Monday, June 13, 2011
රොබින්ලාගේ සෙල්ලම්
පුංචි කාලෙ කතාවකින්ම බ්ලොග් "කතා" ටික අරඹන්න හිතුන. 70 ,80 ගනන්වල ඉපදුන ළමයින්ට දැන් කලෙ ළමයින්ට වඩා රසවත් ළමාකාළයක් තිබුනු බව තමා මගේ නම් අදහස.දැන් ළමයින්ට වගේ video games වත් computers වත් අපිට තිබුනෙ නෑනෙ. හැබැයි මම උපදින්න කලින් ඉදලම අපෙ ගෙදර රෑප පෙට්ටියක්නම් තිබුන. කළු සුදු සෝනි රෑපවහිනියක් මට අවුරුදූ 3ක් 4ක් විතර වෙනකන් අපේ ගමට විදුලිය තිබුනේ නෑ. අපි රූපවාහිනිය බැලුවෙ කාර් බැටරියකින්. ගෙදර එලිය කලේ පැට්‍රෝල්මැක්ස් ලාම්පුවකින්. කළු සුදු රූපවාහිනිය වටේ ඉදගන දොස්තර හොඳ හිත,හා හා හරි හාව,ගලිවර්ගේ අපුරු චාරිකා,රොබින් හුඩ් වගේ කතා බලපුහටි මට තාමත් මතකයි.
දකින දේවල් සෙල්ලමට හරවගන ඒවා රඟ දක්වන එක තමයි ඒ කාලේ අපේ පුරුද්ද. ඉතින් රොබින් හුඩ් ලාගේ දස්කම් විස්කම් එහෙම දැකපු අපිත් කලේ පේර කොටුවලින් අපිටත් වඩා උස දුනු හදාගන දෙපත්තකට බෙදිල රොබින්හුඩ් සෙල්ලම කරන එක. ඒකත් හොරා පොලිස් සෙල්ලම වගෙ තමා වෙනස පාවිච්චි වෙන්නෙ දුනු ඊතල. ඊතල උල් කරපු කෝටුම තමා "අපි" කියලා මම කිව්වෙ මමයි මගෙ ඥාති සහොදරයො ටිකයි මම තමයි ඔය කාලෙ හිටපු බාලයා. මාව සෙල්ලමට ගන්න උනත් අනිත් කට්ටිය එච්චර කැමතිනෑ. වැඩි හිටියො ඔය නංගිවත් සෙල්ලමට ගන්න කියල කරන තර්ජන නොවෙන්න මාව ඔය සෙල්ලම් වලට සම්බන්ධ කරගන්න උවමනාවක් තිබුනෙ නෑ කාටවත්.
ඔන්න කොහොමින් කොහමහරි මාත් බලෙන්ම සෙල්ලමට යනව,දුන්න මටත් වඩා ලොකුයි.එක එක් කෙනා දැන් තමන්ට රොබින් හුඩ් චරිත වල එන නම් දාගන්නව. එකම ගැහැණු ළමය නිසා රණ්ඩුවකින් තොරවම මට "මැරියන්"නම හම්බ වෙනව.
ඊට පස්සෙ වත්ත පිටිපස්සෙ ඔය ගස් ගල් උඩ තමා සෙල්ලම යන්නෙ. කට්ටිය කරන්නෙ සෙල්ලම පටන් ගද්දිම මාව ගහක් උඩින් ඉන්දනව. ඊට පස්සෙ අයියල එයලගෙ සෙල්ලම කරගන යනවා.කඩු සටන් දුනු සටන් ගොඩකට පස්සෙ සෙල්ලම ඉවර උනාම අවිත් මාව ගහෙන් බිමට අරගන්නව.මගෙ හිතේ මම ගහ උඩට වෙල ඉන්න එක තමා සෙල්ලමේ මගෙ කොටස කියල. වැඩි දවසක් ගියෙනෑ අපේ නැන්ද කෙනෙක් ඔක දැකල අයියලට හොදටම දෙහි කැපුව. දැන් ඉතින් මාව ගහ උඩ තියල සෙල්ලම් කිරීම තහනම්. අයියල මෙකට හොද විසදුමක් ගෙනාව. අළුත්ම විසදුමට අනුව මමත් සෙල්ලම් කරනව.හබැයි සතුරො මුලින්ම අල්ලගන ගිහින් පේරගහේ , වැල් වලින් ගටගහන්නෙ මාව. හබැයි සෙල්ලම ඉවර වෙන්න ඔන්න මෙන්න කියල තියනකන් මාව නෙමේ අපෙ පිලේ එක්කෙනෙක්වත් අවිත් බෙරගන්නෙ. ඉතින් හැමදාම මුළු සෙල්ලම පුරාම මැරියන් හිටියෙ හිරේ.
