tag:blogger.com,1999:blog-19684643145558307242024-02-20T22:32:14.328-08:00රෝස කැළේරෝස කුමාරිhttp://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-1968464314555830724.post-617418879383990072013-07-15T21:35:00.000-07:002013-07-16T13:08:00.045-07:00කොස් !!!!!
මගේ ප්‍රියතම ආහාරයක් තමා කොස්....මොන ක්‍රමයට ඉව්වත් මනාපයි. එයින් කොස් තරුණ කාලෙ (young jackfruit) පොලොස් කන්න බොහෝම මනාපයි. දැන් ඉතින් ඔය කට පුරා පොලොස් කිව්වට ගෙදරදි අපි කිව්වෙ පැහි කියල.. ඉස්කෝලෙදි යාළුවො හිනා උනා මගේ මේ පැහි කතාවට.. ඔය ඉතින් ඔහොම හිනා උන පළමු වතාවම නෙමේ.මම ඔය පුන්චි, පියාඹන කෘමී සත්තුන්ට කියන්නෙ "පූච්චො" කියල.. ගෙදර අයත් කියන වචනයක් ඕක. ඒත් ඉතින් මගේ යාළුවො ඕක අල්ලගන මාව කන්න හැදුව ඒකාලෙ.
මම පාසල් ගියේ විනාඩි දහයක පහලවක දුරක තියන පාසලකට ඒක ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක් නිසා හැම පැත්තෙන්ම ළමයි ආව .අපි හැමෝම අතර සුළු සුළු භාෂා වෙනස්කම් තිබුනට මහ ලොකුවට වෙනසක් දැනුනෙ නෑ. ඒකටත් එක්ක මම උසස් අධ්‍යාපනයට කොළඹට ආවම....අප්පේ...මාර වෙනස් සමහර වචන. මෙහෙත් ඉන්න සිංහල උදවිය වෙනස් පැතිවලින් ආපු අය. අපි ඉතින් සමහර වෙලේට ඔය වචන වෙනස ගැන කතාවෙනව.
පිච්චුනාම එන දිය පට්ට වලට අපි කියන්නෙ පොක්කලම් කියල, ඒ වගේම කාඩ්බෝඩ්වලට අපි පට්ට කියනව,තව හිරිකඩ අපිට තුවානියන්..
ඔය මගේ කටින් පිටවුන අමුතුම වචන විදියට එයාලට දැනුන ඒව. ආ.... ඉස්සර කැම්පස් එකේ ළමයි හිනාවෙනව" බස් හිටවනව" කියනවටත්. උන් අහනව උබල වලක් හාරලද හිටවන්නෙ කියල.
පිට පලාතකින් අපේ පැත්තට ඇවිත් පදිංචි උන ගුරුතුමියක් දවසක් අපිට මේ කතාව කිව්වෙ. මිස් බෞද්ධ ,අපේ ගම් පලාත්වල වැඩි කතෝලිකයො. දවසක් මිස් එයාගෙ හොඳම යාළුවෙකුගේ මරණෙකට සහභාගිවෙන්න යනගමන්ලු ඒයාගෙ ගමේ නෑදෑ අයියකෙනෙක් මගදි මුනගැහිල ඒ කෙනා අහල "නංගි මේ කොහේ යන ගමන්ද" කියල. මිස් කියල අනේ මම මේ මගේ යාළුවෙකුගෙ ඉලව් ගේක යනව අයියෙ කියල. ඉතින් අර මිස්ගෙ අයිය ඇහුවලු " ඈ නංගියේ ඒක මේ ආගමේ උත්සවයක්ද?" කියල...අපේ පැත්තෙ මළ ගෙවල් වලට කියන්නෙ ඉලව් ගෙවල් කියලනෙ.
කොස්.... කොස්... කොස් ගැන කතා කරන්න ඇවිත් අන්තිමට නැවතුනේ මළ ගෙවල් වලින්. ඒකෙත් ඉතින් එක අතකට ගැලපීමක් තියනව. මොකද මළ බතට දෙන්නෙත් කොස් තම්බල වට්ටක්කයි කරවල හොඳියි නෙ. මැයි, ජුනි කියන්නෙ ලංකාවෙ කොස් වාරෙ... ලංකාවෙ හිටියනම් ඉද හිටවත් කන්න තිබුන, එක එක ක්‍රමයට කොස්.
කොස් කන්න ක්‍රමනම් කීයක්ද. හොඳ හැටි බඩ පුරවගන්නත් ලැබෙනව. නිකමට යැ බත් ගහ කියන්නෙ. අපිට නම් තනිකර කොස් තම්බල බත් වෙනුවට කන්න තරම් කොස් ලැබෙන්නෙ නෑ. ගෙදර ගහක් දෙකක් තිබුන ඒත් කඩාගන්න කෙනෙක් නෑනෙ. ඉතින් කොස් ලැබෙන්නෙ ව්‍යාංජනයක් විදියට තමා. වරක නම් ගෙඩි වැටෙනව. ඒත් මදුළු දහයයි වැඩිම. ගොඩක් කෑවම මැරෙනව කියල බයකරනව පොඩිකාලෙ. ඔහොම වරක වැඩියෙ කන්න නොදීපු දවසක මම "අකාල මරණයි කාල මරණයි දෙකක් තියනව... කාල මැරෙන එක හොන්දයිනෙ" කියල හොඳටෝම බැනුම් ඇහුව
.කොස් වලට කියන තවත් නමක් තමා හෙරලි. ඔය නම හැදුන හැටි ගැන පුංචි කාලෙ මම කතාවක් අහල තියනව. හරියටම මතක නැතත් කතාව මෙන්න මෙහෙමයි..
බොහොම ඈත කාලෙ කොස් කෑමට ගන්නෙ නෑලු. ඔහේ හැදිල වැටිල කුණු වෙලා යනවලු. ඒත් ඉතින් හැම තැනම හැදෙනවලු සරු සාරෙට. එක ගමක හිටියලු ගම ජෝඩුවක් බොහෝම දුප්පත් .. සමහර දවසකට ඉතින් කන්න ගේ හැරියෙ හාල් ඇටයක් නෑලු. ඔන්න ඔය වගේ දවසක ගම හාමිනේ දෝත් මුදුන් තියල දෙයියන්ට කන්නලව් කලාලු "ඇයි දෙයියනේ අපේ දුක ඔබ තුමාන්ලාටවත් පේන්නෙ නැද්දෝ " කියල. ඔය කන්නලව්වට සක්‍ර දේවේන්ද්රයගේ පඬුපුල් ආසනේ රත් උනාලු (දැන් ඒ ආසනේ සක්‍ර දෙයියන්ගේ බිසව උයන්න හොට් ප්ලේට් එකට අරගන නිසා සක්‍ර දෙවියන්ට බුරුත ලීයෙන් හදපු කුෂන් පුටුවක් ගෙනත් දීල ලු ).
ඉතින් සක්‍ර දෙයියොත් මනු ලොවට වැඩල හිඟන්නෙක්ගෙ වෙස් අරගන ගියාලු මේ ගම ගෙට. යන කොටම පේනවලු කොස් ගස් හැදිල තියන හැටි අපූරුවට. සක්‍ර දේවයත් හිතින් හිතනවලු මේ මනුස්ස ලෝකෙ මිනිස්සු මේ ගස් තියාගන බඩ ගින්නෙ දුක් විදින්නෙ මොන මෝඩකමකටද කියල.
හිඟන වෙස් ගත්ත සක්‍ර දෙයියො අර ගෙදරට ඇවිත් අනේ හාමිනේ මම මේ බොහොම දුරක හිට එන්නෙ කන්න මුකුත් දුන්නොත් පින් අත්වෙයි කියල කිව්වලු. ගම හාමිනේ ඉතින් අපිටත් කන්න නැති වෙලේ මේ මනුස්සයත් පාත් උනා මෙතෙන්ට කියල හිතමින් කිව්වලු 'අපටත් අද කන්න දෙයක් නෑ රාළේ ' කියල. සක්‍රයත් ඉතින් ඇවිදගෙන ගිහින් කොස් ගෙඩියක් කඩාගෙන ඇවිත් කිව්වලු 'අනේ හාමිනේ මෙන්න මේක කපල මදේ තම්බල දුන්නනම්' කියල. 'අනේ අප්පේ මේව කන්නෙ නෑනෙ' කියල ගම හාමිනේ කිව්වත් මනුස්සයගෙ කරදරේට ඔන්න කී හැටියට කලා කියමුකො. ඔන්න ටික වෙලාවකින් එනවලු හොඳ සුවදක්....ගම හාමිනේටත් දැන් ඉවසුමක් නෑලු මේකෙන් ටිකක් රස බලන්න. ඒත් ඉතින් සක්‍රයා ත තැවම කිව්වෙ නෑලු තම්බල ඇති කියල.ඉතින් ගම හාමිනේ හොරෙන්ම බාගෙට තැම්බුනු කොස් මඳුළු වල රස බැලුවලු. ඕක දැක්කක සක්‍රයා මේ ගස "හෙර ලිය" කියල නම්කලාලු... කටින් කට යනකොට ඒක නිකන්ම හෙරලි උනා කියල තමා මම දන්න කතන්දරේ.
දැන් මෙහෙම කොස් නෑ කියල නහයෙන් ඇඬුවට අපිත් ඉද හිට කනව ටින් කරපු පොලොස් සහ ශීත කල කොස්.. කොච්චර උත්සහ කලත් ගෙදර උයන රස එන්නෙ නැත්තෙ මගේ අවුලක් ද කොස් වල අවුලක් ද මන්ද. මෙහේ තියන ආසියානු වෙළඳසැල් වල ඔය පොලොස් ටින් ගන්න පුලුවන්. මම ඉතින් ලැබෙන වෙලාවට දහයක් විතර ගෙනත් තියාගන්නව. ඹබර කුමාරය කියන්නෙනම් මම පොළොස් මැල්ලුම වගේ එකක් හදනව කියලයි. අනේ උන්දල දන්න ඉවිලි.
පොලොස් කියන්නෙ බඹර කුමාරයගෙත් ටොප් ටෙන් චාර්ට් එකේ කෑමක්. විවාහ වෙන්න කලින් ඔය පොලොස් කතාවක් ඇදිල ආවම මෙන්න මෙයා කියනව එයාලගෙ ආච්චිලාගෙ ගෙදර තියනවලු පොළොස් ගහක්! මම ඉතින් දැන් දස අතේ කියනව එහෙම පොලොස් ගස් නෑ කොස් ගස්ම තමා තියෙන්නෙ පොලොස් කියන්නෙ කොස් වල ලපටි කාලෙ කියල.කෝ.. මෙයා දැන් පිලිගන්නෙම නෑ. ගහ තියන තැනත් කියනව...මාත් ඉතින් බැරි තැන අත ඇරිය.
කලකට පස්සෙ මම විවාහ උනාම මට ඕන උනා ඔය කියන අරුම පුදුම "පොලොස් ගහ" බලන්න. ඔන්න ඉතින් ආච්චිලාගෙ ගෙදරත් ගියා කියමුකො. කියපු තැන කියපු විදියටම ගහක් තියනව..........හැබැයි "දෙල් ගහක්"!රෝස කුමාරිhttp://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.com26tag:blogger.com,1999:blog-1968464314555830724.post-82195584543826166482013-06-24T21:10:00.000-07:002013-06-24T22:41:28.958-07:00මඟුල් විත්ති
විවාහ උන කෙනෙක්ගෙ ගෙදරක සාලයේ අනිවාර්යයෙන් දකින්න ලැබෙන දෙයක් තමා මඟුල් පින්තූරය. අම්මලාගෙ මහගෙදර ඒ වෙනුවෙන්ම තැනකුත් තියනව,මගේ විවාහයත් එක්ක පරම්පරා තුනක මගුල් ජායාරූප එකතුවක් එතන තියනව.
ඒත් අදටත් එතන තියන ලස්සනම මංගල ජායාරූපයට හිමිකම් කියන්නෙ ලොකු අම්මයි ලොකු තාත්තයි (අම්මාගේ අම්මටයි තාත්තටයි අපි කියන්නෙ එහෙමනෙ).....
මේකප් නැති, දන්න අදුනන හැඩ ගන්නන කෙනෙක්ට කියල දාගත්ත සරල කොන්ඩ සැරසිල්ලක් එක්ක මල් පොකුරක් අතින් ගත්ත ලොකු අම්ම,මේකප් තට්ටු ගනනින් ප්‍රසිද්ධ රූපලාවන්‍යය ශිල්පීන්ගේ අතින් සිතුවම් උන, දුවලයි මිනිපිරියන්ටයි වඩා කොයිතරම් හැඩද.
ලොකු අම්මගෙ සහෝදර සහෝදරියොනම් කියන්නෙ දවස් හතක් මඟුල් කෑව එයාගෙ විවාහය වෙනුවෙන් කියල. ගමේම ලවුඩ්ස්පීකර්ස් දාල ගමටම කියල ගත්ත මඟුලක් ලු. දැන් කාලෙ ඔහොම එකක් ගත්තොත් ඉතින් ජීවිත කාලෙටම ණය ගෙව ගෙව පොලුයි බතුයි කකා තමා ඉන්න වෙන්නෙ.
පොලුයි බතුයි කියද්දි මතක් උනේ අදාල නැතත් ඔන්න ඔහෙ ලියල දානව. ඒ කාලෙ ඔය කැම්පස් එකේ යාළුවන්ගෙ ගෙවල්වල ගියාම ඉතින් ඔය හදන කෑමක් බීමක් එහෙම අපි එපා කියන්නෙ නෑනෙ, යන්නෙත් දෙන්න තුන්දෙනා නෙමෙනෙ දහ පාලොස් දෙනානෙ. එහෙම ගිහින් ඒ අහිංසක දෙමාපියන් සංග්‍රහ කරන කෑම ටික කුඩක් වත් නොතිය ගිලදාන්නෙ ඒ මනුස්සයො තරහවෙයි කියන බයටනෙ,නැද්ද.... ටික දවසකට පස්සෙ ඉතින් අර කාල බීල ආපු ගෙදර ළමය එක්ක යන දෙබස මෙන්න මේවගේ.
" මේ දවස් වල අපි කන්නෙ රොටියක් පුච්චන් බන්"
" හෑ ! ඒ මොකෝ බන් ඒ.."
" නෑ උඹල ඔක්කොමල ඇවිත් ගියානෙ ..ආයෙ ඉතින් ලබන මාසෙ තාත්තට පඩි හම්බුනාම තමා හාල් එළවළු ගන්න වෙන්නෙ"...
පුංචිකාලෙ මාව හරියට ඔය මල් කුමාරියන්ට ගන්නව,තට්ටු ගවුම් මල් පොකුරු එක්ක ටිකක් VIP සැලකිලි ලැබෙන නිසා මාත් ඉතින් වැඩි වදයක් නොදී ඔය මල් කුමාරි රාජකාරිය කළා.මට මතක ඇති කාලෙ ඉදන්ම ඔය විවාහ උත්සව තරමක් වානිජකරණය වෙමින් තිබුනෙ, දැන් තරමටම නැතත් ටිකක් අතපය දිග ඇරල වියදම් කරන විවාහ සම්ප්රදායක් තමා මම හැමදාම දුටුවෙ.
අපේ මාමා විවාහ වෙද්දි මම අවුරුදු දෙකක විතර පොඩි දැරිවියක් නිසා මට මතකයක් නෑ ඒ ගැන. ලොකු අම්මනම් කියනව ඒ දෙවනි ගමන උත්සවේ බොහොම ජයට තිබුනලු.කෝකියො ගෙන්නල ගෙදර උයල , වත්ත සරසල ටෙන්ට් ගහලලු ඒ උත්සවේ ගත්තෙ. ඒ වැඩේ කොතරම් හිතට ඇල්ලුවද කිව්වොත් ඉන්පස්සෙ අපෙ ගෙදර කාගෙවත්ම මඟුලක් ගෙදර ගත්තෙ නෑ.
කතෝලික අපි විවාහ වෙන්නෙ පල්ලියෙනෙ ඉතින් විවාහය වෙනුවෙන් කෑම බීම දෙන්න ක්‍රම දෙකක් තියනව. පළමු ක්‍රමේ තමා විවාහ ගිවිස ගැනීමේ උත්සවයක් පවත්වල කන්න බොන්න දීම. මේ විවාහ ගිවිස ගැනීම කියන්නෙ "රෙජිස්ටර්" කරනවට නෙමේ. මේකෙදි කරන්නෙ පල්ලියට ගිහින් ආශිර්වාද අරන් මුදු මාරු කිරීමක්. ගොඩක් වෙලේටෙ මුද්දක් ලැබෙන්නෙ මනාලියට විතරයි. ඒ මුදු මාරුවෙන් පස්සෙ ගෙදර හෝ උත්සව ශාලාවක උත්සවේගන්නව. මේ ක්‍රමය තමයි ඉස්සර ගොඩක් ප්‍රසිද්ධ. පසු කාලීනව මුදු මාරුව නැවතිලා පල්ලියෙ කටයුතු ඉවර උනාම උත්සව ශාලාවකට ගිහින් සතුට සමරන්න කට්ටිය පටන් ගත්ත. මේ උත්සව වලදි වියදම දරන්නෙ මනාලියගෙ පාර්ශවය මනාලයගෙ පාර්ශවයට අවස්ථාව එන්නෙ දෙවනි ගමනෙදිනෙ.
කතෝලික විවාහ උත්සව වල ඔය පල්ලියේ චාරිත්‍ර ඇරුනම වෙන පිලි පැදිය යුතු චාරිත්‍ර වාරිත්‍ර එහෙම බොහොම අඩුයි.පල්ලියේදී මනාලියකට මනාලියක් මුන නොගසෙන්න කට්ටිය වග බලාගන්නව.ඒ වගේම මනාලියගේ මල් පොකුර පල්ලියක සුරුවමක් පාමුල තියනව එදා දවස අවසානයේ. අපි දවස් දෙකක්ම විවාහ උන නිසා මල් පොකුරු දෙක සුරුවම් පාමුල තියන්න උනේ දෙවනි ගමනෙනුත් පස්සෙ. ඒ වෙනකොට මල් හොඳටම මැලවිලා
මංගල්ලෙ කොහොම ගත්තත් අතිමට ඉතුරුවෙන්නෙ ගන්න පින්තූර ටික විතරනේ කියල ඔය හැමෝම සැල කියයුතු ගානක් වියදම් කරල ඇල්බම් එකකුත් හදනවනෙ. ලංකාවෙ දැන් ඔය පින්තූර ගැනිල්ල විලාසිතාවක්වෙලානෙ. මම හිතන්නෙ ඔය තරමට මඟුල් පින්තූර ගැන හිතන එකම රට අපි කියල.
