Tuesday, September 27, 2011
අමේලියා බෙදේලියා
"අනේ මට නම් බෑ බත් කන්න ... මට බඩගිනි නෑ......."
"අනේ පුතේ ටිකක් හරි කන්නකෝ... බත් කන්නෙ නැති බබාලව හුළගෙ යනව...උඩ ගිය බබා වගේ"
"අනේ මට බෑ....."
"ඔන්න එහෙනම් ඔයාට කිරි හාමිගෙ කතාව කියන්නෙ නෑ"
පුංචි කාලෙ මට කෑම කවන යුද්දෙ ඉවරවෙන්නෙ ඔන්න ඔයවගේ දෙබසකින්. මම කෑම කන්නෙ කතන්දරයක් කියනවනම් විතරයි. ඔය විදියට අම්ම,ආච්චි අම්මල සීයල , පුංචිල,නැන්දල මෙකී නොකී කොයි කවුරුත් ගාව තියන කතන්දර පෙට්ටි හිස් වෙනකන් මම කතන්දර අහල තියනව. බැරිම තැන කට්ටිය කතන්දර හදලත් කිව්ව. ඔය විදියට කෑම කවාගන්න කියපු ජනප්‍රියම කතාවක් තමයි කිරි හාමිගේ කතා.හත් පන කියන පොතේ තියන මේ කතන්දර පෙළ හරිම රසවත්,අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ ඔය හැමෝමත් මේ කතා රස විදල තියනවට සැකයක් නෑ. පසු කාලෙක රෑපවාහිනී මාලා නාටකයකුත් ගියානෙ ඔය ඇසුරින්.
මම මේ කියන්න යන්නෙ කිරිහාමි ගැනවත් හත් පණ ගැනවත් නෙමෙයි. කිරි හාමිගේ කතන්දර රසය සිහි ගන්වන කිරිහාමි වගේම හස්‍යය ගෙනෙන කිරි හාමිනේ කෙනෙක්ගෙ කතා තියන කතන්දර පොතක් ගැන කියන්න. මේ කිරි හාමිනේ ඉන්නෙ ඇමරිකාවෙ එයාගෙ නම තමයි. " අමේලියා බෙදේලියා" ඈ ගෘහ සේවිකාවක්. ඔය උඩ පින්තූරෙ ඉන්නෙ එයා තමයි. එයාට බොහොම පොහොසත් ගෙදරක ගෘහ සේවිකා තනතුරක් ලැබෙනව. වැඩට යන පළමු වෙනි දවසේ වෙන අකර තැබ්බ තමයි පළවෙනි පොතේ තියෙන්නේ. මේ විදියට කතා 28 ක් ඇතුලත් පොත් 28 ක් තියනව. මේ රසවත් අමේලියා බෙදේලිය පොත් පෙළ ලිවීම ආරම්භකර තියෙන්නෙ "පෙගී පැරිෂ්" කියන ලේඛිකාව.පළමු පොත් ලිවීමෙන් පසු වර්ෂ දී සිදුවූ ඇගේ හදිසි මරණයෙන් පසු පෙගීගේ බෑනනුවන් "හර්මන් පැරිෂ්" ඉතිරි පොත් ලියා තිබෙනවා.
මතකද කිරි හාමි ගෙදරක වැඩට ගිහින් දෙපැත්තෙම බටර් ගාන්න කියපුවම ගෙදර ළමයින්ගේ දෙපැත්තේ බටර් ගාපු කතාව.මේ අමේලියත් ඒවගේ. කියන දේ තෙරුම් ගන්නේම වැරදියට.
ආහාර සෑදීමේදී ඩ්‍රසින්ග් (dressing) කරනවා කියා පවසන්න්නේ එයට සෝස් වැනි යමක් එක්කිරිමයි. අමේලියට කුකුළු මස් ඩ්‍රසින්ග් කර තබන ලෙස ගෙදර සුවාමි දුව වන රොජර්ස් මහත්මිය පවසනවා.අමේලියා කුකුළු මස් පිඟානක තබා එයට කුඩා ඇඳුම් අන්දනවා. ඈට නාන කාමරයේ තුවා වෙනස් කරන ලෙස කීවිට අමේලියා මෙසේ සිතනවා"මේ තුවා කොච්චර ලස්සනද ඇයි මේවා වෙනස් කරන්නේ" නමුත් ඈ ඇගේ වැඩ ලයිස්තුවේ එය තිබෙන නිස ඈ කතුරක් ගෙන ඒ තුවා කපා වෙනස් කරනවා.
