Wednesday, November 16, 2011

ලංකාවෙද????



පහුගිය දවසක මම දුර බැහැරක ගියා කියල කලින් පෝස්ට් එකේ කිව්වනෙ.ඉතින් ඔය දුර ගමන ගියෙ ස්ම්මන්ත්‍රණයකට සහභාගීවෙන්න.එතන සුදු කට්ටිය,කළු කට්ටිය, චීන අය වගේම අපේ පෙනුමට හුරු ඉන්දියානු  අය එහෙම හිටිය. ඔය ස්ම්මන්ත්‍රණේට අපි එක්කගිය ලංකාවෙ ඇත්තො ඇරුනම තවත් වෙන වෙන දිහාවෙනුත් ලංකාවෙ අය සහභාගි වෙලා තිබුණ. කොහොමද මම දන්නෙ ලංකාවෙ අය හිටිය කියල? මට ඒ කවුරුවත්ම මුනගැහුනෙ නෑ... ...????????
මම ඒක දැන ගත්තෙ නම් ලිස්ට් එකෙන්. සහභාගි වෙන අයගෙ නම් තියන මහ පොතක් හම්භවෙනවනෙ ඔය සම්මන්ත්‍රණවල. කම්මැලි වෙලාවක ඔය නම් පි‍ටුව පෙරලගන කියවමින් ඉන්න කොට මෙන්න තියනව තවත් සිංහල නම් !!!. ලෝකෙ කොහෙ හිටියත් ලාංකික සිංහලයන්ගෙ වාසගම කියපුගමන් මෙයා ලංකාවෙනෙ කියල හොයගන්න පුළුවන්. අපේ නම් ගම් ගැන බ්ලොග් අවකාශයේ ඉන්න ගොඩදෙනෙක් ලියලත් තියනවනෙ...මේ මගේ "නම්" ගැන පෝස්ට් එක.
මගේ නමත් ඔය කාට කාටත් තියනව වගේ අරයගෙ මෙයාගෙ කෑලි එක්ක තියන දිගම දිග එකක්.ලංකාවෙදිනම් ඉතින් ඔය නම ඒ හැටි කරදරයක් උනේ නෑ. මෙහෙ ඒකටත් එක්ක මම මෙ නමත් එක්ක හරිම කරදර ගොඩක වැටෙනව ඕනම ලියකියවිලි වැඩකදි. ගොඩක් වෙලේට මට ඔය නම ලියන්න තියන ඉඩ මදිවෙනව.එත්කොට වාසගමෙ ලියන්න පුළුවන් අකුරු ගාන ලියන්න කියන එක තම මට ලැබෙන උපදෙස. ඕක් නිසා මගෙ නම හරි අච්චාරුවක් වගේ තමා කියවන කෙනෙක්ට හිතෙන්නෙ.
අපි හැමෝම ඉංග්‍රීසියෙන් ලියනකොට  පවත්වාගන යන අකුරු ක්‍රමයක් තියනවනෙ, එකම නම ලියන ක්‍රම කීපයක් තියෙන්න පුළුවන් නිසා මේ පවත්වාගැනීම හරි වැදගත්. මම ඇමරිකාවට එන්න යනවෙලෙ ඊට කීප අවුරුද්දකට කලින් ගත්  මගේ ගුවන් ගමන් බලපත්‍රය බඹර කුමාරය බලල ඔලුවෙ අතහ්ගහගත්ත. "මේ ඔයාගෙ නමේ වෙනුවට තියෙන්නෙ නෙ" ඔන්න එතකොටයි මමත් දැක්කෙ මගේ වාසාගමේ ඒ වැ‍රැද්ද.ගුවන් ගමන් බලපත්‍ර වල නම ඉතින් සමහරුන්ගෙ වරදිනවනෙ,හොඳම වැඩේ නම වැරදීම නෙමේ, ඒ වැරදි නමත් එක්ක මම කලින් ගුවන් ගමන් වල යෙදිලතිබීමයි.ඒ වෙනකොට මම පාවිච්චිකරමින් හිටියෙ මගෙ දෙවනි ගුවන්ගමන් බලපත්‍රය. බලපත්‍ර දෙකේම නම වැරදියි.ඇමරිකාව එක්ක සෙල්ලම් හොඳනැතිනිසාම අපි පහුවදාම ගිහින් නම වෙනස් කරගත්ත.