අපේ විවාහයෙන් දින කීපෙකින් මෙහේට කඩන් පාත් උන නිසා ජායාරූප ඇල්බමය ලැබුනම අපි අඩි හප්පල, ඒක අපිට එවන්න කියල ඉල්ලල හිටිය.... අප්පේ කිලෝ හය හතක් බර ඇල්බම් දෙකක් යාළුවෙක් බෑ නොකිය අරගනත් ආව.
ඕක බලන මෙහේ අය හරියට පුදුම වෙනව. එක මිතුරියක් එයාගෙ ජායාරූප ගැන ඉගනගන්න ඥාතියෙක්ට පෙන්නන්න ඇල්බම් එක ඉල්ලුවත් එක්ක. "කතන්දර පොත්" ක්‍රමයට කරපු මගේ ඇල්බම් එකනම් දැන් මේ වෙද්දි ලංකාවෙනම් " අවුට් ඔෆ් පැෂන් " මගෙ හිතේ. මගේ නේපාල් මිතුරුයන් කිව්වෙ එයාලගෙ විවාහ ජායාරූප ගන්න ලංකාවට එනව කියලයි. ලංකාව ඇමරිකාවටත් වඩා ඉස්සරහින්නෙ කියල හිතෙන්නෙ මේව ඇහෙනකොට...
විවාහ වෙන්නෙ එක පාරනෙ කියල පුළුවන් තරමට හොඳට මඟුල් ගත්තට ඒ මුදල් බැංකුවක දාගත්තනම් වගේ සිතුවිලිත් එන වෙලාවල් නැත්තෙ නෑ. ලඟදි විවාහවුන බඹර කුමාරයගෙ ඥාති සොහොයුරෙක්නම් අම්මලාට කිව්වෙ විවාහය වෙනුවෙන් වියදම් කරන සල්ලි ගෙයක් හදාගන්න දෙන්න කියලලු. හිතල බලද්දි ඒ කතාවෙත් ඇත්තක් තියනව.
අපි ඉතින් ඔය මොන කතා කිව්වත් දෙමාපියො කැමති තමන්ට පුලුවන් ඉහලින් මඟුලක් අරන් දරුවො දීග දෙන්නනෙ. දරුවෙක් හඳ පානෙ ,හොර රහසේ දීග ගියාම අම්මලා තාත්තල සතුටු වෙන්නෙ නෑනෙ මඟුලට වියදම් වෙන සල්ලි ඉතුරුයි කියල.
හඳ පානෙ ගියත් ඉතින් කොහොම හරි මඟුල් පින්තූරයක් ගන්නෙ කවද හරි දවසක දරුවන්ට පෙන්නන්න කියලනෙ. දැන්කාලෙනම් ඔය දෙමාපියන්ට හොරෙන් වෙන විවාහත් පැවැත් වෙන්නෙ රටටම මඟුල් කියලනෙ. මම දන්න කියන ගෑණු ළමයෙක් හිටිය, දෙමාපියො ගුරුවරු. ප්‍රේම සම්බන්දයක් ඇතිකරගත්ත හරි හමන් රස්සාවක් නොතිබ්බ කොල්ලෙක් එක්ක, දෙමාපියො තදින්ම විරුද්ද උනා. ගැණු ළමය හිතුවක්කාරෙට දීග ගියා.. හිතුවක්කාරෙට කිව්වට ඉතින් මඟුල් කාඩ් යවල මඟුල් සාරි ඇදල උත්සවයකුත් අරන් තමා බැන්දෙ.
ඉපදීමත් මරණයත් අපිට ඕනෙ හැටියකට කරන්න නොලැබෙන එකේ ,ජීවිතේ අනික් ලොකුම සංදිස්ථානය වෙච්චි විවාහය තම තමන්ට ඕනෙ හැටියකට කරගන්නනෙ අපි කවුරුත් බලන්නෙ. කොහොම මඟුල් ගත්තත් ඉතින් අන්තිමටනම් වැදගත්වෙන්නෙ ඊට පස්සෙ ගෙවන ජීවිතය කියන එකත් අමතක කරන්න නරකයි.රෝස කුමාරිhttp://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.com21tag:blogger.com,1999:blog-1968464314555830724.post-79754654977747854812013-06-09T08:51:00.001-07:002013-06-09T20:48:14.173-07:00දෙවසරක් ගෙවිලා!දන්නෙම නැතුව රෝස කැළේට අවුරුදු දෙකකුත් ගෙවිල... මහා ලොකු ලියවිල්ලක් මේ අවුරුදු දෙක පුරා ලියවුනේ නැතත්, මාත් එක්ක රෝස කැළේ මල් නෙලපු හැමෝටම ගොඩාක් ස්තූතියි...
මෙන්න ඉතින් ඔයාලට අරන් යන්න ඕන තරම් රෝස මල් ..............
රෝස කුමාරිhttp://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.com14tag:blogger.com,1999:blog-1968464314555830724.post-13954118460794822892013-05-13T20:54:00.000-07:002013-05-13T23:46:46.894-07:00බ්රවුනි
උසස් පෙළ කරන කාලෙ කොහේද ඉදන් ආව බළල් අම්මෙක් පුන්චි පැටව් තුන්දෙනෙක් බිහිලා ගෙයින් එපිට ගරාජ්යේ.සුදු අළු සහ තැඹිලි ...පුළුන් බෝල වගේ හිටිය මේ අය අපේ ගෙදර ඉපදුනාට මොකද අපි ගාවටවත් එන්නෙ නෑ. ආඩම්බරයි හරියට..
ටිකකාලෙකින් අම්ම ආගිය අතක් නැතිඋනා. තනිවුන පුංචි පූස් බබාල බඩගින්නෙ තියන්න බෑනෙ, ඒ නිසා මාළු අනපු බත් කටක් දෙන්න අපි කිට්ටු උනා.හපෝ මෙයාල දුවනව හතර අතේ. ටිකකලකින් ඔන්න එක්කෙනා දෙන්න අපි එක්ක යාළු වෙන්න ගත්ත. ඒත් ලස්සනම ලස්සන තැඹිලි බබා නෙමෙ අපි දිහා බලන්නෙවත්.චුට්ට චුට්ට කෑම ජාති දිදී අපි අමාරුවෙන් එයාවත් යාළුකරගත්ත. දැන් අපේ ගෙදර පූස් පැටව් තුන්දෙනයි. ගෙදරට යන එන අය දැන් මෙයාලව ඉල්ලනව, තුන්දෙනෙක් ඉන්න එකෙ එක්කෙනෙක් තියගන අනිත් අය දෙන්න තීරනය කලේ ගෙදර ලොකු ඇත්තො පොඩි ඈයන්ටනම් හිත තුන්දෙනාම තියගන්න. කොහෙත් වගේ බලවත් ඇත්තො ජය අරන් සුදු පූස් එක්ක අළු පූස් ගෙදරින් ගියා. අළු පූස්ටනම් එකෙන් උනේ වාසියක්. එයා ගියෙ කෑම කඩයක් අයිති කෙනෙක්ගෙ ගෙදරකට ගේ තිබුනෙ කඩේට පිටිපස්සෙන්. කාල කාල හොද ගානට තරබාරු උන අළු පූස් කඩේ එහෙට මෙහෙට ඇවිදින හැටි ඉද හිට ඒ කඩේ යන අපිටත් දකින්න ලැබුන. එයාටනම් අපිව මතක නෑ ආඩම්බරෙන් ඇවිදල අපිවත් පහුකරගෙන යනව.
කොහොමින් කොහොමහරි ගෙදර ඉතුරු උන එක්කෙනාට නම වැටුනෙ බ්රවුනි කියල.හිමින් හිමින් අපිත් එක්ක එයත් ලොකු උනා. එයා මගේ ඇද පාමුල නිදන්නත් උදේට මගේ කිරි වීදුරුවෙන්, දවල්ට බත් පතෙන් කොටස ලැබෙන නිසා මා වටේම දැවටෙන්නත් පුරුදු උනේ පොඩිකාලෙමයි. ඔන්න ඔහොමතමයි බ්රවුනි රෝස කුමාරිට අයිතිඋනේ. මම පාඩම් කරනවනම් එයා එනව ඇඟමැලි කඩමින් ඇවිත් ඉදගන්නව මේසෙ කොනක. ඔන්න ටිකකින් එයාට කම්මැලියි ඇවිත් දැවටෙනව පුරු පුරු ගානව. මම ඒත් එයාව ගනන් ගන්නෙ නැතුව පාඩම් කරනවනම් ඔන්න එයට තරහ යනව. කරන්නම්කො හොද වැඩක් කියල හිතලඩ කොහෙද ඇවිල්ල නිදාගන්නව මගේ පොත උඩ.
බ්රවුනි හරි කම්මැලිය. මීයෙක් ඇඟ උඩින් පැනල ගියත් මෙයානෙමේ ඇහැක් ඇරල බලන්නෙ. ඔන්න ඒ උනාට අහින්සක කුරුලු පැටියෙක් ගහක ඉන්නවනම් හිමීට හොර බැල්මදාගෙන කැරකෙනව වටේට.කුස්සියේ මාළු කපන වෙලාවටනම් එයා කුස්සියට වෙලා ඉන්නෙ මාළු ටික පරිස්සම් කරන වගේ. මාළු කෑල්ලක් ලැබෙනකම් කැරකෙනව උයන කෙනා වටේ. මහ කපටියෙක්. මෙයා හරි පිරිසුදු බළල් පැටියෙක් මොකද රෝස කුමාරි සති දෙකකට විතර සැරයක් එයාව නාවනවනෙ... ඔව් ඔව් පූස් බබාව තමා... පූස් බබාල නාන්න අකමැති උනාට යන එන තැනුයි කන දේවලුයි එක්ක නාවන්නෙ නැතුව කොහොමද. මම ඉතින් ෂැම්පූ එහෙමත් දාල නාවන්නෙ. නාවනකන් දඟලනව පැනගන්න හැබැයි කවදාවත් එයාගෙ පුළුන් කොට්ට අස්සෙ තියන විස කූරුනම් එලියට අරන් නෑ. නාවල හොදට පිහල තමා අත අරින්නෙ නැත්නම් දුවල ගිහින් මිදුලෙ පෙරන්ලෙනවනෙ.
මගේ මාමගෙ දුව හරිම ආදරෙයි පූස් හාමිලට. ආදරේ වැඩිකමට එයාලව බදාගන තුරුල් කරන් තමා ඉන්නෙ. ලංකාවෙන් පිට ජීවත්වුන එයා ඉද හිට ආවම බ්‍රවුනිට හෙලවෙන්නත් නෑ. බ්‍රවුනිත් මෙයාගෙ හැටි දන්න නිසා එය ඉන්න කාලෙට එලිපහලියට එනව එහෙම අඩුයි.
දවසක් අපි ඔක්කොම සාලෙ ඉදගෙන කතාකරමින් හිටිය. හැල්මෙ කුස්සියේ ඉදන් දුවගෙන ආපු බ්රවුනි සාලෙට ඇතුල්වෙන තැන් ඉද්ද ගැහුව වගේ නැවතුනා.. ඒ මාමගෙ දුවව දැකල. දැන් මෙයා දන්නව සාලෙට ගියොත් අත්වෙන ඉරනම. ඉතින් ඔන්න ඊළඟට හිමීට බිත්තියේ හැප්පි හැප්පි හොරෙක් වගේ හිමින් අඩි තිය තිය අපිව පහුකරල යනව.
බ්රවුනි තමයි මම තේරුම් යනකාලෙ මට හිටිය එකම සුරතලා. මම කොච්ච්චර ආදරේද කිව්වොත් බඹර කුමාරය එයාව නැට්ට කොටාට දෙන්න ප්ලෑන් ගැහුව. නැට්ට කොටා කිව්වෙ එයාලගෙ ආච්චිලාගෙ ගෙවල් ගාව වෙලේ කබරය...
බ්රවුනි දවසින් දවස වැඩුන මාත් විවාහ වෙලා මෙහෙ ආව. මමත් ඉතින් කතාකලාම අහනව එයාගෙ විස්තර දවසක් ලොකු අම්ම කිව්ව එයා දැන් පොඩි නෑ. රවුම් ගහල ගහල කන්න විතරයි ගෙඩර එන්නෙ කියල. කාලයත් ගෙවුන.. ඔන්න මාසෙකට විතර කලින් පුංචි පින්තුර වගයක් දැම්ම මූනු පොතේ. බ්රවුනියි එයාගෙ බබාලයි කියල....බ්රවුනි පුන්චි පූස් බබාල තුන්දෙනෙක් ගෙදරට ගෙනකන් අපි හැමෝම හිතාගන හිටියෙ එය පූස් මල්ලියෙක් කියල...හපොයි!
මගේ හුරතල් බ්රවුනි දැන් ආදර අම්ම කෙනෙක්! එයාගෙ බබාල තුන්දෙනා, මිමී, නිනී , ටිටී සුදු, අළු තැඹිලි පාටයි. හරියටම බ්රවුනියි එයාගෙ සහෝදරයොයි වගේ. රෝස කුමාරිhttp://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.com11tag:blogger.com,1999:blog-1968464314555830724.post-80815961149052951442013-01-18T19:57:00.000-08:002013-01-18T19:57:15.673-08:00අතීතයේ කතාවක් !
මීට අවුරුදු 25 කට 30 කට කලින් හරියටම කියනවනම් 1983 ජූලි 23 දා ශ්‍රී ලංකාවේ ඇතිවුන යුධවාතාවවරණය අපි කාටත් අමතක නෑ. මම ඉපදෙනකොටත් යුද්ධය ආරම්භවෙලා. ඒ කාලෙ අපි හීන දැක්ක යුද්ධයක් නැති සුරක්ෂිත ශ්‍රීලංකාවක් (යුද්ධයෙන් පසුවත් අපිට තවමත් සුරක්ෂිත බව හීනයක්). මම ඒ කාලෙ හිතුවෙ අපිට කවදහරි මේ යුද්ධයේ අවසානයක් දකින නොලැබෙයි කියල. ඒත් ඒ කාලකන්නි යුද්ධය අද ලංකාවෙ නෑ. හමුදාවෙ ඉන්න පුතා ගැන ගින්දර පත්තුවෙවී ඉන්න අම්මලට ,තම සැමියා ගැන සුසුම් හෙලන බිරින්දෑවරුන්ට දැන් හදවතින් හිනාවෙන්න පුළුවන් ඒ 2009 අවුරුද්දෙ යුද්ධයට නැවතීමේ තිත තිබ්බ නිසා.(යුද්ධය ජයග්‍රහණය කළා කියල නොකිව්වෙ ඇත්තටම අන්තිමේදි අපි දිනලද කියල හිතෙන නිසයි.) යුධ අවසාන වෙද්දි මම මේ රටට ඇවිත් මාස පහක් විතර ගෙවුනා විතරයි. ඔය ගැන ඔච්චරක් ඇති ඔය මාතෘකාව දැන් හොඳටම විකුනගනකාල වෙළදභාණ්ඩයකටත් වඩා පහතට දාල ඉවරයිනෙ, මම මේ විදියෙ ආරම්භයක් ගත්තෙ මීට අවුරුදු විස්සකට කලින් වුන සිද්ධියක් ගැන කියන්නයි.
මගේ ලොකුතාත්ත ඒ කියන්නෙ අම්මගේ තාත්තා හිටපු හමුදාවෙ, ඉන්ජිනේරුරෙජිමේන්තුවේ නිලදාරියෙක් (මට රැන්ක් එකනම් මතක නෑ). මම උපදිද්දි එයා විශාම අරගනයි හිටියෙ. ලොකුතාත්තා හමුදාවට බැඳිලා තිබුනෙ 40 ගනන්වල. විශ්‍රාම අරගන ටිකකාලෙකට පස්සෙ, යුද්ධය ආරම්භවූ පසු ආයෙත් ඔහුට කැඳවීමක් ලැබුන හමුදාවට බැදෙන තරුණයන් පුහුණු කරන්න. ලොකු තාත්තා හමුදාවට බැඳුනු කාලෙ යුද්ධයක් ඇතිවෙන්න ලකුණක්වත් තිබුනෙ නෑලු. ඒකාලෙ පරීක්ශණ ගොඩකටත් පෙනී ඉන්න ඕනලු හමුදාවට බැදෙන්න. කොහොමහරි එයා මුළු හමුදා දිවියටම ක්‍රියාකාරී යුද්ධයට මුහුණ දුන්නෙ නෑ. මගේ අම්මාගේ බාල සහෝදරියන් දෙදෙනාගෙන් වැඩිමලා, සුදු පුංචි විවාහ වුන බාප්ප හමුදාවෙ. ඔන්න ඔය විදියටයි අපේ පවුලට දෙවනි හමුදා සාමාජිකයා පැමිණෙන්නෙ. 1993 ඔහු ක්‍රියාන්විත සේවයේ හිටියෙ පූනරීන් වල. පූනරීන් සටන සිදුවන විටත් ඔහු එහි මේජර් වරයකු විදියට හිටිය.
