Tuesday, May 29, 2012

පාළු ගෙදර


මම බොහෝම කාලෙකට ඉස්සර පොතක් කියෙව්ව අළුත් තාලෙ නැන්දම්මල ගැන ලියවුන. පොතේ නමත් අළුත් නැදම්මලා වගේ තමයි මට මතක. ඒ පොතේ තියෙන්නෙ සාම්ප්‍රදායක නැන්දම්මා චරිතයෙන් මිදුන නැන්දම්මල ගැන කතන්දර.
මගේ ජීවිතේට මම දැකපු හොඳම නැන්දම්ම මගේ ලොකු අම්ම, ඒ කිව්වෙ මගේ අම්මගේ අම්ම. ඒ පවුලට ඉන්න එකම පුතා අපේ මාම නිසා ලොකු අම්මට ඉන්නෙත් එක ලේලියි. අපේ මාම ගැනනම් මම පරණ පොස්ට් වලින් ලියල තියනවනෙ. අපේ නැන්ද ගුරුවරියක්, ඉතින් උදේ නැඟිටල වැඩට යන අපේ නැන්ද පස්සෙන් කිරි වීදුරුවකුත් අරන්  කැරකෙන ලොකු අම්මගේ දර්ශනය මට තාම මතකයි.  මගේ ලොකු අම්ම කියන දෙයක් තමා පිටින් පෞලට බඳුනු කෙනාගෙ හිත මොන විදියෙන් වත් රිද්දන්න හොඳ නෑ කියල. මොකද ඒ අයගෙ හිත රිදුනොත් හදන්න ලේසි නැති නිසා.
 බඹර කුමාරයගෙ අම්ම මාස දෙකක් අපි බලන්න ඇවිත් ඉඳල ගිය සතියෙ ආයෙමත් ලංකාවට ගියා.වෙඩින් එකෙන් හරියටම සතියකට පස්සෙ මෙහේ ඉඟිල ආපු නිසා බඹර කුමාරයගෙ පවුලෙ උදවිය එක්ක මට ඒ තරම් කාලයක් ගතකරන්න උනේ නෑ. ඒ නිසාම අම්ම එද්දි මට පුන්චි චකිතයක් නොතිබුනාම නෙමෙයි.(අහන්න ලැබෙන්නෙම නැන්දම්මලාගෙ නපුරු කම් නෙ) . ඒත් මෙහේ හිටපු මාස දෙකේදි මාත් අම්මත් බොහොම කිට්ට්‍ටු උනා. හරිම බිසී පුතාට වඩා කොච්චර වැඩ අස්සෙ උනත් අම්ම එක්ක රවුම් ගහන්න ඉන්න ලේලිව අම්මට හිතට ඇල්ලුව. අම්ම හිටපු මාස දෙකේ රස කෑම අම්ම අතින් ඉවුන. මාත් ඉතින් මම දන්න වෙනස් වෙනස් කෑම ජාති හදල දුන්න. වෙන කවරදාටත් වඩා ඉක්මනින් දවස් ගෙවිල අම්ම ආපහු යන දවස උදාඋනාම තමයි ප්‍රිය වියෝව ලංකාවෙ අපිට දරාගන්න අමාරුයි කියල ආයෙත් මතක් උනේ. අම්ම ගියාම මුළු ගේම පාළුවට දැනුන. අපි දෙන්නට මේ පුංචි ගේත් ලොකු වැඩියි වගේ හිතුන. දවසක් දෙකක් හරි විදියට කෑමක් කෑවෙත් නෑ අපි. අම්ම ගියාම බඹර කුමාරය කිව්වෙ ආයෙනම් කවුරුත් අපි බලන්න නාවට කමක් නෑ කියල. ඒ අකමැත්තකට එහෙම නෙමේ එයාල ආපහු යනකොට දැනෙන තනිකම දරන්න අමාරු නිසා.
  
