් මට එහා . . එයත් රස්සාවල් කරපු නිසා හරියට උයන්න වෙලා නැහැ .මාමණ්ඩි අපි දෙන්නව කුකරි ක්ලාස් යවන්නත් කතාවුනා ..D .
ReplyDeleteදැන් නම් හොඳට උයනවා . ඒ කියන්නේ සිංහල කෑම කාල නැති ඉන්දියන් ,කොරියන්, යුරෝපිය යාලුවෝ කියන්නේ මන් හොඳ කුක් කෙනෙක්ලු. ඉතින් මමත් කියන්නේ ඕක මහා කාරියක් නෙමේ . ගැහැණු ළමයින්ට නිදහසේ ඉන්න දෙන්න කියලයි.
හැබැයි කුස්සිය තමයි හොඳම රසායනාගාරය . එක එක ප්‍රතික්‍රියා නම් මන් එයාලට කියල දෙනවා උයන ගමන් .
පොල් කිරි කෑන් මාත් ඉඳහිට පාවිච්චි කරනවා ආප්ප හදන්න හෙම . ඔච්චර පොල් ගාන්න පුලුවන්ද . එදිනෙදා උයන්න නම් හොඳද මන්දා අපි උයන විදියට . .මොකද ඔය කෑන් ගොඩක් ගන්නේ රසකැවිලි හෙන හදන්න . අපි ඉතින් එකී නොකී හැම එකටම දාන්න ගත්තොත් නැවුම් පොල් තරම් හොඳ නැතුව ඇති. .
ෆිල්ම් එක කිපපරක් බලන්න ගත්තට කම්මැලි හිතුනා .
මුහුදු ...
ඉතින් ළමයෝ කිරි දාල හදන ඕන දෙයක් උයන්න පුළුවන් . යන්තම් වතුරෙන් හරි තෙල් වලින් හරි තැම්බෙන්න තියල පස්සේ හැන්දක් දෙකක් දාන්න .මුලදී දානවා නම් වතුර දාල සාන්ද්‍රණය ගානට හදාගන්න ඕන.
කෑම බීම නම් ඉතින් ඔය කියන පොත් වලින් බලලා හදන එක සාර්තකයි කියලා හිතන්න බෑ. පොතෙන් බලල තමන්ගේ විදියක් හිතලා හදන කෑම තමයි රසම වෙන්නේ. ෆැන්ටසි වගේ.
ReplyDeleteමම නම් හිතන්නේ ඕනෙම කෙනෙක් ගැහැණු පිරිමි භේදයක් නැතිව උයන්න ගේ අස් කරගන්න වගේ දේවල් දැන ගන්න ඕනේ. ඒව පුරුදු වෙන්න ඕනේ පොඩිම කාලේ ඉඳන්. දෙමවුපියෝ කරන ලොකු වරදක් තමයි ඒ දේවල් ඒ ඒ කාලවලදි දරුවන්ට යොමු නොකරන එක.
එහෙමනම් ඔයා කියන්නෙ ඔයා ගෙදර වැඩ කරන්නෙ නෑ කියලා.කලාතුරකින්ලු ක්කෑම හදලා තියෙන්නෙ.ඔයා ඉස්සර හිටපු අධිපතිවාදී පිරිමි වගෙ.මිනිහා ලේන්සුව අරන් බයේ ගැහි ගැහී ඇති මෙයා එනකම්.
Delete@බුරු ..
ReplyDeleteපොඩ්ඩක් ඉගෙන ගත්තට කමක් නැහැ . ඒ වුනාට ගැණු ළමයෙක් කසාද බැන්දම ඔය වැඩ වලින් ගැලවීමක් නැති නිසා පොඩි කලේ ඔහේ නිකන් ඉන්න දෙන්න ඕනේ . පිරිමි ළමයින්ට නම් කමක් නැහැ , එයාල පස්සේ නිදහස් වෙන නිසා
@බින්දි, අපි හැඩ ගැහෙන විදිය වෙනස් නේ බින්දි. අපි හැමෝම රස්සා කරන නිසා දෙගොල්ලම එක සමාන වැඩ කරනවා. කොටින්ම ගෙදර පිරිමියා තමයි උයන්නේ. මොකද ගැහැණිය ගේ අස් කරන ඇඳුම් මැශින් දාන වගේ දේවල් කරන්න ගියාම. දෙන්නෙක් වැඩ කරන ගෙදරක එහෙම උනාම හරිම පහසුයි.