අම්මෝ එහෙමත් කාලයක්!! ඔය කාලෙ මට අවුරුදු 8යි ඒත් මට හොඳට මතකයි අපේ ගෙදර තිබුන තත්වය. පුංචි විවාහ වෙලා අවුරුදු දෙකකට කිට්ටුයි, බබා ලැබිල මාස කීපයයි. 1993 නොවැම්බර් මාසයේ ඇතිඋන මේ සටන රේඩියෝ ටීවී පත්තරවල හෝ ගාල යනව. ඒත් අපේ පුංචිට මේ ගැන දැනගන්න කවුරුත් ඉඩ තිබ්බෙ නෑ. (දින වකවානු භරියට බලන්න ගූගල් විමසනකොට මට ලැබුනු තොරතුරු දකිද්දි මට හිතාගන්නත් බැරි උනා කී දෙනෙක් මැරිලද! කීදෙනෙක් අදටත් අතුරුදහන්ද!) හැමදාම 8ට නිව්ස් අහන අපේ ලොකුතාත්ත ඒක නවත්තපුවම පුංචි අහනව "ඇයි තාත්තෙ නිව්ස් අහන්නෙ නැද්ද? " කියල එතකොට ලොකුතාත්ත බොරුවක් කියනව "නිදාගන්න ඕන" වගේ. පත්තර ගේන්න යවපුවම ආපහු හිස් අතින් එනව පත්තර ඉවරයි කියල.
ඒ වෙනකොටත් බාප්ප ගැන ආරංචියක් නෑ. විසි තිස් ගණන් නම් කියනව මිය ගිය අයගෙ. අපේ ගෙදර අය, නෑදෑයො, යාළුවො එහෙ මෙහේ දුවනව කරගන්න දෙයක් නැතුව. ඔහොම ඉද්දි සති ගාණකට පස්සෙ ආරංචියක් ආව බාප්පත් එක්ක කණ්ඩායමක් කැළේදි හමු වුනා කියල. එයාට ඉතුරුවෙලා තිබුනෙ ඇඳිවත විතරයි. සති ගානක් කැළේ මඩ ගොහොරුවල වතුර බිබී ජීවත් වෙලා තියෙන්නෙ.සමහරුන්ට වෙඩි වැදිල. කොහොමහරි බාප්ප අනතුරක් නැතුව ආව. එයා ආවයිනුත් පස්සෙ තමා පුංචි විස්තර දැනගත්තෙ. ඔන්න ඔහොම බාප්ප ජීවිතේ බේරගන ආව කියමොකො ඔන්න ඒ සතියෙ ඉරිද පත්තරවල මේ බේරී ආපු කණ්ඩායමේ අයගෙ එක එක සම්මුඛ සාකච්චා, ඔන්න ඒ වගෙ තියනව
"අපි සටන අතහැරියෙ නෑ. අපේ මේජර් X X XXXXX කිව්වෙ අපි සටන් කරමු ඒත් යටත් වෙන්නෙ නෑ, කොටින්ට අපි අහු උනොත් එයාටත් වෙඩිතියන්න කියලයි." වගේ ඒව . හප්පොච්චියේ ඔන්න එයින් පස්සෙ අපේ ගෙදරක තිබ්බ යුද්දෙ..පූනරීන් යුද්දෙටත් හපන්. "හහ්!! ඔය තියෙන්නෙ නමත් එක්ක! ඔයාට ඕව කියනකොට මාවයි දරුවවයි මතක නැද්ද" " කොහොම හරි ජීවිතෙ බේරගන්නව නෙමෙයි මහ ලොකුවට කියවනව" ඒ අපේ පුංචි. සතියක් විතරම බාප්ප කනේ පුළුන් ගහගන හිටියෙ. ඉන් අවුරුදු ගානකට පස්සෙ රිවිරැස මෙහෙයුම්වලටත් සම්භන්ද වුනා බාප්ප. එයින් පස්සෙ විශේෂ අවසර මත විශ්‍රාම ගත්ත.
ඉතින් ඇත්තටම මේක නෙවේ මම මේ කියන්න ආවෙ මේක මේ අතුරු කතාවක්.
පූනරීන් සටනට පෙර ක්‍රියාන්විත ප්‍රදේශවල කඳවුරුවලට අත්‍යාවශ්‍ය ද්‍රව්‍යය අඩංගු පාර්සල් (care packages) යැවීමට අපේ පාසලෙන් තීරණය කළා. ඉතින් මාත් ඒකට ටූත් පේස්ට්,සබන් තුවා ඇතුළු පාර්සලයක් සූදානම් කළා. අපේ ගෙදර කවුරු හරි ඒ වෙලේ විහිලුවට කිව්ව ඔයා ඔය බාප්පටද යවන්නෙ? නම ලියලම යවන්න කියල. පොඩි උන්ට තේරනවද ඕව. කියල කටගන්න හම්බ උනේ නෑ මම අර කවරවල ලිව්ව XXXXට දෙන්න , රෝස කුමාරි දුවගෙන් බාප්පාට කියල. පාර්සලේ ඉස්කෝලෙට ගෙනියන්න කලින් අම්ම දැකල ඒ විදියට ලියපු ඒව. එයා මට බැන බැන ඒව අයින් කරල අලුත් ඒව දැම්ම. ඊට සති කීපකට පස්සෙ පුංචිට කතාකරපු බාප්ප කියල බලන්නකො මාර වැඩක් උනානෙ මෙහෙට ඉස්කෝලෙකින් ආව පාර්සලයක තිබුණු ටූත් පේස්ට් කවරෙක තියනව රෝස කුමාරි බාප්පට දෙන කියල ලියපු එකක්. මොකක්ද ඒ කියල.අම්ම අයින් කලාට කොහොමහරි මම ලියපු එකක් එහෙට ගිහින් ඒ බඩු යැව්වෙ ඒ කඳවුරට විතරක් නෙමේ රට වටේ කඳවුරුවලට ඒව බෙදල තිබුන. කොහොම හරි අහම්බෙන් මගේ පාර්සලය බාප්ප ඉන්න කඳවුරේ කෙනෙක්ට ලැබිල ඒකෙ ටූත් පේස්ට් කවරෙ නම දැකල ඒ කෙනා බාප්පට පෙන්නල. මගේ නමත් තියන නිසා බාප්ප අදුනගන. මම එතකොට තුනේ පන්තියෙ බෝල ලොකු අකුරෙන් ලියල තිබුනෙ. බාප්ප නිවාඩුවට එද්දි ඒ කවරය අරන් එන්න තියන් හිටියත් ඊට කලින් පූනරින් සටන ඇවිත් ඒ කවරයත් ඊට වඩා ගොඩාක් වටින ජීවිත දහස් ගානකුත් විනාශ කළා.රෝස කුමාරිhttp://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.com24tag:blogger.com,1999:blog-1968464314555830724.post-24794695473935743912013-01-01T20:21:00.001-08:002013-01-01T20:21:30.082-08:00වේගන් සහ වෙජිටේරියන්
මම මස් සහ බිත්තර කන්නෙ නෑ . ඒත් මාළු කනව,පොඩි කාලෙදි මාළුත් ප්‍රතිශේප කලා ඒත් සෞඛ්‍යමය හේතු නිසා මාළු කන්න ටික ටික පටන් ගත්ත. මම කතෝලික ආගමේ, ආගම නිසා තහචියකුත් නෑ. ඉතින් ඒ නිසාවත් මහා ලොකු ප්‍රතිපත්ති නිසාවත්, එහෙමත් නැත්නම් මස් අසාත්මික තාවයක් නිසාවත් නෙවෙයි මම මස් නොකන්නෙ. මමත් දන්නෙ නෑ හරි හේතුවක් ඔය කියන ඔක්කොමගෙම එකතුවක් වෙන්න පුළුවන්. හැබැයි මම මස් අල්ලන්න එහෙමත් අකමැතියි සත්තු පවු කියලත් හිතෙනව. ඒත් ඒකම නෙමෙයි හේතුව මොකද මම මාළුකනවනෙ. මට මස් වල සුවද අප්‍රියයි. බිත්තරත් එහෙමයි හැබැයි බිත්තර දැමූ කේක් කනව. කිරි, චීස්, යෝගට් ආදියටත් ඒතරම් මනාපයක් නෑ.
ඔයකියන ඔක්කොම කාරනා සලකපුවම මම සාමාන්‍යය අහාර රටාවක් තියන කෙනෙක් නෙවෙයි හැබැයි මම වෙජිටේරියන්වත් වේගන්වත් නෙවෙයි. ඹබර කුමාරයා මස් මාළු කිසිවක් කන්නෙ නෑ ඊයෙ පෙරේදා වෙනකන් ෆාම් බිත්තර වල ජීවය නෑ කියමින් බිත්තර කමින් සිටියත් එක්තරා වෙබ්සයිට් එකක තිබූ ලිපියක් කියවා ඔන්න ඒ කත් නවැත්තුව. ඒ ලිපියේ තිබුනේ ෆාම් වල බිත්තර ලබාගන්න කිකිලියන්ට වද්දෙන බවත් ඔවුන් කැල්සියම් අඩුවී දුර්වල වූ පසු මසට ගන්නා බවත් (ඒ ලිපියෙ තිබුනෙ බිත්තර කන්න අවශ්‍යය නම් ගෙදර කිකිලියෙක් ඇතිකරන්න කියලයි.). කොහොම උනත් ඔය ලිපිය කියවල ඒ ගැන මා එක්ක සාඛච්චා කරන්න ආව ඹබර කුමාරය මම ගත්කටටම කිව්වෙ." ඔය ඉතින් කන්නෙ කිකිලි ඩිම්භයක්නෙ" කියලයි. ඔන්න ඒක ඇහුන විතරයි බිත්තර කනවද නැද්ද කිය කිය දෙගිඩියාවෙන් හිටියනම් ඒකත් නැවතුනා. ඔන්න එයා නම් දැන් වෙජිටේරියන්. හබැයි වේගන් නෙමේ.
මොකක්ද මේ වේගන් කියන්නෙ,වේගන් කෙනෙක් කිසිම සත්වමය ආහාරයක් කන්නෙ නෑ . ඒ කියන්නෙ කිරි චීස් යෝගට් ආදිය කන්නෙත් නෑ. ඒ වගේම කිසිම සත්ව කොටස්වලින් සැදුන බඩු භාණ්ඩයක් පාවිච්චි කරන්නෙත් නෑ. ඒ කිව්වෙ ඔය ලෙදර් සපත්තු ආදිය.කිරි අහාර වලින් වැලකීම ශරීරයට කොයිතරම් හිතකරද කියන්න මට පුළුවන් කමක් නෑ. හැබැයි මස් මාළු කිරි බිත්තර නොකන කෙනෙක් අනිවාර්යයෙන්ම ආදේශක ආහාර මගින් ප්‍රෝටීන් , කැල්සියම් ආදී පෝෂ්‍යය පදාර්ථයන් ලබාගත යුතුයි. ඒ වගේම එළවළු බහුල වශයෙන් ආහාරයට ගත යුතුයි. සමහරුන් මස් ආහාර්යට නොගන්නෙ ආගමික හේතු මත තව සමහරුන් සතුන්ට ඇති ආදරයට. සමහරුන් අසාත්මිකතා නිසා. මේ කොයි හැටි උනත් හැමෝම අහාරයේ සමතුලිත බව රැකගන්න මහන්සි වෙන්න ඕන. සෝයා ආහාර මස් නොකන අයට ප්‍රෝටීන් ලබාගැනීමට තිබෙන හොඳ ක්‍රමයක්.
මට හදිස්සියේ වේගන් ,වෙජිජේරියන් කට්ටිය මතක් උනේ මෙන්න මෙයා නිසා.
Anne Hathaway , ඈ The Princess Diaries ,The Devil Wears Prada, Becoming Jane,Rachel Getting Married, Alice in Wonderland, The Dark Knight Rises ආදී ජනප්‍රිය චිත්‍රපට බොහෝමයක රඟපා බොහොම ප්‍රසිද්ධියට පත්වූ නිලියක්. ඇගේ අලුත්ම චිත්‍රපටය Les Misérables (මනුතාපය) පසුගිය දා ප්‍රදර්ශණය ඇරඹුවා. ඒ චිත්‍රපටයවෙනුවෙන් ඈට කොන්ඩය කපාදමන්න සිදු උනා... කොණ්ඩය චිත්‍ර පට, නාට්‍යය වෙනුවෙන් කපා දමන්න සිදුවීම අලුත් දෙයක් නොවුනත් මෙහි විශේෂත්වය උනේ ඇගේ විවාහය ඉන් මාස කීපයකට පසු පැවැත්වීමයි. ඇගේ සිහින විවාහ මංගල්‍යය ඉතා කොට කොණ්ඩයක් සහිතව පවත්වන්න වේ යැයි ඈ කවදාවත්ම නොසිතූ බව මාධ්‍යයට පවසා තිබුනා.ආරම්භක කතාව මේ කතාවට සම්බන්ද වෙන්නෙ ඔන්න ඔය විවාහ උත්සවයේදී.
වේගන් කෙනෙක් වන Anne Hathaway ඒ උත්සවය පවත්වා තිබුනෙත් කිසිදු සත්වමය ආහාර වර්ගයකින් තොරවයි(vegan wedding). මීට කලින් ජනප්‍රිය නිලි Natalie Portman ඇගේ විවාහ උත්සවය පවත්වා තිබුනේත් සත්වමය ආහාර නැතිවයි. Anne Hathaway ,Brad Pitt,Natalie Portman,Paul McCartney, පසුගිය කාලයේ vegan බවට පත්වූ ජනප්‍රිය Hollywood තරු.
කලින් ලියා තැබුවත් ඔන්න අද තමයි සම්පූර්න කරල පෝස්ට් කරන්න අවස්තාව ලැබුනෙ.ශාඛ භක්ශක, සත්ව භක්ශක හෝ සර්ව භක්ශක ඔබ සැමට වාසනාව සතුට ලැබෙන සුභ නව වසරක් වේවා !!!!
රෝස කුමාරිhttp://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.com35tag:blogger.com,1999:blog-1968464314555830724.post-8282963319833641642012-12-17T12:42:00.000-08:002012-12-17T12:45:26.197-08:00සුජාත දියණී කාලෙන් කාලෙට අතුරුදහන් වෙන එක මගෙ ඉතින් පුරුද්දනෙ. කොහොම උනත් ඔන්න මම ආව.
80 දශකයේ මැදබාගෙ උපන් අපේ පරම්පරාවෙ උදවිය ටයි මාමා ගේ රූපවාහිනී හඬ කැවීම් අංශයේ කතා මාලවන් එක්ක උස්මහත් වෙච්ච ඈයොනෙ.
ඔය කතා මාලාවන් දොස්තර හොඳ හිතගෙ ඉදන් පසු කාලීනව අතුල රන්සිරිලාල් මහත්මයා කරපු කූඹිච්චි වෙනකන්ම ආසාවෙන් නරඹපු කෙනෙක් මම. ඔය කූඹිච්චි කතා මාලාවෙන් පස්සෙ රූපවාහිනී හඬ කැවීමේ අංශයෙන් එහෙමට කියල හිත් ඇදගන්න යමක් උනේ නෑ කියල තමයි මටනම් හිතුනෙ. කොහොම උනත් ඔන්න ආයෙත් රූපවාහිනී හඬ කැවීම් අංශයට පන ඇවිදින්. බොහොම කාලෙකට කලින් රෝස කුමාරි පුංචි කාලෙ බලපු ඔෂීන් ජන් කතාමාලාව ආයෙත් විකාශනය කරමින් අරඹපු මේ අලුත් ගමනෙ එළිය වැඩි උනේ සුජාත දියණිය නිසයි.
කොරියානු Dae Jang Geum ඉග්‍රීසියට Jewel in the palace, සින්හලට සුජාත දියණී උනා. මුළු කතාවම ඉග්‍රීසි උපසිරස සහිතව මම නැරඹුවා. එහි එන බොහොමයක් චරිතවල සැබෑ කටහඬට සමාන කටහඬ සින්හල හඬ කැවීමේදී භාවිතා කර තිබීම හරිම අපූරුයි. චන්ගුමී ගේ ඩුක්කු මාමා ගේ කටහඬනම් ඇරපු අතක් නෑ එකම වගේ. කොහොම නමුත් මේ වගේ ලස්සන නිර්මාණයක් සිංහලට හඬකවා ලාංකික ප්‍රේක්ශකයාට හරවත් වගේම රසවත් නිරිමාණයක් අරගන ආවට අතුල රන්සිරිලාල් මහතා ඇතුළු ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සියළු දෙනාට මගේ ප්‍රණාමය.
Dong Yi සහ Yi San කියන්නෙ සුජාත දියණී නිර්මාණය කරපු කණ්ඩායමේ තවත් කතා මාලා දෙකක් ඒවත් කොරියානු ඉතිහාස කතා.මේ කතා දෙකත් අන්තර්ජාලයේ තියනව සුජාත දියණී වගේම ලස්සනයි.Dong Yi සහ Yi San කතා මාලා දෙකේම සුජාත දියණිය එක්ක අපි දකින නළු නිලියන් බොහොමයක් රඟපානව. Dong Yi හි ප්‍රධාන චරිතය රඟපාන්නේ චන්ගුමීගේ ප්‍රේමවන්තයා Min Jun .කතාව මුළුමනින් නරඹා තිබුනත් සිංහල හඬ කැවූ කතාව මම නැවතත් නරඹන්නෙ කොච්චර බැලුවත් කතාවෙ රසවත් බව අඩු නොවන නිසා.
Dong Yi
Yi San
රෝස කුමාරිhttp://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.com42tag:blogger.com,1999:blog-1968464314555830724.post-64302352742914332512012-08-02T17:05:00.001-07:002012-08-02T17:07:41.351-07:00නායකත්ව පුහුණුව
නායකත්ව පුහුණුව කියපු ගමන් මතකෙට එන්නෙ එස්.බී. මහත්තයගෙ හමුදා පුහුණුව උනාට මේ කතාවනම් ඒ ගැන නෙමෙයි ඕං.
රෝස කුමාරි පාසල් යන කාලෙ ඔය ශිෂ්‍යය නායිකාවක් වෙලා උන්නනෙ. ඉතින් ඒ පට්ටම
ලැබෙන්න කලියෙන් තිබුන නායකත්ව පුහුණුක්. එතකොට ඉතින් මං තුමී 11 වසරෙ.
