Tuesday, January 1, 2013
වේගන් සහ වෙජිටේරියන්
මම මස් සහ බිත්තර කන්නෙ නෑ . ඒත් මාළු කනව,පොඩි කාලෙදි මාළුත් ප්‍රතිශේප කලා ඒත් සෞඛ්‍යමය හේතු නිසා මාළු කන්න ටික ටික පටන් ගත්ත. මම කතෝලික ආගමේ, ආගම නිසා තහචියකුත් නෑ. ඉතින් ඒ නිසාවත් මහා ලොකු ප්‍රතිපත්ති නිසාවත්, එහෙමත් නැත්නම් මස් අසාත්මික තාවයක් නිසාවත් නෙවෙයි මම මස් නොකන්නෙ. මමත් දන්නෙ නෑ හරි හේතුවක් ඔය කියන ඔක්කොමගෙම එකතුවක් වෙන්න පුළුවන්. හැබැයි මම මස් අල්ලන්න එහෙමත් අකමැතියි සත්තු පවු කියලත් හිතෙනව. ඒත් ඒකම නෙමෙයි හේතුව මොකද මම මාළුකනවනෙ. මට මස් වල සුවද අප්‍රියයි. බිත්තරත් එහෙමයි හැබැයි බිත්තර දැමූ කේක් කනව. කිරි, චීස්, යෝගට් ආදියටත් ඒතරම් මනාපයක් නෑ.
ඔයකියන ඔක්කොම කාරනා සලකපුවම මම සාමාන්‍යය අහාර රටාවක් තියන කෙනෙක් නෙවෙයි හැබැයි මම වෙජිටේරියන්වත් වේගන්වත් නෙවෙයි. ඹබර කුමාරයා මස් මාළු කිසිවක් කන්නෙ නෑ ඊයෙ පෙරේදා වෙනකන් ෆාම් බිත්තර වල ජීවය නෑ කියමින් බිත්තර කමින් සිටියත් එක්තරා වෙබ්සයිට් එකක තිබූ ලිපියක් කියවා ඔන්න ඒ කත් නවැත්තුව. ඒ ලිපියේ තිබුනේ ෆාම් වල බිත්තර ලබාගන්න කිකිලියන්ට වද්දෙන බවත් ඔවුන් කැල්සියම් අඩුවී දුර්වල වූ පසු මසට ගන්නා බවත් (ඒ ලිපියෙ තිබුනෙ බිත්තර කන්න අවශ්‍යය නම් ගෙදර කිකිලියෙක් ඇතිකරන්න කියලයි.). කොහොම උනත් ඔය ලිපිය කියවල ඒ ගැන මා එක්ක සාඛච්චා කරන්න ආව ඹබර කුමාරය මම ගත්කටටම කිව්වෙ." ඔය ඉතින් කන්නෙ කිකිලි ඩිම්භයක්නෙ" කියලයි. ඔන්න ඒක ඇහුන විතරයි බිත්තර කනවද නැද්ද කිය කිය දෙගිඩියාවෙන් හිටියනම් ඒකත් නැවතුනා. ඔන්න එයා නම් දැන් වෙජිටේරියන්. හබැයි වේගන් නෙමේ.
මොකක්ද මේ වේගන් කියන්නෙ,වේගන් කෙනෙක් කිසිම සත්වමය ආහාරයක් කන්නෙ නෑ . ඒ කියන්නෙ කිරි චීස් යෝගට් ආදිය කන්නෙත් නෑ. ඒ වගේම කිසිම සත්ව කොටස්වලින් සැදුන බඩු භාණ්ඩයක් පාවිච්චි කරන්නෙත් නෑ. ඒ කිව්වෙ ඔය ලෙදර් සපත්තු ආදිය.කිරි අහාර වලින් වැලකීම ශරීරයට කොයිතරම් හිතකරද කියන්න මට පුළුවන් කමක් නෑ. හැබැයි මස් මාළු කිරි බිත්තර නොකන කෙනෙක් අනිවාර්යයෙන්ම ආදේශක ආහාර මගින් ප්‍රෝටීන් , කැල්සියම් ආදී පෝෂ්‍යය පදාර්ථයන් ලබාගත යුතුයි. ඒ වගේම එළවළු බහුල වශයෙන් ආහාරයට ගත යුතුයි. සමහරුන් මස් ආහාර්යට නොගන්නෙ ආගමික හේතු මත තව සමහරුන් සතුන්ට ඇති ආදරයට. සමහරුන් අසාත්මිකතා නිසා. මේ කොයි හැටි උනත් හැමෝම අහාරයේ සමතුලිත බව රැකගන්න මහන්සි වෙන්න ඕන. සෝයා ආහාර මස් නොකන අයට ප්‍රෝටීන් ලබාගැනීමට තිබෙන හොඳ ක්‍රමයක්.