අමේලියා කොතරම් මෝඩ වැඩ කලත් රොගර්ස් මහතා හා මහත්මිය අමේලියාව ගෙදර තියාගන්නෙ එයා රසම රස පුඩින් හදන නිසයි.
ඉංග්‍රීසි පොත් රසවිදින්න කැමති පොඩ්ඩන්ට වගේම ලොක්කන්ටත් මේ පොත අපූරුයි.
Sunday, September 25, 2011
ඇවිදින චිත්‍ර බලමුද?
පාට පාට සායම් ගාපු ලස්සනම ලස්සන චිත්‍රයක් දිහා බලාගන ඉන්න අපි කවුරුත් කැමතියි . ඒ චිත්‍රයට පන ඇවිත් චලනයන් පෙන්වුවොත් අපි තවත් විස්මයෙන් ඒ දිහා බලාගන ඉන්නවට සැකයක් නෑ. චිත්‍රවලට පණ ආපුවාම අපි ඒවාට "කාටූන්" කියල කියනව. කොච්චර වයසින් වැඩුනත් මට කාටූන් බලන්න තියන කැමැත්තනම් අඩු වුනේ නෑ. අදටත් ඩිස්නි චැනල් එක හරි කාටූන් නෙට් වර්ක් හරි තමා අපේ ගෙදර වැඩිපුරම බැලෙන්නෙ. පුංචිකාලෙ ටයිටස් තොටවත්ත මාම හඬකවපු දොස්තර හොඳ හිත,ගලිවරයන්ගේ සුවිසැරිය,පිස්සු පූසා....වගේ හරිම රසවත් කාටූන් රසවිඳපු හැටි මට තාම මතකයි. පස්සෙ කාලෙක මිකී මවුස් , ටොම් ඇන්ඩ් ජෙරී , ඩිස්නි සුරංගනා කතා...
මේ ඔක්කොම කාටූන් මගේ මතකයට ආවෙ පහුගිය දවසක බලපු කාටූන් චිත්‍ර පටියක් නිසයි.ඒ තම 2010 ප්‍රචාරය වූ ටැන්ග්ල්ඩ් චිත්‍ර පටය, රපුන්සල්ගේ කතාව.... මේක ටිකක් පරණ චිත්‍ර පටයක් වුනත් බලන්න වුනේ නෑ. ගිය සතියෙ ඔය චිත්‍රපටය බලන්න අවස්තාවක් උදාවුනා . ඒ එක්කම අතීතයේ බලපු ලස්සනම ලස්සන කාටූන් කතා ගොඩාක් මගේ මතකයට ආව. බ්ලොග් කියවන මිතුරු මිතුරියො මම තරමටම මේ කාටූන් පට රසවිද ඇති බවට කිසිම සැකයක් නැති නිසා අතීතයේ කාටූන් කතා මතක් කරන්න ඕනේ කියල හිතුන.
දොස්තර හොඳ හිත
මුහුද මගේ ගොඩ බිමයි
නැව මගෙ නිවසට සමයි
සියළු සතුන් මගෙ තමයි
දොස්තර හොඳ් හිත මමයි
හා හා හරි හාවා
හා හා හරි හාවා
කැළේ මැදින් ආවා
හිටගෙන ගඟ ගාවා
වට පිට ඇහැලෑවා
පිස්සු පූසා
පිස්ස මූ පිස්ස මූ පිස්සු පූස මූ...
ගලිවරයන්ගේ සුවිසැරිය
මම ටොමියත් එක්ක්ක පාවෙලා ආව ලිලිපුට් දූපතට.
ලිලිපුට්ටො කුරුමිට්ටො......
වුඩි වුඩ් පැකර්
මෙයාගෙ හිනාව තමයි හරිම ලස්සන. ...
ටොම් ඇන්ඩ් ජෙරී
ටොම් පූස් පැටිය ජෙරී මී පැටිය පස්සෙන් එලවන එලවනව....කෝ තම අහුවුනේ නෑ
කුඩා වියේ දී රසවිදපු මේ සුන්දර
කාටූන් පෙළට පසු කාලීනව තව කිහිපයක් එක් වුනා.....