මේක දවස් තුනක නේවාසික පුහුණුවක්. ප්‍රදේශයේ ප්‍රසිද්ධ ආගමික මධ්‍යස්ථානෙක
තමා තිබුනෙ. මේ වෙනකන් ගෙදර ඈයො එක්ක ඇරෙන්න එක රැයක්වත් මම පිට ඉදල නෑ.
ඉතින් මේ ගැන මම හිටියෙ හරි උනන්දුවෙන්. මම ගියෙ ඉතින් බාලිකා
පාසලකට(කොන්වන්ට් වර්ගයේ). ඉතින් ඔක්කොම ගෑණු ළමයි 60ක් 70 වක් හිටිය.
පාසල් යනකාලෙ මම ඔය ටැප් වලින් එහෙම වතුර බොන්නෙ නෑ. ඒ විතරක් නෙවෙයි කොහේ
ගියත් අලී බෝතලයකට වතුර අරගනතමා යන්නෙ. ඉතින් දැන් මට හරි ප්‍රශ්නෙ දවස්
තුනක් නොදන්න තැනක වතුර බොන එක ගැන. දහ අතේ කල්පනා කලා මේ ගැන. අන්තිමට
ටිකිරි මොලේට ආව අයිඩියා එකක්. ඔන්න දැන් ඒ පුහුණුවට යන දවසෙ මම ආව පාසලට.
හැමෝගාවම ටිකක් විශාල පාසල් බෑග්.අපි නවාතැනට ඇවිත් ඇදක් එහෙම තෝරගෙන ඒවට
දාන්න බෙඩ්ෂීට්ස් ගන්න බෑග් එක ඇරිය. ලග හිටිය යාළුව බය උනා මගෙ බෑග් එක
දැකල. මොකද දන්නවද ඒකෙ පිරිල තිබුනෙ වතුර පුරවපු මෙගා බෝතල්......යාළුවට
හොන්දටම හිනා ඒ මදිවට අනිත් අයටත් කියල ඔක්කොමල මට ඉතින් හිනා උනා. ඒත්
ඔන්න හවස් වෙද්දි කට්ටිය අහනව. "රෝස කුමාරි ඔයාගෙ වතුර එකෙන් ටිකක් දෙන්න
පුළුවන්ද කියල" මට ඉතින් තරහයි මාව විහිළුවට ගන්නව කියල. බලද්දි ඒ ගොල්ලො
වතුර ඉල්ලල තියෙන්නෙ ඇත්තට.මොකද එහෙ වතුර හොඳටම කිවුල් ලු.
ඒ දවස් තුන හරිම සුන්දරයි. අපිට පුහුණුව ලබාදෙන්න සහෝදරයො දෙන්නෙක් සහ
සහෝදරියක් ඇවිත් හිටිය ඒ සඳහා සුදුසුකම් ලබපු. අක්කනම් කෙට්ටුයි උසයි,
අනිත් දෙන්නගෙන් එක අයිය කෙනෙක් හොඳට මහතයි අනිත් එක්කෙන හරි කෙට්ටුයි
පොඩියි. අපි මෙයාලට නම් දාගත්ත ජිම් පප්ප, චූටි කුකූ සහ සුදු චූටි කියල.
එයාලත් දන්නව ඉතින් අපි එහෙම කියනව කියල. අන්තිමේට යනදවසෙ අපි ඒගොල්ලන්ට
දුන්න ස්තූති පතේ පවා ලිව්වෙ එහෙමයි. එයාලට අමතරව පූජකවරු, ගුරු මහත්ම
මහත්මීන් ආදියත් ආව දේශන වලට. අර තුන්දෙනා කලේ අපිට එක එක ක්‍රියාකාරකම්
ලබාදීපු එක. මේ ගොඩක් ක්‍රියාකාරකම් අපිට සෙල්ලම් වගේ උනාට අන්තිමට අපිට
ඒවයින් ඉගනගන්න දේවල් ගොඩක් තිබුන.
ඒ එක ක්‍රියාකාර කමක් මෙන්න මේ විදියයි. එයාල අපිව කණ්ඩායම් වලට වෙන්කරල
නායකයො පත් කලා. ඊළගට අපිට බීම බට වගයක් හා ඇල්පෙනිති ලබාදීල කිව්ව කැමති
නිර්මාණයක් නියමිත වෙලාවට කරල පෙන්නන්න කියල. අපි තීරනය කලේ ගෙයක් නිර්මාණය
කරන්න. අපේ කණ්ඩායමේ නායිකාවගෙ වැඩේම අනේ ඔයාලගෙ අතේ ඇනෙයි ඔය ඇල්පෙනිති.
"පරිස්සමින්,ඔය බලන්න ඒක මලකඩ කාල ඒක අල්ලන්න එපා" කිය කිය වදයක් වෙන තරමට
කියවපු එක. ඉතින් අන්තිමේදි අපෙන් අපේ නායකයා කොහොමද කියල ඇහුව. කට්ටිය
දැන් එක එක ඒව කියනව. අපේ කණ්ඩායමේ අය කිව්ව "මෙයා නිකන් අපේ අම්ම වගේ අරම
වෙයි මෙහෙම වෙයි කිය කිය ඇල්පෙනිත්තවත් අල්ලන දෙන්නෙ නෑ" කියල. එක
කණ්ඩායමක ඇරෙන්න අනිත් කණ්ඩායම් වලත් තත්වෙ ඕකයි නායකයට බැනුම් . එක
කණ්ඩායමක නායකය කිසි දෙයක් කරක නතුව කයිය ගගහ ඉදල ,තව එකක නායකය තනියම වැඩේ
කරල අනිත් අයගෙන් උදව් නොගෙන .දරුණුම තත්වෙ තිබුනෙ ඉතිරි කණ්ඩායමේ. ඒකෙ
නායකය තනිකර ඕඩර්ස් දීල ඒ මදිවට් හෙන සද්දෙත් දානවලු. ඒ කණ්සායමේ සමහ අය
ඇඬුවත් එක්ක.
ඇත්තටම මෙන්න මේකයි වෙලා තියෙන්නෙ, ඒ ක්‍රියාකාරකම කරල තියෙන්නෙ අපිට
නායකයින් වර්ග පහ කියල දෙන්න.(අලස,මාතෘ/පීතෘ, ඒකාධිපති,අවිශ්වාසී හා
ප්රජාතන්ත්රවාදී) පුහුණු කණ්ඩායම කලින් කීපදෙනෙක් තොරගෙන ඒ අයට මේ ගැන
කියල දැනුවත් කරල තිබිල තියෙන්නෙ.ඒ හැමෝම කරල තියෙන්නෙ රඟපෑමක්. ඒ ගැන
දැනගත්තම වැඩියෙන්ම සතුටූඋනේ ඒකාධිපති නායකය හිටිය කණ්ඩායමේ අය. "අම්මෝ
ඇතියන්තම් අපි හිතුවෙ මෙයා එක්ක කොහොම එකට වැඩකරන්නඩ කියල" එහෙමයි එයාල
කිව්වෙ. මේ මුළු නාටකය පුරාම නොසැලුනු කෙනෙක් තමා මේ රෝස කුමාරි.(මං
කොහොමත් වීරයනෙ). මගේ ඥාති සොයුරියක් කලින් ඔය ශිෂ්‍යය නායක පට්ටමක් ලැබිල
මේ පුහුණුවට ඇවිත් තිබුන. ඈ ඉතින් අපිට A to Z වාර්ථාකරල තිබුනෙ. මම වගේම
තව කීපදෙනෙක් ඇවිත් හිටිය කලින් දැනුවත් වෙලා.පුහුණු කණ්ඩායමටත් මේ ගැන ඉව
වැටිල අපෙන් ඇහුව අපිත් ඉතින් ඇත්තම කිව්ව. ඊලඟට එයාල අපෙන් පොරොන්දුවක්
ගත්ත ඒ පුහුණුවෙ කෙරුනු ක්‍රියාකාරකම් කාටවත් කියන්නෙ නෑ කියල. මාත් ඉතින්
කිව්වෙ නෑ කාටවත්ම.මේ බ්ලොග් එකේ"ලිව්ව" ඇරෙන්න
රෝස කුමාරිhttp://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.com29tag:blogger.com,1999:blog-1968464314555830724.post-28767287567618282562012-07-05T19:59:00.000-07:002012-07-05T19:59:59.337-07:00ගිනිකෙලි
ඇමරිකානුවන්ටද අපට වාගේ නිදහස් දිනයක් ඇත. ඔවුන් එය සමරන්නේද අප වාගේම බ්‍රිතාන්‍යයෙන් නිදහස් වූ නිසාය. සෑම වසරකම ජූලි 4 වනදා සමරන ඇමරිකානු නිදහසට "ෆයර් වර්ක්ස් " හෙවත් ගිනි කෙලි නැතුවම බැරිය. මේ ඇමරිකාවට මා පැමිණි පසු ගෙවෙන හතරවන නිදහස් උත්සවයයි. ගිය අවුරුදු තුනේ වාගේම විශාල පිට්ටනියක පෙන්වන ගිනිකෙලි සංදර්ශණය බැලීමට මෙවරද මම ගියෙමි. ලංකාවේදී අහස් කූරු,නිලා ,චක්කර දල්වා මා ලැබූ ප්‍රීතියම නොවුනත් ඒ අලංකාර ගිනිකෙලි දර්ශණවලින් මගේ සිත සතුටින් පිරී යයි. ඉතින්,
" ඇමරිකා" ඔබට සුභ නිදහස් දිනයක් !!!!
රෝස කුමාරිhttp://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.com13tag:blogger.com,1999:blog-1968464314555830724.post-15331259562816043842012-07-02T22:08:00.001-07:002012-07-02T22:10:09.968-07:00හැඩකාර බිත්තර
කාලෙකට කලින් රෝස කුමාරි පාසල් යනකාලෙ අත් වැඩ කියල විෂයක් තිබුන. පුංචි කාලෙ අපි "හාව" ඇඳල පුළුන් ඇලෙව්ව,මදටිය ඇටයක් තමා ඇහැ. තව වේලපු මල් , ඇට ජාති වලින් එහෙමත් නිර්මාණ කළා. රෝසකුමාරිටත් පහ වසරෙදි ලැබුන තෑග්ගගක් pistachios පොතු වලින් අලවපු කුකුලෙකුට. ඔය වගේ නොයෙකුත් අත් වැඩ අතර හරිම ප්‍රසිද්ධ අත් වැඩක් තමා බිත්තර කටුවලින් වම්බටු නිර්මාණය කරන එක. බිත්තර කටු හරිම ලේසියෙන් බිඳීයනව. ඉතින් හරිම පරිස්සමෙන් තමා ඒ වැඩේ කරන්නෙ. ඉතින් මේ තරම් ඉක්මනින් බිදීල කුඩුවෙලා යන බිත්තර කටුවල ලස්සනම ලස්සන කැටයම් කපන එක කොච්චරනම් අමාරු කටයුත්තක්ද කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.
ලංකාවෙ ඒතරම් ජනප්‍රිය නොවුනට ලෝකයේ බොහෝමයක් රටවල Egg Art බොහොම ප්‍රසිද්ධයි.
මෙහෙම ලස්සන කරපු බිත්තර එකතුකරල හදපු කෞතුකාගාර පවා තියනව. ටික කාලෙකට
කලින් අපි වර්ජිනියා ප්‍රාන්තයේ museum of fine arts නරඹන්න ගියා. ඒ
කෞතුකාගාරෙට වෙනත් "බිත්තර කෞතුකාගාරය" කින් තාවකාලිකව ප්‍රදර්ශනය සඳහා
ගෙනත් තිබුන මෙවගේ ලස්සන බිත්තර තිබුන. ඒ උනාට පින්තූර ගන්න බැරි උනා ඒ
වෙනකොට කැමරාවෙ බැටරි චාජ් එක තිබුනෙ නැති නිසා . ඒ නිසා පින්තූරනම්
හොරකන් කරන්න උනේ ගූගල් වලින්.
මේ තියෙන්නෙa එහෙම ලස්සනකරපු බිත්තරකටු.
මේ කැටයම් කපන්න ඕනෑම කුරුළු බිත්තර වර්ගයක් යොදාගන්න පුළුවන්. බිත්තර කටුව ශක්තිමත් වෙන තරමට හා විශාල වෙන තරමට කැටයම් කිරීම පහසුයි. එමූ කුරුල්ලාගේ බිත්තර හා පැස්බරා බිත්තර පහසුවෙන් නොකැඩී කැටයම් කල හැකි බිත්තර වර්ග දෙකක්. කිකිලි බිත්තර තාර බිත්තර ආදියෙහි එක් කොනක කැටයම් නෙලන්න කලියෙන් කුඩා සිදුරක් විදල ඇතුලෙ තියන ද්‍රව්‍යය ඉවත් කෙරෙනව.පැන්සලක් ආදාරයෙන් ඇදගන්න රූපය ඉතා සිය්ම් තුඩක් සහිත කැපුම් යන්ත්රෙකින් කැටයම් කරනවා. ඕය පහල තියෙන්නෙ ඒ විදියට කැටයම් කපන වීඩියෝ එකක්.
<object class="BLOGGER-youtube-video" classid="clsid:D27CDB6E-AE6D-11cf-96B8-444553540000" codebase="http://download.macromedia.com/pub/shockwave/cabs/flash/swflash.cab#version=6,0,40,0" data-thumbnail-src="http://0.gvt0.com/vi/_XZ-TFuIxDQ/0.jpg" height="266" width="320"><param name="movie" value="http://www.youtube.com/v/_XZ-TFuIxDQ&fs=1&source=uds" /><param name="bgcolor" value="#FFFFFF" /><param name="allowFullScreen" value="true" /><embed width="320" height="266" src="http://www.youtube.com/v/_XZ-TFuIxDQ&fs=1&source=uds" type="application/x-shockwave-flash" allowfullscreen="true"></embed></object>
ස්භාවික වර්ණයෙන් විතරක් නෙවෙයි ලස්සනට පාටගාපු, මුතු,ස්ර්වපිත්තල ආදිය අලවපු ලස්සනම ලස්සන බිත්තර මේ බිත්තර එකතුවල දකින්න ලැබෙනව. නිකන්ම නිකන් ලස්සනට තියන්න විතරක් නෙමේ ආභරණ දාන මන්ජුසා හැටියටත් මේ ලස්සන කැටයම් බිත්තර නිශ්පාදනය කරනව.විනෝදාංශයක් විදියට කැටයම් බිත්තර එකතු කරන අයත් ඉන්නව. මේ හැඩකාර බිත්තර අලෙවි වන්නේ ඉතා ඉහල මිලගනන් වලට.
ඔන්න ඔහොමයි බිත්තරේ විස්තරේ. මේක කියවල ඔන්න ඔයාලටත් බිත්තර කැටයම් කරන්න හිතුනොත් කාටද ආඩම්භර......
රෝස කුමාරිhttp://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.com21tag:blogger.com,1999:blog-1968464314555830724.post-26564542741688200682012-06-25T13:37:00.001-07:002012-06-25T13:37:49.821-07:00හිම කිරම
මේ ගෙවෙන්නෙ සමර් හෙවත් ග්‍රීෂ්ම සෘතුව . පුදුම රස්නයක් දැනෙන්නෙ. එලියට අඩිය තියද්දිම හරිම මහන්සියක් දැනෙනව ඇඟට. සමකාසන්න, ඝර්මකලාපීය රටකින් ආව අපිට ඉර අවූව,රස්නය අමුතු දේවල් නෙමේ. ඒත් මෙහෙදි දැනෙන රස්නය හරිම වෙනස්. ලංකාවෙදි අපි කොච්චර කට්ට අවුවෙ ඇවිදිනවද . ඒත් මෙහේ රස්නයත් එක්ක එන්නෙ ඔළුව කැරකෙන ගතියක්. ඒකට ප්‍රධානම හේතුව මෙහේ හිය්මිඩිටි එහෙමත් නැත්නම් වාතයේ ජල වාෂ්ප ප්‍රමාණය හරිම අඩු එක. ඒ නිසා හරිම වියලි ගතියක් තමා පරිසරයෙ තියෙන්නෙ. ලස්සන කොල පාටට ගස් කොලන් දිලිසුනාට මේ අවුවෙ ඒ ලස්සන විදින්න එලියට බහින්න විදියක් නෑ. සමහර වෙලාවට හීට් වෝර්නින්ග් දෙනව. රස්නෙ උනාට දාඩිය දාන්නෙ නැම. ඒ නිසා තවත් ඇඟට අමාරුයි ,මොකද ඇඟ සිසිල් වෙන්න්නටනම් ක්‍රමයක් නෑනෙ. හුලං හමනකොටනම් ඔන්න තරමක් සනීපයි. ඔන්න ඔහොමයි රස්නෙ කාලෙට මෙහෙ. ඉතින් මේ කාලෙ ජනප්‍රියම කෑම තමයි "අයිස් ක්‍රීම්"
කවුද අයිස් ක්‍රීම් කන්න අකමැති, බාල මහළු හැමෝම ආස කෑමක්නෙ . අපේ මාමනම් හැබැයි ඔය හිම කිරම කටේ තියන්නෙ නෑ. එයා පුංචිකාලෙ පාසලෙන් අධ්‍යාපන චාරිකාවක් එක්ක ගිහින් තියනව ඔය හිම කිරම හදන තැනකට. ඒක බලල ආපු දවසෙ ඉදන් තමාලු එයා අයිස් කරීම් නොකන්නෙ.(කොහොමට තියෙන්න ඇද්ද තැන පොඩි දරුවෙක්ට අයිස්ක්‍රීම් එපා වෙන්න තරම්.) ම් ප්ල්ලාත් ඔය පෙට්ටි වල එන අයිස් ක්‍රීම් වලට ඒ හැටි මනාප නෑ මම ආස කෝන් එකේ දාපු අයිස් ක්‍රීම් වලට.
මෙන්න මේ වගේ.