ගොඩක් අම්මල පුතාලට තමයි වැඩියෙ කැමති. පුතාල ඉන්න පවුල්වල අය උනත් තවත් පුතාල පවුලට එකතුවෙනවට තමා කැමැත්ත. ඒත් පුතාල දෙන්නෙක් ඉන්න මගේ නැන්දම්මනම් දුවාලට තමා මනාප. මල්ලි තවම පොඩි එකා. මම ඉතින් තවම එකම ලේලි. දුවෙක්ට ඉන්නෙ ඉත්න් මම තමා.ඒ නිසාමද මන්ද මට ලැබුනු ප්‍රතිචාරනම් බොහොම ඉහලයි. ඈගේ ක්‍රියාකලාප දිහා බලපු මට හිතුනෙ මගේ නැන්දම්මත් "අළුත් නැන්දම්මා" කෙනෙක් නේද කියල. ලේසියටත් පහසුවටත් මම කකුල් දෙකට ඔබාගන දුවන මගේ බැලරිනා සපත්තු දෙක දාල දාලම පරණ වෙලා. අළුත් එකක් ගන්න ඒත් උවමනාවක් උනේ නෑ. එක දවසක් සපත්තු කඩයකදි බඹර කුමාරයට අම්ම තරහින් මෙහෙම කියනව 'රෝස කුමාරිගේ අර බැලරිනා සපත්තු දෙක දැන් හොදටම පරණ වෙලා අරන් දෙන්න ඒ ළමයට අළුත් දෙකක්".

නිවාඩු නැති නිසා අපිට ලොකු ගමන් යන්න බැරි උනත් කොහොමෙන් කොහොම හරි නයගරා බලන්න ඈව එක්ක යන්න අපිට පුළුවන් උනා. අපිත් ඉතින් දෙවනි වරටත් නයගරා දැකබලාගත්ත.  අම්ම ඒ ගමනින් ගොඩක් සතු‍ටු උනා අම්ම කෙනෙක් එහෙම ලස්සන තැනක් බලන්න එක්ක යන්න ලැබෙන එකත් පිනක් නේද කියල මට ඒ වෙලේ හිතුන. අම්ම මෙහේ හිටිය මාස දෙකේ මෙහේ ජීවිතේ ගැන කිසිම මැසිවිල්ලක් නැඟුවෙ නෑ ගොඩක් අම්මලට මෙහේ දවසින් දෙකෙන් එපාවෙනවනෙ. ඈට තිබුනු එකම දුක මල්ලිත් තාත්තත් මේ ගමන ආපු නැති එක. මල්ලිගේ විභාග කටයුතු නිසා ඒ දෙන්නට එන්න බැරි උනා.

 හරිම ඉක්මනින් ගෙවුන මාස දෙකකට පස්සෙ ආයෙත් අපි දෙන්න ගෙදර විතරක් නෙමේ මේ රටෙත්තනි උනා. අද මේ සටහන තබන්නේ මාස දෙකක සතුට ගෙනා බඹර කුමාරයාගේ අම්මා වෙනුවෙන්

11 comments:

  1. කතාව කියෙව්වා.. කියන්න දෙයක් හිතාගන්නත් බෑනෙ..

    ReplyDelete
    Replies
    1. මොකුත් නොකිව්වට මොකෝ කතාව කියෙව්වනම් :)

      Delete
  2. ඔතනදි ප්‍රශ්න එන්නේ ගොඩක් කල් එකට ඉන්න ගියහම . ඈත ඉන්නකොට අගය වැඩියි . හැම නැන්දම්මම නරක නැහැ . ඇත්තටම ගොඩක් ප්‍රශ්න එන්නේ කතා නොකර හිතේ තියන් ඉඳීමෙන් . මගේ නැන්දම්මා එක්ක මට ලොකු ප්‍රශ්නයක් වෙලා නැහැ . පුතා එයා කියන ඒවා අහන්නේ නැති කොට මන් ලව්වා තමා කියවන්නේ . ඒ වුනාට මන් නම් කාලයක් එකට ඉඳල තේරුම් ගත්තේ දුරින් ඉන්න තරමට හොඳයි . හැබැයි දැන් එයාල වයස නිසා දුකයි තනියම ඉන්න එක ගැන

    ReplyDelete
    Replies
    1. බින්දි අක්කගෙ කතාවට මාත් එකගයි. දුරින් ඉන්න තරමට ගොඩක් ප්‍රශ්න අඩු කරගන්න පුළුවන්.ගොඩක් කාලයක් එකට ගැටෙන කොට නිකන්ම ප්‍රශ්න ඇති වෙනව.