මට හදිස්සියේ වේගන් ,වෙජිජේරියන් කට්ටිය මතක් උනේ මෙන්න මෙයා නිසා.
Anne Hathaway , ඈ The Princess Diaries ,The Devil Wears Prada, Becoming Jane,Rachel Getting Married, Alice in Wonderland, The Dark Knight Rises ආදී ජනප්‍රිය චිත්‍රපට බොහෝමයක රඟපා බොහොම ප්‍රසිද්ධියට පත්වූ නිලියක්. ඇගේ අලුත්ම චිත්‍රපටය Les Misérables (මනුතාපය) පසුගිය දා ප්‍රදර්ශණය ඇරඹුවා. ඒ චිත්‍රපටයවෙනුවෙන් ඈට කොන්ඩය කපාදමන්න සිදු උනා... කොණ්ඩය චිත්‍ර පට, නාට්‍යය වෙනුවෙන් කපා දමන්න සිදුවීම අලුත් දෙයක් නොවුනත් මෙහි විශේෂත්වය උනේ ඇගේ විවාහය ඉන් මාස කීපයකට පසු පැවැත්වීමයි. ඇගේ සිහින විවාහ මංගල්‍යය ඉතා කොට කොණ්ඩයක් සහිතව පවත්වන්න වේ යැයි ඈ කවදාවත්ම නොසිතූ බව මාධ්‍යයට පවසා තිබුනා.ආරම්භක කතාව මේ කතාවට සම්බන්ද වෙන්නෙ ඔන්න ඔය විවාහ උත්සවයේදී.
වේගන් කෙනෙක් වන Anne Hathaway ඒ උත්සවය පවත්වා තිබුනෙත් කිසිදු සත්වමය ආහාර වර්ගයකින් තොරවයි(vegan wedding). මීට කලින් ජනප්‍රිය නිලි Natalie Portman ඇගේ විවාහ උත්සවය පවත්වා තිබුනේත් සත්වමය ආහාර නැතිවයි. Anne Hathaway ,Brad Pitt,Natalie Portman,Paul McCartney, පසුගිය කාලයේ vegan බවට පත්වූ ජනප්‍රිය Hollywood තරු.
කලින් ලියා තැබුවත් ඔන්න අද තමයි සම්පූර්න කරල පෝස්ට් කරන්න අවස්තාව ලැබුනෙ.ශාඛ භක්ශක, සත්ව භක්ශක හෝ සර්ව භක්ශක ඔබ සැමට වාසනාව සතුට ලැබෙන සුභ නව වසරක් වේවා !!!!
Subscribe to:
Post Comments (Atom)
මටත් ඔය ගැන පැහැදිලි මතයක් නැහැ . අපේ ගෙදර නම් හරක් මස් ඌරු මස් ගෙනාවෙත් නැහැ . ඉඳහිට කුකුල් මස් කන්න ලැබුනත් වැඩියම ඉතින් මාළු තමයි. හරක් මස් කන්න බැරි කමක් තිබුන හැමෝටම අසාත්මික වීම නිසා .
ReplyDeleteආගමික හේතු මතම නෙමේ . සංස්කෘතිකමය හේතු නිසා එක එක රටවල කන මස් වර්ග වෙනස්නේ . ඉස්සර නම් ඊයා කිව්වත් අද වෙද්දී හිතෙන්නේ ඒ ඒ පළාත්වල තියෙන දේවල් කන්න මිනිස්සු පුරුදු වෙන්න ඇති කියලයි .