අපේ පවුලෙ නම් ගැන කියනවන්ම් අපේ අම්මලාගෙ පවුලෙ හැමෝටම තිබුනෙ පරම්පරාවක් ප්ල්ලෙහා නම්. කොහොම උනාද කියන්නනම් දන්නෙ නෑ අපේ අම්මගේ පුංචිලාගෙ,මාමගෙ නම් තිබුණ ආන්ටිල අන්කල්ලා මට හම්බවෙලා නෑ.ඒ නම් තිබුනෙ  මගේ යාළුවන්ට...
මට ඉන්නෙ එක මාමායි.එයාතමා අර සතුන්ට බොහොම කැමති එක්කෙනා. අපේ මමගේ හිත හරිම හොඬයි. එයාගෙ ශබ්ද්කෝශයේ  "නෑ"  "බෑ" වචනදෙක නෑ. කාගෙවත් හිත රිදවන්න කැමතිත් නෑ. ඒ මාට ඉන්නෙ එකම දුවයි. ඒ නඔගිගෙ නම  ඉංග්‍රීසි අකුරු ගාණින් කියනවන්ම් මෙන්නමෙහෙමයි.  16-8-  7-7-10-9-   8 රතු පාටින් තියෙන්නෙ පවුලේ නම. නිල් පාටින් නම, කහ පාටින් වාසගම.කොහොමද නමේ දිග. නම් හතරක්ම තියනව මදි නොකියන්න.

මේ නම මෙච්චර දික් වුනේ කොහොමද දන්නවද?

"අනේ ලස්සන දුව. අපි එයාට  දාමු" .. "දුවෙක් ලැබුනොත් මේ නමතමා මම හිතුවෙ අයියෙ අපි මේකත් දාමු" "පුතේ ඔන්න මෙ නම දාන්නපුළුවන් දෝණිට"
ඒ අපේ පුංචිල ,ආච්චිල ,නැන්දල හා එකී මෙකී ඔක්කොමල.

අපේ මාම.  "ඔව් නෙ හරි ලස්සන නම. අපි දාමුකො..."

ඔන්නඔහොම ඔක්කොමලගෙ හිත සුව පිනිස දරුවගෙ නම යාරයක් විතර දික්වුනා. එයාල දැන් ඉන්නෙ පිටරටක. නංගි ඉගන ගන්නෙත් පිටරටක ඒළමයට නම ලියන්න වෙන හැම වෙලේම ඉතින් පනයනව..ඊට පස්සෙ  ටිකක් දැනුම් තේරුම් කාලෙ එයා  ඒ නම කෙටි කරවගත්ත අම්ම තාත්තට නහයෙන් අඬල. නම් දාපු අයනම් තාම ඒ ගැන දන්නෙ නෑ....

 ඔන්න ඔහොමයි ලංකාවෙ නම්වල රඟ.

Tuesday, November 8, 2011

සාපේක්ශයි!!



අද ලියනව හෙට ලියනව කිය කිය හිටියට වෙලාවක් හම්බූඋනේම නෑ.දුර ගමනක් යන්න වුනා . ගෙවල් මාරු  කරන්නත් උනා ඒ අස්සෙ. පෙට්ටිවලට පුරවල අරන් ආපු බඩු තාම එහෙමමයි. ගිය ගමන විනෝද ගමනක් නොවුනත් විශේෂ කෞතුකාගාර දෙකක් නරඹන්න කොහොම හරි වෙලාව හොයාගත්ත. ඒ ගැන විස්තර පින්තූරත් සමග ඊළඟ දවසෙ අරගන එන්නම්..
                 
