Wednesday, July 13, 2011

ගණන්කාර බළල් පැටියා




බොහොමයක් ලංකාවෙ ගෙවල්වල බල්ලන් හා පූසන් හදන්නේ සුරතල් සතුන්ට වඩා ප්‍රයෝජ්නවත් සතුන් විදියටයි. බල්ලන් ආරක්ෂාවටත් පූසන් මී උවදුරින් ගැලවෙන්නත් තමෛ ගෙවල් වලට අරගන එන්නෙ. හැබැයි ඉතින් ඔය කියන සත්ව දෙකොට්ටාශය මනුස්ස දරුවො වගේ හදන අයත් ඉන්නව ඕනෙ තරම්. මම සතුන් හදන්න එච්චර කැමැත්තක් නැත්තෙ හෙතු කිහිපයක් නිසයි. එකක් තමා අදරෙන් හදන සුරතලා ගේ වියොව දරගන්න බැරි වීම අනික් කාරනේ තමා ඔය කුරුල්ලො වගේ නිදහසේ ඉන්න සතුන් හිරකරගන්න තියන අකමැත්ත. මගේ කැමැත්ත අකමැත්ත කොහොම වෙතත් මම කුඩා කාලෙ ඉදන් අපේ ගෙදර එකී මෙකී නොකී සත්තු ඔක්කොම හදල තියනව. ඒකට හෙතුව මගේ මාමා අධික සත්ව ලෝලියෙක් වීම.අදටත් ලස්සන කුරුල්ලන් ,මාළු දකින්න ලැබුනම අපේ මාම හරියට පොඩි ළමයෙක් වගේ ඒ දිහාවට ඇදිල යනව. මට කතාකරන බොහොමයක් වෙලාවටත් ඔහේ ලස්සන කුරුල්ලො ඉන්නවද කියල අහන්න මාම අමතක කරන්නෙ නෑ. මාමා දැන් ජිවත් වෙන්නෙත් පිටරටක ඒත් ලංකාවට යන හැමසැරයකම කුරුළු ජෝඩුවක් හරි මාළු කිහිප දෙනෙක්හරි අරගන්න එයා අමතක කරන්නෙ නෑ. තවමත් අපේ මහ ගෙදර 'ලවු බර්ඩ්ස්' කිහිපදෙනෙක් ඇතිකරන්නෙ ඒ පුරුද්දට. මාම ඔය ලස්සන සත්තු වගේම හරි කලතුරකින් හම්බවෙන සතුන්වත් ඇති කරල තියනව.මට මතක අසාමාන්‍යම සත්වයා තමා" රාජාළියා". කොහොම අල්ලගත්තද කියල මතකයේ නැතත් මම ප්ංචි කාලෙ අපේ මාමා තරමක රාජාළියකු අතිකලා.රාජාළියා හිටියෙ දැල්වලින් වටකරල හදපු කුඩා කාමරයක් විතර විශාල කො‍ටුවක. මස් කඩවලින් බල්ලන් සදහා විකුණන මස් තමා රාජාළියාට ගෙනාවෙ.කුරුළ්ලා හොදටම ලොකු උනාම මාම රාජාළියා නිදහස් කරල යන්න ඇරිය.
ඔය කොච්චර සත්තු දැක්කත් මට ඔය එක සතෙකුටවත් ආසාවක් හිතුනෙ නෑ.මම උසස්පෙළ කරන කාලෙ අපේ ගෙදර ගෙනාපු පුන්චි තැඹිළි පාට පූස් පැටියා තමයි අදටත් මම කැමතිම සුරතලා. එයා තාමත් අපේ ලංකාවෙ ගෙදර අනිත් අයගෙ ආදරය මැද්දෙ ඉන්නවා. මට සුරතල් බළල් පැටවකු ගැන හිතක් පහල උනේ ඔය උඩ එන්න පින්තූරෙ ඉන්න බෙන්ගාල් පූසන් ව දැක්කට පස්සෙ. දිවි පැටියකු වගේ පේන මේ පූස් කට්ටිය පැවතගෙන එන්නෙ සාමාන්‍යය පූසන් ගෙන් හා ආසියානු දිවි පූසන් ගෙන්. බෙන්ගාල් පූසන්ට නම ලැබිලාතියෙන්නෙත් ඔය කියන ආසියානු දිවි පූසන්(asian leopard cat) ගේ විද්‍යාත්මක නමවන Prionailurus bengalensis bengalensis කියන එකෙන්.
මෙ ලස්සන පූස් පැටවුන් පෙනුම වගේම හරිම හුරතල් චන්ඩි පූසො වර්ගයක්. පූසකු ඇතිකරන්න පුලුවන් කමක් නැති උනත් මම නිකමට මේ පූසකු මිලදීල ගන්න සොයා බැලුවෙ කවද හරි ගන්න පුලුවනිනෙ කියල හිතල.නිකමට හිතමු මම ලංකාවට යද්දි අරගන යන්න පුලුවනි කියල....අම්මේ.... වටේ පිටේ අය කියයි ෂුවර් එකටම මම කොටි පැටියෙක් ගෙනත් කියල. සිහින දකිමින් පූස් පැටව් හෙව්වට මාව උඩගියෙ මෙයාලගෙ ගාන දැකලයි. ඉතා දුර්ලභ මේ පූස් පැටවකු මිලෙන් $850 - 2000 ත් අතර වෙනවා.......... හ්ම්.... මොනාකරන්නද ඉතින් මම හිතින් ඒ අදහස අහක්කළා.