ReplyDeleteඅනික ඉතින් මම කලින් ෆූඩ් ඇන්ඩ් බෙවරේජ් මැනේජර් කෙනෙක් විදියටනේ වැඩ කලේ. ඒ කාලේ ඉතින් මම අම්මා තාත්තා මතක් කරල බනිනවා ඔය ඔහේ ඉන්න කෙල්ලන්ට කොල්ලන්ට. ( නරක විදියට නෙමෙයි) ඒක තමයි හැටි. සමහර ලොකු කොල්ලො කෙල්ලෝ ඉන්නවා හරියට සර්ට් එකේ බට්න් ටික දාගන්න බෑ ලිමිටඩ් ටයිම් එකක. හදිස්සියකට කොෆී එකක් හදාගන්න බෑ. ඒ වගේ අයට සර්වයිව් වෙන්න අමාරුයි.
අපේ ෆීල්ඩ් එකේ නම් උගන්නන්නේ තමන් තනියම දේවල් කරගන්න හුරු වෙන්න කියන එක. ඒ වගේ අයට ඕනෙම සිටුවේශන් එකකට මුහුන දෙන්න ලේසියි. අනික මැරි කලාම ඔය ශෙයා කරගෙන කරන දේවල් එක්ක ජීවිතේ හරිම ලස්සනයි. කොටින්ම මම නම් අපේ ගෙදර කෑම වේලක් හදලා තියෙන්නේ බොහොම කලාතුරකින්.
මේකෙන් කියන්නෙ කාන්තාව ගෘහ කටයුතු වලින් ඈත් වෙලා බටහිර ස්ත්‍රීවාදය වැලද ගතයුතු බවයි කෑම වේලක් හදලා තියෙන්නෙ බොහොම කලාතුරකින් කියන එකෙන් ඒක පේනවා
Deleteමෙතන කියන කෙනා ඊට විරුද්ධවනෙ කතා කරන්නෙ තමන් ගෙ වැඩ කරගන්නවා කිව්වට එයා කිසිම වැඩක් කරන්නෙ නෑ.වොශින් මැශින් එකට රෙදි දානවා ඇරෙන්න.ඒ කිඅන්නෙ ගෑනි නිකන් ඉන්නවා මිනිහා තනියම වැඩ කරනවා කියන එක අපූරු ස්ත්‍රීවාදෙ
Delete@ විසිතුරු- බොහොම ස්තූතියි ප්‍රාර්ථනාවට. ජූලිය වගේ ප්‍රසිද්ධ නොවුනට මේ බ්ලොග් එක ලියන්න ලැබුනු එකත් මදෑ.
ReplyDelete@ මුහුදු - මොකෝ දෙන්න බැරි. හැබැයි ඔන්න ඒකෙතියෙන්නෙ beef bourguignon, bouillabaisse හා cassoulet වගේ බයානක කෑම . මස් නොකන මට ඔය එක වට්ටොරුවක් වත් හදල වැඩක් නෑ. බින්දි අක්ක කිව්ව වගේ කිරි දාල හදන අල පරිප්පු වගේ ඕනම කෑමක් හදන්න පුළුවන්.වටලප්පන් පවා හදන්න පුළුවන් ටින් පොල්කිරි වලින්.
@ බින්දි-ඉවීමට වඩා කියවීමට හිත තිබුනු නිසාතමා ඉතින් ඔය ඉවීම ඉගන ගන්න ඉච්චර උනන් දුවක් නැතීඋනේ. ඒ උනාට පාඩුවක් නෑ. උයනව කියන එකත් මහ ලොකු දෙයක් නෙමේ ටිකක් පුරුදු උනාම. මුලින් ලුනු,මිරිස් එහෙම එහා මෙහා උනා.දැන්නම් ඒව ඔක්කොම හරි. මගේ කෑම වල තියන එකම ප්‍රශ්ණෙ ටිකක් කටදනව වැඩී. පොඩි කාලෙ ඉදන් මිරිස් රසට මම කැමතියි ඒනිසා නොදැනීම කෑම මගේ ගානට මිරිස් රස. හැබැයි අනිත් අයට කට දනව. මෙහේ ඉන්න ඇමරිකන් කාටහරි කෑමක් දෙනවනම් මම මිරිස් බෝතලේ ලගටවත් ගන්නෙ නෑ....