අපේ ගමෙ පල්ලියෙ මංගල්ලෙට එනව අයිස් ක්‍රීම් වෑන්. ඒවගෙන් අයිස් ක්‍රීම් කන්න අපි පුංචි කාලෙ හරිම ආසයි.(දැනුත් ඉතින් එහෙන තමා,ඒ උනාට ඒ ආසාව පල්ලියෙ ආගමික වැඩ ඉවර වෙනකන් හංගගන ඉන්න වෙනව දැන්) පල්ලිය වත්තට ඇතුල් වෙද්දිම අයිස් ක්‍රීම් අරන් දෙන්නකෝ කිය කිය අම්මලාට කරදර කරන එක අපේ පුරුද්දක්.අම්මලත් ,ඔයාල හොඳ ලමයි වගේ හිටියොත් යද්දි අරන්දෙනව කියල කියනව. ඉතින් පූජාවෙන් පස්සෙ හම්බවෙන අයිස් ක්‍රීම් එකත් දිව ගාමින් තමා අපි අනෙක් කඩවල ඇවිදින්නෙ. ඒ අයිස් ක්‍රීම් වල රස අපිට දිව්‍යලෝක රසයි. වයසින් වැඩුනට පස්සෙනම් මට තේරුනේ ඒ රස දැනෙන්නෙ අයිස් ක්‍රීම් එක ඒ තරම් රස නිසා නෙවෙයි. ඒ රස එන්නෙ අපේ හිතින් ඒත් එක්ක විදින මානසික ස්තුටින් කියල. අදටත් මම කඩේ තියන අයිස් ක්‍රීම් කෝන් ගෙනත් ඒවට අයිස් ක්‍රීම් පුරවගන කන්න තමා කැමති.
අයිස් ක්‍රීම් වලට දීර්ඝ ඉතිහාසයක් තියනව. පර්සියානු අධිරාජ්‍යයේ මිනිස්සුන් ඉතා අතීතයේ හිම කැටි දැමූ භාජනවලට මිදි යුෂ වත් කර විශේෂ අවස්ථාවලදී ආහාරයට ගෙන තිබෙනවා. බු.ව. 200 පමන කාලයේදී චීනයේ මිනිසුන් කිරි සහ බත් එක්කර සිසිල් මිදීමට ලක් කර ආහාරයටෙ ගෙන තිබෙනවා. අරාබින්, මොන්ගෝලියන් වරු,ඉතාලිය ප්‍රංශය ඇතුලු රටවල් බොහොමයක් ඉතා අතීතයේ අයිස් ක්‍රීම් වල මුත්න් මිත්තන් කියල හිතන්න පුලුවන් ආහාර භාවිත කරල තියනවා.
අයිස් ක්‍රීම් වල ප්‍රධාන වශයෙන් අඩoගුවෙන්නෙ කිරි සහ සීනි.ඊට අමතරව එක් එක් රස වල රසකාරක ආදිය භාවිතාවෙනව. මගේ ලොකු අම්මා ගෙදරදීම අයිස් ක්‍රීම් හදන්න පුරුදුවෙලා හිටිය. මටනම් ඔය සාස්තරේ ඉගනගන්න බැරි උනා. දැන් උනත් අහගන හදන්න හිතෙන්නෙ නැත්තෙ ඉතා ලාබෙට පහසුවෙන් අයිස් ක්‍රීම් මිලදී ගන්න තියෙන නිසයි. කාලෙකට ඉහත හරිම සද්දෙට සංගීත හඬකුත් එක්ක වෝල්ස් වෙලෙන්දො හැම තැනම ගියා. අපේ සුදු පුංචි ඒ වෝල්ස් අයිස් ක්‍රීම් රුසියෙක්. ඒ බව දන්න අපි ඒ සද්දෙ ඇහෙනකොටම එයාගාවට දුවගන ගිහින් අයිස් ක්‍රීම් මිලදීගන්න උනන්දු කරනව.
අදත් රස්නෙ වැඩි දවසක්. වායුසමීකරනය නිසා ගොඩ නැඟිලි ඇතුලෙ ඉන්න පුළුවන් උනත් එලියට යන්නනම් බෑ. ජනේලයෙන් අවුවෙ සැර පේනව හොන්දට . ම්ම්ම්ම්ම් අයිස් ක්‍රීම් එකකට හොඳ වෙලාව...
රෝස කුමාරිhttp://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.com18tag:blogger.com,1999:blog-1968464314555830724.post-86801159530929583352012-06-09T17:29:00.001-07:002012-06-09T17:29:56.758-07:00රෝස කැළේට අවුරුද්දයි !!!!
මීට හරියටම අවුරුද්දකට කලියෙන් තමා මම මේ පුංචි රෝස කැළේ වවන්න ගත්තෙ. අද එයාගෙ අවුරුද්දෙ උපන්දිනේ. මගේ පුංචි බ්ලොග් එක බ්ලොග් පෝස්ට් මහා ගොඩකින් සරසන්න මට පහුගිය අවුරුද්දෙ බැරි උනත් අවුරුද්දක් තිස්සෙ මගෙ බෝරින්ග් කතා අහගන හිටපු හැමෝටම ගොඩාක් ස්තූතියි. ඉතින් මේ රෝසමල් අවුරුද්දක් මා එක්ක රැඳුනු, මාව දිරි ගන්වපු ඒ වගේම රෝස කැළේට මම මාස ගනන් නෑවිදින් ඉන්න කොට ඒක බලා ගත්තු ඔයාල හැමෝටම .....
රෝස කුමාරිhttp://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.com28tag:blogger.com,1999:blog-1968464314555830724.post-69319142966191913272012-06-04T14:27:00.000-07:002012-06-04T14:27:34.824-07:00රැජිනගේ ඉංග්‍රීසි හා යැංකි ඉංග්‍රීසි.
රෝස කුමාරි- දිස් රෞට් (Route) ඊස් චීප්.. අපි මේක බලමු
අම්ම- රෞට්???? රූට් ළමයො. (භයෙන් ත්‍රස්ථ වූ හඩින්)
රෝස කුමාරි - අහ් !!!!
හී හී හී ....මෙහේ රූට් වෙනුවට භාවිතාවෙන්නෙ රෞට් කියල දැන් අපිත් ඒ වචන පාවිච්චියට පුරුදු වෙලා. බ්‍රිතාන්‍යය ඉංග්‍රීසි පාවිච්චිකරන ලංකාවෙ අය ඒ විදියෙ වචනයක් ඇහුනම කලබල වෙන එක පුදුමයක් නෑ.අපේ අම්මට කාරණාව පැහැදිලි කරාම කිව්වෙ" මම මේ බැළුව පොඩි කාලෙ ඉදන් උගන්නල මේ ළමය මේ මොනා කියනවද කියල"
මේ මට මතකෙට ආපු කීපයක්. ඔයාලටත් මේවගේ වචන මතක්වෙනවනම් දාන්න කමෙන්ට් එකක ලියන්න.
රෝස කුමාරිhttp://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.com16tag:blogger.com,1999:blog-1968464314555830724.post-65316768628632173922012-05-29T21:05:00.000-07:002012-05-29T21:05:45.160-07:00පාළු ගෙදර
මම බොහෝම කාලෙකට ඉස්සර පොතක් කියෙව්ව අළුත් තාලෙ නැන්දම්මල ගැන ලියවුන. පොතේ නමත් අළුත් නැදම්මලා වගේ තමයි මට මතක. ඒ පොතේ තියෙන්නෙ සාම්ප්‍රදායක නැන්දම්මා චරිතයෙන් මිදුන නැන්දම්මල ගැන කතන්දර.
මගේ ජීවිතේට මම දැකපු හොඳම නැන්දම්ම මගේ ලොකු අම්ම, ඒ කිව්වෙ මගේ අම්මගේ අම්ම. ඒ පවුලට ඉන්න එකම පුතා අපේ මාම නිසා ලොකු අම්මට ඉන්නෙත් එක ලේලියි. අපේ මාම ගැනනම් මම පරණ පොස්ට් වලින් ලියල තියනවනෙ. අපේ නැන්ද ගුරුවරියක්, ඉතින් උදේ නැඟිටල වැඩට යන අපේ නැන්ද පස්සෙන් කිරි වීදුරුවකුත් අරන් කැරකෙන ලොකු අම්මගේ දර්ශනය මට තාම මතකයි. මගේ ලොකු අම්ම කියන දෙයක් තමා පිටින් පෞලට බඳුනු කෙනාගෙ හිත මොන විදියෙන් වත් රිද්දන්න හොඳ නෑ කියල. මොකද ඒ අයගෙ හිත රිදුනොත් හදන්න ලේසි නැති නිසා.
බඹර කුමාරයගෙ අම්ම මාස දෙකක් අපි බලන්න ඇවිත් ඉඳල ගිය සතියෙ ආයෙමත් ලංකාවට ගියා.වෙඩින් එකෙන් හරියටම සතියකට පස්සෙ මෙහේ ඉඟිල ආපු නිසා බඹර කුමාරයගෙ පවුලෙ උදවිය එක්ක මට ඒ තරම් කාලයක් ගතකරන්න උනේ නෑ. ඒ නිසාම අම්ම එද්දි මට පුන්චි චකිතයක් නොතිබුනාම නෙමෙයි.(අහන්න ලැබෙන්නෙම නැන්දම්මලාගෙ නපුරු කම් නෙ) . ඒත් මෙහේ හිටපු මාස දෙකේදි මාත් අම්මත් බොහොම කිට්ට්ටු උනා. හරිම බිසී පුතාට වඩා කොච්චර වැඩ අස්සෙ උනත් අම්ම එක්ක රවුම් ගහන්න ඉන්න ලේලිව අම්මට හිතට ඇල්ලුව. අම්ම හිටපු මාස දෙකේ රස කෑම අම්ම අතින් ඉවුන. මාත් ඉතින් මම දන්න වෙනස් වෙනස් කෑම ජාති හදල දුන්න. වෙන කවරදාටත් වඩා ඉක්මනින් දවස් ගෙවිල අම්ම ආපහු යන දවස උදාඋනාම තමයි ප්‍රිය වියෝව ලංකාවෙ අපිට දරාගන්න අමාරුයි කියල ආයෙත් මතක් උනේ. අම්ම ගියාම මුළු ගේම පාළුවට දැනුන. අපි දෙන්නට මේ පුංචි ගේත් ලොකු වැඩියි වගේ හිතුන. දවසක් දෙකක් හරි විදියට කෑමක් කෑවෙත් නෑ අපි. අම්ම ගියාම බඹර කුමාරය කිව්වෙ ආයෙනම් කවුරුත් අපි බලන්න නාවට කමක් නෑ කියල. ඒ අකමැත්තකට එහෙම නෙමේ එයාල ආපහු යනකොට දැනෙන තනිකම දරන්න අමාරු නිසා.
ගොඩක් අම්මල පුතාලට තමයි වැඩියෙ කැමති. පුතාල ඉන්න පවුල්වල අය උනත් තවත් පුතාල පවුලට එකතුවෙනවට තමා කැමැත්ත. ඒත් පුතාල දෙන්නෙක් ඉන්න මගේ නැන්දම්මනම් දුවාලට තමා මනාප. මල්ලි තවම පොඩි එකා. මම ඉතින් තවම එකම ලේලි. දුවෙක්ට ඉන්නෙ ඉත්න් මම තමා.ඒ නිසාමද මන්ද මට ලැබුනු ප්‍රතිචාරනම් බොහොම ඉහලයි. ඈගේ ක්‍රියාකලාප දිහා බලපු මට හිතුනෙ මගේ නැන්දම්මත් "අළුත් නැන්දම්මා" කෙනෙක් නේද කියල. ලේසියටත් පහසුවටත් මම කකුල් දෙකට ඔබාගන දුවන මගේ බැලරිනා සපත්තු දෙක දාල දාලම පරණ වෙලා. අළුත් එකක් ගන්න ඒත් උවමනාවක් උනේ නෑ. එක දවසක් සපත්තු කඩයකදි බඹර කුමාරයට අම්ම තරහින් මෙහෙම කියනව 'රෝස කුමාරිගේ අර බැලරිනා සපත්තු දෙක දැන් හොදටම පරණ වෙලා අරන් දෙන්න ඒ ළමයට අළුත් දෙකක්".
නිවාඩු නැති නිසා අපිට ලොකු ගමන් යන්න බැරි උනත් කොහොමෙන් කොහොම හරි නයගරා බලන්න ඈව එක්ක යන්න අපිට පුළුවන් උනා. අපිත් ඉතින් දෙවනි වරටත් නයගරා දැකබලාගත්ත. අම්ම ඒ ගමනින් ගොඩක් සතුටු උනා අම්ම කෙනෙක් එහෙම ලස්සන තැනක් බලන්න එක්ක යන්න ලැබෙන එකත් පිනක් නේද කියල මට ඒ වෙලේ හිතුන. අම්ම මෙහේ හිටිය මාස දෙකේ මෙහේ ජීවිතේ ගැන කිසිම මැසිවිල්ලක් නැඟුවෙ නෑ ගොඩක් අම්මලට මෙහේ දවසින් දෙකෙන් එපාවෙනවනෙ. ඈට තිබුනු එකම දුක මල්ලිත් තාත්තත් මේ ගමන ආපු නැති එක. මල්ලිගේ විභාග කටයුතු නිසා ඒ දෙන්නට එන්න බැරි උනා.
හරිම ඉක්මනින් ගෙවුන මාස දෙකකට පස්සෙ ආයෙත් අපි දෙන්න ගෙදර විතරක් නෙමේ මේ රටෙත්තනි උනා. අද මේ සටහන තබන්නේ මාස දෙකක සතුට ගෙනා බඹර කුමාරයාගේ අම්මා වෙනුවෙන්රෝස කුමාරිhttp://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.com11tag:blogger.com,1999:blog-1968464314555830724.post-23670771010458536032012-05-07T13:28:00.001-07:002012-05-07T13:35:22.346-07:00ටෝෆුවෙජිටේරියන් එහෙමත් නැත්නම් ඔය එලවළු විතරක් බුදින ශාක භක්ෂක වෙන එක ඉතින් ලේසි පාසු දෙයක් එහෙම නෙමෙයි. මම ඉතින් "ෆිෂ් ටේරියන්" . මාළු හා ඉස්සන් විතරක් කන මස් නොකන මට ගෙදර අය කියන්නෙ ෆිෂ් ටේරියන් කියල. බඹර කුමාරයනම් එග් ටේරියන් කෙනෙක්.ඉතින් ඓ දෙන්නට කෑමක් දෙනකොට ඒ අය හරි අමරුවක වැටෙනව, මස් නම් දෙන්නම කන්නෙ නෑ. මාළු ඉව්වොත් මම විතරයි, බිත්තර හැදුවොත් බඹර කුමාරය විතරයි. කොමන් ග්‍රවුන්ඩ් එකක් හොයාගන්න හරි අමාරුයි. ඒ නිසා ඔය කෑමට එන්න කියන හැමෝම අපිට හදල දෙන්නෙ "ටෝෆු"
ටෝෆු එහෙමත් නැත්නම් සෝයා බීන් කර්ඩ් කියන්නෙ ගොඩ දෙනෙක් ඒ තරම් කැමති කෑමක් නෙමේ. ඒකට හේතුව ඒකෙන් එන අමුතු රසය. චීන , තායි කෑමවලටනම් මේව නැතුවම බෑ. ඔන්න කාලෙකින් රෝස කැළේට ඇවිත් මම ඕගොල්ලන්ට දෙන්න යන්නෙ රසම රස විදියට ටෝෆු හදාගන්න පුලුවන් රෙසපි එකක්. ඔන්න එහෙන්ම් මෙහෙමයො හදාගන්නෙ.
ඉස්සල්ලම ටෝෆු කෑලි වලට කපල ගැඹුරු තෙලෙන් බැදගන්න ඕන. (බැද ගත් ටෝෆු වල පින්තූරය අතුරුදහන් වී ඇත් ලැද විගස ඇඩ් කරමි:) )
ඒ ටික පැත්තක තියෙද්දි මෙන්න මේ විදියට ඉඟුරු, සුදුළුණු, අමු මිරිස්, තක්කාලි , ළුණු, මාලු මිරිස් කපා ගන්න ඕන. ඔය මම ලූණු කපල තියන ක්‍රමේ නම් පොඩි වැරැද්දක් තියනව කොටු හැඩේට කපපුවම තමා හැඩ.
භාජනයක් ලිපේ තියල රත් කරල තෙල් ටිකකුත් දාල ඒකට ඉඟුරු සුදුළූණු දාල තෙම්පරාදු කරන්න. ඒකටම අමු මිරිස් හා කෑලි මිරිස් දාන්න ඕන ඒකටම සෝය සෝස් අවශ්‍යය ප්‍රමාණයට දාන්න ඕනමෙන්න මේ වගේ.( මේ වෙලේට හොදටම කැස්ස එනව . :( )
ඔන්න ඊළඟට අර කපාගත්තු ජාති ඔක්කොම දනව ටෝෆු ඇරෙන්න. ළූණු වල එහ පැත්ත පෙන තත්වෙට ආවම ටෝෆු ටිකත් කලවම් කරගන්න. අන්තිමට වතුර කෝප්පෙක දියකරපු කොන් පිටි හැඳි දෙකක කලවම් කරල ලිප වහන්න. ලුණු බලල ඒකත් දාන්න. ඔන්න දැන් මේසෙට යවන්න
පුළුවනි.
රෝස කුමාරිhttp://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.com11tag:blogger.com,1999:blog-1968464314555830724.post-9069230246537006892012-05-03T22:57:00.001-07:002012-05-03T22:57:57.131-07:00කාලෙකින් ආයෙත් !වල් වැදිල හොදටම පාලු වෙලා තිබුන රෝස කැළේට රෝස කුමාරි දුවගෙන දුවගෙන මේ ආවෙ අද ඉදන් ආයෙමත් රෝස කැළේ මල් පිපෙනව කියල ඔයාල හැමෝටම කියන්න.
අද තමයි දිග නිවාඩුවක ආරම්භය. :) වැඩ ඉවර උන ගමන්ම මේ ආවෙ ආයෙ සුපුරුදු විඩියට ලියන්න පටන්ගන්න විත්තිය කියන්න. රෝස කැළේ මල් නෙලන්න ආපු හැමෝම ආයෙත් මේ පැත්තෙ එයි කියල රෝස කුමාරි බලන් ඉන්නව.රෝස කුමාරිhttp://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.com9tag:blogger.com,1999:blog-1968464314555830724.post-16321375427012897732011-12-06T18:40:00.000-08:002011-12-06T18:40:46.535-08:00හින්චි පින්චි හාවා !!!!