Subscribe to:
Post Comments (Atom)
ඔන්න නෙලුම් විලෙන් ගොඩ වෙලා රෝස කැලේ පැත්තේ ආවා. අපි දෙන්න ගොඩක් සමානයි තමයි . මාත් බ්ලොග් කියව කියව ඉඳලා අර පරණ පුරුදු ඔලුවට ගැහුවා . අමාරුවෙන් අටවා ගත්තට දැන් නම් හොඳටම රස වැටිලා ඉන්නේ. ඔයාගේ ලියන රටාවට මම කැමතියි. දැන් කාන්තා පක්ෂය වැඩියෙන් ලියන්න පටන් අරන් . කාටද ආඩම්බර . ලංකාවට රුපවාහිනිය එද්දී මම හරි පුංචියි. ලාවට වගේ මතකයි. අපේ අසල්වැසි ගෙදරකට තමයි මුලින්ම අපේ ගමේ ටි වී එකක් ගෙනාවේ . ගමේම මිනිස්සු පුටු උඩ පැදුරු වල ..බිම ...හිටගෙන ...නානාප්‍රකාර ලෙස ඕකට කට අරගෙන හිටියා . ඒ ගෙදර ළමයින්ගේ හොඳ යාලුවෙක් නිසා මට VIP සැලකිලි ලැබුනා [හික් ]. බලල බලලම මට එපා වුනා . ආයෙම මගේ පොත් එක්ක මගේම ලෝකෙක තනි වෙච්ච එක තමයි වැඩියම වුනේ. ඔන්න තවත් ගෙදරකට පාට එකක් ආවා. ළමයි නැති ඒ ගෙදර මටයි අක්කටයි මුළු දවසම වුනත් ටීවී එක දාල දෙන්න ඒ අක්කලා ලැස්ති වෙලා හිටියේ ...නමිනන්..අඹ ..ලොවි ..වට්ටියකුත් ලඟින් තියල. දැන් අපි කරයිද එහෙම වැඩ. දැනටත් දුලගේ යාලුවෙක් ආවම හොඳින් සලකන්න ඒ මිනිස්සුන්ගේ උදාර ගති මට මතක් කරනවා. ඔයා ඔන්න මාව උදේ පාන්දර අතීතෙට ගෙනිච්චා . කවදකහරි එයාල ගැන ලියන්න ඕන.
ReplyDeleteඅපිත් පොඩි කාලෙ රොබින්හුඩ්, බ්ලේක් සෙවන් වගේ ඒවා රඟ පාන එකම තමයි වැඩේ. අපේ ගෙදර හතර දෙනෙක්. දුනු ඊතල හදාගෙන, අශ්වයො දක්ක දක්ක... විනෝදමත් කාලයක්.
ReplyDeleteපව් දැන් කාලෙ ළමයි. පොඩි පන්තිවල ඉඳන්ම ටියුෂන්.
රොබින් හූඩ් පෙන්නන කාලෙ වෙනකොට ඔය ටීවී සෙල්ලන් කරන වයස පහුවෙලා. මමයි මගේ නෑනල දෙන්නයි සෙල්ලන් කලේ බ්ලේක් සෙවන්, ස්ටාර් ට්‍රැක් වගේ අභ්‍යවකාශ කතන්දර. දැන් නං මතක්වෙනකොටත් හිනා.
ReplyDeleteඔයාගෙ කතාව හරි රසවත්.
@නලිනි- අපිට ලැබුණු ළමා කාලය ඊලග පරම්පරාවට අහිමි වීම ගැන මටත් දැනෙන්නෙ හරි දුකක්. ප්ංචි කාලෙ අපි කොච්චරනම් හීන ලෝකවල ජිවත් වෙනවද,කොච්චරනම් රට රටවලට යනවද.... මම ලමාකාලෙන් පස්සෙ ඔය කියන හීන අත්දැකීම ලබාගත්තෙ පොත් කියවීමෙන්.
ReplyDelete@පොත් ගුල්ලා- බොහොම ස්තූතියි දිරිගැන්වීම් වලට. බ්ලේක් සෙවන් ගැනනම් මතකයක් නෑ.ස්ටාර් ට්‍රැක් නම් ටිකක් ලොකු කාලෙක බැලුව මතකයි. පුංචි කාලෙ කරපු දේවල් මතක් කරන කොට ආයෙමත් ඒ වයසට යනව වගේ....කිසිම බරක් පතලක් නැති සොඳුරු කාලයක්......
ReplyDelete