      Delete
  3. බලාගෙන යනකොට අපි දෙන්නගේ ගොඩක් දේවල් එක සමානයිනෙ රෝස කුමාරි. මටත් වැඩි කල් නැන්දම්මලා එක්ක ඉන්න උනේ නැහැ මෙහෙ ආපු නිසා. මාසයක් විතර තමා හිටියේ. අපේ නන්දම්මටත් පුතාලා 2 යි. හැබැයි මම තමයි චූටි ලේලි. පොඩිම එකා මම හින්දා "පොඩි එකී", "චූටි කෙල්ල" වගේ එක එක නම් කියනවා මට :)

    අපි මුල්ම වතාවට නයගරා බලන්න ගියේ නැන්දම්මලා එක්ක. එයාලගේ සතුට දැකලා ඔයාට හිතුන විදියටම මටත් හිතුනා. අපේ අම්මලා ආවම දෙවෙනි වතාවටත් නයගරා ගියා.

    කොයි තරම් ආදරේ උනත් බින්දී අක්කා කියපු කතාවෙත් ඇත්තක් ඇති කියලා හිතෙනවා මට. දුරින් ඉන්නකොටයි අගේ වැඩි. නිතර දකින කුකුලගේ කරමලේ සුදුයි ලු නේ. ඉතින් මම කැමතියි දුරින් ඉඳං මේ වගේම ඉන්න (ඒත් හැමදාම නෙමෙයි).

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ පිරිමි ළමයි විතරක් ඉන්න පවුලකට බැදුනම ඔය නැන්දම්ම ලේලි හබ සැලකිය යුතු තරමකින් අඩු වෙනව :). (අර බැන්දපු ගමන් මෙහෙට පැනල ආපු එකත් පොඩි වාසියක් ,,නැද්ද සයුරි..)
      අප්පේ අම්මල යද්දි සයුරිට හිතුනෙ නැද්ද බෑග් එකක් ඇතුලට වෙලා හරි එයාල එක්ක යන්න..:( මම නම් අපේ ගෙදර අය මා බලන්න එනවට දැන් අකමැතියි. මගේ පවුලෙ අය ඉන්නෙ ඉර නොබසින රාජ්‍යයෙ. කීප වතාවක් මාව බලන්න එන එක මඟ ඇරුන ලොකු අම්මල බලන්න ලංකාවෙට යන්න වෙලා. මේ නිවාඩුවට ඒ හැමෝමත් වෙන රටවල ඉන්න මගෙ මාම ,පුංචි එහෙමත් ලංකාවෙට යනව. මම විතරයි මෙහෙ.(දුකින් ඉන්නෙ ඒ ගැන). මෙහේ දැනෙන තනිකම සයුරිත් ඉතින් හොඳට දන්නවනෙ. දැන් ටික ටික ආයෙ සුපුරුදු පාළු ජීවිතේට පුරුදු වෙනව....

      Delete
  4. හරිම වාසනාවන්තියෙක් නෙ ඔයා! :) සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලකී... ඔයාගෙ නමත් ලකීනෙ ඉතින් ඔයත් ලකී ඇති..:)

      Delete
  5. මෙවන් නෑ සබදකම් වාසනාවන්.....

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි. ඒ වගේම රෝස කැළේට සාදරයෙන් පිලිගන්නව.

      Delete
  6. මෙවන් ලේලිලා නැන්දම්මලා වාසනාවන් :)

    ReplyDelete