පහුගිය Thanks giving එකට දුර බැහැර ඉන්න අපේ හිතවත් පවුලක් අපිව බලන්න ආව. එයාලගෙ චූටි පුතාට වයස තාම මාස දහයයි. කාපට් බිමේ වැටිල තුවාල නොවෙන නිසා බය නැතුව දරුවව බිමින් තියන නිසාද මන්ද කොල්ල මාස නමයෙන් ඇවිදින්න අරන් . ගේ පුරා ඇවිදින පොඩ්ඩ අම්ම නැතුව තාත්ත එක්කවත් ඉන්න ඒ තරම් කැමැත්තක් නෑ.ඒත් අම්ම නාගන්නකන් මම හිමීට ළමා සින්දු කිය කිය පොඩ්ඩව රවට්ටල තියාගන්නන උත්සහ කලා. හින්චි පින්චි හාව, කොටුවැටිච්ච පුන්චි සරම ඇඳන් නටන මල්ලියා, මේ හොඬ ලස්සන බෝනික්කා ආදී මගේ ළමා සින්දු එකතුවම ගයනකන් පොඩ්ඩ හොඳට නැලවි නැලවි මා එක්ක හිටිය. නාගන එහෙම එළියට ආපු මගේ යාළුව පුදුම උනා.. පුතා ආසයි සින්දු අහන්න ඒත් මම ළමා සින්දු දන්නෙ නෑ,සමහරක් මතකත් නෑ. ..යාළුව එහෙම කිව්ව.
පවුලට හම්බ උන පළවෙනි grandchild වෙච්ච මට අපේ ලොකු අම්මගෙයි ලොකු තාත්තගෙයි ( අපේ අම්මගෙ අම්මටයි තාත්තටයි අපි කිව්වෙ ලොකු අම්ම ලොකු තාත්ත කියල) ආදරේ සෑහෙන කල් යනකන් තනියම බුක්තිවිදින්න චාන්ස් එක ලැබුන. ඉතින් ඔය ළමා සින්දු ආකරේම මට ගායනා කළේ මගේ ලොකු අම්ම. එයාට ලස්සසනට ගයන්නන්ත් පුළුවන්. ටිකක් ලොකු කාලෙ ඒ ගීත රේඩියෝවෙ ,රූපවාහිනියෙ යද්දි මම හිතුවෙ ආනේ අපේ ලොකු අම්මගෙ සින්දු මෙයාඅලත් දන්නවනෙ කියලයි.අදටත් ළමා වයසෙ ඉන්න මගේ ඥාති සහෝදරයන්ට ඒ සින්දු කියල දෙන්නෙ ලොකු අම්ම.ඒ ගොඩක් සින්දු මම හිතන්නෙ ගුවන්විදුලියෙ ළමා පිටියෙ ගායනාවෙච්ච.
දැන්කාලෙනම් පුංචි දරුවන්ට සින්දුවක් කියන්න කිව්වම කියන්නෙ ලොකු මිනිස්සුන්ගෙ සින්දුනෙ. අච්චර ලස්සන ළමා සින්දු කාලයේ වැලිතලාවෙන් වැහිල ගිය හැටි හරි පුදුමයි. පැරණි ළමාගී ආයෙත් කරළියට ආව ස්වර්ණවාහිනියේ විකාශය වුන ජැක්සන් ඇන්තනී මහත්මයාගේ "හපන් පැදුර " වැඩසටහනත් සමඟ. ආයෙත් ළමයි ඒ සින්දු ගයන්න පටන්ගත්ත. ඔය වැඩසටහන යනකාලෙ මම උසස්පෙළ පන්තියෙ. තරුණ වයසෙ ආරම්භක අවදියක හිටියත් ඒ වැඩසටහන් යන වෙලේට දුවගන ඇවිත් රූපවාහිනිය ඉදිරියෙ ඉදගන්නව. ඒ විතරක් නෙමේ අපි ඉස්කෝලෙදි උනත් විනෝදෙට ඔය සින්දු ගැයුව.
හින්චි පින්චි හාවා, මේ හොඳ ලස්සන බෝනික්කා,ටක්ගානව ටික් ගානව,කරුංක ගෙඩියක් තරමට කොන්ඩෙ බැඳලා, කුරුම්බැට්ටි මැෂිමේ, කොටු වැටිච්ච පුන්චි සරම,හිනැහේවී බෝනික්කා, මිදුලේ වැලි මාලිඟාව................තව කොච්චරනම් තියනවද. අපේ ළමාකාලෙ රසවත් කරන්න මේ ගීත ලියපු,ගයපු නැන්දල මාමලාට බොහොම පින්... ඒ වගේම අපේ දරුවන්ටත් මේ ගීත ගුවන් විදුලිය රූපවාහිනිය ඔස්සේ අහන්න ලැබේවා කියලත් පතනව. ලොකු අයගෙ සින්දු පුන්චි අයගෙ මුවින් පිටවෙනකොට ලස්සන නෑ. ළමයින්ට වඩා ගැලපෙන මේ වගේ ගීත පුරුදුකරන එක අම්මල තාත්තලා කරන්න ඕනෙ. මේ ගීතවල් සීඩී තැටි මිලදීහ්ගන්න තැනක් එහෙම දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න ,පොඩි දරුවො ඉන්න දෙමාපියන්ට ඒක උදව්වක් වෙයි.රෝස කුමාරිhttp://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.com17tag:blogger.com,1999:blog-1968464314555830724.post-74687633003876556412011-11-16T14:56:00.000-08:002011-11-16T14:56:56.356-08:00ලංකාවෙද????
පහුගිය දවසක මම දුර බැහැරක ගියා කියල කලින් පෝස්ට් එකේ කිව්වනෙ.ඉතින් ඔය දුර ගමන ගියෙ ස්ම්මන්ත්‍රණයකට සහභාගීවෙන්න.එතන සුදු කට්ටිය,කළු කට්ටිය, චීන අය වගේම අපේ පෙනුමට හුරු ඉන්දියානු අය එහෙම හිටිය. ඔය ස්ම්මන්ත්‍රණේට අපි එක්කගිය ලංකාවෙ ඇත්තො ඇරුනම තවත් වෙන වෙන දිහාවෙනුත් ලංකාවෙ අය සහභාගි වෙලා තිබුණ. කොහොමද මම දන්නෙ ලංකාවෙ අය හිටිය කියල? මට ඒ කවුරුවත්ම මුනගැහුනෙ නෑ... ...????????
මම ඒක දැන ගත්තෙ නම් ලිස්ට් එකෙන්. සහභාගි වෙන අයගෙ නම් තියන මහ පොතක් හම්භවෙනවනෙ ඔය සම්මන්ත්රණවල. කම්මැලි වෙලාවක ඔය නම් පිටුව පෙරලගන කියවමින් ඉන්න කොට මෙන්න තියනව තවත් සිංහල නම් !!!. ලෝකෙ කොහෙ හිටියත් ලාංකික සිංහලයන්ගෙ වාසගම කියපුගමන් මෙයා ලංකාවෙනෙ කියල හොයගන්න පුළුවන්. අපේ නම් ගම් ගැන බ්ලොග් අවකාශයේ ඉන්න ගොඩදෙනෙක් ලියලත් තියනවනෙ...මේ මගේ "නම්" ගැන පෝස්ට් එක.
මගේ නමත් ඔය කාට කාටත් තියනව වගේ අරයගෙ මෙයාගෙ කෑලි එක්ක තියන දිගම දිග එකක්.ලංකාවෙදිනම් ඉතින් ඔය නම ඒ හැටි කරදරයක් උනේ නෑ. මෙහෙ ඒකටත් එක්ක මම මෙ නමත් එක්ක හරිම කරදර ගොඩක වැටෙනව ඕනම ලියකියවිලි වැඩකදි. ගොඩක් වෙලේට මට ඔය නම ලියන්න තියන ඉඩ මදිවෙනව.එත්කොට වාසගමෙ ලියන්න පුළුවන් අකුරු ගාන ලියන්න කියන එක තම මට ලැබෙන උපදෙස. ඕක් නිසා මගෙ නම හරි අච්චාරුවක් වගේ තමා කියවන කෙනෙක්ට හිතෙන්නෙ.
අපි හැමෝම ඉංග්‍රීසියෙන් ලියනකොට පවත්වාගන යන අකුරු ක්‍රමයක් තියනවනෙ, එකම නම ලියන ක්‍රම කීපයක් තියෙන්න පුළුවන් නිසා මේ පවත්වාගැනීම හරි වැදගත්. මම ඇමරිකාවට එන්න යනවෙලෙ ඊට කීප අවුරුද්දකට කලින් ගත් මගේ ගුවන් ගමන් බලපත්‍රය බඹර කුමාරය බලල ඔලුවෙ අතහ්ගහගත්ත. "මේ ඔයාගෙ නමේ වෙනුවට තියෙන්නෙ නෙ" ඔන්න එතකොටයි මමත් දැක්කෙ මගේ වාසාගමේ ඒ වැරැද්ද.ගුවන් ගමන් බලපත්‍ර වල නම ඉතින් සමහරුන්ගෙ වරදිනවනෙ,හොඳම වැඩේ නම වැරදීම නෙමේ, ඒ වැරදි නමත් එක්ක මම කලින් ගුවන් ගමන් වල යෙදිලතිබීමයි.ඒ වෙනකොට මම පාවිච්චිකරමින් හිටියෙ මගෙ දෙවනි ගුවන්ගමන් බලපත්‍රය. බලපත්‍ර දෙකේම නම වැරදියි.ඇමරිකාව එක්ක සෙල්ලම් හොඳනැතිනිසාම අපි පහුවදාම ගිහින් නම වෙනස් කරගත්ත.
අපේ පවුලෙ නම් ගැන කියනවන්ම් අපේ අම්මලාගෙ පවුලෙ හැමෝටම තිබුනෙ පරම්පරාවක් ප්ල්ලෙහා නම්. කොහොම උනාද කියන්නනම් දන්නෙ නෑ අපේ අම්මගේ පුංචිලාගෙ,මාමගෙ නම් තිබුණ ආන්ටිල අන්කල්ලා මට හම්බවෙලා නෑ.ඒ නම් තිබුනෙ මගේ යාළුවන්ට...
මට ඉන්නෙ එක මාමායි.එයාතමා අර සතුන්ට බොහොම කැමති එක්කෙනා. අපේ මමගේ හිත හරිම හොඬයි. එයාගෙ ශබ්ද්කෝශයේ "නෑ" "බෑ" වචනදෙක නෑ. කාගෙවත් හිත රිදවන්න කැමතිත් නෑ. ඒ මාට ඉන්නෙ එකම දුවයි. ඒ නඔගිගෙ නම ඉංග්‍රීසි අකුරු ගාණින් කියනවන්ම් මෙන්නමෙහෙමයි.  16-8- 7-7-10-9-  8 රතු පාටින් තියෙන්නෙ පවුලේ නම. නිල් පාටින් නම, කහ පාටින් වාසගම.කොහොමද නමේ දිග. නම් හතරක්ම තියනව මදි නොකියන්න.
මේ නම මෙච්චර දික් වුනේ කොහොමද දන්නවද?
"අනේ ලස්සන දුව. අපි එයාට දාමු" .. "දුවෙක් ලැබුනොත් මේ නමතමා මම හිතුවෙ අයියෙ අපි මේකත් දාමු" "පුතේ ඔන්න මෙ නම දාන්නපුළුවන් දෝණිට"
ඒ අපේ පුංචිල ,ආච්චිල ,නැන්දල හා එකී මෙකී ඔක්කොමල.
අපේ මාම. "ඔව් නෙ හරි ලස්සන නම. අපි දාමුකො..."
ඔන්නඔහොම ඔක්කොමලගෙ හිත සුව පිනිස දරුවගෙ නම යාරයක් විතර දික්වුනා. එයාල දැන් ඉන්නෙ පිටරටක. නංගි ඉගන ගන්නෙත් පිටරටක ඒළමයට නම ලියන්න වෙන හැම වෙලේම ඉතින් පනයනව..ඊට පස්සෙ ටිකක් දැනුම් තේරුම් කාලෙ එයා ඒ නම කෙටි කරවගත්ත අම්ම තාත්තට නහයෙන් අඬල. නම් දාපු අයනම් තාම ඒ ගැන දන්නෙ නෑ....
ඔන්න ඔහොමයි ලංකාවෙ නම්වල රඟ.රෝස කුමාරිhttp://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.com15tag:blogger.com,1999:blog-1968464314555830724.post-22355034936551529152011-11-08T12:14:00.000-08:002011-11-08T12:14:14.601-08:00සාපේක්ශයි!!
අද ලියනව හෙට ලියනව කිය කිය හිටියට වෙලාවක් හම්බූඋනේම නෑ.දුර ගමනක් යන්න වුනා . ගෙවල් මාරු කරන්නත් උනා ඒ අස්සෙ. පෙට්ටිවලට පුරවල අරන් ආපු බඩු තාම එහෙමමයි. ගිය ගමන විනෝද ගමනක් නොවුනත් විශේෂ කෞතුකාගාර දෙකක් නරඹන්න කොහොම හරි වෙලාව හොයාගත්ත. ඒ ගැන විස්තර පින්තූරත් සමග ඊළඟ දවසෙ අරගන එන්නම්..
අද පෝස්ට් එක ඊට හාත්පසින්ම වෙනස් දෙයක් ගැන....
ඊයේ (7/11/11) වෛද්‍යය කොනාර්ඩ් මරේ , සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ගේ මරණයට වරදකරුවුනා. ඔහුට වෛද්‍යය බලපත්‍රය අහිමි වූ අතර වසර හතරක සිර දඩුවමකුත් නියමවුනා.
කොනාර්ඩ් මරේ, මයිකල් ජැක්සන්ගේ භෞතිකචිකිත්සකවරයා ලෙස වැඩකළා. නින්ද නොයන රෝගයෙන් පෙළුනු මයිකල්ට ප්‍රබල නිර්වින්දකයක් (ප්‍රොපොෆොල්) ලබා දීතිබීම තමා ඔහුගේ වරද.ඒ නිර්වින්දකය නින්දයාම සදහා යොදාගැනීමට නොසුදුසු බවත් කියවුනා. මරේ කිව්වෙනම් මයිකල්ට තමන් ලබාදුන්නෙ ඉතා සීමිත ප්‍රමාණයක් බවත් නමුත් මරේගේ අනුදැනුමෙන් තොරව මයිකල් නිර්වින්දකය විශාල ප්‍රමාණයක් ගත් බවත් තමයි.
කොහොමනමුත් පැය නමයක පමණ සාඛච්චාවකින් පස්සෙ මරේ වරදකරු වුනා,ජැක්සන්ගෙ රසිකයො ජයඝෝෂා නැගුව.
මයිකල් ජැක්සන්ව දන්නෙ නැතිකෙනෙක් මේ ලෝකෙ නැති තරම් ,ඔහු සුපිරි ගායකයෙක් ඒකෙ දෙකක් නෑ. ප්‍රශ්නෙතියෙන්නෙ ඔහුගෙ ගායනයේ නෙමේ .මානසික තත්වයේ. මයිකල් ජැක්සන්ගේ මානසික තත්වය ගැනවරින් වර කතාබහට ලක්වුනා.එහෙව් එකේ මයිකල් ඔවර් ඩෝස් වෙන්න බෙහෙත් ගත්ත එක පුදුමයක් නෑ. ඒත් ඉතින් සුපිරි ගායකයෙක් නිසා කාටහරි මරණෙ වරද පටවන්න රසිකයො කවුරුත් කැමතියි.(Society will always blame someone)මැරුණුකෙනා කිසි වරදක් නොකරපු කෙනාය කියන මානසිකතත්වෙ ලංකාවෙ විතරක් නෙවේ ඇමරිකාවෙ මිනිස්සුන්ටත් තියනව.ජූරි සභිකයො ටිකත් ජැක්සන් ෆෑන්ස් ලද දන්නෙ නෑනෙ. මමත් ජැක්සන් රසිකයෙක්... හැබැයි මම අහනව මිසක් අදහන්නෙ නෑ. ලංකාවෙත් ජැක්සන් අදහන කට්ටිය ඉන්න බව ඉතින් රහසක් නෙමේනෙ. කොහොම නමුත් මරේ හිරේ ගියා!!
ඇමරිකානු නීතිය ලංකාවෙ නීතියට හපන් කියල හිතෙන නඩුතීන්දු ඕනතරම් තියනව. බොහොමයක් ඒව කතාබහට ලක්වුන ඒව.ගොඩක් වෙලේට තර්කවලින් දිනන්න පුළුවන්.ලෝයර් හොඳනම් ගොඩ.වෙලාවකට හිතාගන්නත් බෑ එහෙම උනේ කොහොමද කියල. කයිලී ඇන්තනී කියන පුන්චි දැරියගෙ මරණයත් ඒවගේ අමුතු නඩුවක්.... ඇත්ත ඇති සැටියෙන් දැනගන්න මැරුණු මිනිස්සු නැගිටල එන්න ඕනෙ මගෙ හිතේ.. ඒත් එයා කියන්නෙ ඇත්ත් කියල කොහොමද දැනගන්නෙ.... බලාගනයනකොට ඇත්තත් සාපේක්ශයි.රෝස කුමාරිhttp://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.com6tag:blogger.com,1999:blog-1968464314555830724.post-88020794278580590502011-10-20T18:09:00.000-07:002011-10-20T18:09:19.571-07:00කඳුලේ දූපත-බලාපොරොත්තුවේ දූපත
දින කීපයක් තිස්සේ බෝට්ටුවක හිරවී ගමන් කිරීම නිසා එමා තෙහෙට්ටුවී සිටියා. අවුරුද්දක් වයසැති මල්ලී අම්මා අයර්ලන්තයේ සිට ඔසවාගෙන ආ පිහාටු මෙට්ටයට වී නිදයි. අම්මාත් තාත්තාත් අළුත් බලාපොරොත්තුවකින් සිත් පුරවාගෙන පැද්දෙන බෝට්ටු බඳට හිස තබාගන නිදයි. දුඹුරු කෝට් බෑ අඳගත් දුම් උරමින් කාලය ගෙවන පිරිමින්ද දරුවන් නළවමින්ද තමාගේ මළු තුරුල්කොටගෙන දෙවියන් යදින ගැහැණුන්ද තම පවුලේ අය මෙන්ම යන්නේ ඇමරිකානු එක්සත් ජනපදයේ අළුත් ජීවිතයක් ලබාගැනීමටය.බොට්ටුවේ බොහොමයක් අයර්ලන්ත ජාතිකයන්ය.තාත්තා මේ ගමනට මුදල් සොයාගත්තේ තම ගේත් ඉඩමත් විකිණීමෙනි.ඉතින් ආපසු යාමක් නැත. සියළුදෙනා දූපතේ පරීක්ෂණයෙන් සමත් වී රටට ඇතුළු විය යුතුය...