මටත් උවමනාව තියෙනව මස් මාලු නොකා ඉන්න . උපතින්ම යකඩ අඩු කෙනෙක් නිසා එහෙම කරන්න අමාරුයි.
ඕව ඉතින් තම තමන්ගේ කැමැත්ත .
කොයිකත් පමණට කෑමයි නුවන්ට හුරු . මස් මාංශ ඕනවට වඩා කන එකත් නරකයි .
ඔබටත් සුබ නව වසරක්
මුහුදට ලඟ නිසා අපිටත් නිතරම ලැබුනෙ අලුත් මාළු. ඉරිදට තමා මස් ජාති අනිවාර්යෙන් හදන්නෙ. අනිත් අය හොඳටම කන දවසෙ මගේ සතියේ නරකම කෑම වේල. :) අපි කලක් හිටියනෙ හොන්ග් කොන්ග් දේශයේ. එහෙදි දැක්ක කෑම බීම හරි වෙනස්නෙ. මටත් ඔය කැල්සියම්, යකඩ ආදිය අඩුයි. දොස්තරගෙන් බැනුම් මස් කන්නෙ නෑ කියල. කෑම බීම වලට ඉතින් මේකයි කිය්න්න සම්මතයක් නෑනෙ. දේසේ හැටියට බාසේ...
Deleteමට නම් ඕක එක්තරා ආකාරයකට විකාරයක් විදියටයි පේන්නේ.. එක හේතුවක් තමයි සමහර වෙලාව ගෙදරක තාත්තා මස් මාලු කන්නේ නැත්තම් ගෙදර අනිත් අයටත් අකමැත්තෙන් හරි නොකා ඉන්න වෙන එක... අපේ මහත්තයගේ ගෙදර ඔය සීන් එක තියෙනවා... සමහර විට මට ඒක නිසා වෙන්න ඇති එහෙම හිතෙන්නේ..
ReplyDeleteඅම්මලා නම් අකමැති උණත් කරන්න දෙයක් නෑ.. තාත්තලට බයිට් ඕනේ වෙච්චර වෙලාවට හදලා දෙන්න වෙනවනේ.. හි හි...
තව කට්ටියක් ඉන්නවා තමන් කෑවේ නැතත් ගෙදැ අනිත් අයට තහංචි දාන්නේ නැතුව ඉන්න අය.. ඒක ටිකක් සාධාරණ උනත් ඒකත් එච්චර සාර්ථක නෑ.. මොකද වයිෆ් කෙනෙක් තමන්ට විතරක් කෑමක් හදාගෙන කන්න කැමති නැති නිසා...
හැබැයි වෙජිටේරියන් කෙනෙක් බඳින එක නම් මස් මාලු කන කෙනෙක්ට වදයක් වෙන්න පුළුවන්... ගෑණු හෝ පිරිමි දෙගොල්ලම...
//ඉස්සර නම් ඊයා කිව්වත් අද වෙද්දී හිතෙන්නේ ඒ ඒ පළාත්වල තියෙන දේවල් කන්න මිනිස්සු පුරුදු වෙන්න ඇති කියලයි . //
බින්දි කියන මේ කතාවට මාත් එකඟයි... එක එක රට වල ආහාර ක්‍රම හැදිලා තියෙන්නේ ඒ රටේ තියෙන දේවල් වලින්, ඒ රටේ ඉන්න මිනිස්සුන්ගේ ඇඟවල් වලට හරියන විදියේ කෑම වර්ග වලින්... වැවෙන දේවල් උනත් එහෙමයි... අපේ රටේ වී , සීත රටවල තිරිඟු.. අපි දැන් කන්නේ අපේ රටේ අපිට අවශ්‍ය දේවල් නෙවෙයිනේ... ඒකයි මේ ඔක්කොම අවුල් මං හිතන්නේ...
මොක උනත් ඕක තමන්ගේ කැමැත්ත.. කැමැත්තෙන් නැතුව කරන කිසි දේකින් වැඩක් වෙන්නේ නෑ.. එච්චරයි... කෑම ඔලුව උඩ තියාගෙන කන්නේ නැතුව හිටියාම ඉවරයි... අවශ්‍ය දේ අවශ්‍ය විදියට කෑවාම මොන ප්‍රශ්නයක් වත් නෑ...