වලස් මාමා
මාමා වලස් මාමා
නැන්දා වලස් නැන්දා
කවුරුද කවුරුද රංඩුකරන්නේ
නැන්දයි මාමයි රංඩු කරන්නේ....
කවුද බෝයි
සූර පප්පා
ස්කුබි ඩූ
ඳගයා
ලොකු කුඩා බේදයක් නැතුව කවදත් එක ලෙස රස විදිය හැකි කටූන් කතා පෙළක් .... හැබැයි මගේ අදහස නම් පැරණි කාටූන් පට වල් අළුත් ඒවාට වඩා මොකක්දෝ අමුතු රසයක් තියන බවයි. ඕල්ඩ් ඊස් ගෝල්ඩ් කියල කතාවකුත් තියනවනෙ..... සමහර වෙලාවට මට හිතෙන දෙයක් තමා දැන් දැන් තැනෙන සමහර කාටූන් පට ළමා මනසට එතරම් සුදුසු නෑ කියල. කොහොම නමුත් චූටි දුවල පුතාල ඉන්න අයනම් කාටූන් පට ගැන නිතර උනන්දුවෙනවනෙ. මේ ගොඩක් කාටූන් පට අන්තර්ජාලයෙන් ලේසියෙන් හොයගන්න පුලුවන්. ...

Thursday, September 22, 2011
අතින් අතට යන "ෆුට් බෝල්"
" ෆුට් බෝල් " කිව්වම අපි කාටත් මතක්වෙන්නෙ පාපන්දු ක්‍රීඩාව. ඒත් ඇමරිකාවෙ ෆුට් බෝල් කියන්නෙ වෙනත් ක්‍රීඩාවක්.ඔවුන් පාපන්දු ක්‍රීඩාව හඳුන්වන්නේ "සොකර් " කියල.ඇමරිකානු ෆුට් බෝල් ක්‍රීඩාව වෙනත් රටවල ඒතරම් ප්‍රසිද්ධ ක්‍රීඩාවක් නෙමෙයි. නමුත් ඇමෙරිකානුවන්ට ෆුට් බෝල් කිව්වම ඊට වඩා දෙයක් නෑ.මේ ක්‍රීඩාව ෆුට් බෝල් නමින් හදුන්වන්නේ මේ සඳහා යොදාගන්නා බෝලය අඩ්යක් නැත්නම් ෆූට් එකක් දිග නිසයි. මෙහි බෝලය ගෙනයන්නේ අතින් හරියට රගර් වගේ.
ඇමරිකානු ෆුට් බෝල් පාසල් කණ්ඩායම්, විශ්ව විද්‍යාල කණ්ඩායම් සහ වෘත්තීය කණ්ඩායම් ලෙස ප්‍රධාන කොටස් තුනකින් යුතුයි. මේ එක් එක් පද්ධතියට වෙන වෙනම නීති මාලාවන් තිබෙනවා. විශ්වවිද්‍යාල කණ්ඩායම් අතර සිදුවන තරඟ තමා බොහොම විසිතුරු හා උත්සවාකාරයෙන් පැවැත්වෙන්නෙ. සාමාන්‍යයෙන් ඇමරිකානු ෆොට් බෝල් සීස්න් එක සැප්තැම්බ්ර් මාසයේ ඉදල නොවැම්බර් මාසය දක්වා පවතිනව. මේ කාලයේදී තමයි විශ්වවිද්‍යාල තරඟපැවැත්වෙන්නෙ. බොහොම විශාල මේ ක්‍රීඩාව සඳහාම තැනුනු පිට්ටනි වල ලක්ශගණනි මිනිස්සු පිරිල ඔල්වරසන් දෙන්නෙ තමුන්ගෙ කණ්ඩායම ජයග්‍රහනය කරවන්නයි. එක් එක් විශ්ව විද්‍යාල වලට වෙන වෙනම උප සංස්කෘතීන් තිබෙනවා. ඊට අමතරව සෑම කණ්ඩායමකටම තමන් නියෝජනය කරන සතකු සිටිනවා. මේ සතා විදියට ඇදගත් පුද්ගලයකුත් ඔවුන්ට සිටිනවා. ඊටත් වඩා අපූරු කාරනේ තමා තරඟයක් ආරම්භකරන්න පෙර ඒ තරඟය පැවැත්වෙන ක්‍රීඩාංගනය අයත් කණ්ඩායමේ නිල සත්වයා