ReplyDelete@-Il mondo di una povera pazza බොහොම දිග නමක්නෙ.නමේ තේරුම දුප්පතකකුගේ උමතු ලෝකය කියන එක නේද්? පොඩි කාලෙ ඉදන් දරුවන්ට තමාගෙ වැඩකරගන්න පුරුදුකරන්න ඕනෙ කියන මතයේ මාත් ඉන්නවා. ඒත් ඉතින් ඔය ගැහැණු දරුවෙක් කුස්සියේ වැඩවලින් නිදහස් කරන එකටනම් මම එකඟයි.(පිරිමි ළමයිනම් කොහොමත් කුස්සිය පැත්ත පලාතෙ එන්නෙ නෑනෙ) පස්සෙ කාලෙක කවුරු මොනා කිව්වත් , දෙන්නම වැඩ බෙදාගන කලත් ඔය උයන රස්සාවනම් ඉතින් ගෑණු අපිටම තමා කරන්න වෙන්නෙ.මේ තත්වය එක් එක් පරිසරයත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. නමුත් පොදුවේ ගෑණුළමයෙක් උන පලියට කුසිසියේ වැඩ පුරුදුවෙලා ඉන්නම ඕනෙ නෑනේ. හැබැයි ඉතින් ගැහැණු පිරිමි බේදයක් නැතුව මොන වැඩේ ගැන හරි මූලික අවබෝධයක් තියෙන්න ඕනෙ. උයන්න කුස්සියට නාවට ඉතින් අපි අපේ වැඩ ගෙදර ඉන්න කාලෙ ඉදන් කර ගත්ත.ඒනිසා ඔය ෂර්ට් එකෙ බටන් දාගන්න බැරිවෙනව වගේ වැඩ නම් වෙලා නෑ.
ReplyDeleteකෑම වට්ටෝරුනම් ඉතින් අපේ හැටියට වෙනස් කරහ්ගන්න වෙනව තමා. සමහර කෑම ඒ විදියට හදපුවම කටේ තියන්න බෑ. මම නම් ඔය ඉතාලි , ප්‍රංශ , තායි කෑම වට්ටෝරු එහෙමත් අපේ තාලෙට වෙනස් කරල හදනවා. මස් කන්නෙ නැති නිසා මස් තියන වට්ටෝරුවලට මොකක් හරි එළවළුවක් ආදේශ කරල තම හදන්නෙ.
මාත් හරි කැමතියි ඔය නීතියට...ගෙදරදී මාත් මෙලෝ වැඩක් කරේ නෑ. බැඳලා ලංකාවෙන් ආපු නිසා නැන්දම්මගෙන් ඉගන ගන්න උනෙත් නැහැ..අපි දෙන්නම එකම ලෙවල් එකේ තමයි හිටියේ..මුල දවස්වල උයපුවා අපිම හින්දා කෑවා ඉතින්. දැන් නම් දෙන්නම උයනවා හොඳට :)
ReplyDeleteමටත් උනේ ඔය ටිකම තමා බැඳල සතියෙන් මෙහෙ.කවුරුත් නෑ අහගන්න.තමන් හිසට තම අතමය කියල ඔන්න ඔහෙ ඉව්ව.
ReplyDeleteරෝස කුමාරි - අපෝ ඒ කෑම භයානක වැඩියි. මම කිව්වෙ ඔය වැඩිය කැටයම් දාන්නෙ නැතුව හදන්න පුළුවන් එව්ව. යකෙක් කන්න බඩගින්නෙ හවසට ගෙදර ආවම ටුක් ගාල හදාගන්න පුළුවන් ජාතියේ එව්ව!
ReplyDeletebindi - හි! හි ! මම දැන් එහෙම තමා කරන්නෙ. මුලින් සම්පූර්ණ කිරෙන් කෑම උයල වැඩ අල කරගත්තට පස්සෙ ටික ටික කලාව අල්ලගත්ත. දැන් ටිකක් කන්න පුළුවන් ගානට උයන්න ඇහැකි!
උයනඑක කලාවක් තමයි. උයන හැමොටම ආරක් තියනවා
ReplyDelete