අපේ මහත්තයටත් පුංචි ටොක්කක් ඇනල නේද
Deleteනලින් අයියේ.. ඒක එයාට ඇන්න ටොක්කත් නෙවෙයි.. එයා ඕනේ එකක් කනවා.. හැබැයි එයා කරපු වැඩේ හින්දා ඕක මට උන නිසා එයාට ඔය ටොක්ක ඇනෙනවා.. හි හි...
Deleteමගේ අදහසත් නම් ඉතින් කන නොකනදේ තීරණය කරන්න ඒ ඒ පුද්ගලයාට අයිතියක් තියනව කියන එකයි. තාත්ත නොකන නිසා දරුවන්ට නොකා ඉන්න කියන එක අසාදාරණයි. ඒ වගේම මස් නොකන කෙනෙකුට කන්න බල කරන එකත් අසාදාරණයි. වෙජිටේරියන් කෙනෙක් බඳින එක නම් මස් මාලු කන කෙනෙක්ට වදයක් වගේම අනිත් පැත්ටටත් එහෙමයි. මස් මාළු නොකන කෙනෙක්ට මස් මාළු උයන්න උනොතිනුත්.
Delete"අවශ්‍ය දේ අවශ්‍ය විදියට කෑවාම මොන ප්‍රශ්නයක් වත් නෑ... " මේකනම් සහතික ඇත්ත.
ඔය වේගනිසම් කියන එක නම් බයිලයක්.... හැමදේම තෝර තෝර ඉන්න වෙනවා.. හදිස්සියකට බෙහෙතක් වත් ගන්නෙ කොහොමද ?
ReplyDeleteසුබ නව වසරක්....
ඒක ඉතින් එක එක්කෙනාගෙ කැමැත්ත නොවැ.හැමදේම කනවනම් ඉතින් හොඳයි.. ජීවත් වෙන්න ලේසියිනෙ.
Deleteවේගන් කියන එක නම් ඇහුවෙත් අදමයි. මම නම් කෑම තොර තෝර ඉන්නේ නෑ. ඕනම ජාතියක් කනවා.
ReplyDeleteසුබ අළුත් අවුරුද්දක් වේවා රෝස කුමාරි !
අපේ අම්මගේ අම්ම මට නිතරම දොස් කියනව තෝරල කනවට. මට බනින්නෙ ලෝකෙට ආහාර හිඟයක් ආවොත් ඉස්සල්ලම මැරෙන්නෙ මම කියල.:) මධුරංගට අවුලක් නෑ සාගතේකදි උනත් පණ බේරගන්න පුළුවන් හී හී.
Deleteසුබ නව වසරක් වේවා. මේකට ඇවිල්ලා අද තමා මුලින්ම දාන කොමෙන්ට් එක. ලිපිය නම් වටිනවා. නමුත් තනිකරම වේජිටේර්යන් වෙන එක සෑහෙන අමරුවක්. අනික වැඩෙන වයසේ ඉන්නව නම් සෑහෙන අතුල් පහරක්. නමුත් ඉතින් මැදි වයසට යනකොට ඉතින් වෙජිටේරියන් ක්‍රමේ තමා හොඳ
ReplyDeleteප්‍රතිපත්ති නිසා වෙජිටේරියන් වෙන එක තමා ගොඩක් අමාරු. දරුවන්ට අවශ්‍යය පෝෂණය නොදී බලෙන් වෙජිටේරියන් කරන්න උත්සහකරනවනම් ඒක වැරදියි.කුඩා දරුවන්ට හැදෙන්ඩ වැඩෙන්න සමබර පෝෂණයක් ලබාදිය යුතුයි.
Deleteඒ උනත් අපේ ජීවිත පවත්වාගෙන යන්න තව සතෙකුගේ හෝ කිහිපයකගේ ජීවිත බිලිවෙනවානම් එක අසාධාරනයි.අපේ පැවැත්ම මේ මිහිතලය මත අනෙක් ජීවින්ගේ පැවැත්මට තර්ජනයක් නොවිය යුතුයි.