1892 සිට 1954 ද්ක්වා කාලයතුළ ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළුවූ සංක්රමණිකයින්ගේ ඇතුළුවීමේ ද්වාරය වූයේ "එලිස් දූපත"යි. ඉතා කුඩා දූපතක් වන එලිස් දූපතෙන් එමා වැනි මිලියන අටකටත් වැඩි ජනතාවක් ඇමරිකාවට ඇතුළුවුනා.
මෙම මුළු දූපතටම ඇත්තේ එක් විශාල ගොඩනැඟිල්ලක් පමණයි.සංක්‍රමණිකයන්ගේ ලියකියවිලි පිළියෙල කිරීම හා වෛද්‍යය පරීක්ෂණය සිදු වූයේ මේ ගොඩනැඟිල්ල තුළයි. අද මේ ගොඩනැඟිල්ල හා දූපත සංචාරකයන්ගේ බොහොම අවදානයට ලක්වන කෞතුකාගාරයක්. ඇමරිකාව ශ්‍රමිකයන්ගේ අවශ්‍යතාව මත මෙලෙස සංක්‍රමණිකයන්ට රටට ඇතුළුවීමට නොමිලේ අවස්ථාව ලබාදුන්නා.කළයුතු වූයේ මුහුදු මාර්ගයෙන් එලිස් දූපතට ඇතුළුවී වෛද්‍යය පරීක්ෂණය සමත් වීමයි.
සරලයි වගේ පෙනුනට මේ කටයුත්ත එතරම් පහසු කට යුත්තක් වුනේ නෑ. දවසකට සිය දහස් ගණනින් බඩුමළු උස්සන් මිනිස්සු එලිස් දූපතේ ..විවිධ සංස්කෘතීන් ඇති මිනිසුන් ගොඩක්..... මේ අය ගැහැණු සහ ළමයි වෙනමත් පිරිමි වෙනමත් කොටස් කරල වෛද්‍යය පරීක්ෂණයට යවනවා. තමාගේ ස්වාමියා,බිරිඳ,දරුවන් ගෙන් නොදන්න දේශයක මොහොතකට හෝ වෙන්වෙන්නෙ බොහොම බයෙන්.ඒ විතරක් නෙවේ , සමහර අවස්ථාවක පවුලේ සමහරුන් වෛද්‍ය පරීක්ෂණය අසමත්වී ආපසු තමාගේ රටට පිටත් කර හරිනවා. පිටත් කර හැරි පුද්ගලයා පියානම් මවටත් දරුවන්ටත් ඒ ගැන දැනගන්න වෙන්නේ රටට ඇතුල්වූ පසුවයි.මොකද පිරිමි සහ ගැහැණුන් පරීක්ෂාවට ලක්වන්නේ වෙනම නිසා. අසමත් වූ අයට මෝනම හෙතුවක් මතවත් බෝඩරයෙන් මෙහාට එන්න ලැබෙන්නෙ නෑ.මව ඒ ගැන දැනගන්නවිට සමහරවිට පිය රැගත් බෝට්ට්ටුව පිටත්වෙලා ඉවර වෙන්නත් පුළුවන්. මේ වගේ දුක්බර කතා වගේම රටට ඇතුළුවී ජීවිතය ජයගත් අයත් බොහොමයි මේනිසා එලිස් දූපත "කඳුලේ දූපත" හා "බලාපොරොත්තුවේ දූපත"(Island of tears-Island of hope)යන නම්වලින් හදුන්වනවා. මේ එලිස් දූපතේ කතා තේමාකරගන ලියවුන පොත් වගේම නිපදවූ චිත්‍රපටත් බොහොමයි. අද සංචාරක ආකර්ශණීය නැරඹුම් ස්ථානයක් වන එලිස් දූපතට පිහිට තිබෙන්නේ ඉහල නිව්යෝර්ක් මුහුදු බොක්කේ. මේ දූපතට නිව්යොර්ක් නගරයේ සිට ෆෙරී එකකින් ගමන් කරන්න පුළුවන්.
රෝස කුමාරිhttp://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.com9tag:blogger.com,1999:blog-1968464314555830724.post-58919916670088931642011-10-12T22:56:00.000-07:002011-10-12T22:56:46.965-07:00ලිවීම සහ ඉවීම
බැලූ බැල්මට ලිවීම සහ ඉවීම පරිප්පු සහ බෝල්ට් ඇණ වගේ එකිනෙකට කිසි සම්බන්දයක් නැති දෙකක් කියල හිතුනත් ලිවීම ,ඉවීමත් එක්ක බොහොම ගැඹුරු සම්බන්ඳයක් තියනව.
ඉවීමේදී අපි අවශ්‍යය කලමනා සියල්ලම එකතුකරල දන්න හැම රසකාරකයම දාල රසට උයනවා. ලිවීමේදීත් කරන්නෙ ඕකම තමා සියළු රස වචන හා අලාංකෘත යොදල පාඨකයාට රසවත් ලියවිල්ලක් හදනවා.
ඒ ඇරුනම ඉතින් ඔය ගොඩක් සූප සාස්තරයෙන් පරතෙරට ගිය උදවිය ආහාර වට්ටෝරු පොත් ලියනව.ඒ වගේම ඔය ලියන අයත් ඉතින් ගොඩක් වෙලේට ඉවීම ගැන ලියනව.
ගොඩක් බ්ලොග් අඩවි වල අඩුම තරමෙ ආහාරයක් ගැන එහෙමත් නැත්නම් ආහාර වට්ටෝරුවක් ගැන අඩුමගානෙ එක පොස්ට් එකක් වත් තියනවනෙ. ඉතින් මෙහෙම බලද්දි ඉවීමයි ලිවීමයි බොහොම නෑකම් කියන බවකුයි පේන්නෙ.ලිවීම සහ ඉවීම දෙකම ගොඩක් වෙලේට පුද්ගලයා අනුව වෙනස් වෙනව. ප්‍රේම කතා බිහිසුනු කතා සටන් කතා... කිරට,මිරිස්ට තෙලට....එකම කෑම උනත් එක එක්කෙනා උයන්නෙ එක එක විදියට.
රටකින් රටකට සාහිත්‍යය වගේම ආහාර සංස්කෘතියත් වෙනස්.අපි අවම වශයෙන් එක්වේලක්වත් බත් කෑවට හැම රටේම බත් ප්රාධාන ආහාරය නෙමෙයිනෙ.
අපේ පවුලේ නිල නොවන රීතියක් තියනව කසාද බදින තුරු පවුලේ ගැහැණු දරුවන්ට කියල ගෙදර කුස්සියේ වැඩ නොගන්න.එ රීත්තියේ නිධාන කතාව වෙන්නේ කසාද බැන්දාට පස්සෙ ගෑණු ළම්යුන්ට උයන එකෙන් නිදහස් වෙන්න බෑනෙ.ඉතින් ඉදිරි ජීවිතේ උයන එක ජීවිතේකොටසක් වෙන නිසා බදින්න කලින් දුවලට ඒ වැඩ කරන්න දෙන්නෙ නෑ. ඔය හේතුව උඩ ඉතින් අපේ අම්මාට සහ සහෝදරියන්ට ඔය උයන කලාව ඉගනගන්නවෙලා තියෙන්නෙ නැන්දම්මලාගෙන්. ගෙදර ඉන්න දවස්වල මම කුස්සිය පැත්ත පලාතෙ එනවට කවුරුවත් කැමතිනෑ. මම සමහර දවසට බලෙන්ම යනව උයන්න ඉගනගන්න කියල.
"මටත් උයන්න ඉගන ගන්න ඕනෙ...මාත් මොනාහරි කරන්නම්.."
"ඔක්කොටම කලින් පොල්ගාන්න ඉගනගන්න එපැයි.එහෙනම් ඔය පොල් ගෙඩිය ගාන්නකො බලන්න"
ඔය විදියට හැමදාම මට දෙන්නෙ පොල්ගාන්න. අපේ ගෙදර තිබුනෙ අර මේසෙට හයිකරන හිරමණයක් එකෙන් පොල්ගාන්න ඉතින් ඕන කෙනෙකුට පුළුවන්නෙ.ඕකෙ ආයෙ මොනා ඉගනගන්නද.ඉතින් මම කිව්වොත් අනේ මට පොල්ගාන්න දන්නවනෙ කියල ඔන්න ඒකට ලැබෙන උත්තරේ."ආ බලමු හරියට දන්නවද කියල... කො ඉත්න් ගාල පෙන්නන්නකො" ඔය විදියට මම කලේ හැම දාම පොල්ගාපු එක.ඒකාලෙ පොල් ගාන්න් විතරක් දැනගන හිටිය මම දැන් බොහොම හොඳට උයන්න පුළුවන් (අවම වශයෙන් අනිත් අයට කන්න පුළුවන් තත්වෙට උයන) කෝකියෙක්. වැඩේ කියන්නෙ මෙහෙ පොල් නෑ,තියෙන්නෙ පොල් කිරි ටින්!
මගේ ඉවීමේ රහසනම් ඉතින් ඔය ලිවීමට සම්බඳයි. ඒ කිව්වෙ මම උයන්න ඉගනගත්තෙ සූප ශාස්ත්‍ර පොත් වලින්.ඊට අමතරව අන්තර් ජාලයට පින්සිද්ධවෙන්න තමා.
2009 වර්ෂයේ තිරගත්වූ "ජූලි ඇන්ඩ් ජූලියා" ඉවීම කරමින් ලිවීම කරන බ්ලොග් කාරිණියක්ගේ කතාවක්. ඒ චිත්‍රපටියට පාදක වෙලා තියෙන්න්නෙ ජූලි පොවෙල්ගේ Julie & Julia: 365 Days, 524 Recipes, 1 Tiny Apartment Kitchen පොත හා ජූලියා චයිල්ඩ්ගේ My Life in France කියන පොත.
ජූලියා චයිල්ඩ්ට කලක් ප්‍රංශයේ ජීවත වන්න සිද්දවෙනවා,ඈ එහෙදී ප්‍රංශ අහාර පිලියෙල කරන හැටි ඉගන ගන්නවා.ප්‍රංශ කෑම වට්ටෝරු පොත් බොහොමයක් ලියවී තියෙන්නේ ප්‍රංශ භාෂාවෙන් ඉතින් ඇමරිකානු කාන්තාවන් සඳහා ජූලියා චයිල්ඩ් 1961දී Mastering the Art of French Cooking නමින් පොතක් ලියා පලකර තිබෙනවා. මේ පොත ඇමරිකාවේ බොහොම ජනප්‍රිය වුනා . මේ පොත නිසා ජූලියාත් ප්‍රසිද්ධ කාන්තාවක් උනා.ඈ ජීවත් වූ ගෙදර අද කෞතුකාගාරයක්. ඉන් කලකට පසු ජූලි පොවෙල් තමාගේ රැකියාවේ ආතතියෙන් මිදෙන්න මේ පොත උදව්කරගන්නවා. ඈ මේ පොතේ තිබෙන කෑම වට්ටොරු 524 දින 365 කින් අත්හදා බලන්න තීරණය කරනවා. ඉතින් ඈ ඒ අහාර අත්හදා බැලීම ගැන කියන්න බ්ලොග් සටහනක් ලිවීමට පටන්ගන්නවා. ඒ වගේම ඇගේ බ්ලොගයට බොහොම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ බ්ලොග් සටහන් තමා Julie & Julia: 365 Days, 524 Recipes, 1 Tiny Apartment Kitchen නමින් පොතක් ලෙස පලකර තිබෙන්නේ. මේ සත්‍ය කතාව පදනම් කරගෙන නිපදවූ චිත්‍ර පටය තමා ජූලි ඇන්ඩ් ජූලියා. බොහොම රසවත් චිත්‍රපටයක් නරඹලා නැත්නම් ඉඩක් ලදවිට බලන්න. අපි වගේම බ්ලොග් ලියූ අද වනවිට ප්‍රසිද්ධ ලේඛිකාවක් බවට පත්වීසිටින ජූලි පොවෙල් ගැන අපටත් සතුටුවිය හැකියි.රෝස කුමාරිhttp://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.com16tag:blogger.com,1999:blog-1968464314555830724.post-2950454604758919562011-10-06T23:10:00.000-07:002011-10-07T08:32:10.511-07:00හැලොවීන්!!!!!!
ඔක්තෝබර් 30 වෙනිදාට ලෝකයේ බොහෝමයක් රටවලට උත්සවාකාර දිනයක්. ඒ උත්සව පැවැත්වෙන්නේ ලංකාවෙ අපිට නුපුරුදු "හැලොවීන් " වෙනුවෙනුයි.
උත්සවය ඇමරිකාව ,කැනඩාව , බ්‍රිතාන්‍යය ,අයර්ලන්තය ඇතුළු බොහොමයක් රටවල මේ උත්සවය පැවැත්වෙනවා. සමහර රටවල මේ උත්සවය හඳුන්වන්නේ වෙනත් නම් වලින්. ඒ වගේම මේ උත්සවය සමරන විදියත් රටින් රටට වෙනස්. මේ උත්සවය ඇතිවෙලා තියෙන්නෙ මළවුන් පිදීම ,නපුරු ආත්මයන් පලවාහරින්න වගේ මිත්‍යා විශ්වාස පදනම් කරගන. අද වෙනකොට අනිත් කොයි දේත් වගේ හැලොවීනුත් වානිජකරණයවෙලා.දැන් එක එක ඇඳුම් අදින එකයි රස කැවිලි පොඩි දරුවන්ට බෙදන එකයි තමා ඒ දවසට සිද්ධ වෙන්නෙ.
ඇමරිකානුවන් හැලොවීන් උත්සවය බොහොම සාරෙට සමරන පිරිසක්. හැලොවීන් දවසෙ රෑට පුංචි ළමයි විවිධ වේශයන්ගේ ඇඳුම් පැළඳුම් ඇඳගෙන කණ්ඩායම් විධියට ගෙයින් ගෙට යනවා, එහෙම ගිහින් දොරට තට්ටුකරල "ට්‍රික් ඔර් ට්‍රීට්" කියනව. එතකොට ගෙවල් වල ඉන්න අය මේ පුංචි අයට ටොෆී, චොකලට් වගේ පැණි රස කෑම ඒගොල්ලන්ට් දෙනව.ගොඩක් පොඩි ළමයි මේ කැවිලි එකතුකරගන්න මල්ලකුත් අරගන යනවා.ගොඩක් වෙලාවට ඒක වට්ටක්කා හැඩයේ බාල්දියක්. මේ කාලෙට ඕනම සුපර් මාකට් එකකින් ඔය කියන බාල්දි ගන්න පුළුවන්.මායා කාරියන් වැම්පයර්ල වගේ භීතිය ගෙනෙනෙ ඇඳුම් වලින් තමා ගොඩදෙනෙක් සැරසෙන්නේ මේ උත්සවයේ තව අංගයක් තමා වට්ටක්කා ගෙඩි අරගන ඇවිත් ඒවයේ මැද හාරලා අයින් කරල ,පැත්තක ඇස් හා කටක් ලෙසට වට්ටක්කා ගෙඩියේ කැටයම් කපල මැද ඉටි පන්දමකුත් පත්තුකරල දොරලඟ තියන එක.මේ වට්ටක්කා අපි කෑමට ගන්න ඒව වගේ නෙමෙයි බොහොම ලොකු වට්ටක්කා ගෙඩි. හැලොවින් රාත්රියේදී සියළුම අශුද්ධ ආත්මයන් පොළවට පැමිණෙන බවට අතීතයේ විශ්වාස කළා මේ වට්ටක්කා පහන හෙවත් ජැක්-ඕ-ලැන්ටන් දොරකඩ තියන්නෙ අශුද්ධ ආත්ම පලවා හරින්නයි' ඒ හා බැඳුනු ජන කතාත් බොහොමයි. මේ වට්ටක්කා පහනට අමතරව ගෙවල් එක එක බයහිතෙන දේවල් වලින් සරසන එකත් මෙයාල කරනව.
අතීතයේ කොහොම උනත් අද වෙනකොටනම් මේකත් වැලන්ටයින් වලට දෙවනි නෑ. කඩ සාප්පු පුරවලා හැලොවින් තොරොම්බල්, හැමතැනම එක එක බය හිතෙන රූප . ගෙවල් ඉස්සරහ බය හිතෙන විදියෙ පඹයො එල්ලලා. ජාති ජාති ඇඳුම් විකුණන්න තියනව. ළමයින්ට වගේම ලොකු ඈයන්ටත් මේ ඇඳුම් අඳින්න තහනමක් නෑ. වැලන්ටයින් පාටි වගේ හැලොවීන් පාටිත් තියනව, ඇඳගනනම් යන්න ඕන ඔය පාටි වලට ඉතින් ඔය එක එක චරිත නිරූපණය කරන ඇඳුම් තමා. ඔක්කොම එක එක ඇඳුම් ඇඳගන ඉන්නකොට හරියට පෙර පාසල් විකට ඇඳුම් තරඟයක් වගේ....