ක්‍රීඩාපිටියවටා රවුමක් ගෙනියනව..... මම මේ කියන්නෙ අර ඒ සතා විදියට ඇදගත්ත පුද්ගලය ගැන එහෙම්න නෙමෙයි. ඇත්තම ඇත්ත සතා ගැන. ...ඔව් ..ඔව්... හැම ක්ණ්ඩායමකටම නිල ජීවී සත්වයෙක් ඉන්නවා. උදාහරණයක් විදියට ලුසියාන ස්ටේට් ඔෆ් යුනිවර් සිටි වල නිල සත්වයා කොටියෙක්... හ්ම්ම්ම් මෙයලට ඇත්ත කොටියෙක් ඉන්නව නේන්නම්. මේ කොටිය තරඟෙට කලින් පිට්ටනිය වටේ රවුමකුත් යනව. යුනිවර්සිටි ඔෆ් ඔරිගන්වල තාරාවා, මිසිසිපි ස්ටේට් යුනිවර්සිටි හි බුල් ඩෝග්, යුනිවර්සිටි ඔෆ් ඇල බාමා වල අලියා(මෙයාලටනම් ඇත්ත අලියෙක් තාම නෑ).යුනිවර්සිටි ඔෆ් ෆොලොරීඩා වල කිඹුලා...... මේ ආදී ලෙස එක එක නිල ස්ත්වයන් ඉන්නවා.
රගර් ක්‍රීඩාවට ටිකක් සමාන මේ ක්‍රීඩාවට විවිධ නීති රීති පවතිනවා. ඒත් ඒවාට වඩා මේ ක්‍රීඩාවහා බැදුනු උප සංස්කෘතිය හරිම විනෝද ජනකයි.
තරඟයට කලින් ක්‍රීඩා පිටිය වටා භූලියෙ කූඩාරම් ගහල ඒ වගේ උදේ ඉදන් විවිද ආහාර පිසිමින් හා බුදිමින් හවස තරඟය පටන් ගන්නා තුරු බලාසිටින පිරිස ඉතා විශාල්යි. ඊට අමතරව අනිතයටත් සමහර කූඩාරම් වල නොමිලේ කෑම ලබා දෙනව. මෙහිදී බැදපු මස් හා රතු කවුපි විශේෂයි.මේ කූඩාරම් ගැසීම හා අහාර බුඩ්ක්තිවිදීම හැදින් වෙන්නේ "ටේල් ගේටින්ග්" කියල.
ඉන් පස්සෙ කණ්ඩායමේ කීඩකයො ටික පෙර හැරකින් පිටියට අතුල් වෙනව. ඊට පසුව නිල සත්වයා ලෙස ඇදගත් පුද්ගලයත් සමඟ බෑන්ඩ් කණ්ඩායම හා දිරි ගන්වන කණ්ඩායමේ කට්ටිය පෙරහැරකින් පිටියට යනව. තරඟය පටන් ගන්න කලිනුත් ජෙට් යානා හ්ගමන් කිරීම පැරශුට වලින් පිටියට බැසීම සරඹ සංද්ර්ශණ වැනියමක් සිදුකරනවා. නැවතත් තරඟයේ මැදදි ලැබෙන විවේකයේ විශාල සරඹ සංදර්ශණයක් පැවැත් වෙනවා.
මම දැකපු විශේෂම කාරණය තමා දිනුවත් පැරදුනත් හැමෝම ඒක ස්තුටින් භාර ගැනීම. ඕනෙමනම් පැරදුන කණ්ඩායමට අයත් අය ටිකක් විතර කසු කුසුවෙන් බනී. එච්චරයි. කවදාවත්ම ගහගන්නෙ මරාගන්නෙ නෑ.

Thursday, September 1, 2011
මීදුමින් සෑදුනු
නීල වර්ණ තෘණ ශාකයන්ගෙන් වැසීගිය කදු මුදුන් වලින් පහළට ඇද හැලෙන සුදුම සුදු ජලකදන් සහිත දිය ඇලි ලංකාවේ ජිවත්වූ අපිට අරුමයක් නෙමෙයි. නුවර එළිය ගිහින් තියෙනවානම් ඒ යන මග දිගටත් ඉන් පස්සෙ විශේෂිත ස්තානවල ඇති දුන්හිද දියළුම වගේ සුප්‍රසිද්ද දිය ඇලිත් නරඹන්න ලංකාවෙ අපි කාටත් අවස්තාව තියනව.