අද පෝස්ට් එක ඊට හාත්පසින්ම වෙනස් දෙයක් ගැන....
ඊයේ (7/11/11)     වෛද්‍යය  කොනාර්ඩ් මරේ , සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ගේ මරණයට වරදකරුවුනා. ඔහුට වෛද්‍යය බලපත්‍රය අහිමි වූ අතර වසර හතරක සිර දඩුවමකුත් නියමවුනා.
කොනාර්ඩ් මරේ, මයිකල් ජැක්සන්ගේ භෞතිකචිකිත්සකවරයා ලෙස වැඩකළා. නින්ද නොයන රෝගයෙන් පෙළුනු මයිකල්ට ප්‍රබල නිර්වින්දකයක් (ප්‍රොපොෆොල්) ලබා දීතිබීම තමා ඔහුගේ වරද.ඒ නිර්වින්දකය නින්දයාම සදහා යොදාගැනීමට නොසුදුසු බවත් කියවුනා. මරේ කිව්වෙනම් මයිකල්ට තමන් ලබාදුන්නෙ ඉතා සීමිත ප්‍රමාණයක් බවත් නමුත් මරේගේ අනුදැනුමෙන් තොරව මයිකල් නිර්වින්දකය විශාල ප්‍රමාණයක් ගත් බවත් තමයි.
කොහොමනමුත් පැය නමයක පමණ සාඛච්චාවකින් පස්සෙ මරේ වරදකරු වුනා,ජැක්සන්ගෙ රසිකයො ජයඝෝෂා නැගුව.
මයිකල් ජැක්සන්ව දන්නෙ නැතිකෙනෙක් මේ ලෝකෙ නැති තරම් ,ඔහු සුපිරි ගායකයෙක් ඒකෙ දෙකක් නෑ. ප්‍රශ්නෙතියෙන්නෙ ඔහුගෙ ගායනයේ නෙමේ .මානසික තත්වයේ. මයිකල් ජැක්සන්ගේ මානසික තත්වය ගැනවරින් වර කතාබහට ලක්වුනා.එහෙව් එකේ මයිකල් ඔවර් ඩෝස් වෙන්න බෙහෙත් ගත්ත එක පුදුමයක් නෑ. ඒත් ඉතින් සුපිරි ගායකයෙක් නිසා කාටහරි මරණෙ වරද පටවන්න රසිකයො කවුරුත් කැමතියි.(Society will always blame someone)මැරුණුකෙනා කිසි වරදක් නොකරපු කෙනාය කියන මානසිකතත්වෙ ලංකාවෙ විතරක් නෙවේ ඇමරිකාවෙ මිනිස්සුන්ටත් තියනව.ජූරි සභිකයො ටිකත් ජැක්සන් ෆෑන්ස් ලද දන්නෙ නෑනෙ. මමත් ජැක්සන් රසිකයෙක්... හැබැයි මම අහනව මිසක් අදහන්නෙ නෑ. ලංකාවෙත් ජැක්සන් අදහන කට්ටිය ඉන්න බව ඉතින් රහසක් නෙමේනෙ. කොහොම නමුත් මරේ හිරේ ගියා!!
ඇමරිකානු නීතිය ලංකාවෙ නීතියට හපන් කියල හිතෙන නඩුතීන්දු ඕනතරම් තියනව. බොහොමයක් ඒව කතාබහට ලක්වුන ඒව.ගොඩක් වෙලේට තර්කවලින් දිනන්න පුළුවන්.ලෝයර් හොඳනම් ගොඩ.වෙලාවකට හිතාගන්නත් බෑ එහෙම උනේ කොහොමද කියල. කයිලී ඇන්තනී කියන පුන්චි දැරියගෙ මරණයත් ඒවගේ අමුතු නඩුවක්.... ඇත්ත ඇති සැටියෙන් දැනගන්න මැරුණු මිනිස්සු නැගිටල එන්න ඕනෙ මගෙ හිතේ.. ඒත් එයා කියන්නෙ ඇත්ත් කියල කොහොමද දැනගන්නෙ.... බලාගනයනකොට ඇත්තත් සාපේක්ශයි.