රට රටවලට විශේෂ වූ සම්ප්‍රදායන් හා සංස්කෘතීන් පවතිනව. ඒ වගේම ඒවාට අයත් එක් එක් වත් පිලිවෙලවල් හා ක්‍රියාකාරකම් පවතිනව. හැලොවීන් උත්සවයත් එවැනි එක් ක්‍රියාකාරකමක්. තමාගේ ප්‍රියතම චරිතයක ඇදුමකින් හැඬ වෙන්න ලැබෙන නිසාත් ඕන තරම් රස කැවිලි කෑමට ලැබෙන නිසාත් පුංචි ළමයි මේ උත්සවයල ප්‍රියයි. ඒකාකාරී දිවි පෙවෙතින් මඳ විරාමයක් ලැබෙන නිසාත් අසල් වැසි නෑ හිත මිතුරන් හා විනෝදවීමට ඉඩක් ලැබෙන නිසාත් ලොකු ඇත්තො හැලොවීන් වලට ප්‍රියයි. වෙනස් පරිසරයක අළුත් අත්දැකීම් වලට කැමති නිසා මාත් හැලොවීන් වලට ප්‍රියයි...
ඔබ සැමට සුභ හැලොවීන් එකක් වේවා !!!!!රෝස කුමාරිhttp://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.com10tag:blogger.com,1999:blog-1968464314555830724.post-7489650524264240992011-09-27T11:50:00.000-07:002011-09-28T10:38:45.419-07:00අමේලියා බෙදේලියා
"අනේ මට නම් බෑ බත් කන්න ... මට බඩගිනි නෑ......."
"අනේ පුතේ ටිකක් හරි කන්නකෝ... බත් කන්නෙ නැති බබාලව හුළගෙ යනව...උඩ ගිය බබා වගේ"
"අනේ මට බෑ....."
"ඔන්න එහෙනම් ඔයාට කිරි හාමිගෙ කතාව කියන්නෙ නෑ"
පුංචි කාලෙ මට කෑම කවන යුද්දෙ ඉවරවෙන්නෙ ඔන්න ඔයවගේ දෙබසකින්. මම කෑම කන්නෙ කතන්දරයක් කියනවනම් විතරයි. ඔය විදියට අම්ම,ආච්චි අම්මල සීයල , පුංචිල,නැන්දල මෙකී නොකී කොයි කවුරුත් ගාව තියන කතන්දර පෙට්ටි හිස් වෙනකන් මම කතන්දර අහල තියනව. බැරිම තැන කට්ටිය කතන්දර හදලත් කිව්ව. ඔය විදියට කෑම කවාගන්න කියපු ජනප්‍රියම කතාවක් තමයි කිරි හාමිගේ කතා.හත් පන කියන පොතේ තියන මේ කතන්දර පෙළ හරිම රසවත්,අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ ඔය හැමෝමත් මේ කතා රස විදල තියනවට සැකයක් නෑ. පසු කාලෙක රෑපවාහිනී මාලා නාටකයකුත් ගියානෙ ඔය ඇසුරින්.
මම මේ කියන්න යන්නෙ කිරිහාමි ගැනවත් හත් පණ ගැනවත් නෙමෙයි. කිරි හාමිගේ කතන්දර රසය සිහි ගන්වන කිරිහාමි වගේම හස්‍යය ගෙනෙන කිරි හාමිනේ කෙනෙක්ගෙ කතා තියන කතන්දර පොතක් ගැන කියන්න. මේ කිරි හාමිනේ ඉන්නෙ ඇමරිකාවෙ එයාගෙ නම තමයි. " අමේලියා බෙදේලියා" ඈ ගෘහ සේවිකාවක්. ඔය උඩ පින්තූරෙ ඉන්නෙ එයා තමයි. එයාට බොහොම පොහොසත් ගෙදරක ගෘහ සේවිකා තනතුරක් ලැබෙනව. වැඩට යන පළමු වෙනි දවසේ වෙන අකර තැබ්බ තමයි පළවෙනි පොතේ තියෙන්නේ. මේ විදියට කතා 28 ක් ඇතුලත් පොත් 28 ක් තියනව. මේ රසවත් අමේලියා බෙදේලිය පොත් පෙළ ලිවීම ආරම්භකර තියෙන්නෙ "පෙගී පැරිෂ්" කියන ලේඛිකාව.පළමු පොත් ලිවීමෙන් පසු වර්ෂ දී සිදුවූ ඇගේ හදිසි මරණයෙන් පසු පෙගීගේ බෑනනුවන් "හර්මන් පැරිෂ්" ඉතිරි පොත් ලියා තිබෙනවා.
මතකද කිරි හාමි ගෙදරක වැඩට ගිහින් දෙපැත්තෙම බටර් ගාන්න කියපුවම ගෙදර ළමයින්ගේ දෙපැත්තේ බටර් ගාපු කතාව.මේ අමේලියත් ඒවගේ. කියන දේ තෙරුම් ගන්නේම වැරදියට.
ආහාර සෑදීමේදී ඩ්රසින්ග් (dressing) කරනවා කියා පවසන්න්නේ එයට සෝස් වැනි යමක් එක්කිරිමයි. අමේලියට කුකුළු මස් ඩ්රසින්ග් කර තබන ලෙස ගෙදර සුවාමි දුව වන රොජර්ස් මහත්මිය පවසනවා.අමේලියා කුකුළු මස් පිඟානක තබා එයට කුඩා ඇඳුම් අන්දනවා. ඈට නාන කාමරයේ තුවා වෙනස් කරන ලෙස කීවිට අමේලියා මෙසේ සිතනවා"මේ තුවා කොච්චර ලස්සනද ඇයි මේවා වෙනස් කරන්නේ" නමුත් ඈ ඇගේ වැඩ ලයිස්තුවේ එය තිබෙන නිස ඈ කතුරක් ගෙන ඒ තුවා කපා වෙනස් කරනවා.
අමේලියා කොතරම් මෝඩ වැඩ කලත් රොගර්ස් මහතා හා මහත්මිය අමේලියාව ගෙදර තියාගන්නෙ එයා රසම රස පුඩින් හදන නිසයි.
ඉංග්‍රීසි පොත් රසවිදින්න කැමති පොඩ්ඩන්ට වගේම ලොක්කන්ටත් මේ පොත අපූරුයි. රෝස කුමාරිhttp://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.com17tag:blogger.com,1999:blog-1968464314555830724.post-11703029973003997732011-09-25T23:58:00.000-07:002011-09-25T23:58:58.453-07:00ඇවිදින චිත්‍ර බලමුද?පාට පාට සායම් ගාපු ලස්සනම ලස්සන චිත්‍රයක් දිහා බලාගන ඉන්න අපි කවුරුත් කැමතියි . ඒ චිත්‍රයට පන ඇවිත් චලනයන් පෙන්වුවොත් අපි තවත් විස්මයෙන් ඒ දිහා බලාගන ඉන්නවට සැකයක් නෑ. චිත්රවලට පණ ආපුවාම අපි ඒවාට "කාටූන්" කියල කියනව. කොච්චර වයසින් වැඩුනත් මට කාටූන් බලන්න තියන කැමැත්තනම් අඩු වුනේ නෑ. අදටත් ඩිස්නි චැනල් එක හරි කාටූන් නෙට් වර්ක් හරි තමා අපේ ගෙදර වැඩිපුරම බැලෙන්නෙ. පුංචිකාලෙ ටයිටස් තොටවත්ත මාම හඬකවපු දොස්තර හොඳ හිත,ගලිවරයන්ගේ සුවිසැරිය,පිස්සු පූසා....වගේ හරිම රසවත් කාටූන් රසවිඳපු හැටි මට තාම මතකයි. පස්සෙ කාලෙක මිකී මවුස් , ටොම් ඇන්ඩ් ජෙරී , ඩිස්නි සුරංගනා කතා...
මේ ඔක්කොම කාටූන් මගේ මතකයට ආවෙ පහුගිය දවසක බලපු කාටූන් චිත්‍ර පටියක් නිසයි.ඒ තම 2010 ප්‍රචාරය වූ ටැන්ග්ල්ඩ් චිත්‍ර පටය, රපුන්සල්ගේ කතාව.... මේක ටිකක් පරණ චිත්‍ර පටයක් වුනත් බලන්න වුනේ නෑ. ගිය සතියෙ ඔය චිත්‍රපටය බලන්න අවස්තාවක් උදාවුනා . ඒ එක්කම අතීතයේ බලපු ලස්සනම ලස්සන කාටූන් කතා ගොඩාක් මගේ මතකයට ආව. බ්ලොග් කියවන මිතුරු මිතුරියො මම තරමටම මේ කාටූන් පට රසවිද ඇති බවට කිසිම සැකයක් නැති නිසා අතීතයේ කාටූන් කතා මතක් කරන්න ඕනේ කියල හිතුන.
දොස්තර හොඳ හිත
මුහුද මගේ ගොඩ බිමයි
නැව මගෙ නිවසට සමයි
සියළු සතුන් මගෙ තමයි
දොස්තර හොඳ් හිත මමයි
හා හා හරි හාවා
හා හා හරි හාවා
කැළේ මැදින් ආවා
හිටගෙන ගඟ ගාවා
වට පිට ඇහැලෑවා
පිස්සු පූසා
පිස්ස මූ පිස්ස මූ පිස්සු පූස මූ...
ගලිවරයන්ගේ සුවිසැරිය
මම ටොමියත් එක්ක්ක පාවෙලා ආව ලිලිපුට් දූපතට.
ලිලිපුට්ටො කුරුමිට්ටො......
වුඩි වුඩ් පැකර්
මෙයාගෙ හිනාව තමයි හරිම ලස්සන. ...
ටොම් ඇන්ඩ් ජෙරී
ටොම් පූස් පැටිය ජෙරී මී පැටිය පස්සෙන් එලවන එලවනව....කෝ තම අහුවුනේ නෑ
කුඩා වියේ දී රසවිදපු මේ සුන්දර
කාටූන් පෙළට පසු කාලීනව තව කිහිපයක් එක් වුනා.....
වලස් මාමා
මාමා වලස් මාමා
නැන්දා වලස් නැන්දා
කවුරුද කවුරුද රංඩුකරන්නේ
නැන්දයි මාමයි රංඩු කරන්නේ....
කවුද බෝයි
සූර පප්පා
ස්කුබි ඩූ
ඳගයා
ලොකු කුඩා බේදයක් නැතුව කවදත් එක ලෙස රස විදිය හැකි කටූන් කතා පෙළක් .... හැබැයි මගේ අදහස නම් පැරණි කාටූන් පට වල් අළුත් ඒවාට වඩා මොකක්දෝ අමුතු රසයක් තියන බවයි. ඕල්ඩ් ඊස් ගෝල්ඩ් කියල කතාවකුත් තියනවනෙ..... සමහර වෙලාවට මට හිතෙන දෙයක් තමා දැන් දැන් තැනෙන සමහර කාටූන් පට ළමා මනසට එතරම් සුදුසු නෑ කියල. කොහොම නමුත් චූටි දුවල පුතාල ඉන්න අයනම් කාටූන් පට ගැන නිතර උනන්දුවෙනවනෙ. මේ ගොඩක් කාටූන් පට අන්තර්ජාලයෙන් ලේසියෙන් හොයගන්න පුලුවන්. ...
රෝස කුමාරිhttp://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.com8tag:blogger.com,1999:blog-1968464314555830724.post-64617755590839722172011-09-22T10:41:00.000-07:002011-09-22T10:41:08.186-07:00අතින් අතට යන "ෆුට් බෝල්"
" ෆුට් බෝල් " කිව්වම අපි කාටත් මතක්වෙන්නෙ පාපන්දු ක්‍රීඩාව. ඒත් ඇමරිකාවෙ ෆුට් බෝල් කියන්නෙ වෙනත් ක්‍රීඩාවක්.ඔවුන් පාපන්දු ක්‍රීඩාව හඳුන්වන්නේ "සොකර් " කියල.ඇමරිකානු ෆුට් බෝල් ක්‍රීඩාව වෙනත් රටවල ඒතරම් ප්‍රසිද්ධ ක්‍රීඩාවක් නෙමෙයි. නමුත් ඇමෙරිකානුවන්ට ෆුට් බෝල් කිව්වම ඊට වඩා දෙයක් නෑ.මේ ක්‍රීඩාව ෆුට් බෝල් නමින් හදුන්වන්නේ මේ සඳහා යොදාගන්නා බෝලය අඩ්යක් නැත්නම් ෆූට් එකක් දිග නිසයි. මෙහි බෝලය ගෙනයන්නේ අතින් හරියට රගර් වගේ.
ඇමරිකානු ෆුට් බෝල් පාසල් කණ්ඩායම්, විශ්ව විද්‍යාල කණ්ඩායම් සහ වෘත්තීය කණ්ඩායම් ලෙස ප්‍රධාන කොටස් තුනකින් යුතුයි. මේ එක් එක් පද්ධතියට වෙන වෙනම නීති මාලාවන් තිබෙනවා. විශ්වවිද්‍යාල කණ්ඩායම් අතර සිදුවන තරඟ තමා බොහොම විසිතුරු හා උත්සවාකාරයෙන් පැවැත්වෙන්නෙ. සාමාන්‍යයෙන් ඇමරිකානු ෆොට් බෝල් සීස්න් එක සැප්තැම්බ්ර් මාසයේ ඉදල නොවැම්බර් මාසය දක්වා පවතිනව. මේ කාලයේදී තමයි විශ්වවිද්‍යාල තරඟපැවැත්වෙන්නෙ. බොහොම විශාල මේ ක්‍රීඩාව සඳහාම තැනුනු පිට්ටනි වල ලක්ශගණනි මිනිස්සු පිරිල ඔල්වරසන් දෙන්නෙ තමුන්ගෙ කණ්ඩායම ජයග්‍රහනය කරවන්නයි. එක් එක් විශ්ව විද්‍යාල වලට වෙන වෙනම උප සංස්කෘතීන් තිබෙනවා. ඊට අමතරව සෑම කණ්ඩායමකටම තමන් නියෝජනය කරන සතකු සිටිනවා. මේ සතා විදියට ඇදගත් පුද්ගලයකුත් ඔවුන්ට සිටිනවා. ඊටත් වඩා අපූරු කාරනේ තමා තරඟයක් ආරම්භකරන්න පෙර ඒ තරඟය පැවැත්වෙන ක්‍රීඩාංගනය අයත් කණ්ඩායමේ නිල සත්වයා
ක්රීඩාපිටියවටා රවුමක් ගෙනියනව..... මම මේ කියන්නෙ අර ඒ සතා විදියට ඇදගත්ත පුද්ගලය ගැන එහෙම්න නෙමෙයි. ඇත්තම ඇත්ත සතා ගැන. ...ඔව් ..ඔව්... හැම ක්ණ්ඩායමකටම නිල ජීවී සත්වයෙක් ඉන්නවා. උදාහරණයක් විදියට ලුසියාන ස්ටේට් ඔෆ් යුනිවර් සිටි වල නිල සත්වයා කොටියෙක්... හ්ම්ම්ම් මෙයලට ඇත්ත කොටියෙක් ඉන්නව නේන්නම්. මේ කොටිය තරඟෙට කලින් පිට්ටනිය වටේ රවුමකුත් යනව. යුනිවර්සිටි ඔෆ් ඔරිගන්වල තාරාවා, මිසිසිපි ස්ටේට් යුනිවර්සිටි හි බුල් ඩෝග්, යුනිවර්සිටි ඔෆ් ඇල බාමා වල අලියා(මෙයාලටනම් ඇත්ත අලියෙක් තාම නෑ).යුනිවර්සිටි ඔෆ් ෆොලොරීඩා වල කිඹුලා...... මේ ආදී ලෙස එක එක නිල ස්ත්වයන් ඉන්නවා.
රගර් ක්‍රීඩාවට ටිකක් සමාන මේ ක්‍රීඩාවට විවිධ නීති රීති පවතිනවා. ඒත් ඒවාට වඩා මේ ක්‍රීඩාවහා බැදුනු උප සංස්කෘතිය හරිම විනෝද ජනකයි.
තරඟයට කලින් ක්‍රීඩා පිටිය වටා භූලියෙ කූඩාරම් ගහල ඒ වගේ උදේ ඉදන් විවිද ආහාර පිසිමින් හා බුදිමින් හවස තරඟය පටන් ගන්නා තුරු බලාසිටින පිරිස ඉතා විශාල්යි. ඊට අමතරව අනිතයටත් සමහර කූඩාරම් වල නොමිලේ කෑම ලබා දෙනව. මෙහිදී බැදපු මස් හා රතු කවුපි විශේෂයි.මේ කූඩාරම් ගැසීම හා අහාර බුඩ්ක්තිවිදීම හැදින් වෙන්නේ "ටේල් ගේටින්ග්" කියල.
ඉන් පස්සෙ කණ්ඩායමේ කීඩකයො ටික පෙර හැරකින් පිටියට අතුල් වෙනව. ඊට පසුව නිල සත්වයා ලෙස ඇදගත් පුද්ගලයත් සමඟ බෑන්ඩ් කණ්ඩායම හා දිරි ගන්වන කණ්ඩායමේ කට්ටිය පෙරහැරකින් පිටියට යනව. තරඟය පටන් ගන්න කලිනුත් ජෙට් යානා හ්ගමන් කිරීම පැරශුට වලින් පිටියට බැසීම සරඹ සංද්ර්ශණ වැනියමක් සිදුකරනවා. නැවතත් තරඟයේ මැදදි ලැබෙන විවේකයේ විශාල සරඹ සංදර්ශණයක් පැවැත් වෙනවා.
මම දැකපු විශේෂම කාරණය තමා දිනුවත් පැරදුනත් හැමෝම ඒක ස්තුටින් භාර ගැනීම. ඕනෙමනම් පැරදුන කණ්ඩායමට අයත් අය ටිකක් විතර කසු කුසුවෙන් බනී. එච්චරයි. කවදාවත්ම ගහගන්නෙ මරාගන්නෙ නෑ.රෝස කුමාරිhttp://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.com8