ReplyDeleteඑහෙම උතුම් සිතුවිල්ලකින් වෙජිටේරියන් වෙනවනම් ඉතින් බොහොම අගෙයි.
Deleteඑකම දේ දකින විදිය.ආකල්ප යහපත් නම් ජිවිතයට එක් කර ගන්න දේවල් යහපත් වෙයි.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
එකම දේ දිහා විවිධ කෝණ වලින් බලන්න පුළුවන් නිසා තමා ලෝකෙ මෙච්චර විවිධ වෙලා අදහස් වලින් පිරිල තියෙන්නෙ :)
Deleteමන් නම් වෙජිටේරියන් නෙවේ .ඒත් මස් මාළු කන්න ප්‍රියක් නැහැ .
ReplyDeleteඒ උනාට තෙල් මිරිස් කෑම වලට කැමතියි .ඔතන තියෙන්නේ ආසාව
ගැන ප්‍රශ්නයක් ..සමහරු මස් වල එන රසට කැමතියි..සමහරුන්ට
ඒක අවුල ..
තවත් අය මස් නොකා මස් රසය ඇති කෑම කනවා. ( කුකුල් මස් රසැති
සොයා මීට් වගේ..) එක එක්කෙනාගේ රසය තමයි හොයන්නේ .
තවත් අය මේ හැම දේම සමාජ ආටෝපෙට කරනවා.මන් වෙජිටේරියන්
කියන බහුතරය ඉන්නේ ඒ ගොඩේ ..
50 වෙනි ෆලෝ වරයා මම වීමි ..
Delete50 වන ෆලෝ වරයා වීම ගැන ස්තූතියි. :) මාත් ඉතින් තෙල් මිරිස් දාපු කෑම කන්න තමා ප්‍රිය. මමත් හිතන්නෙ ආහාර ගැනීමෙදි අපි පෝෂණයට වඩා රස ගැන තමා බලන්නෙ.
Deleteඅනේ මට නං කරෝල ඇර අනික් ඕක දෙයක්..ගෙදර අනිත් අය මොනව කැවත් නෑ මගෙන් තහංචි.ඒත් ගෙදරට හරක් මස් ගෙන ඒම නං මං දන්න දා ඉදලම තහනං.
ReplyDeleteමම සමකය වටේ ලියන නලීන්
මොකෝ ඒ කරවල අරහං.... මමනම් මාළුවලට වඩා කරවල කැමැත්තෙන් කෑව.
Deleteකට ඇතුළට දාන දේ වලට වඩා කටින් එලියට දාන දේ ගැන පරිස්සම් වෙනවනම් වඩා හොඳයි.
ReplyDeleteඒ කතාවටනම් පොත්ගුල්ලගේ කටේ මසුරං මල්ලක්ම දාන්න වටිනව..
Deleteඕක මම කියපු දෙයක් නෙවෙයි. මම අනුමත කරන අදහසක්. මම ඔය කතාව ඇහුවේ මැලේසියාවේ හිටපු සංඝනායක කිරින්දේ ශ්‍රී ධම්මානන්ද හිමියන්ගෙන්.
Deleteමමත් වෙජිටේරියන් නෙමෙයි. හැබැයි මස් වලින් කන්නේ චිකන් විතරයි. වේගන් වෙලා ඉන්න එකනම් හරිම අමාරු කටයුත්තක්. ඒත් ඕන තරම් එහෙම අය ඉන්නවනේ. මගේ ඉන්දියන් යාලුවෙක් ඉන්නවා. එයාගේ ආගම මට මතක හැටියට ජින්. ඒ අය වේගන් විතරක් නෙමෙයි පොලව යට හැදෙන දේවල් (අල, ලූණු, කැරට්) පවා කන්නේ නැහැලු. ඒවානම් තේරුමක් තියනවදත් මන්දා.
ReplyDeleteජින් නෙමේ ජෛන. ඒ අය ඔය වගේ ශාක නොකන්නෙ පොලොව යට හැදෙන නිසා නෙමෙයි, ආහාරයට ගැනීම සඳහා මුලු ශාකයම උගුලුවන්න වෙන නිසයි. එය ඔවුන්ගේ අහිංසාවාදී දර්ශනයට විරුද්ධයි.