කාලයක් තිස්සෙ මේ වගෙ දිය ඇල්ලක් නැරඹීමේ ආශාවක් රෝස කුමාරිටයි බඹර කුමාරයටයි ඇතිවෙලා තිබුණ. හැබැයි මේ දිය ඇල්ල තියෙන්නෙ ලංකාවෙ නෙමේ ... මේ විශේෂ දිය ඇල්ල තමයි "නයගරා"
බොහොම කාලයක් විවිද වූ කාරණා නිසා කල් දමමින් හිටපු මේ ගමන අන්තිමෙදි අපි මේ ග්‍රීෂ්ම නිවාඩුවේදී ගියා.
කැනඩාවේ ඔන්ටේරියෝ හා ඇමරිකාවේ නිව් යෝර්ක් අතර ජාත්යාන්තර දේශ සීමාවේ පිහිටි මේ සොඳුරු දිය ඇල්ල 'හෝර්ස්ෂූ' හා 'ඇමරිකන් ෆෝල්ස්' ලෙස ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. 'හෝර්ස්ෂූ' අයිති කැනඩාවට.'ඇමරිකන් ෆෝල්ස්' නමේ හැටියටම අයිති ඇමරිකවට. ඇමරිකාවට අයත් පැත්තේ තවත් කුඩා දිය ඇල්ලක් තිබෙනවා 'බ්‍රයිඩල් වේල් ෆෝල්ස්' නමින් . ප්‍රධාන දිය ඇලි දෙක වෙන් වෙන්නේ "ගෝට් අයිලන්ඩ්" කියන කුඩා දූපතකින්. නයගරා දිය ඇල්ල නිර්මාණය වන්නේ නයගර ගඟ පන්චමහා විල් වලින් එකක් වන ඔන්ටේරියෝ විලට ඇද වැටීමෙනුයි.
වැඩියෙන්ම ලස්සන කැනඩා බෝඩර් එකේ තියන "හොර්ස්ෂූ " දිය ඇල්ලයි. ඒ කොටසේ තුන් පැත්තකින්ම දිය ඇල්ල වටවී තියනවා. ඇමරිකානු බොඩ්ර් එකෙන් දිය ඇල්ල බලන්න එන අයට කැනඩා කොටසත් කැනඩා පැත්තෙන් එන අයට ඇමරිකානු කොටසත් ගොඩබිමේ සිට එතරම් හොඳට පෙනෙන්නේ නෑ. ඒ නිසා මේ දිය ඇලි දෙකම බලගන්න පුළුවන් විදියට බෝට්‍ටු සවාරි සංවිධානය කර තිබෙනවා.මේ බෝට්‍ටු සවාරිය හදුන්වන්නේ මීදුමින් සෑදුනු හෙවත් 'මේඩ් ඔෆ් ද මිස්ට්' යන අපූරු නමින්. කැනඩාවත් ඇමරිකාවත් බොහොම සමඟියෙන් මේ දිය ඇල්ල සංචාරක ව්ය්‍යාපාරයට යොදාගන්නවා.
ඔය කියන විස්තර වලට අමතරව මගේ පෞද්ගලික අත් දැකීමේ හැටියට නයගරා කියන්නේ බොහොම ලස්සන ,නරඹන්න වටින ස්ථානයක්. අපි ගියෙ ඇමරිකානු පැත්තෙන්. එතැන ඉදල කැනඩා පැත්තට බෝට්‍ටුවේ ගමන්කර විට දැනුනු හැඟීම බොහොම අපූරුයි.ඒ හැඟීම වචනවලට හරවලා මම ඹඹර කුමාරයට කිව්වෙ මෙන්න මේ විදියටයි. " හරියට අපි ලොස්ට් වර්ල්ඩ් එකකට ඇවිත් වගේ". එතනදී බෝට්‍ටුවේ සෙනඟ කොච්චර හිටියත් අපිට දැනෙන්නේ අපි ඒ මහා දිය ඇල්ල ගාව තනි වෙලා වගේ. ඹඹර කුමාරය ඇතුළු අපේ නඩේ අනිත් ඈයන්ටත් මේ හැඟීම ඒ විදියටම දැනිල තිබුන.
ඔන්න එහෙනම් ඕ ගොල්ලන්ටත් බලන්න පින්තූරු ටිකක්.

Subscribe to:
Posts (Atom)