Deleteමගෙත් ඉන්දියන්, නේපාල් යාළුවො ගොඩක් වෙජිටේරියන්. සමහරුනම් බිත්තර කනව. ජෛන අය එහෙම නොකන බව දැන හිටියත් පොත් ගුල්ලගෙ කමෙන්ටුවෙන් තමා හේතුව දැනගත්තෙ
Deleteපොත් ගුල්ලා හරි ආගම ජෛන.. අල ගැන කතාවත් හරි...ඒ වගේම මෙයාල ඉන්නෙත් එයාලගේ අල හැමොටම පේන්න එලියේ දාගන. මෙයාලගේ ගමකට මං ගිහින් තියනවා.ඉන්දියාවේ මධ්‍ය ප්රෙද්ශ්වල විදිසා කියන නගරයේ සිට සැතපුම් 10ක විතර දුරක මෙයාලා ඉන්නවා. ඉන්නේ උපන් ඇදුමෙන්..
Deleteවේගිටේරියන් වෙන්න ට්‍රයි කලා බැරි හින්දා අතෑරලා දැම්මා
ReplyDeleteමස් වලිනුත් කුකුල් මස් විතරයි අනිත් ඒවා ඇලජික්
සුබ නව වසරක්!!!
ටික දවසකට වෙජිටේරියන් වූ මගේත් යාළුවො ඉන්නව. ඒ කාලෙ මගේ රූම් මේටුත් මම නොකන නිසා ටික කාලෙකට මස් කෑම නැවැත්තුව.
Deleteඑසේම වේවා :)
ReplyDeleteමම ෆිෂ්ටේරියන්. මාළු, බිත්තර කනවා. මස් ජාති කිසිම එකක් කන්නේ නැහැ :) මේ මට්ටම මගේ තරමින් ප්‍රමාණවත් කියලා හිතනවා
මාත් ඉතින් ෆිෂ්ටේරියන් තමා :)
Deleteඔය කටින් ඇතුලට දාන දේවල්වලට වැඩිය මම හිතන්නේ සැලකිලිමත් වෙන්න ඕන කටින් එලියට දාන දේ ගැන. මොනවා උනත් ඔය වේගන් කියන එක මල විකාරයක් වගේම සොබා දහමට විරුද්ද වීමක් කියලයි මට හිතෙන්නේ. කොයි දෙයිනුත් අගතියට යාම හොඳ දෙයක් නෙවේ. ඔයා දන්නවද දළදා මාලිගාව ඉස්සරහ තියෙන වැවේ යම්කිසි කාලයකට සැරයක් මාළු අල්ලන්න ටෙන්ඩර් දානවා කියලා. එහෙම නොවුනොත් උන් ඔක්කම වඳ වෙනවා. ලෝකේ මිනිස්සු ඔක්කොම එළවලු විතරක් කන්න ගත්තොත්. පොඩ්ඩක් බලන්න Bee කියන ෆිල්ම් එක. එතකොට ඔයාගේ ඔය මතය වෙනස් කරන්න හිතෙයි
ReplyDeleteඔයා කියන කතාව ඇත්ත තමයි, ඒත් කැමති කෙනෙක් වෙජිටේරියන් උනාට වරදක් නැහැ. දේවදත්ත හිමියන් යෝජනාව ගෙනා අව්ස්ථාවෙ බුදුහාමුදුරුවෝ කිව්වෙත් ඒකයි.
Deleteitnishantha මම කොයිම වෙලේවත් මස් මාළු නොකා වෙජිටේරියන් විය යුතුයි කියල කොතනකවත් කියල නෑ. මම කියන්න උත්සහ කලේ මේ ලෝකෙ විවිධ හෙතු නිසා විවිධ ආහාර රටා තියන අය ඉන්නව කියල විතරයි. මේ ලෝකෙ ඕනාම කෙනෙකුට තමන් කැමති පරිදි ආහාර ගැනීමේ නිදහස තිබිය යුතුයි.තමන් කැමතිනම් වෙජිටේරියන් වෙන්න එහෙමත් නැත්නම් මස් මාළු කන්න ඒක එක්කෙනාගෙ කැමැත්ත
Delete